(තිළිණි ද සිල්වා)
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ ක්‍රියාකාරී කමිටු දෙකක් සැකසූ විශේෂ වාර්තා දෙකක් මේ මස මැද දී ජිනීවා හි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හමුවට ඉදිරිපත් කරන බව තානාපති ආරංචිමාර්ග සඳහන් කර සිටී.
ඒ අනුව ජිනීවා නුවරදී සැප්තැම්බර් 10 වැනිදා සිට 28 වැනිදා තෙක් පැවැත්වෙන මානව හිමිකම් කවුන්සිලයේ 39 වැනි මහ සභා සැසිවාරයේ දී ලංකාව සම්බන්ධයෙන් වන මෙම විශේෂ වාර්තා සභාගත වනු ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී.
බලහත්කාරයෙන් රඳවා ගැනීම් පිළිබඳ සොයා බැලීමේ ක්‍රියාකාරී කමිටුව හා සත්‍ය, සාධාරණත්වය, වන්දි ගෙවීම් සහ නැවත සිදුවීම් වළක්වා ගැනීම පිළිබඳ විශේෂ නියෝජිත පැබ්ලෝ ඩි ග්‍රීෆ් විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සැකසූ වාර්තා දෙකක් මෙලෙස මානව හිමිකම් කවුන්සිලය හමුවේ සභාගත කෙරේ. බලහත්කාරයෙන් රඳවා ගැනීම් පිළිබඳ සොයා බැලීමේ ක්‍රියාකාරී කමිටුවේ නියෝජිත පිරිසක් ඉකුත් වසරේ දෙසැම්බර් මාසයේ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ අතර එහිදී මෙරට පැවැති මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් ලබාගත් තොරතුරු අනුව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විශේෂ වාර්තාවක් සකසා ඇත.
එම වසරේ ඔක්තෝබර් මාසයේදී සත්‍ය, සාධාරණත්වය, වන්දි ගෙවීම් සහ නැවත සිදුවීම් වළක්වා ගැනීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත පැබ්ලෝ ඩි ග්‍රීෆ් විසින් මෙරට සිදුකළ සංචාරයකින් පසුව සිය විශේෂ වාර්තාව සකසා ඇතැයි ද තානාපති ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටී.
මෙම එක්සත් ජාතීන් විශේෂ කමිටු දෙකක් විසින් සැකසූ විශේෂ වාර්තා මානව හිමිකම් කවුන්සිල සැසියේ දී සභාගත කිරීමෙන් පසුව එහි සාමාජික රටවල් ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් පූර්ණ සමාලෝචනයක් සිදුකිරීමට නියමිතය.
සමගි ජන සන්ධානය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පසුගිය සිකුරාදා (5) එළි දැක්විණ.
ශ්‍රී ලංකාව එහි ඉතිහාසයේ පළමු වරට විදේශ ණය ගෙවීම පැහැර හරින බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ලබන අප්‍රේල් 12 වැනිදාට වසර දෙකක් සපිරේ. ඒ අනුව උද්ගත වූ විදේශ
දේශපාලන පලිගැනීම්වලට ලක් වූ එක්සත් ජාතික පාක්ෂිකයන්ට මැයි මාසයේ සිට වන්දි ලබාදීමට තීරණය වී තිබේ.
ඖෂධ කල් ඉකුත්වීම සහ හානිවීම හේතුවෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට පසුගිය 2022 වර්ෂයේදී සහ ඊට කලින් වර්ෂයේදී රුපියල් කෝටි 15කට වැඩි පාඩුවක් සිදු වී ඇතැයි ජා
ශ්‍රී ලංකාවේ පනස් හත් ලක්ෂ හැත්තෑ හත් දහසකට ආසන්න පිරිසක් දරිද්‍රතාවෙන් පෙළෙන බව ලෝක බැංකුව විසින් නිකුත් කෙරුණු අලුත්ම වාර්තාවක සඳහන් වන්නේ යැයි ප
අපොස උසස් පෙළ විභාග ප්‍රතිඵල මැයි මස මුලදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන්නේ යැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා පැවසීය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ජිනීවා සමුළුවේදී ලංකාව ගැන තවත් වාර්තා දෙකක් එළි දකී