IMG-LOGO

සැවොඩොව්ස්කී දූපතේ පෙන්ගුවීන් වික්‍රමය

මුහුදට පනිමින්

පෙන්ගුවින් තාත්තා

තුවාලකරුවෙක්

දූපතට ගොඩ වෙමින්

 

 

දූපත්වාසී ජීවීන්ට මිනිසාගෙන් එල්ල වන තර්ජන බොහොමය. මිනිසා දැනුවත්ව හෝ නොදැනුවත්ව දූපත් ජීවීන්ට තර්ජනයක් වන අවස්ථා එමටය. කෙසේ නමුත් මිනිස් පහසින් තොර, හුදෙකලා වූ දූපත් තවමත් දකින්න ලැබේ. සැවොඩොව්ස්කී දූපත එවැන්නකි. දූපත පිහිටා ඇත්තේ, දකුණු දිග සාගරයේය. බිහිසුණු සුළි කුණාටුවලින් යුත් මුහුදු කලාපයකින් දූපත වට වී ඇත. එපමණක් නොව, මෙම දූපත සක්‍රීය යමහලකි (ගිනි කන්දකි). දූපත නිර්මාණය වී ඇත්තේ ලාවා තට්ටුවලිනි. මෙතැන ජීවත් වීමට කියාපු තැනක් නොවේ.  ලොව ජීවත් වීමට නුසුදුසුම ස්ථානය  සැවොඩොව්ස්කී දූපත යැයි කීවොත් එය  නිවැරදිය. එසේ වුවත්, මේ දූපත ද නිවහන කරගත් ජීවියකු සිටී. ඒ, කුරුල්ලෙකි. පියාඹන්න නොහැකි වුණත්, අහස අහිමි වුණත්, පීනන්න දක්ෂ කුරුල්ලෙකි. ඒ, පෙන්ගුවීන් විශේෂයකි.


චින්ස්ට්‍රැප් සැවොඩොව්ස්කී දූපත, ‘චින්ස්ට්‍රැප් පෙන්ගුවීන්ලාගේ නිවහනය. දූපත වටා මුහුදේ ආහාර බහුලය. ගැටලුව දූපත වටා මුහුද සැමවිටම ප්‍රචණ්ඩකාරී ස්වරූපයක් ගැනීමය. ආහාර සොයා මුහුදේ කිමිඳීම පෙන්ගුවීන්ලාට දිවි පරදුවට තැබීමකි. ප්‍රචණ්ඩ මුහුදු රළ මැදින්, දූපතේ ඉහළ, ලිස්සන ගල් පරවල සිට ‘චින්ස්ට්‍රැප්’ පෙන්ගුවීන්ලා රංචු පිටින් වතුරට පනිති. එය ඉතාමත් අනතුරුදායකය. පෙන්ගුවීන්ලා බොහෝ දෙනකු සැඬ රළ පහරට හසුවී මුහුදට වැටෙන්නේ ගල් පරවල හැපී තුවාල ලබමිනි. ඇතැම් පෙන්ගුවීන්ලා මරණයට පත් වෙති. 


යමහල් දූපත


යමහල් දූපතක ජීවත්වීමේ වාසියක් ද ඇත. ඒ, වසර පුරාවට උණුසුම පැවතීමය. දූපතේ ශීත කාලය කෙටිය. හිම ඉක්මනින් දියවෙයි. ජනවාරි මාසය වෙද්දී, මෙම ඇන්ටාක්ටික් කලාපයට ගිම්හානය උදාවෙයි. ඒ කාලයට සැවොඩොව්ස්කී දූපත පෙන්ගුවීන් පැටවුන්ගෙන් පිරෙයි. පෙන්ගුවීන් අම්මා තාත්තා මාරුවෙන් මාරුවට පැටවුන් බලා ගැනීම සිදු කරයි. තාත්තා කෑම සොයන්න දිවි පරදුවට තබා මුහුදු යද්දී, පැටවුන් ළඟ සිටින්නේ අම්මාය. අම්මා යද්දී පැටවුන්ට රැකවරණය ලැබෙන්නේ තාත්තාගෙනි. පුංචි පැටවුන් සැමවිටම ආරක්ෂා කළ යුතුය. ඒ, ඔවුන් ලොකු මහත් වනතුරු පමණි. 


අම්මා සහ පැටවුන්


දූපතේ සිටින ‘චින්ස්ට්‍රැප්’ අම්මා කෙනෙකි. ඇයට පැටවුන් දෙදෙනෙකි. පැටවුන් දෙදෙනා සිටින්නේ කුසගින්නේය. පැටවුන්ට කෑමට දෙන්න කිසිවක් ‘චින්ස්ට්‍රැප්’ අම්මා ළඟ නැත. පැටවුන් දෙදෙනාගේ පැවැත්ම රැඳී පවතින්නේ ඔවුන්ගේ මීළඟ ආහාර වේල මතය. පැටවුන්ට ආහාර ගෙනෙන්නේ ඔවුන්ගේ තාත්තාය. මුහුදු ගිය තාත්තා එනකල් පැටවුන් දෙදෙනා නොඉවසිල්ලෙන් බලා සිටී. ඒත් ආහාර සොයමින්, මුහුදු ගිය චින්ස්ට්‍රැප් පෙන්ගුවීන්ලා බොහෝ දෙනකු ආපසු පණ පිටින් පැමිණෙන්නේ නැත.


මුහුදු කුරුල්ලෝ


ගල්පරවල හැපී මිය ගොස් මුහුදට ගසාගෙන යන පෙන්ගුවීන්ලා මුහුදු කුරුල්ලන්ගේ ආහාර බවට පත් වෙති. පියඹා යා හැකි මුහුදු කුරුල්ලෝ පිරිසක් සැවොඩොව්ස්කී දූපත නිවහන කරගෙන ජීවත් වෙති. ‘ස්කුවස්’ නමින් මේ කුරුල්ලා හැඳින්වෙයි. ‘ස්කුවස්’ හොඳින් වැඩුණු පෙන්ගුවීන් කුරුල්ලකුට වඩා විශාලය. සිංහල බසින් ‘ස්කුවස්’ හැඳින්වෙන්නේ ‘දුඹුරු පිරි වුලුඹුවා‘ යනුවෙනි. ‘මුහුදු හොරා’ යනුවෙන් ද හැඳින්වෙයි. ඒ, පෙන්ගුවීන් ජනපදය අසලින් පියඹමින්, අනාරක්ෂිත පෙන්ගුවීන් පැටවුන් ආහාරය සඳහා ඩැහැගෙන යන නිසාය.


දුඹුරු පිරි වලුඹුවා


දුඹුරු පිරි වුලුඹුවන්ගෙන් පැටවුන්ට අනතුරක් විය හැකි බැවින් පෙන්ගුවීන් අම්මා දනී. එහෙයින්, පැටවුන් දෙදෙනා තනිකර දමා, තාත්තාට මොකද වුණේ බැලීමට හෝ පැටවුන්ට කෑම රැගෙන ඒමට හෝ යා නොහැකිය. තාත්තා ඉක්මනින් ආපසු පැමිණේවි යැයි බලාපොරොත්තුවෙන් අම්මා සහ පැටවු බලා සිටිති. පෙන්ගුවීන් යනු පිහිනීමටත් කිමිඳීමටත් උපන් හපනෙකි. මුහුදු රළ කොතරම් ප්‍රචණ්ඩ වුවත්, රළ කපාගෙන වේගයෙන් පිහිනන්න, පෙන්ගුවීන්ලා සමත්ය. ‘චින්ස්ට්‍රැප්’ පෙන්ගුවීන්ලාට ඇති ගැටළුව දූපතේ ලිස්සනසුලු ගල් පර අතරින් මුහුදට පැනීම සහ යළි මුහුදේ සිට එම ගල්පර මතට ගොඩවීමය. පෙන්ගුවීන් තාත්තා සැතපුම් 50 කට වඩා දුර පිහිනා ගොස් මසුන් අල්ලා ගෙන යළි දූපත බලා පිහිනමින් සිටී. තාත්තා දැන් දූපත ආසන්නයේය.


අසීරුයි


පෙන්ගුවීන් තාත්තාට පමණක් නොවෙයි, අනෙක් පෙන්ගුවීන් තාත්තලා අම්මලාට ද ඔවුන්ගේ ගමනේ අසීරුම කොටසට මුහුණ දීමට දැන් සිදුවෙයි. ඒ, දූපතට ගොඩවීමය. ප්‍රචණ්ඩ රළ පහරත් සමඟ දූපතට ගොඩවීම පහසු නැත. එය ද ඉතා අනතුරුදායකය. ලිස්සන ගල් පරවල එල්ලී, සැඬ පහරට හසු නොවී ඉහළට ගොඩවීමට, පෙන්ගුවීන්ට ඇත්තේ රෝස පැහැති පුංචි කකුල් දෙකේ  පුංචි නියපොතු පමණි. මේ නියපොතුවලින් ලාවා තට්ටුවලින් නිර්මාණය වී ඇති ගල්පර කෙසේ හෝ ග්‍රහණය කරගත යුතුය. පෙන්ගුවීන් තාත්තා ඇතුළු පෙන්ගුවීන්ලා පිරිස කෙසේ හෝ දුපතට පය තබති. ඇතැම්හු තුවාල ලබා ලේ පෙරාගෙන සිටිති. විරාමයක් නොගෙන, එක පොදියට, එක පෙළට පිරිස දූපත අභ්‍යන්තරයට ඇදෙති. පෙන්ගුවීන් ජනපදය ඇත්තේ දූපත අභ්‍යන්තරයේ තැනිතලා භූමියකය. පෙන්ගුවීන් තාත්තාට, පැටවුන් දෙදෙනා ළඟට යෑමට තවත් සැතපුම් දෙකක් ඇවිදින්න සිදුවෙයි. පෙන්ගුවීන් කූඩුව ඇත්තේ එතැනය. පෙන්ගුවීන් කූඩුව ගල් ගොඩල්ලක සකසන ලද්දකි. පෙන්ගුවීන් තාත්තාගේ කුස කෑමවලින් පිරී ඇති නිසා ඉක්මනින් ඇවිදීම ද පහසු කටයුත්තක් නොවේ.


එක පොදියට


ලෝකයේ විශාලතම පෙන්ගුවීන් ජනපදය ඇත්තේ සැවොඩොව්ස්කී දූපතේය. කොතරම් බාධක තිබුණත්, ජීවිතය අසීරු වුණත් ලක්ෂ ගණනක් පෙන්ගුවීන්ලාට මේ දුපත පාරාදීසයකි. නිවහනකි. පෙන්ගුවීන්ලා හැමෝම එක වගේය. බිම කූඩු තනා ඇත්තේ එක ළඟිනි. එසේ වුවත්, දවසට දෙපාරක් කෑම ගේන්න යද්දීත් එද්දීත්, තමාගේ පවුල සිටින්නේ කොතැනදැයි පෙන්ගුවීන් තාත්තා හොඳින් දැන සිටිය යුතුය. පෙන්ගුවීන් තාත්තාට එය ඇස් වසාගෙන කළ හැකි විය යුතුය. පෙන්ගුවීන්ලා විශාල ප්‍රමාණයක් එක පොදියට සිටීම, ඔවුන්ගේ ආරක්ෂාවට ඉතා හොඳය. එහෙත්, එක පොදියට බොහෝ දෙනකු එක තැනක සිටීම ගැටලුකාරී වන අවස්ථා ද ඇත. ඒ, තමන්ගේ කූඩුව කොහෙදැයි සොයා ගැනීමට ආයාසයක් දැරීමට සිදුවන නිසාය.

 

තාත්තා ආපසු එයි

අම්මා සහ පැටවුන් දෙදෙනා

 


තාත්තා එනවා


පෙන්ගුවීන් අම්මා සහ පැටවු දෙදෙනා තවමත් බලා සිටිති. පෙන්ගුවීන් ජනපදයේ පෙන්ගුවීන්ලාගේ කෑ කෝ ගැසීම කරච්චලයකි. ඝෝෂාවකි. එසේ වුවත්, පෙන්ගුවීන් අම්මාගේ හඬ අනෙක් පෙන්ගුවීන්ලාගේ හඬ අතරින් හඳුනා ගන්නා පෙන්ගුවීන් තාත්තාට හැකිය. ඒ අනුව, ඔහු කූඩුව වෙත ළඟා වෙයි. පෙන්ගුවීන් තාත්තා කෑම ද සමඟ පැටවුන් දෙදෙනා අතරට පැමිණ සිටී. පෙන්ගුවීන් පැටවුන් දෙදෙනාට ඊට වඩා සතුටු විය හැකි දෙයක් නැත. කුසේ ඇති කෑම වමාරා පැටවුන්ට කැවීම සිදු කරයි. දැන් හිස එහෙට මෙහෙට පද්දමින්, පෙන්ගුවීන් තාත්තා අම්මාට අවසර දෙයි. ඒ, පෙන්ගුවීන් අම්මාට මුහුදු යෑමට වෙලාව ඇවිත් බව පවසමිණි.

 

 

ලුසිත ජයමාන්න
බී.බී.සී. අර්ත් ඇසුරිනි



අදහස් (0)

සැවොඩොව්ස්කී දූපතේ පෙන්ගුවීන් වික්‍රමය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 8 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 596 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 124 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site