IMG-LOGO

2025 ඔක්තෝබර් මස 19 වන ඉරිදා


සෙනසුරු මාරුව ඔබේ ලග්නයට බලපාන හැටි...

ෙසනසුරු මාරුව ග්‍රහ ලොව පෙරළිකාර මෙන්ම මන්දගාමී ග්‍රහයෙකු වන දුකට අධිපති සෙනසුරු ග්‍රහයා 2017 ඔක්තෝබර් මස 26 වන දින මෙතෙක් ගමන් කළ වෘශ්චික රාශියෙන් ගුරු හිමි ධනු රාශියට පැමිණෙයි. 2020 ජනවාරි 25 දක්වා සෙනසුරු ග්‍රහයා ධනු රාශියේ සිය අණසක පතුරුවමින් සිටී. 
  

අප සමාජයේ ජීවත්වන බොහෝ දෙනා සෙනසුරුට දක්වන්නේ මහත් බියකි. එයට හේතුව වන්නේ මෙම ග්‍රහයා නිරතුරුවම මිනිසාගේ ජීවන ගමන වෙනස් කිරීමට පෙළඹේ. සෙනසුරු ලෝකෝත්තර ග්‍රහයෙකු වන නිසා ලෞකික ජීවිතයේ ඇති නිසරු බව ජන්මියාට වටහා දෙයි.   


මකර හා කුම්භ ලග්න වලට අධිපති වන සෙනසුරු ග්‍රහයාට පුෂ, අනුර, උත්‍රපුටුප නැකත් අයත් වේ. සෙනසුරු දශාව පුරා වසර 19ක් පවතී. මකර හා කුම්භ රාශී සෙනසුරුට ස්වක්ෂේත්‍ර රාශී වන අතර තුලා රාශියේ උච්ච බලය ලබයි. මේෂ රාශියේ නීච නම් දුර්වල තත්ත්වයට පත් වේ. සෙනසුරු කේන්ද්‍රයක හත් වැන්නේ දිග් බලයි. කළු නිල් වර්ණය අංක 7 සෙනසුරාදා දිනය සෙනසුරුට අයත් වේ.   


පතල් ඉංජිනේරුවන්, පතල් කම්කරුවන්, විද්‍යාඥයින්, වෘත්තීය සමිති නායකයන්, වැඩකරන ජනතාව වන ගොවීන්, කම්කරුවන් පීඩිත ජනයා සෙනසුරු නියෝජන කරයි.   


කේන්ද්‍රයක ග්‍රහ පිහිටීම සියුම්ව විග්‍රහ කර බැලී​ෙම්දී සෙනසුරු බලවත් නම් එම පුද්ගලයා දුර්විපාක යටපත් කර ගෙන කරුණාසහගත කෙනෙකු වීටමත් හොඳ සිහිකල්පනාව ඇති වී දක්ෂ කෙනෙකු වීමටත් හේතු ​ෙව්. සෙනසුරු ග්‍රහයා දුබල වී නම් බොහෝ අකුසල කර්ම ඵල දීමට කාලය පැමිණේ. දුක් සහිත ජීවිතයක් කරදර මධ්‍යයේ ජිවත්වීමට සිදුවේ. දුෂ්කර පළාත් වල ඇවිදීමට සිදුවේ. අධර්මිෂ්ට වේ. එවිට වාත රෝග, කුෂ්ට රෝග, ගෙඩි පිළිකා ආදී රෝග සෙනසුරුගෙන් ඇති වේ.   


සෙනසුරු අපලය ඇති වන්නේ සෙනසුරු නියෝජනය කරන ලද අකටයුතුකම් හේතුවෙනි. මෙම සෙනසුරුගේ අපලය මඟ හරවා ගෙන සුබ ඵල උදාකර ගත හැකි ක්‍රම වන්නේ සෙනසුරාදා දින වල ශනි හෝරාවෙන් ​බෝධි පූජා පැවැත්වීමෙනි. විෂ්ණු දෙවියන්ට භාරහාරවීම සුබවේ. සෙනසුරුට හිමි ගොවි - කම්කරු ජනතාවට නායකත්වය දීම, සෙනසුරුට හිමි කළු නිල් වර්ණ වස්ත්‍ර භාවිතා නොකිරීම, සුබ වර්ණ භාවිතා කිරීම, පංච ශීලය ආරක්ෂා කිරීම, උත්සාහවන්ත වීම, යහපත් අය ආශ්‍රය, අසරණ අයට සැලකීම, පාද අහිමි අයට රෝද පුටු පරිත්‍යාග කිරීම, යකඩ වලින් නිර්මාණය කරන ලද පහන් වැටි පන්සලට පූජා කිරීම හා මිනිරන් පහන් පූජා කිරීම, කපුටු දානය දීම මෙවැනි ශාන්ති කර්ම කිරීමෙන් සුබඵල උදාකර ගත හැකිය.   


මෝර පිරිත භාවිතය සුදුසු වේ. ශනි මෘත්‍යුංජය, නවනාථය යන යන්ත්‍ර පැළඳීමෙන් සුබ ඵල උදා කර ගත හැකි වේ.   
සෙනසුරු මාරුව උපන් ලග්න වලට සුබා සුබ කෙසේද කියා බලමු.   


මේෂ - මේෂ ලග්න හිමියන්ගේ ශනි නව වැන්නට පැමිණේ. මෙතෙක් පැවති ශනි ඒරාෂ්ටක අපලය නිමවේ. ජන්ම කේන්ද්‍ර වල සඳු ග්‍රහයා දෙවැන්නේ හෝ නව වැන්නේ සිටින අයට අපලය. තව දුරටත් බලපායි. මෙතෙක් පැවති සෞඛ්‍ය ගැටලු, සේවක ගැටලු, රැකියා බාධා වීම් නිමා වේ. ආගම දහමට සිත යොමු වේ. වන්දනා ගමන් හා විදේශ ගමන් යෙදේ.   


වෘෂභ- සෙනසුරු ග්‍රහයා අටවැන්නට පැමිණේ. අෂ්ඨම ඒරාෂ්ඨක අපල සීමාවක් උදාවේ. මේ නිසා පෙර පින භාග්‍යය අඩු වන අතර වාසනාවට වඩා උත්සාහය ගැන විශ්වාසය තබා කටයුතු කරන්න. එවිට ජයග්‍රහණ උදා වේ. සේවක ගැටලු රැකියා බාධා තැන්පත් ධනය වියදම් වීම් හා සෙම් රෝග වැනි සෞඛ්‍ය ගැටලු ඇති වේ. සෙනසුරු අපලයට අදාළ ග්‍රහ ශාන්තිකර්ම කර ගැනීම යහපත් වේ.   


මිථුන - සෙනසුරු මාරුව සිදුවන්නේ හත්වැන්නටය. බරපතළ අපල ඇති නොවේ. ගෘහ ජීවිතය සතුටින් ගත කිරීමට හැකි වේ. බිරිඳ හෝ සැමියාට සුබදායක වෙයි. හවුල් ව්‍යාපාර වලට සුබයි. අාගමට දහමට සිත යොමුවේ.   


කටක - සෙනසුරු මාරුව සිදු වන්නේ හය වැන්නටය. සතුරන්ගෙන් ජය ලැබේ. ණයක් ගැනීමට තිබු බලාපොරොත්තු ඉටු වේ. සේවක සහයෝගය ලැබේ. හොඳ මෙහෙකරුවන් ලැ​බේ. ගුප්ත ශාස්ත්‍රය ඉගෙනීමට අවස්ථාව උදාවේ.   
සිංහ - සෙනසුරු මාරුව සිදු වන්නේ හතර වැන්නේ සිට පස් වැන්නටය. දරුවන්ගේ අධ්‍යාපනය කටයුතුවලට බාධා ඇති විය හැකිය. ආයෝජන කටයුතු වලට බාධා හා විවාහ යෝජනා වලට බාධා ඇති වීමට කරුණු යෙදේ. උදරය ආශ්‍රිත රෝග ඇති වීමට ඉඩ ඇත.   


කන්‍යා - සෙනසුරු මාරුව සිදුවන්නේ තුන් වැන්නේ සිට හතර වැන්නටය. ගෘහ නිර්මාණ කරණයට යම් තරමක බාධා ඇතිවේ. ගෘහ ජීවිතයට බාධා ඇති විය හැකිය. පවුලේ වැඩිහිටියෙකුට තරමක් අසුබදායකයි. කෘෂි කාර්මික කටයුතු වලට බාධා ඇති විය හැකිය. සතුරු කරදර නිමා වේ. සෞඛ්‍යය යහපත් වේ.   


තුලා - සෙනසුරු මාරුව සිදු වන්නේ දෙවැන්නේ සිට හතර තුන්වැන්නටය. මෙතෙක් පැවති හත් අවුරුදු ඒරාෂ්ටක අපලය නිමාවීම නිසා සැනසුම් දායක කාලයක් උදාවේ. උත්සාහය ධෛර්යය වර්ධනය වේ. ලියකියවිලි හා ශාස්ත්‍රීය කටයුතු වලට සුබ වේ. සහෝදරයන් අසල්වාසීන් අතර සබඳතා වලට සුබවේ. ගමන් බිමන් යෙදේ. දරුවන්ගේ දියුණුවට කටයුතු යෙදේ. ආයෝජන වලට සුබයි.   


වෘශ්චික - සෙනසුරු මාරුව සිදු වන්නේ දෙවැන්නටය. ඔබේ ඒරාෂ්ටක අපල කාලයක නිමාවට ළඟාවීම ගැන සතුටු වීමට හැකිය. තැන්පත් ධනය පරිහරණයේදී කල්පනාකාරී වන්න. කෘෂි කාර්මික කටයුතු සාර්ථක වේ. ගෘහ ජීවිතය සතුටින් ගත කිරීමට හැකියාව ලැබේ. මවුපියන්ගෙන්, නෑදෑයින්ගෙන් ආධාර උපකාර ලැබේ. සෞඛ්‍ය ගැන සැලකිලිමත් වන්න. වාසනාවට වඩා උත්සාහය ගැන විශ්වාසය තබා කටයුතු කරන්න.   


ධනු - සෙනසුරු මාරුව සිදු වන්නේ ලග්නයටය. ලග්න ඒරාෂ්ටකය වන මෙය බරපතළ වන්නේ උපතේදී සඳු ග්‍රහයා 12 හෝ ලග්නයේ නම් පමණි. සිතේ සතුට අඩු වේ. යුද දිවි ගත කරන්නන් ඉවසීමෙන් කටයුතු කරන්න. විවාහ කටයුතු වලට බාධා ඇති විය හැකිය. තීන්දු තීරණ ගැනීමේදී විශේෂඥ උපදෙස් ගන්න. සෙම් රෝග වලින් ප්‍රවේසම් වන්න. සෙනසුරු අපලයට අදාළ ග්‍රහ ශාන්ති කර්ම කර ගැනීම යහපත් වේ.   


මකර - සෙනසුරු මාරුව සිදු වන්නේ දොළොස්වැන්නටය. විදෙස් ගමන් සාර්ථක වේ. වියදම් පාලනය කර ගන්න රැකියා හා ව්‍යාපාර කටයුතු වලදදී සේවක ගැටලු ඇති වීමට ඉඩකඩ ඇතිවිය හැකිය. ඉවසීමෙන් කටයුතු කරන්න.   
කුම්භ - සෙනසුරු මාරුව සිදු වන්නේ සියලුම ලැබීම් පෙන්වන එකොළොස්වැන්නටය. තැන්පත් ධනය වර්ධනය කර ගැනීමට හැකියාව ලැබෙන කාල සීමාවකි. සහෝදරයන්ගෙන් මිතුරන්ගෙන් ලාභ ලැබේ. උසස් අය හඳුනා ගැනීමට හැකිවේ. ආයෝජන කටයුතු වලින් ලාභ ලැබේ. රැකියා ව්‍යාපාර කටයුතු වලට සුබ වේ.   


මීන - සෙනසුරු මාරුව සිදු වන්නේ දස වැන්නටය. රැකියා හා ව්‍යාපාර කටයුතු වල සාර්ථකත්වක් දැකිය හැකිවේ. සේවක සේවිකාවන්ගෙන් සහයෝගය ලැබේ. රැකියා තනතුරු වල උසස් වීම් දක්නට ලැබේ. උසස් අයගේ සහයෝගය ලැබේ. විදේශ රැකියා සිහිනය මල් ඵල ගැන්වේ. සමාජයේ කටයුතු කිරීමේදී නායකත්වය ලබයි. සෞඛ්‍යය ගැන සැලකිලිමත් වන්න.   


ඉහත දක්වන ලද්දේ පොදු ලග්න පලාපලයකි. පුද්ගලික කේන්ද්‍ර පරීක්ෂා කර ගැනීමට යහපත් වේ. මෙම ලිපිය ලිවිමේදී ප්‍රවීණ ජ්‍යොතිෂවේදී සුනිල් කුමාර ගම්ලත් මහතාගේ “බුදු දහම සහ ජ්‍යොතිෂය” යන ග්‍රන්ථයේ කරුණු ද සැලකිල්ලට ගන්නා ලද බව සඳහන් කරමි.   

 

 

 

 

 

 

 

 


ජ්‍යොතිෂවේදීනි 
අජන්තා ඒකනායක 
අංක 121, මාංගොඩ, මැදමහනුවර. 
 



අදහස් (0)

සෙනසුරු මාරුව ඔබේ ලග්නයට බලපාන හැටි...

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1039 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1075 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 415 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site