IMG-LOGO

2025 ඔක්තෝබර් මස 24 වන සිකුරාදා


හිමාලයේ පිටසක්වළ ජීවීන්ගේ රහසිගත කඳවුරක්

ඉන්දියාවේ අභිරහස්

 

 

කොන්ග්කා ලා හිමාල කඳුවැටියේ උස් වූ වැටියක පිහිටි දුර්ගයකි. එය ඉන්දු - චීන දේශ සීමාවේ ලඩක් ආසන්නයේ පිහිටා තිබේ. එහි ඊසාන දිග කොටස අක්සායි චින් නමින් හැඳින්වෙන අතර එහි අයිතිය චීනයට වන අතර නිරිතදිග ප්‍රදේශයේ අයිතිය ඉන්දියාව සතුය. එය ලඩක් නමින් හැඳින්වෙයි. 1962දී ඉන්දු චීන යුද්ධය පැවතියේ මෙම දේශසීමාවේය. ජනශූන්‍ය ප්‍රදේශයක් වන මෙහි දෙපාර්ශ්වයේම සම්මුතිය අනුව  මුර සංචාර සිදු නොකෙරේ. ලඩක් වෙත පැමිණෙන සංචාරකයන්, බෞද්ධ භික්ෂූන් හා ලඩක්හි වැසියන්ට අනුව දේශ සීමාව පමණක් ඉන්දු - චීන හමුදා විසින් ආරක්ෂා කරනු ලැබේ.

 

හඳුනා නොගත් පියාසර වස්තූන් මෙම ප්‍රදේශයට නිතර පැමිණෙන බැව් එම ප්‍රදේශයේ වාසය කරන ඉන්දියානු හා චීන ජනතාව සඳහන් කරති. මෙම ප්‍රදේශයේ පිටසක්වළ ජීවින්ගේ භූගත කඳවුරු පවතින බවත් මෙය ඉන්දියානු හා චීන බලධාරීන් මේ පිළිබඳව දැන සිටින බවත් ඔවුන් සඳහන් කර තිබේ.


පසුගිය දිනෙක හින්දු වන්දනාකරුවන් පිරිසක් දක්ෂිණ කපොල්ල දෙසින් කයිලාස කූඨය වෙත වන්දනා ගමනක නිරතව සිටි අවස්ථාවක ඔවුනට අහසේ ගමන් ගන්නා අද්භූත ආලෝකයක් දිස් වී තිබේ. ‘එය අමුත්තක් නොවන බවත්, එවැනි දේ කොන්ග්කා ලා ප්‍රදේශයේ නිතර සිදුවන්නක් බවත්’ මඟ පෙන්වන්නන් විසින් ඔවුනට පවසා ඇත. අද්භූත ආලෝකයක් සහිත ත්‍රිකෝණාකාර, නිශ්ශබ්ද යානා සිරස්ව ඉහළට නැඟී ඇත්තේ භූ අභ්‍යන්තරයේ සිටය. 


සංචාරක පිරිසේ සිටි ගවේෂණාත්මක සංචාරකයන් පිරිසකට යානා මතු වූ ප්‍රදේශයට යෑමට අවශ්‍ය වුවද දේශ සීමාවේ සිටි චීන හමුදා භටයන් විසින් ඔවුන් හරවා යැවිණි. ඉන්දියානු දේශසීමාවේ සිට යළි එම ස්ථානය වෙත යෑමට උත්සහ කළද ඉන්දියානු ආරක්ෂකයන් විසින් ඒ සඳහා අවසර ලබා දී නොමැත. දෙරටේම නිලධාරීන් පිටසක්වළ ජීවීන්ගේ භූගත  කඳවුරක් පවතින බව දන්නා බවට එම ප්‍රදේශයේ සාමාන්‍ය ජනයා තුළ විශ්වාසයක් පවතී. මෙම සිදුවීම පිළිබඳව ප්‍රථමයෙන් අනාවරණ වූයේ 2006 ජුනි මාසයේදීය. එම ප්‍රදේශයේ 1:500 පරිමාණයෙන් යුතු චන්ද්‍රිකා ඡායාරූපයක් ගූගල් අර්ත් හි සටහන් වූ අතර එහි හමුදා කඳවුරුවලට සමාන ගොඩනැඟිලි කිහිපයක් දැකිය හැකි විය. 

 


අක්සායි චින් නොහොත් චීනයට අයත් භූමිය යුරේසියානු හා ඉන්දියානු භූ තැටියට අයත්ය. එම භූ තැටිය හැඳින්වෙනුයේ අභිසරණ භූ තැටිය (එක් භූ තැටියක් අනෙක් භූ තැටිය තුළට ගමන් කිරීම) ලෙසිනි. ලොව මෙවැනි ප්‍රදේශ ඇත්තේ සුළු ප්‍රමාණයකි. එවැනි ස්ථානයන්හි පෘෂ්ඨයේ ගැඹුර අනෙක් ස්ථානවල මෙන් දෙගුණයක් පමණ වේ. මෙවැනි ස්ථානයන්හි පිටසක්වළ ජීවීන්ගේ ක්‍රියාකාරකම් හා එවැනි ජීවීන් හමුවීමේ  ප්‍රවණතාව වැඩිය.
එම ප්‍රදේශයේ වැසියන්ට අනුව ඉන්දියානු හා චීන බලධාරීහු කිසියම් හේතුවක් මත  මෙම ප්‍රවෘත්තිය ප්‍රචාරය වීම වළක්වමින් සිටිති.  ප්‍රාදේශික බලධාරීන් වෙත මෙම සිදුවීම වාර්තා කළ ඇතැම් පුද්ගලයන්ට ඔවුන් පවසා ඇත්තේ එය අමතක කර දමා නිශ්ශබ්දව සිටින ලෙසටය.


වසර කිහිපයකට පෙර ඇමෙරිකානු සහ නේපාල බලධාරීන් පිරිසකට හිමාල කඳු මුදුනේ විශාල හිම කුට්ටියක් තුළ සිර වී තිබූ පිටසක්වළ  යානයක් හමු වූ අතර එහි තිබී ජීවින් සය දෙනකුගේ සිරුරු හමු වූ බවට වාර්තා විය. මෙම සොයා ගැනීමට දායක වූයේ පිටසක්වළ යානා පිළිබඳ විශාරදයකු වූ ආචාර්ය ජෝන් මැලේ හා ඔහුගේ සහයකයන් වූ පිටසක්වළ ජීවීන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ සාමාජිකයන් පිරිසකටය.
 ලෝකය  සන්ත්‍රාසයට පත්වනු ඇතැයි යන බියෙන් තම සොයා ගැනීම රහසක් ලෙස තබා ගැනීමට ඉන්දියානු සහ චීන බලධාරීන් උත්සාහ කරන බවට ආචාර්ය මැලේ  චෝදනා කරයි. හිම කුට්ටිය තුළ තිබී හමු වූ පිටසක්වළ ජීවීන්ගේ සිරුරු යහපත් තත්ත්වයෙන් පැවැති අතර ඒවා වසර 10,000 පමණ පැරැණි යැයි ඔහු විශ්වාස කරයි.


 මෑතකදී ඉන්දියානු පුරාවිද්‍යාඥයන් පිරිසකට වසර 10,000 වඩා පැරණි පිටසක්වළ ජීවීන් විසින් අඳින ලද බවට විශ්වාස කළ හැකි චිත්‍රයක් ඉන්දියාවේ චටිස්ඝාර් නගරය ආසන්නයේ පිහිටි ගුහාවකින් හමු වි තිබේ. ඒ අනුව අතීතයේ ඉතා දියුණු පිටසක්වළ ශිෂ්ටාචාරයක් පෘථිවියට පැමිණ ඇති බවට සනාථ වන බැව් ඔවුහු විශ්වාස කරති.

 

 

 


අන්තර්ජාලයෙනි
ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා



අදහස් (0)

හිමාලයේ පිටසක්වළ ජීවීන්ගේ රහසිගත කඳවුරක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1360 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1266 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 461 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site