(දයාසීලි ලියනගේ)
බෙංගාල බොක්කේ පවත්නා අඩුපීඩන තත්ත්වය නිසා අද (17) තද වැසි හා සුළං ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
බෙංගාල බොක්කේ ඇති වන අඩු පීඩන තත්ත්වය ඉදිරියේදී තවදුරටත් වර්ධනය වන ලක්‍ෂණ පෙන්නුම් කරනු ලබන අතර ඒ සමඟම අපේ රට තුළට නිරිත දිගින් හමා එන වැසි සහිත සුළං ප්‍රමාණයේ වැඩිවීමක් පෙන්නුම් කරයි.
අද (17) වන විට වැසි තත්ත්වයේ වැඩිවීමක් ඇති වේ. පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර වේගයකින් සුළං හමායාම සිදුවේ. වයඹ ප්‍රදේශයට හමා යන මෙම වැසි සහිත සුළං බංගලිදේශය, ඉන්දියාව පැත්තට ඇදී යාම සිදුවෙයි. ඉදිරි දින කීපය තුළදී මේ වැසි තත්ත්වය යළි දුර්වලවීමක් සිදු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
නිරිත දිග මෝසම් වර්ෂාපතනය මේ සමගම ආරම්භ වන බව සිකුරාදා (15) වන විට පෙන්නුම් නොකළේය. දැනට පවතින්නේ තාවකාලිකව නිරිත දිග මෝසම් තත්ත්වයකි. මෙම හවස් කාලයේ ගිගිරුම් වැසි සහිත කාලගුණික තත්ත්වය පද්ධතියේ වර්ධනයක් සමඟ ඇති වී තිබෙන්නක් බවද සඳහන් කරයි. සාමාන්‍යයෙන් නිරිත දිග මෝසම් වැසි තත්ත්වය පොළවේ සිට අඩි 15000ක් පමණ ඉහළින් නිරිත දිග පැත්තට හමා යාම සිදු වෙයි. එම තත්ත්වය මෙතෙක් වායුගෝලයේ වර්ධනය වී ඇති බවක් පෙන්නුම් නොකරන බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 16
36
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
832
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
604
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
අද තද වැසි