IMG-LOGO

2025 නොවැම්බර් මස 21 වන සිකුරාදා


හඳට යන්න අලුත් ඇඳුම්

 

 

2024 දී ඇමෙරිකා නාසා ආයතනය යළිත් වරක් සඳ තරණයට සැරැසෙයි. ඒ, 1972 වසරේ ‘ඇපලෝ’ සඳ ගවේෂණ මෙහෙයුම් අවසන් වීමෙන් පසු ප්‍රථම වතාවටය. ‘ආටිමිස්’ යනුවෙන් නම් කළ මෙම නව චන්ද්‍ර වික්‍රමයට ගගනගාමීන් යුවලක් සම්බන්ධ කිරීමට නාසා බලාපොරොත්තු වෙයි. ඒ අනුව, ගගනගාමියකු සමඟ ගගනගාමිනියක සඳට පය තබනු ඇත. පළමු වරට සඳට පය තබන එම තැනැත්තිය ‘සඳට ගිය පළමු කාන්තාව’ ලෙස ඉතිහාසගත වනු ඇත. පසුගිය 40 වසර පුරාවට නාසා ආයතනයේ ගගනගාමීන් පැලඳුවේ, නාසා ආයතනයේ ඇඳුම් නිර්මාණ ශිල්පීන් ‘ඇපලෝ’ සඳ ගවේෂණ මෙහෙයුම සඳහා නිර්මාණය කරදුන් ගගන ඇඳුම්ය. තාක්ෂණයේ දියුණුවත් සමඟ සුළු වෙනස්කම්වලට ලක්වුවත්, නව ඇඳුම් නිර්මාණයක් සිදුනොවිණි. පසුගියදා නාසා ආයතනය කියා සිටියේ 2024 වසරේ ආටිමිස් චන්ද්‍ර මෙහෙයුමට නව ගගන ඇඳුම් දෙකක් නිර්මාණය කළ බවය. 

 
‘ආටිමිස්’ මෙහෙයුම සඳහා ගගනගාමීන් පලඳින එම නව ගගන ඇඳුම් හඳුන්වාදීම වොෂින්ටන් අගනුවර නාසා මූලස්ථානයේදී සිදුවිය. ඒ, නාසා ප්‍රධානී ජිම් බ්‍රිඩෙන්ස්ටයින්ගේ ප්‍රධානත්වයෙනි. නාසා විද්‍යාඥයන් මෙම නව ගගන ඇඳුමින් සැරැසී මාධ්‍යවේදීන් ඉදිරියේ පෙනී සිටියේ විලාසිතා දැක්මකට එක්වුණු නිරූපණ ශිල්පීන් මෙනි. ඔවුන් බිම දිගා වෙමින්, උස් පහත් වෙමින්, නොයෙක් නොයෙක් ඉරියව්වලින් ඇඳුම් ප්‍රදර්ශනය කරන්න වූයේ රැස්ව සිටි පිරිසට අපූරු අත්දැකීමක් දෙමිනි. ඇමෙරිකන් රාජ්‍ය නිලධාරීන්, නාසා ආයතනයේ නිලධාරීන්, මාධ්‍යවේදීහු ඇතුළු බොහෝ දෙනෙක් මෙම අවස්ථාවට එක් වී සිටියහ.   


ආයතනයේ ගගන ඇඳුම් නිර්මාණ අංශයේ ප්‍රධානියා ක්‍රිස් හැන්සන් සහ ගගනගාමීන්ගේ ඇඳුම් සැලැසුම් කිරීම සහ නිර්මාණ කිරීමේ ප්‍රධාන ඉන්ජිනේරුවරිය වන එමී රොස් මෙම අවස්ථාවට එක්ව සිටියහ. ‘වසර 40කින් අප නාසා ගගනගාමීන්ට ඇඳුමක් නිර්මාණය කළ පළමු අවස්ථාව මෙයයි. ඔබට මේ දකින්න ලැබෙන්නේ නව තාක්ෂණයෙන් නව අමුද්‍රව්‍යවලින් අභ්‍යවකාශයේ පීඩනයට ඔරොත්තු දෙන අයුරින් නිර්මාණය කළ ගගන ඇඳුම්.’ යැයි ක්‍රිස් හැන්සන් මාධ්‍යවේදීන් හමුවේ පැහැදිලි කළේය.   


අලුතින් නිර්මාණය කළ ඇඳුම් කට්ටල දෙකකි. තැඹිලි පැහැයක් ගන්නා ඇඳුම ගගනගාමීන් පලඳිනු ඇත්තේ කැප්සියුලයේ සිටිද්දීය. සඳ මතට පය තබද්දී සහ ගගන සක්මන්වල නියැළීමේදී සුදු පැහැති තරමක් විශාල ස්ථර කීපයකින් නිර්මාණය කළ ගගන ඇඳුම භාවිතයට ගනු ඇත. ‘කලින් භාවිත කළ ගගන ඇඳුම් වගේ නොවෙයි. මේවා වෙනස්. සැහැල්ලුයි. ගගනගාමීන්ට මේවා පැලඳ සිටීම පහසුයි. ඔවුන්ට මේ ඇඳුම් පැලඳගෙන දුවන්න පනින්න විතරක් නොවේ ඕනෑම ක්‍රියාකාරකමක් පහසුවෙන් කිරීමට පුළුවන්. අපට ඕනෑ ගගනගාමීන් විද්‍යාඥයන් ලෙස කටයුතු කරනවා දැකීමටයි’ යැයි නාසා ආයතනයේ ගගන ඇඳුම් නිර්මාණ අංශයේ ප්‍රධාන ඉන්ජිනේරුවරිය එමී රොස් පැහැදිලි කළාය.   


මෙම වසරේ 1969 ඇපලෝ 11 සඳ ගමනට වසර 50ක් සැපිරුණි. පළමු සඳ ගමනට එක් වුණු ගගනගාමීන් තිදෙනාගෙන් අද ජීවතුන් අතර සිටින එඩ්වින් ඕල්ඩ්‍රීන් සහ මයිකල් කොලින්ස් ඔවුන්ගේ පවුල්වල අය ද සමඟ ධවල මන්දිරයට පැමිණ සිටියේ, විශේෂ සැමරුමකට එක්වීමටය. නාසා ප්‍රධානී ජිම් බ්‍රිඩෙන්ස්ටයින් ද එහි සිටියේය. 2024 දී සඳට යළි යා යුතුයැයි ට්‍රම්ප් පැවැසූ අතර, එම මෙහෙයුම කඩිනමින් ආරම්භ කර ඇතැයි ජිම් බ්‍රිඩෙන්ස්ටයින් පැවැසීය.   


කෙසේ නමුත් නාසා ආයතනයේ ගගනගාමීන් යොදා ගනිමින් කෙරෙන ගගන මෙහෙයුම් භාරව කටයුතු කරන කීනෙත් බෝවර්සොක්ස් පසුගිය දා ඇමෙරිකන් කොංග්‍රස කාරක සභාවක් ඉදිරියේ කියා සිටියේ, 2024 මෙහෙයුම නියමිත පරිදි කිරීමට නොහැකි වනු ඇති බවත් එය තව වසර කීපයක් කල්ගත වනු ඇති බවත්ය. ඊට ප්‍රධානතම හේතුව ගගනගාමීන් රැගත් කැප්සියුලය උඩු ගුවනට රැගෙන යෑමට සුදුසු රොකට්ටුවක් නොතිබීමය. ඇපලෝ මෙහෙයුම් යටතේ ගගනගාමීන් රැගත් කැප්සියුල උඩු ගුවනට විදිනු ලැබුවේ ‘ඇට්ලස් වී’ රොකට්ටුවේ ආධාරයෙනි. දැන් ‘ඇට්ලස් වී’ රොකට්ටු භාවිතයට ගැනෙන්නේ නැත. නාසා ආයතනය මේ වනවිට ප්‍රබල රොකට්ටුවක් නිර්මාණය කරමින් පවතී. ඒ, ‘ස්පේස් ලෝන්ච් සිස්ටම්’ ය. කෙටියෙන් ‘එස්.එල්.වී.’ ලෙස හඳුන්වයි. මෙම රොකට්ටුව තවම පර් යේෂණ මට්ටමේ පවතී.   

 


ලුසිත ජයමාන්න   
‘ද සන්’ ඇසුරිනි  



අදහස් (0)

හඳට යන්න අලුත් ඇඳුම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 6 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 132 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 979 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site