IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


​ගෙවී ගිය සතියේ දේශපාලන පෙරැළි

 

රාජ්‍ය ඇමැතිවරු දෙදෙනෙක් හා නියෝජ්‍ය ඇමැතිවරු පස් දෙනෙක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දීම පසුගිය සතියේ දේශපාලනයේ තිබූ විශේෂ සිද්ධියක් විය.  


මෙම දිවුරුම් දීමේ අවස්ථාවෙන් පසු අමාත්‍ය මණ්ඩලය රැස්වී ඇත. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අමාත්‍ය මණ්ඩල සාකච්ඡාව පසුගිය සතියේදී මතුවූ කරුණු දෙකක් මත විශේෂිත විය.  
ඉන් පළමුවැන්න ගම්මිරිස් වගාව පිළිබඳව පැවැති සාකච්ඡාවයි. එහිදී මහින්ද අමරවීර කෘෂිකර්ම ඇමැතිවරයා පෙන්වා දුන්නේ ගම්මිරිස් වගාවට හානිකරන ආකාරයට වංචනික ව්‍යාපාරිකයන් පිරිසක් ක්‍රියා කිරීමයි. ශ්‍රී ලංකාවේ ගම්මිරිස් ඉතාම හොඳ කීර්ති නාමයක් ලබා තිබෙන අතර මෙම වංචනික ව්‍යාපාරිකයන් මේවාට වියට්නාමයෙන් හා බංගලිදේශයේ ගම්මිරිස් කවලම් කිරීම නිසා අපේ කීර්ති නාමයට හානි සිදුවන බව ඇමැතිවරයා පෙන්වාදී ඇත.  


ශ්‍රී ලංකාවේ ගම්මිරිස් ඇටයක සැර වියට්නාමයේ ගම්මිරිස් ඇට 4කට සමාන වන අතර බංගලිදේශයේ ගම්මිරිස් ඇට 8 ක සැර අපේ එක් ගම්මිරිස් ඇටයකට සමාන බවද මෙහිදී පෙන්වාදී ඇත.  


මේ හේතුව නිසා වියට්නාමයේ හා බංගලිදේශයේ ගම්මිරිස් කිලෝවක් ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් 50.00ක් පමණ වන අතර ශ්‍රී ලංකාවේ ගම්මිරිස් කිලෝවක් රුපියල් 1000ක් පමණ වන බවද පෙන්වාදී ඇත.   
මේ තත්ත්වය පිළිබඳව සොයා බැලීමටත් එවැනි වංචනික ක්‍රියා සිදුකරන අයට එරෙහිව පියවර ගැනීමටත් රහස් පොලිසියට භාරදෙන ලෙසටත් ජනාධිපතිවරයා නියම කර ඇත.  


මීට අමතරව උපාධිධාරී පත්වීම් ලබාදීම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන නීතිය හා සාමය පිළිබඳ ඇමැති රංජිත් මද්දුම බණ්ඩාර මහතා ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවක් සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැක්වූ අදහසට පාඨලී චම්පික රණවක ඇමැතිවරයා හා කබීර් හෂීම් ඇමැතිවරයා විරුද්ධ මත ඉදිරිපත් කර තිබිණි.  


මෙහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ විශ්වවිද්‍යාල සිසුන්ට රැකියා ලබාදීමේ දී අභ්‍යන්තර සිසුන්ට ප්‍රමුඛතාවය ලබාදිය යුතු බවයි. බාහිර උපාධිධාරීන් බොහෝ විට රැකියාවක් කරන අතරතුර උපාධිය හදාරන නිසා ඔවුන්ට ලොකු ප්‍රශ්නයක් ඇති නොවන බවයි. උපාධිධාරීන්ට රැකියා ලබාදීමේදී ඔවුන් තමන් කරමින් සිටි රැකියාව අතහැර අලුත් රැකියාව භාරගන්නා බැවින් එහිදී අභ්‍යන්තර සිසුන්ට ලැබෙන අවස්ථාව අවම වන බවයි.  
මෙම අදහසට විරෝධය දක්වා ඇති චම්පික රණවක ඇමැතිවරයා ප්‍රකාශ කර ඇත්තේ බාහිර උපාධිධාරීන් හා අභ්‍යන්තර උපාධිධාරීන් වශයෙන් වෙන් කිරීමක් සිදුකළ නොහැකි බවයි.  


කබීර් හෂීම් ඇමැතිවරයා ප්‍රකාශ කර ඇත්තේ උපාධිධාරීන්ට රැකියා ලබාදීමේදී පසුගිය ආණ්ඩුවත් වැරැදි කර ඇති බවයි. ගිය රජය බාහිර හා අභ්‍යන්තර උපාධිධාරීන් දෙපිරිසටම රැකියා ලබාදීමෙන් අභ්‍යන්තර උපාධිධාරීන්ට අසාධාරණයක් වූ බවයි.   


මෙහිදී ඇමැති රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කර ඇත්තේ විශ්වවිද්‍යාලයක අභ්‍යන්තර ශිෂ්‍යභාවය හිමි වන්නේ උසස් පෙළ විභාගයෙන් ඉහළම ලකුණු ලබාගන්නා අයට වුවත් එම විභාගයෙන් අඩු ලකුණු ලැබූ අයට බාහිර උපාධිය කළ හැකි බවයි. එබැවින් මේ දෙපිරිස සමාන කර සැළකිය නොහැකි අතර ප්‍රමුඛතාව ලබාදිය යුත්තේ අභ්‍යන්තර උපාධිධාරීන්ට බවද රාජිත ඇමැතිවරයා අදහස් දක්වා ඇත.  


මේ සියලු මතවලට ඇහුම්කන් දුන් ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ අභ්‍යන්තර උපාධිධාරීන්ට ප්‍රමුඛතාව ලබාදෙන ලෙසට මිස බාහිර උපාධිධාරීන්ට රැකියා ලබා නොදිය යුතු යන්න නොවන බවයි.  


මීළඟ මාතෘකාව ඉදිරිපත් කරන ලද්දේ පී. හැරිසන් ඇමැතිවරයාය.   


ඔහු ප්‍රකාශ කර ඇත්තේ අලුතින් ලක්ෂ 8 ක පිරිසකට සමෘද්ධි දීමනාව ලබාදිය යුතු බවත් එයින් ලක්ෂ 1 1/2කට මුලින්ම සමෘද්ධිය ලබාදිය යුතුය බවත්ය.  


මෙහිදී මංගල සමරවීර මහතා ප්‍රකාශ කර ඇත්තේ මූලිකව ලක්ෂ 1 1/2කට සමෘද්ධිය ලබාදී ඊට පසු නිශ්චිත අධ්‍යයනයකින් සහ සමීක්ෂණයකින් පසු ඉතිරි පිරිසට කඩිනමින් සමෘද්ධිය ලබාදෙන බවත්ය. ආදායම් සීමාව පැන්නේ නැති සියලු දෙනාටම සමෘද්ධිය ලබාදෙන බවත් කිසිවකු කපා නොහරින බවත් මංගල සමරවීර ඇමැතිවරයා ප්‍රකාශ කර ඇත.  


පසුගිය සතියේ දේශපාලන අංශයේ තවත් විශේෂිත රහස් කතාබහක් පවත්වා ඇත. ප්‍රධාන පෙළේ දේශපාලනඥයන් කීප දෙනකුගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ලේ පැවැති මෙම සාකච්ඡාවට අදාළ වූ කරුණු ළඟදීම ප්‍රකාශයට පත්වනු ඇතැයි වාර්තාවේ. කරුණු අනාවරණය කරන තෙක් මෙම කරුණ රහස් සාකච්ඡාවක් වශයෙන් පැවතිණ. මෙම අවස්ථාවට උගත් ප්‍රධාන පෙළේ ඇමැතිවරු පිරිසක් හා තවත් බාහිර පුද්ගලයන් පිරිසක් සහභාගිවී ඇත.  


මෙම රහස් සාකච්ඡාවට හේතු වී ඇත්තේ විපක්ෂයේ ප්‍රධාන පෙළ් දේශපාලන පක්ෂයක වෘත්තිය සමිතිවලට සම්බන්ධ දේශපාලනඥයකුගේ මස්සිනා අර්ජුන් ඇලෝසියස් මහතාගේ රියැදුරා වශයෙන් සේවය කරමින් සිටි බවයි. ඔහු අතේ දේශපාලනඥයන්ට චෙක්පත් 20ක් පමණ යවා ඇති බවට තොරතුරු අනාවරණය වී තිබීම මෙම සාකච්ඡාවට මූලික හේතුවූ කරුණක් වී ඇත.   


චෙක්පත් ලබාදීමේදී දේශපාලනඥයන් හා සම්බන්ධවීමට දේශපාපලන පක්ෂයට සම්බන්ධ පුද්ගලයා සහාය දක්වා ඇති බවද මෙම ප්‍රධාන ඇමැතිවරයෙක් ප්‍රකාශ කර තිබූ බව දැන ගන්නට ඇත. මීට අමතරව ඇලෝසියස්ගේ මාධ්‍ය කටයුතු භාරව සිටි බව කියන පුද්ගලයෙක් මෙම දේශපාලන පක්ෂය සමඟ කාලයක් තිස්සේ සම්බන්ධතා පැවැත්වීම පිළිබඳවද කරුණු අනාවරණය වී ඇතැයිද මෙහිදී පළවී ඇත. මෙම කරුණු තවදුරටත් තහවුරුකර ගැනීම සඳහා තවදුරටත් විවෘතව කතා නොකිරීමට දේශපාලනඥයන් පිරිසක් තීරණය කර ඇතැයිද කියති. රජය සමඟ කෙළින්ම සම්බන්ධකම් නැතත් විපක්ෂයේ මෙම දේශපාලන පක්ෂය රජයට සහාය දක්වන ස්වරූපය නිසා මෙම ප්‍රවෘත්තිය අනවශ්‍ය ලෙස හුවා නොදැක්වීමේ උත්සාහයක් පවතින බවද වාර්තාවී ඇත.  


මේ රජය සමයේ බැඳුම්කර හොරුන් පිළිබඳව විමසිලිමත්ව සිටින රජය ඇවන්ගාඩ් සිද්ධිය යටපත් කිරීම ගැනද මෙහිදී සාකච්ඡාවී ඇත.   


අර්ජුන ඇලෝසියස් මෙන්ම ඇවන්ගාඩ් අධිපති නිශ්ශංක සේනාධිපති මහතාගෙන් මුදල් ලබාගත් දේශපාලනඥයන් පිළිබඳව සොයා නොබැලීම පිළිබඳවත් පිරිස සාකච්ඡාකර තිබිණි. එලෙස බෙදන්න තරම් අතිවිශාල මුදලක් ඇවන්ගාඩ් අධිපතිවරයාට ලැබෙන්නට ඇති බව විශ්වාස කරනු ලබන්නේ දැන් නාවික හමුදාව දිනකට රුපියල් කෝටියක ආදායමක් ලබන බැවින් නිශ්ශංක මහතා ලබන්නට ඇති ආදායම අනුමාන කළ නොහැකි නිසා බව මෙහිදී පෙන්වාදී ඇත.   

 

 

පසුගිය සතියේ තවත් විශේෂත්වයක් සිදුවිය. ඒ මන්ත්‍රීවරු 7 දෙනෙක් නියෝජ්‍ය ඇමැති හා රාජ්‍ය ඇමැති වශයෙන් දිවුරුම් දීමයි.  


ජනාධිපති ලේකම් කාර්යාලයෙන් අදාළ මන්ත්‍රීවරුනට කරන ලද දැනුම්දීමට අනුව පිරිස ජනාධිපති කාර්යාලයට ගොස් ඇත. එහිදී පළමුවෙන්ම ජනාධිපති කාර්යාලයට ගිය පුද්ගලයා වූයේත් පළමුවෙන්ම රාජ්‍ය ඇමැති පත්වීම ලබාගත් පුද්ගලයා වූයේත් මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රී රංජිත් අලුවිහාරේ මහතාය.   


මෙවර අලුත් රාජ්‍ය ඇමැතිවරුනට හා නියෝජ්‍ය ඇමැතිවරුනට ජනාධිපතිවරයා අතින් පත්වීම් ලිපිය ලැබෙන තෙක්ම ඔවුහු තමන්ට ලැබෙන ඇමැති තනතුර පිළිබඳ දැනුම්වත්ව නොසිටියහ. උත්සවය ආරම්භවීමට පෙර නියෝජ්‍ය ඇමැති පදවියක් හිමිවූ අජිත් මාන්නප්පෙරුම මන්ත්‍රීවරයාට මහනගර සභා හා නගර සංවර්ධන නියෝජ්‍ය ඇමැති පදවිය හිමිවන බව ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයකු විසින් ප්‍රකාශ කර තිබිණි. එම අමාත්‍යංශය භාර ඇමැතිවරයාත් ඉංජිනෙරුවෙක් වන බැවින් අලුත් පත්වීම ලැබෙන නියෝජ්‍ය ඇමැතිවරයාත් ඉංජිනේරුවෙක් වීම නිසා හොඳ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට හැකිවනු ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට බෙහෙවින් සමීප ඇමැතිවරයෙක් පවසා තිබිණි.  


එහෙත් දිවුරුම් ප්‍රකාශය ලැබෙන විට ඔහුට හිමිවී තිබුණේ පරිසර නියෝජ්‍ය ඇමැති ධුරයයි. ඒ අනුව සියලුම දෙනා පාහේ තමන්ට ලැබෙන තනතුර පිළිබඳව දැන ගනු ලැබුවේ දිවුරුම් දෙන අවස්ථාවේදීය.   


දිවුරුම්දීමෙන් පසු පිරිස කතාබහ කරමින් සිටි අතර එක්සත් ජාතික පක්ෂය මගින් වෙන් කරන ලද ඇතැම් අමාත්‍යංශ ජනාධිපතිවරයා සංශෝධනය කර තිබූ බවත් මෙහිදී අනාවරණය වී තිබිණි.  


කෙසේ වෙතත් ඇමැති ධුර පිළිබඳව බහුතරයක් තුළ ප්‍රසාදයත් පවතින බවක් පෙනෙන්නට නොතිබුණ බව දැන ගන්නට ඇත.   


රංජිත් අලුවිහාරේ මහතා සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු රාජ්‍ය ඇමැතිවරයා ලෙසද ලකී ජයවර්ධන මහතා කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන රාජ්‍ය ඇමැතිවරයා වශයෙන්ද දිවුරුම් දී ඇත.  


අජිත් මාන්නප්පෙරුම මහතා පරිසර නියෝජ්‍ය ඇමැතිවරයා ලෙසද අංගජන් රාමනාදන් මහතා කෘෂිකර්ම නියෝජ්‍ය ඇමැති ලෙසද කාදර් බසනාත් මහතා නැවත පදිංචි කිරීමේ පුනරුත්ථාපන උතුරු සංවර්ධන හා හින්දු ආගමික කටයුතු නියෝජ්‍ය ඇමැති ලෙසද එඩ්වඩ් ගුණසේකර මහතා අභ්‍යන්තර කටයුතු හා වයඹ සංවර්ධන නියෝජ්‍ය ඇමැති ලෙසටද නලීන් බණ්ඩාර මහතා රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ නියෝජ්‍ය ඇමැතිවරයා ලෙසත් දිවුරුම් දුන්හ.  


මේ අතර පසුගිය සතියේ දේශපාලනය පිළිබඳව විශේෂත්වයක් වූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හා ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති අතුල් කේෂාප් මහතා අතර පැවැති හමුවීමයි. සේවා කාලය අවසන් කර ආපසු යන තානාපතිවරු රාජ්‍ය නායකයා හමුවී සමුගැනීමේ සම්ප්‍රදායක් ඇති නම් බලයෙන් ඉවත්වී සිටින මහින්ද රාජපක්ෂ මහතා හමුවීම විශේෂත්වයක් වී තිබිණි.  


එම සාකච්ඡාව මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ විජේරාම මාවතේ පිහිටි නිල නිවසේදී පැවැති අතර ඇමෙරිකානු තානාපති කාර්යාලයේ නියෝජ්‍ය තානාපති කාර්ය මණ්ඩල ප්‍රධානී රොබට් හිල්ටන් මහතා හා මහින්ද රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම් උදිත ලොකුබණ්ඩාර මහතා ද ඊට සහභාගිවී ඇත.  


මෙහිදී සාකච්ඡාවට භාජනය වූ කරුණු පිළිබඳව දෙපාර්ශ්වයෙන්ම  කරුණු අනාවරණය කර නැතත් නිල නොවන මට්ටමින් විවිධ කරුණු වාර්තාවී තිබිණි.  


ඇමෙරිකානු රජයේ විශේෂ පණිවිඩයක් ලබාදීම සඳහා තානාපතිවරයා මෙම හමුවීම කළ බව සඳහන්වේ. එසේ නොවන්නට ඔහුට හිටපු ජනාධිපතිවරයාගේ නිවසට ගොස් හමුවීමට හේතුවක් නොවන බවට තොරතුරු සඳහන් කරයි.  


මීට අමතරව පක්ෂ නායක රැස්වීමේදී ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කරනු ලබන අපේක්ෂකයා පිළිබඳව මත ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටින ලෙසට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ඒකාබද්ධයේ පක්ෂ නායකයන්ගෙන් ඉල්ලා සිටින බව දැන ගන්නට ඇත.  


රජය පෙරළීමේ සටනට මූලික ස්ථානය ලබාදිය යුතු බැවින් දැන් සිටම ඒකාබද්ධයෙන් ඉදිරිපත් කරන ජනාධිපති අපේක්ෂකයා පිළිබඳව මත ප්‍රකාශ කිරීමෙන් වැළකී ඉන්නැයි මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා සිටි බවද වාර්තාවේ.   

 

 

 

 

දයාසීලි ලියනගේ 

 



අදහස් (0)

​ගෙවී ගිය සතියේ දේශපාලන පෙරැළි

ඔබේ අදහස් එවන්න

පුවත්

සමගි ජන සන්ධානය එළි දකී
2024 අප්‍රේල් මස 08 419 0

සමගි ජන සන්ධානය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පසුගිය සිකුරාදා (5) එළි දැක්විණ.


අප්‍රේල් 12 වැනිදාට ණය ගෙවීම පැහැර හැර අවුරුදු දෙකයි
2024 අප්‍රේල් මස 08 81 0

ශ්‍රී ලංකාව එහි ඉතිහාසයේ පළමු වරට විදේශ ණය ගෙවීම පැහැර හරින බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ලබන අප්‍රේල් 12 වැනිදාට වසර දෙකක් සපිරේ. ඒ අනුව උද්ගත වූ විදේශ


දේශපාලන පලිගැනීම්වලට ලක්වූ එ.ජා. පාක්ෂිකයන්ට මැයි මස සිට වන්දි
2024 අප්‍රේල් මස 08 180 0

දේශපාලන පලිගැනීම්වලට ලක් වූ එක්සත් ජාතික පාක්ෂිකයන්ට මැයි මාසයේ සිට වන්දි ලබාදීමට තීරණය වී තිබේ.


බාල ඖෂධ ගෙනත් කෝටි 15ක් වතුරේ
2024 අප්‍රේල් මස 08 39 0

ඖෂධ කල් ඉකුත්වීම සහ හානිවීම හේතුවෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට පසුගිය 2022 වර්ෂයේදී සහ ඊට කලින් වර්ෂයේදී රුපියල් කෝටි 15කට වැඩි පාඩුවක් සිදු වී ඇතැයි ජා


දුප්පතුන් සංඛ්‍යාව ලක්ෂ 57 කට නැගලා
2024 අප්‍රේල් මස 08 11 0

ශ්‍රී ලංකාවේ පනස් හත් ලක්ෂ හැත්තෑ හත් දහසකට ආසන්න පිරිසක් දරිද්‍රතාවෙන් පෙළෙන බව ලෝක බැංකුව විසින් නිකුත් කෙරුණු අලු‍ත්ම වාර්තාවක සඳහන් වන්නේ යැයි ප


උසස් පෙළ ප්‍රතිඵල මැයි මුල
2024 අප්‍රේල් මස 08 13 0

අපොස උසස් පෙළ විභාග ප්‍රතිඵල මැයි මස මුලදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන්නේ යැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 330 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1712 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1554 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site