IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


සුරතලයට ඇති කරන “සිංහ බබා” සිංහයාත් සමග මහ පාරේත් ඇවිදිනවා

සිංහයාත් සමග මහ පාරේත් ඇවිදිනවා

සිංහයෙක් තම සුරතලා බවට පත්කරගත් අපූරු මිනිසෙක් පිළිබඳව ඉරාකයේ ඩොහුක් නගරයෙන් වාර්තා වෙනවා. මේ අපූරු සිංහ සුරතලා සමඟ ඔහු ඩොහුක් නගරයේ වීථිවල පවා සැරිසරන බව විදෙස් වාර්තා සඳහන් කරයි. 


ඉරාකයේ ඩොහුක් නගරයේ වාසය කරන බ්ලෙන්ඩ් මැමූන් නමැති පුද්ගලයාට මෙම සිංහ සුරතලා හමුවී තිබෙන්නේ දින 20ක් වයසැති පැටවෙකුව සිටියදීයි. තම මිතුරෙකුට අයත් සත්වෝද්‍යානයක සිටි සිංහ පැටවා සිය නිවෙස වෙත රැගෙන ඒමට මැමූන් කටයුතු කර තිබේ. 


සිංහ සුරතලාට මේ වන විට වයස අවුරුද්දක් සම්පූර්ණ වී තිබේ. සුරතල් සුනඛයෙකු වැනි මෙම සිංහ සුරතලා උද්‍යානයේ ක්‍රීඩා කිරීමටත්, මහාමාර්ගවල ඇවිදීමටත් වඩාත් ප්‍රියකරන බව සඳහන් වෙයි. එමෙන්ම සිංහ පැටවා මැමූන් සමග අවන්හල්, සාප්පු සංකීර්ණ වැනි පොදු ස්ථානවල ගැවසෙන ආකාරයත් දක්නට ලැබෙන බව කියැවෙනවා. 


එවැනි සංචාරයන්වලදී සිංහ පැටවා සමඟ ඡායාරූප ගැනීමට බොහෝ පිරිස් පෙළඹෙන බව මැමූන් පවසයි. 


පශු වෛද්‍යවරයෙක් ලවා සිංහ පැටවාට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාදෙන අතර ආහාර ලෙස කිරි ලබාදෙන බව හිමිකරුවා වන මැමූන් පවසයි. ඉතාම කුඩා පැටවෙකුව සිටි අවදියේදීම තමා භාරයට ගත් බැවින් සිංහ පැටවා ප්‍රචණ්ඩකාරී හෝ රෞද්‍ර ලෙස හැසිරෙතැයි ඔහු බිය පළකරන්නේ නැහැ. 


සාමාන්‍ය සුරතලයට ඇති කරන බල්ලලන්, පූසන්, කුරුල්ලන්ට වඩා මැදපෙරදිග ජනතාව වඩාත් සුවිශේෂී සත්ත්වයින් ඇති කරන්න පෙළඹී සිටිනවා. ඉරාකයේ මේ දිනවල වඩාත් ජනප්‍රිය වී ඇත්තේ සිංහයින් සුරතලයට ඇති කිරීමයි. මැදපෙරදිග ඇතැම් රටවල සිංහයින්ට අමතරව කොටින්, විශාල රාජාලියන් ආදි සතුන් සුරතලයට ඇති කිරීම සඳහා විශේෂ බලපත්‍ර පවා හඳුන්වා දීමට පෙළඹී සිටින බවද වාර්තාවේ. 

 


සටහන තිළිණි ද සිල්වා 



අදහස් (0)

සුරතලයට ඇති කරන “සිංහ බබා” සිංහයාත් සමග මහ පාරේත් ඇවිදිනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 45 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 715 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site