දඩබ්ම
හංවැල්ලේ යළිත් වෙඩි පත්තු වන්නට පටන් ගෙන තිබේ. එකකට එකක් සම්බන්ධ නොවන සිදුවීම් වුවත් නිතර වෙඩි තැබීම් සිදුවන විට ප්‍රදේශයේ ජනතාව භීතියෙන් සලිත වනවාට සැකයක් නැත.
පාතාලය ගැන කතා කරන විට කලක් නම් දරා සිටියේ කඩුවෙලය. තවත් කාලයක් මාළිගාවත්තය. තවත් කාලයක් මෝදර හා ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයය. ඒ අතරේ දකුණෙන් කොස්ගොඩ, මාකඳුර වැනි ප්‍රදේශ ගැනද කියවිණ. එහෙත් පාතාල රජුන් වැඩි වශයෙන්ම නිර්මාණය වී තිබෙන්නේ කඩුවෙල ආශ්‍රිතවය. මේ වන විට කඩුවෙල හොල්ලාගෙන සිටි සමයං ජීවතුන් අතර නැත. අංගොඩ ලොක්කා රටින් පැන ගොසිනි. මාකඳුර පමණක් නොව රටම හෙල්ලූ මධූෂ් හාවක් හූවක් නැතිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේ සිටී. මාළිගාවත්ත, මෝදර ඇතුළු මුළු කොළඹම හෙල්ලූ කංජිපාන් රිමාන්ඩ් බාරයේය.
කඩුවෙල හංවැල්ල කෙරුම්කාරයන් නැතිව පාළුවට ගොස් දැන් වසර දෙකක් පමණ ගතව තිබේ. නිතර වෙඩි පත්තු වූ බිමේ රතිඤ්ඤාවක් හෝ පත්තු කරන්නට ලොක්කෝ නැති විට පොඩ්ඩෝ උත්සාහ කළහ. එහෙත් දැන් ඒ පොඩ්ඩන්ද සිටින්නේ රිමාන්ඩ් භාරයේය. රිමාන්ඩ් භාරයේ සිටියද ඔවුන් නිකම් ඉන්නේ නැත. තමන්ගේ ගුරුවරුන් උගන්වා ලූ සේම බන්ධනාගාරයේ විවිධ නිලමට්ටම්වල නිලධාරින් තමතමන්ට අවශ්‍ය පරිදි මෙහෙයවා ගැනීමට, ඔවුන්ගේ උදව්පදව් ගැනීමට මේ පාතාල පොඩ්ඩෝ සමත්ව තිබේ. ඔවුහු දැන් හංවැල්ල හොල්ලති. හංවැල්ල හොල්ලන්නට ඔවුන් පටන් ගත්තේ අද ඊයේ නොවේ. මීට වසරකට පමණ පෙරය.
කලක් අංගොඩ ලොක්කාගේ ගෝලයකු වූ ඌරුජුවාගේ කල්ලිය ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ඉල්ලමින් තර්ජනය කොට හංවැල්ල ව්‍යාපාරිකයන්ගෙන් හිස් බිමක් බවට පත්කරන්නට විය. ඉන්පසු ඌරුජුවා සේ රඟපාමින් රිමාන්ඩ්භාරයේ සිටි අයෙක් මෙහෙයවූ කල්ලියක් හංවැල්ලේ ජනතාව බියට පත් කරමින් ව්‍යාපාරිකයන් මෙන්ම සාමාන්‍ය ජනතාවගෙන්ද කප්පම් ඉල්ලන්නට වූහ. මේ සියල්ල මර්දනය කොට හංවැල්ල යළි නිසංසල වීමට යත්න දැරුවා පමණි යළිත් වෙඩි පත්තු වන්නට පටන් ගෙන තිබේ. පස් සුමේධට හා ඔහුගේ මිතුරාට වෙඩි තබා ඝාතනය කොට මසක් යන්නට මත්තෙන් පසුගිය සති අන්තයේ තවත් දෙදෙනෙකුට වෙඩි තබා එක් අයෙකු මිය ගොස් තවත් අයෙකු රෝහල් ගත කර තිබේ.
කවුද මේ හංවැල්ල අලුතෙන් වෙඩි තියන පාතාලයෝ? ඒ අන් කවරෙකුවත් නොව සමයං නැති බිමේ අංගොඩ ලොක්කා නැති බිමේ තමන්ගේ බලය තහවුරු කරගන්නට තැත් කරන සමයංගේම ගෝලයෝය. මාඹුලගේ මෙලන් දිනෙත් නොහොත් ඌරුජුවා හා ඉඳුනිල් වජිර කුමාර නොහොත් අංකුඹුරේ ඉඳුනිල් නොහොත් ඉන්දාය. ඔවුන් දෙදෙනාම වෙන වෙනම වෑයම් කරන්නේ කඩුවෙල හංවැල්ල ආශ්‍රිත භූමියේ පාතාල කිරුළ තමන් සතු කරගන්නටය.
පසුගියදා වෙඩි වැදුණේ ඉන්දාට හා ඔහුගේ සගයෙකුටය. සගයා මියගිය අතර ඉන්දා රෝහල් ගත විය. මේ වෙඩිතැබීම ඌරුජුවාගේ උපදෙස් මත ඔහුගේ කල්ලියෙන් සිදුකළ බව පොලිසිය කළ පරීක්ෂණවලදී අනාවරණය විය. ඌරුජුවා ඇයි ඉන්දාට වෙඩි තිබ්බේ? මේ ගැටුම වසරක පමණ ඉතිහාසයකට සම්බන්ධ සිදුවීමක් මුල්කරගෙන ඇති වූවක් බවද පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
ඉන්දා හා ඌරුජුවා කලක් එකට වැඩ කළ සමයංගේ ගෝලයෝය. ජීවන්ද ඔවුන් සමග සිටි ඔවුන්ට වඩා පාතාලයේ ජුනියර්ස්ලාය. ජීවන්ට අවශ්‍ය වූයේ ඉන්දා ලවා ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් එකතු කරගැනීමටය. එයට ඉන්දා හොඳ ප්‍රතිචාරයක් දක්වා තිබුණේ නැත. එයට හේතු වී තිබුණේ ඊට ටික දවසකට පෙර බන්ධනාගාර ගතව සිට එළියට ආ ඉන්දාට වැලිමුදලාලි කෙනෙක් දුන් උපදෙස් විය හැකි බවට ඔහු සැක කළේය. දැන්වත් අපරාධවලින් ඈත්ව විවාහයක් කරගෙන හොඳින් ජීවත් වන්නැයිද එසේ ජීවත් වන්නේ නම් තමන් උදව් කරන්නට සුදානම් බවද ඔහු ඉන්දාට පවසා ඇතැයිද ජීවන්ට දැනගන්නට ලැබී තිබිණ. එයට ඉඟි ලෙස වැලි මුදලාලි ඉන්දාට මුදල් ටිකක් දී ඇති බවටද ඔහුට ආරංචි ලැබී තිබිණ. එහෙත් ඇතැමෙක් පවසන්නේ මේ වැලි මුදලාලි ඉන්දා අල්ලාගෙන ඌරුජුවාගේ කප්පම් ඉල්ලීමෙන් බේරෙන්නට උත්සාහ කළ බවය.
කෙසේ වුවද ජීවන් ඌරුජුවාට කීවේ වෙනම කතාවකි. ඉන්දා මරන්නට පාතාලයට කොන්ත්‍රාත් දීමට ඇඹුල්ගම වැලි ව්‍යාපාරිකයා ඇතුළු ව්‍යාපාරිකයෝ මුදල් එකතු කරන බවක් ඔහු ඌරුජුවාට කිව්වේය. එසේ කීමෙන් ඌරුජුවා කිපී ව්‍යාපාරිකයන්ට තර්ජනය කළහොත් එයින් වැලි ව්‍යාපාරිකයා ඇතුළු ව්‍යාපාරිකයෝ ඉන්දා කෙරෙහි අමනාපයක් ඇති කරගනු ඇතැයි ජීවන් විශ්වාස කළේය. සිතුවා සේම ඌරුජුවා කිපුණේය. ඉන්දාට අතක් තියලා තිබුණොත් මරන බවට හේ ව්‍යාපාරිකයන්ට තර්ජනය කළේය. මේ සිදුවීම් නිසා ජීවන් ඌරුජුවාට වඩාත් සමීප විය. එහෙත් ඉන්දාට ඌරුජුවාගේ ඇතැම් ක්‍රියා රිස්සුවේ නැත. ඒ නිසා දෙදෙනා අතර අමනාපකම් ඇතිවන්නට විය.
හංවැල්ලට කණකොකා හඬන්නට ගත්තේ ඒ විරසකයත් සමගය. ජීවන්ගේ කීම අනුව කටයුතු කළ ඌරුජුවා ඉන්දාට උදව් කරන වැලිතොටුපොළේ හිමිකරු මුලින්ම අල්ලා ගත්තේ ඉන්දාට කප්පම් දෙන්නේ නම් තමන්ටද කප්පම් දීමට සුදානම් වන ලෙස තර්ජනය කරමිනි. එහෙත් වැලි මුදලාලි ඔහුට නැමුණේ නැත. එවිට ඌරුජුවා තමන්ගේ ගෝලයින් දෙදෙනෙක් වැලිතොටුපොළට යවා මුදලාලි බියගැන්වීමට කටයුතු කළත් ඔවුන්ට සිදුවූයේ තොටුපොළේ වැඩකරන තරුණයින්ගේ ගුටි බැට පූජාවකට මුහුණ දෙන්නටය. යම්තම් දිවි ගලවා ගත් දෙදෙනා පලාගියත් පළිගැනීම නැවතුණේ නැත. ඌරුජුවාගේ ගෝලයෝ ඉන්පසු ඔහුගේ නිවසට පැන බඩු බාහිරාදිය කඩාබිඳ ගිනිතබා වැලිතොටුපොළටද පැමිණ එහි භාණ්ඩද පොඩිකර දැමූහ. එයින් පසු වැලි මුදලාලිද ප්‍රදේශය හැර ගියේ පොලිසියේ පැමිණිල්ලක්ද සටහන් කරමිනි. එම සිදුවීම සම්බන්ධයෙන් පොලිසිය විසින් හය දෙනෙකුව අත්අඩංගුවට ගනු ලැබිණ.
වැලි මුදලාලි ගම හැර ගියද ඔහුගේ තොටුපොළේ වැඩකරන අය ගමේ සිටිති. මුදලාලිගෙන් පළිගන්නට ඔවුන් යොදා ගත හැකි යැයි ඌරුජුවා කල්පනා කළේය. ඒ අනුව වැලි මුදලාලිගේ තොටුපොළේ බැකෝ යන්ත්‍රයේ රියැදුරා වූ විසිදෙහැවිරිදි තාරක මධුශංකට ජල්තර ක්‍රීඩාංගණය අසලදී වෙඩි තබා ඝාතනය කළ ඌරුජුවාගේ ගෝලයෝ ඔහුගේ සිරුර කපා කොටා දැමීමට පවා පෙලඹුණේ වෛරය ඒ තරමටම ඉහ වහා ගොස් තිබූ බව පෙන්වන්නාක් මෙනි.
ඌරුජුවාට කේලම් කියමින් මේ අපරාධ සියල්ල සිදුකරන්නට ප්‍රබල දායකත්වයක් සපයන්නේ ජීවන් බව ඉන්දා දැනගත්තේය. ඒ නිසා මේ ගැටුම කෙළවරක් කරන්නට යැයි සිතා ඉන්දා ජීවන් ඝාතනය කළේ තාරක ඝාතනය කළ දාම රාත්‍රියේය. ජීවන් ඇඹුල්ගම චයිනිස් හෝටලයක් පවත්වාගෙන ගිය අයෙකි. ඔහු කපා කොටා ඝාතනය කරනු ලැබුවේ ඒ හෝටලය අසලදීමය. ඝාතනයෙන් පසු ඉන්දා තමන්ගේ ගෝලයෝ හය දෙනකුද සමග පොලිසියට භාර වූයේ එයට සම්බන්ධ පිරිසගෙන් පවා ඌරුජුවාට පළිගන්න තිබෙන අවස්ථාව නැති කරනු පිණිස බවටද මතයක් තිබේ. පසුව තාරක ඝාතන සිදුවීමේ සැකකරුවන් අට දෙනෙක්ද පොලිසියෙන් අත්අඩංගුවට ගනු ලැබිණ.
ජීවන්ගේ මරණයේ අවසන් කටයුතු පැවැත්වෙන දිනයේ අඹුල්ගම නගරය ශෝක දිනයක් බවට පත් කළ යුතුයැයි ඌරුජුවා කල්පනා කළේය. ඔහු තමන්ගේ ගෝලයෙකු ලවා ඇඹුල්ගම ව්‍යාපාරිකයෙක්ගේ ජංගම දුරකථනයෙන් ප්‍රදේශයේ සියලුම ව්‍යාපාරික ස්ථානවලට ඇමතුම් ලබාගත්තේ තමන් ඌරුජුවා බව පවසමිනි.
ඌරුජුවා මේ සියල්ල කරන්නේ රිමාන්ඩ් බන්ධානාගාරයේ සිටය. ඔහු බන්ධනාගාර ගත වුයේ 2016දීය. එැතින් සිට ඔහු තවමත් සිටින්නේ බන්ධනාගාරයේය. එහෙත් එහි සිට සියලු ආරක්ෂාව මැද ජංගම දුරකථන භාවිත කරමින් ඔහු අපරාධ මෙහෙයවන්නේය. තාරක ඝාතන සිදුවීමෙන් පසු කරන ලද පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වූ තොරතුරු අනුව ඔහුට අයත් ජංගම දුරකථනයක් හා බැටරි දෙකක්ද පොලිසිය රිමාන්ඩ් බන්ධනාගාරයේ තිබී සොයාගත්තේය.
මේ සිදුවීමෙන් පසු යළි ජල්තරදී තරුණයින් දෙදෙනෙක් කපා කොටා තුවාල කරනු ලැබූහ. එසේ ප්‍රහාරයට ලක්වූයේ තරිඳු හා ජනක නමැති තාරක ඝාතන සිද්ධියට සම්බන්ධ වූ දෙදෙනෙකු බවට පොලිසිය කරන ලද පරීක්ෂණවලදී අනාවරණය වි තිබේ. මෙම ප්‍රහාරය එල්ල කර තිබෙන්නේ ඝාතනයට ලක්වූ තාරකගේ නැන්දාගේ පුතෙකු හා ඉන්දාගේ ගෝලයෙකි. පොලිසිය ඔවුන්ද අත්අඩංගුවට ගනු ලැබිණ.
මේ සිදුවීම් අතරේ තාරක කපා කොට දමා සිටියදී ඔහුව බේරා ගැනීමට රෝහලට ගෙන ගියේ යැයි ඇඹුල්ගම ප්‍රදේශයේ පුද්ගලයෙකුගේ නිවසක් ගිනිතබා විනාශ කිරීමට ජීවන්ගේ සහෝදරයෙකු කටයුතු කළ අතර ඔහුවද පොලිස් අත්අඩංගුවට පත්විය. ඉන්පසු ජීවන්ගේ අම්මාගේ ගෙදරට ඉන්දාගේ පිරිසක් ගිනිතබා විනාශ කරනු ලැබිණ.
මේ අතර ඌරුජුවාගේ කල්ලිය ව්‍යාපාරිකයන්ට තර්ජනය කර කප්පම් ඉල්ලීමට පටන් ගත්තෙන් එයට මුහුණ දිය නොහැකි වූ ව්‍යාපාරිකයන් පස් දෙනෙක් ඇතුළු පවුල් හයක් පොලිසියේ පැමිණිලි සටහන් කර තාවකාලිකව ප්‍රදේශය හැර ගියහ.
පසුගිය පහළොස් වෙනි දා පහත්ගම ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කෙරුණේ ජීවන් ඝාතන සිදුවීමේ සැකකරුවෙක් වන සුරේෂ් රුවන් නමැති 23 හැවිරිදි තරුණයෙකි. ඔහු සමග වෙඩි වැදී තුවාල ලබා මේ වන විට කොළඹ ජාතික රෝහලේ දැඩි ආරක්ෂක රැකවල් මැද ප්‍රතිකාර ලබන ඉඳුනිල් වජිර කුමාර නොහොත් ඉන්දාද ජීවන් ඝාතන සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව වසරකට ආසන්න කාලයක් රිමාන්ඩ් භාරයේ පසුවූ අයෙකි. මොවුන් ඇප මත නිදහස්ව පැමිණියේ මාසකට පමණ පෙරය.
මොවුන්ට වෙඩි ප්‍රහාරය එල්ල කර තිබුණේ ඌරුජුවාගේ කල්ලියේ පිරිසක් විසිනි. වෑන් රථයකින් පැමිණ සිදුකළ මේ වෙඩි තැබීමෙන් ඒ අසල කඩල කරත්තයක් පවත්වාගෙන ගිය අයෙක්ද තුවාල ලබා ඇත. ඔහු දැනට හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.
ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් පිරිස අතර තාරක ඝාතන සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව මීට සති දෙකකට පමණ පෙර ඇප මත නිදහස් වූ දෙදෙනෙකුද සිටින බව පොලිසිය පවසයි. මේ සිදුවීමෙන් දින දෙකක් ඇතුළත එයට සම්බන්ධ සැකකරුවෝ හය දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැංවැල්ල පොලිසිය, හා නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ් මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් විශේෂ කාර්ය බළකාය සමත් විය.
මෙම ඝාතන සම්බන්ධයෙන් බස්නාහිර දකුණ නියෝජ්‍ය පොලිස්පති වසන්ත වික්‍රමසිංහ, බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂක පොලිස් අධිකාරී විදුර ජයසිංහ, එම කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරී රොහාන් පෙරේරා මහත්වරුන්ගේ උපදෙස් පරිදි බස්නාහිර දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජයන්ත පෙරේරා මහතා ඇතුළු කණ්ඩායමක් හා හංවැල්ල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රණබාහු, අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චන්ද්‍රසේකර, උප පොලිස් පරීක්ෂක සුජිත් යන මහත්වරුන් ඇතුළු කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ සිදුකරති.
මුදිතා දයානන්ද
රංගන ශිල්පිනී උපේක්ෂා ස්වර්ණමාලි කියනවට වඩා - තවමත් ඇයව බොහෝ ප්‍රේක්ෂකයන් හඳුනන්නේ “පබා” විදිහට. එදා අහිංසක පබා වූ ඇය - මේ දිනවල පුංචි තිරයේ “මාස්ටර් සර
මියෝනා යන්නෙහි තේරුම ප්‍රාර්ථනාවක් කියලා තමයි ඇය කියන්නෙ. මේ ලස්සන මියෝනාගෙ ගම සුන්ඳර මහනුවර. ඇයගේ පවුලේ රුව ලස්සන මියෝනා කවුද කියලා කවුරුහරි ඇයගෙන්
කලාවෙන් සුපෝෂිත රටක, ගීතය යනු - ශ්‍රාවකයන් ගේ මෙන්ම ප්‍රේක්ෂකයන් ගේ නොමඳ ගෞරවයට ආදරයට පාත්‍ර වූ කලා අංගයකි. එම කලාව අස්වැද්දීමට සම්මාදම් වෙන සාමාජික
බාලාංශයේ සිට සංගීතය වෙනුවෙන් කැපවී , යම් දිනෙක ප්‍රේක්ෂක ආදරයට පාත්‍ර වූ ජනප්‍රිය ගායිකාවක වීමේ සුන්දර සිහිනයක නිමග්නව සිටිමින්, මේ වෙන විටත් ඒ ගමන් ම
කැළුම් රන්දිම ඔහුගේ නම වෙයි. ඒත් එදා පාසලේ සිටි යාළු මිත්‍රයින්-හිත මිතුරන් -ඥාතීන් සහ පවුලේ උදවිය හැර බොහෝ දෙනා ඔහුව හඳුනන්නේ ‘ගැමියා’ යන නාමයෙනි. මේ ‘
මේ අක්කයි - මල්ලියි වෙසෙන්නේ ලංකාවේ නෙවෙයි, ලෝකයේ ධනවත්ව රටවල් අතරින් මුල් පෙළේ රාජ්‍යයක් වන ජර්මනියේ තමයි මේ දෙන්නා වෙසෙන්නෙ. ජර්මනියෙ ‘බොන්’ නුවර වා
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
හංවැල්ලේ පාතාල වෙඩි