IMG-LOGO

2024 ජුලි මස 27 වන සෙනසුරාදා


සත්වැනි භාවය සහ විවාහය

සත්වෙනි භාවය යනු ජන්ම කේන්ද්‍රයක පිහිටා ඇති කේන්ද්‍ර ස්ථාන හතරින් තුන් වැන්නයි. මෙම භාවයෙන් විෂය ක්ෂේත්‍ර ගණනාවක් ගැන කියවේ. ඒ අතර ලිංගේන්ද්‍රිය, විවාහය, බාහිර සබඳතා, රාජ්‍ය තාන්ත්‍රික ගිවිසුම්, බහු සමාගම් යන කරුණු ප්‍රධාන වේ. මෙහිදී අපේ මාතෘකාව වන්නේ සත් වෙනි භාවයට අද‌ාළ විවාහය යන්නයි. මෙය ඉපැරණි යුගවල සිටම ජනප්‍රිය මෙන්ම ගැඹුරුම ජ්‍යොතිෂ මාතෘකාවක් වෙයි.  


සිකුරු ග්‍රහයා  


ජ්‍යොතිෂයට අනුව සියලුම භාවයන්ට අධිපතිකම් දරන්නා වූ කාරක ග්‍රහයන් වෙයි. කාරක ග්‍රහයා තමාට අයිති භාවයට වගකීම් දරයි. දෙවැනි භාවයට කාරක ග්‍රහයා ගුරුය. තෙවැනි භාවයට කාරක ග්‍රහයා කුජය යන වශයෙනි.  


සත් වැනි භාවයට කාරකයා වූ සිකුරු ශුබ ස්ත්‍රී ග්‍රහයෙකි. ලෝකයේ සියලුම සැප සම්පත් ඇගෙන් නිවේදනය වේ. ප්‍රණීත ආහාර, ඇඳුම් පැලඳුම්, විලාසිතා, සුව පහසු වාහන, සංගීතය ආදී සියල්ලේ නායිකාව ඇයය. සත්වෙනි භාවය වෘෂභය හෝ තුලාව වී සිකුරු එහිම තැන්පත් නම් මාලවී නම් ශුභ යෝගය උද‌ා කරයි.  


අද‌ාළ ජන්ම පත්‍රය කාන්තාවකගේ නම් එවිට ඈ දෙව්ලියක් මෙන් සුන්දර යයි හින්දු ජ්‍යොතිෂයේ කිය වේ. ඈ ගැන මෙන්ම ඇගේ සැමියා පිළිබඳව ද එම භාවයෙන් විස්තර සැපයේ. ඇගේ සැමියා ඇය මෙන්ම රූමත් වන අතර ක්‍රීඩාශීලී කෙනෙකි. රන් රිදී මුතු මැණික් වෙළෙන්දෙකු වේ. විටින් විට ව්‍යාපාර කටයුතු සඳහා විදෙස් ගත වේ.  


සිකුරු ග්‍රහයාගේ පූර්ණ බලය සියලුම ජන්මීන් අතර එක සේ බල නොපායි. එයට හේතුව සියලුම ජන්ම පත්‍රවල පවතින සිකුරුගේ බලය එක සමාන නොවීමය. පරම උච්ච ස්වාභාවයේ සිට අස්ත වී යාම දක්වා සිකුරු ග්‍රහයාගේ ස්වාභාවය ජන්ම පත්‍රයෙන් ජන්ම පත්‍රයට වෙනස්ය. ජන්මියා කෙරෙහි ඇගේ බලපෑම සිදුවන්නේ ජන්ම පත්‍රයේ පවතින ඇගේ ශක්තියට සාපේක්ෂවය.  


මේ අනුව විවාහයේ ශක්තිය යනු ජන්ම පත්‍රයේ දැක්වෙන සිකුරු ග්‍රහයාගේ ශක්තියම වේ. සිකුරු ග්‍රහයා ගැන නොසොයා කිසිම ජන්ම පත්‍රයක් ඔස්සේ විවාහය පිළිබඳ තීරණයක් ගත නොහැක. සඳු, බුධ, ගුරු වැනි අන් සුබ ග්‍රහයින් සමාගම් වීමෙන් හා ශුභ දෘෂ්ටි පෙළීමෙන් සිකුරු ග්‍රහයාගේ බලය වැඩි කරයි. ඒ කෙසේ වෙතත් ගණිත සිද්ධාන්ත ආදී ඕනෑම ක්‍රමයක් මත විවාහය පිළිබඳව තීරණයක් ගන්නේ නම් ඒ සඳහා සිකුරු ග්‍රහයාව මුල්කරගත යුතුය.  


කුජ ග්‍රහයා  


ලෝක ධර්මය අනුව ඕනෑම හොඳ දෙයක නරක පැත්තක් ද ඇත. විවාහය සම්බන්ධයෙන් ද එය එසේය. විවාහය දුෂ්කර කාර්යයක් කරවන ඊට විවිධ බාධක පමුණුවන හෝ විවාහය කඩා දමන ග්‍රහයෙක් ජ්‍යොතිෂයේ සිටී. ඒ කුජ හෙවත් අඟහරු ග්‍රහයාය. ජ්‍යොතිෂ සාහිත්‍යයේ කුජ පිළිබඳ බිහිසුණු කතා දකින්නට ලැබේ. ඒ විවාහයක් සුනුවිසුනු කර දැමීමට කුජ ග්‍රහයාට පවතින විවිධ ශක්තීන් ගැනයි.  


දකුණු ඉන්දියානු ජ්‍යොතිෂය කුජ ග්‍රහයා පිළිබඳව අපූර්ව රූපයක් ගොඩනගයි. එක් පැත්තකින් බැලූ විට එය රක්තවර්ණ දෙනෙත් හා දෙතොල් සහිත රැළි වැටී කඩා හැළෙන කෙස් සහිත හිත රැඳි සුදු රෙදි කඩකින් හා රතු බඳපටියකින් විළි වසාගත්, අතින් ලේ පෙරෙන කැත්තක් ගත් වධකයකුගේ රුවක් මවාපායි.  


අනෙක් පැත්තෙන් බැලූ විට පෙනෙන්නේ රන්වන් සිරුරකින් හෙබි රන් අාභරණ ඇඟලාගත් රත්‍රන් වේලායුධයක් අතින් ගත් රූමත් දෙව් රුවකි. මින් කියවෙන්නේ ඔහු හොඳ නරක දෙකටම අග තැන්පත් බවය. දේවත්වයෙන් කුජ මහාභරත මහා කාව්‍යයේ දැක්වෙන ස්කන්ධ කුමරුට සමානය. ඔහු නපුරටත්, රාගයටත්, රතියටත්, ආකර්ෂණයටත් අධිපතිය.  
කුජ දෝෂය හෙවත් භෞම දෝෂය යනු කුජ ග්‍රහයා විසින් ජන්ම පත්‍රයක් තුළ ගොඩනංවන නපුරයි. මෙය පූර්ණ වශයෙන් විවාහ දෝෂයකි. අද බොහෝ තරුණ තරුණියන් අප සොයා එන්නේ මෙම දෝෂය පිළිබඳව කරුණු විමසා බැලීමටයි. ඇතැම් ජ්‍යොතිෂවේදීන් මෙහිදී කරන්නේ ඔවුන් බිය වැද්දීමය. අප ක්‍රියා කළ යුත්තේ එසේ නොවේ. පිළිසරණක් නැතිව අප සොයා එන තරුණයා වෙනුවෙන් කළ හැක්කේ කුමක්දැයි අප ඉවසීමෙන් සොයා බැලිය යුතුය. සමහරවිට යකා එතරම් කළු විය නොහැක.  


කුජ දෝෂය පිළිබඳව ජ්‍යොතිෂ ගුරුකුලවල අදහස් විවිධය. මෙම සිද්ධියට ඔවුන් විශේෂ සැලකිල්ලක් දැක්වූ බව ඉන්ම පෙනේ. ඕනෑම ජන්ම පත්‍රයක 1, 2, 4, 7, 8, 12 යන යම් ස්ථානයක කුජ ග්‍රහයා හුදකලාව පිහිටා ඇත්නම් එය නිසැක ලෙස භෞම දෝෂයකි. එම කුජ යම් ජන්ම පත්‍රයක බලවත් සඳු බුධ ගුරු සිකුරු යන ශුභ ග්‍රහයෙක් සමග සමාගමින් හෝ දෘෂ්ටියෙන් සම්බන්ධ වී සිටී නම් කුජ දෝෂය එම කේන්ද්‍රය තුළින්ම භංග වේ.  


සිකුරු ග්‍රහයා එසේ කුජ සමග එක්වීම පිළිබඳ මත දෙකක් වෙයි. නාරද ඍෂිවරයා එම එක්වීම අනුමත කරන අතර ජෛමිනී පඬිවරයා එය ප්‍රතික්ෂේප කරයි.  
එක් කේන්ද්‍රයක පවතින කුජ දෝෂයක් තවත් කේන්ද්‍රයකින් භංග කළ හැකි අවස්ථා දෙකක් ගැන ජ්‍යොතිෂයේ කියවේ.  


යම් කේන්ද්‍රයක කුජ දෝෂය පිහිටා ඇති භාවයේම අනික් කේන්ද්‍රයේ ද එම දෝෂයම පිහිටා ඇත්නම් කේන්ද්‍ර දෙකෙහිම දෝෂ භංග වේ.  


එක කේන්ද්‍රයක කුජ දෝෂය පිහිටා ඇති ස්ථානයේ අනෙක් කේන්ද්‍රයේ රවි ශනි රාහු කේතු යන ග්‍රහයෙක් පිහිටා ඇත්නම් කේන්ද්‍ර දෙකෙහිම දෝෂ භංග වේ.  


ඉහත සඳහන් මතවලින් හෙළිවන්නේ කුජ දෝෂය පිළිබඳව පැරණි ආචාර්යවරුන් අතර පවා විවිධ මතිමතාන්තර පැවති බවයි. මේ බව හොඳින් අවධාරණය කර ගැනීම සියලුම ජ්‍යොතිර්වේදීන්ගේ යුතුකමකි.  


ශනි ග්‍රහයා  


සත්වැන්න ගැන කතා කරන විට නැතිවම බැරි තවත් ග්‍රහයෙක් වන්නේ ශනිය. ශනි හෙවත් සෙනසුරා වයෝද්ධ ලෝකෝත්තර ආගම ධර්මයට නැඹුරු ග්‍රහයෙකි. ඔහු සත් වැනි භාවයට දික්බලය. එ් නිසා ඔහු එය සුරකී. නම වැන්න ඔහුගේ පුණ්‍ය ස්ථානයයි. එ් නිසා ඔහු එයට වැඳ වැටේ. මේ නිසාම ඔහුගේ අවුරුදු හතහමාරක ඒරාෂ්ටකය අට වැනි භාවයේදී වසර දෙකහමාරකට සීමා වේ.  


එහෙත් අප මෙහිදී කතා කරන්නේ ඒරාෂ්ඨකය ගැන නොවේ. විවාහය ගැනයි. හත් වැනි භාවය සෙනසුරුට අයත් මකර, කුම්භ යන රාශියක් වී ඔහු එහිම තැන්පත් නම් එම කේන්ද්‍රයේ විවාහයට කිසි බාධාවක් එල්ල නොවේ. එය දුක සැප අතරේ ඇදී යයි. මෙසේ වන්නේ සෙනසුරු කිසිදිනක අල්ලාගත් දේ පහසුවෙන් අත්නොහරින ග්‍රහයෙකු නිසාය.  
හුදකලාව සිටින විට ශනි මෙසේ වුවත් කුජ ග්‍රහයා සමග එක්වූ විට මහ නපුරෙක් වෙයි. නොන්ඩි ගසමින් මන්දගාමීව ගමන් කරන ශනි ශීඝ්‍රගාමී කුජ හා එක්වූ නිසාදෝ මෙම කුජ ශනි සමාගම විවාහයට බාධා කරයි. දෙදෙනා අතර මතිමතාන්තර ගැටුම් ඇති කරයි. දෘෂ්ටියෙන් පවා ඔවුන් ඇතිකරන්නේ විනාශයකි.  


පැරණි ජ්‍යොතිෂ ග්‍රන්ථවල දැක්වෙන ආකාරයට කුජ හා ශනි එකට ලග්න ගතවීම හෝ ලග්නයේ සිටින කුජ ශනි විසින් දකිනු ලැබීම කේන්ද්‍ර හිමියාට ගමරට එපාවී ඉබාගාතේ යාමට සිදුවන කාරණාවකි. කුජ ශනි යෝගයේ මූලික දෝෂය අදහස් අතර ගැටුමයි. විවාහයකදී එය දික්කසාදයකින් කෙළවරවීම දක්වා දුර යා හැක. යම් කේන්ද්‍රයක පවතින කුජ ශනි යෝගය භංග කිරීමට අනෙක් පාර්ශ්වයට අයත් කේන්ද්‍රයේ ද කුජ ශනි යෝගයක් තිබිය යුතු බව ආචාර්ය මතයයි.  


කුජ ශනි යෝගය පමණක් වෙනම කුජ මහදසාවේ ශනි අතුරු දශාව හා ශනි මහ දශාවේ කුජ අතුරු දශාවද බොහෝවිට විපත්ති අධිකය. මෙම කාලසීමාවන් ශුබ කටයුතු සඳහා අයෝග්‍යය.  


රාහු ග්‍රහයා  


ජ්‍යොතිෂය රාහු දකින්නේ හිස අවුල්කරගත් තැනින් තැන ඇවිද යන ග්‍රහයෙකු ලෙසය. එ් නිසා ඔහු පිළිබඳව සොයා බැලීමද විවාහයකදී ප්‍රධාන තැනක් ගනී. විවාහය සඳහා සුදුසුම කාලය සිකුරු මහ දශාවක් හෝ සිකුරු අතුරු දශාවක් එම පැරැණි ජ්‍යෙතීර්වේදීන්ගේ මතය විය.  


එහෙත් මේ මතය 1984 වර්ෂයේ ඇස්ටොලොජිකල් සඟරාව මගින් කරන ලද පරීක්ෂණයකදී අභියෝගයට පත්විය. විවාහ යුගල දහද‌ාහක් මුල්කරගෙන කරනු ලැබූ පරීක්ෂණ ප්‍රතිඵල අනුව වැඩිම පිරිසක් විවාහ වී සිටියේ රාහු මහ දශාව හා රාහු අතුරු දශා තුළය. රාහු මහ දශාව විවාහයට සුදුසු වුවත් නැකත් කුජ රාහු එකට සිටීම හෝ කුජගෙන් හෝ ශනිගෙන් හත්වැන්නේ රාහු සිටීම දුබල විවාහ දෝෂයක් සේ ගැනේ. ඒවා මගහැරීමට ඒවාට සමාන ග්‍රහයෝග අනෙක් කේන්ද්‍රයේද තිබිය යුතුය.  


රාහු හා සිකුරුගේ එක්වීම චණ්ඩාල දෝෂයක් සේ සැලකේ. හිස අවුල්වී තැනින් තැන ඇවිදින තරුණයකුට සුරූපී තරුණියක හමුවීම තුළ යහපතක් බලාපොරොත්තු වීම කිසිවෙකුටත් කළ නොහැක. තනි කේන්ද්‍රයක මෙම දෝෂය බලවත් ගුරුගේ දෘෂ්ටියෙන් මගහැරේ. විවාහයක් සඳහා නම් අනෙක් කේන්ද්‍රයේද සමාන දෝෂයක් තිබිය යුතුය.  
රාහු මහ දශාවේ සිකුරු අතුරු දශාව සහ සිකුරු මහ දශාවේ රාහු අතුරු දශාවද ජන්මීන් පරිස්සම් විය යුතු කාලයකි. මෙම කාලය බොහෝ වූ අසම්මත ලිංගික ක්‍රියා සිදුවීමට ඉඩ ඇති අතර මෙය බාල තරුණ මහලු උගත් නූගත් සැමදෙනාටම පොදු වේ. මෙම තාවකාලික සබඳතා කැඩීම හා කනස්සල්ල හැර වෙනත් කිසිවක් අප සිත් තුළ ඇති නොකරයි.  
සත්වෙනි භාවයෙන් ගොඩනැගෙන විවාහය පිළිබඳව යන්තමින් හෝ කරුණු කීපයක් මෙහිදී සාකච්ඡා වී ඇතැයි මම සිතමි. අද විවාහය පිළිබඳව තරුණ තරුණියන් නගන විවිධ ප්‍රශ්නවලට පිළිතුරු සැපයීම ඇතැම් සාම්ප්‍රද‌ායික ජ්‍යොතීර්වේදීනට අභියෝගයක්ව පවතී. කලින් කලට වෙනස් වන සමාජය තුළ බොහෝ දේ උඩු යටිකුරු වේ.  


විවාහය හා බැඳුණ උතුම් පරමාර්ථ හා අභිලාෂද එසේය. වර්තමානය පැරණි බොහෝ දේ සැහැල්ලුවට පත්කරයි. පැරණි තරුණයා ආදරය කළේ හොඳට දැළි රැවුල් වැවුණු පසු හා රැකියාවක් ලබා ගත් පසුය. ඒ තරුණයා දැන් මියගොස්ය. දැන් තරුණයා ආදරය අරඹන්නේ පාසලේ සාමාන්‍ය පෙළ ඉගෙනුම ලැබීමටත් පෙරය.  


එද‌ා සිටම ඔහුට ප්‍රශ්නය විවාහය කුමක් වුවත් ඔහුට අවශ්‍යවන්නේ එක්වීමය. ප්‍රවීන ජ්‍යොතීර්වේදියා තාරුණ්‍යයේ මෙම මංමුළා වූ ස්වාංගමය කැපවීමෙන් හඳුනා ගත යුතුය. ඔවුන් නගන්නා වූ ඕනෑම ප්‍රශ්නයක් හසුකර ගැනීමට ජන්ම කේන්ද්‍රයේ කොටු 12 තුළ ඕනෑ තරම් ඉඩ ඇත. එසේම ඒවාට පිළිතුරු සැපයීමට අප සතු ජ්‍යොතිෂ මූලධර්ම ද වැඩි තරම්ය. අවශ්‍ය වන්නේ සියලු දෙනාට හිතකර අන්දමින් ඒවා බෙද‌ා දීම පමණි.  

 

 


කලාභූෂණ  
ශකවි අමරසිංහ  
ජ්‍යොතිර් විද්‍යාරත්න



අදහස් (0)

සත්වැනි භාවය සහ විවාහය

ඔබේ අදහස් එවන්න

සඳැල්ල

අම්මාගෙන් එන ඇමතුම ලෝකේ කොහේ හිටියත් මිස් කරන්නේ නැහැ - දිරිය යකඩ දියණිය චමරි
2024 ජුලි මස 24 40 0

මවක වෙනුවෙන්, නොඑසේ නම් අම්මා වෙනුවෙන් ලියැවුණ ගීත අතරින් මුළු ලෝකයම වගේ දන්න අපේ ක්‍රිකට් ක්‍රීඩිකාව ‘‘චමරි අතපත්තු’’ වැඩියෙන්ම කැමති ගීතය වන්නේ මේ


වින්ඩි තමයි ෆැෂන් ගැන දන්නේ - සනුක වික්‍රමසිංහ
2024 ජුලි මස 24 19 0

සංගීත ක්ෂේත්‍රයේ තරුණ පරපුර නියෝජනය කරනා දක්ෂයෙකු වන ඔහු සංගීත නිර්මාණයට සේම ගායනයටත් එක හා දක්ෂතා දක්වන්නෙකි. විවිධ ආකාරයේ ගීත හරහා සංගීත ක්ෂේත්‍රය


අපි සුරතල් සත්තු හදන්නෙ දරුවො වගේ - පූජනී භාග්‍යා
2024 ජුලි මස 24 22 0

සුරතල් සතුන් කියන්නේ, ඔබ අප හැමදෙනාම ගොඩාක් ආදරය කරන වගේම, අපිට නැතුවම බැරි ළබැදි මිත්‍ර කොට්ඨාසයක්. සඳැල්ලෙන් ගෙන එන ’’මගේ සුරතලා’’ විශේෂාංගයට, මෙවර අ


නෙළුම් බණ්ඩාර වලව්වේ කුමාරිහාමි අනුලා කරුණාතිලක
2024 ජුලි මස 24 58 0

“එතකොට මගෙ වයස අවුරුදු දාසයයි.. ගම් පෙරළියේ නන්දාගේ චරිතයට මම ලාබාල වැඩියි කියා ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්තයා කිව්වා.. ඉතින් මට ලයිසගෙ චරිතය ලැබුණා..” ත


මහරජ ගැමුණු චිත්‍රපටියේ විහාර මහා දේවිය - කුසුම් රේණු
2024 ජුලි මස 16 60 0

“චිත්‍රපටිය නිෂ්පාදනය කරන්න තීරණය කරලා අවුරුදු පහක් ගත වෙනකම්ම රූගත කිරීම් ආරම්භ කරන්න බැරි වුණා.. ඒ මූල්‍යමය ප්‍රශ්නයක් නිසා.. මමත් ඒ ගැන බලාපොරොත්තු


වාහනයක් ගත්තොත් මුලින්ම පෙන්නන්නේ තාත්තට - රොෂාන් ප්‍රනාන්දු
2024 ජුලි මස 16 271 0

වාහනවලට ආදරය කරන අය වෙනුවෙන්ම ගෙන ආපු විශේෂාංගය ’’රථගාය’’ වෙනුවෙන්, මෙවර සඳැල්ලට සම්බන්ධ කරගත්තේ, බොහෝ දෙනෙක් ආදරය කරන ප්‍රවීණ ගායන ශිල්පී රොෂාන් ප්‍


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි 2024 ජුලි මස 23 167 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සහ ජෙනරල්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එක්ව පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ගම්පහ, රත්නපුර සහ මාතර දිස්ත‍්‍ර

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 221 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 1157 1
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

Our Group Site