IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ස්ත්‍රී ශරීරයේ පිහිටන අයහපත් අංග

“නපුරු ලකුණු ​හෝ යෝග ඇති ස්ත්‍රිය සරණ පාවා ගැනීමෙන් දීර්ඝායුෂ ඇති පුරුෂයන් මන්දායුෂව නැසේ.” එහෙයින් නුවනැත්තන් විසින් යහපත් ලකුණු යෝග ඇති ස්ත්‍රීන් සරණ පාවා ගත යුතුය.   
පෙර කල විසූ ඍෂිවරුන් ඉහත ප්‍රකාශය කර ඇත්තේ ඉතා බුද්ධිමත්ව සිතා බැලීමෙනි.   


ස්ත්‍රීන්ගේ ශරීරයන්හි පිහිටන අයහපත් සහ අශුභ අංගයන් සහ ලක්ෂණයන් සහ ඇතිවන අශුභ පල විපාකයන් මොනවාදැයි විමසා බැලීම අපේ අරමුණ වෙයි.   


යම් ස්ත්‍රියකගේ කෙස් වැටිය පිරුණු එකක් නම් ඇය නින්දිත පුරුෂයන් සමග වාසය කරන්නියකි. එල්ලෙන කෙස්වැටියක් ඇත්නම් තම කුලය පවා නසන්නියකි. තුනීවූ සහ මහත්වූද සැහැල්ලුවූද රළුවූද කෙස් ඇත්නම් දරුවන් නොලබන දුක් විඳින්නියකි.   


ස්ත්‍රියකගේ නළල් තලයෙහි දික්වූ ස්වස්ථික දැක්මක් ඇත්නම් තම සැමියාගේ කුඩා සහෝදරයා නසන අතර ලොම් ඇත්නම් නිතර ලෙඩ රෝග වලින් පෙළෙන්නියක්ද වේ.   


ඇසිපිය ලොම් අඩුව එල්ලෙන්නාවුද කපිලවන්වුද මහත්වුද නම් ඇය පර පුරුෂයන් සොයන්නියකි.   


බළල් ඇස් ඇත්තාවුද ඇතුන්ගේ මෙන් ඇස් ඇත්තාවුද කාන්තාව කාමයෙන් මත්වී කුලය පවා නසන්නියකි. දකුණු ඇස වපරවීනම් වඳය. වම් ඇස වපරවී නම් සොර සැමියන් සොයා යන්නියකි. මීයන්ගේ හෝ කොබෙයියන්ගේ වැනි ඇස් ඇති ස්ත්‍රිය නපුරු ස්වභාව ඇති කාමය අඩු තැනැත්තියකි. වළ ගැසුණු ඇස් ඇති කාන්තාව ඉතා නපුරුය. රතු ඇස් ඇත්තිය සැමියන් නසන්නියකි.   


අග රතුවූ හෝ වක්වූ නහය ඇත්තිය වැන්දඹුවකි. පැතලි නාසය ඇත්තී දාසියකි. එල්ලෙන නාසය ඇත්නම් කලහයට ප්‍රිය කතකි. නාසය මහත්වූ අග ඇතිව මැද නැමුණොත් අශුභ ඵල ඇති වෙයි.   


ස්ත්‍රියකගේ තල්ල මද නිල් පැහැවූයේ නම් දරුවන් නැත. රළුවූ තල්ල ඇත්නම් දුක් විඳින්නියකි. වකුටුවු තල්ල ඇත්නම් කලහකාරියකි. විශාල තල්ල ඇත්නම් දුක් විඳින්නියක් වන අතර කළුපාට තල්ල ඇත්නම් වැන්දඹුවකි.   
කලහයට ප්‍රිය කරන ස්ත්‍රියගේ දිව නිල් පැහැවේ. මහත්වූ දිව සිනිඳු වෙයි. එල්ලෙන සුලු දිව ඇත්තී නොකටයුතු දේ කරන්නියකි.   


යටි ඇන්දේ දත් වැඩියෙන් ඇති ස්ත්‍රිය මවගෙන් වෙන්වී දුක්විඳින්නියකි. විවෘතාකාර හෝ උස්වූ දත් ඇත්නම් වැන්දඹුවකි. තුනීවූ දත් ඇත්තී හිතුවක්කාරියකි. දත් කහපාට හෝ කළු පාට වී මහත්ව සක් කැබලි ආකාරයෙන් තුනීව පිහිටියේ නම් පින් නැත්තියකි.   


ස්ත්‍රියකගේ යටි තොල රළුව එල්ලෙන්නා සේද මස් රහිත වූයේද පින් නැත්තියකි. කළු පැහැවූයේද වැන්දඹුවකි.   


දෙකොපුල් මස් රහිතව රළුව ලොම් අධිකව වකුටුවුවොත් අයහපත්ය. හනු ලොම් සහිතවද වකුටුවද මහත්වූයේ නම් ඇය අයහපත් කතකි.   


බොටුව මහත්වූ ස්ත්‍රිය සැමියා විසින් පිටමං කරන්නියකි. රත්පැහැ බොටුව ඇත්ති දාසියකි. පළල් බොටුව ඇත්තී වැන්දඹුවකි. සිහින් බොටුව ඇත්තී වස්තුව හීන ඇත්තියකි.   


ස්ත්‍රියකගේ පිට කොන්ද ලොම් වලින් පිරී ගියේ නම් ඇය වැන්දඹුවකි. නියපොතු වල සුදු බින්දු ඇතිවුවොත් අධික කාමාශාවෙන් පර පුරුෂයන් සොයා යන්නියකි.   


හක් කැබලි වැනිව හෝ වළ ගැසී හෝ බිවර්ණව නිය ඇති කත අයහපත්ය. කිඹුල්වන් වූ හෝ වකුටුවූ හෝ රළුවූ නියපොතු අශුභ වෙයි.   


ස්ත්‍රියකගේ අතේ ඇඟිලි පැතලිවූයේද වැහැරු කොටවූයේද හැකිළුණ පුරුක් ඇතිවූයේද ඇය ලෙඩ රෝග වලින් පෙළෙන කෙනෙකි. වම් අත්ලේ වෘක මැඩි ගෝනුසු සර්ප සිවල් කොටළු පළඟැටි බළල් හස්ති යන ආකාර රේඛා ඇත්නම් ඇය අධික රෝග ඇත්තියකි.   


රේඛා නැත්තාවූ හෝ අධික රේඛා ඇති ස්ත්‍රිය වැන්දඹුවකි.   


දැඩිවූ හෝ හෙළුණා වූ උරහිස ඇත්තී මස් රහිතවූයේද වැන්දඹුවකි. උරහිස මහත්ව වකුටුවුවොත් ක්‍රමයෙන් අන්ධ වන්තියකි. ලොම් ඇතිවුවොත් කනවැන්දුම් වන්තියකි. කතකගේ උරහිස මස් වැඩුනොත් කාමාධිකය.   
ස්ත්‍රියකගේ පයෝධර තුනීවද සියුම්වද මහත්වූ අග ඇතිවද වුවොත් අයහපත්ය. තවද පරතරය වැඩිවද මහත්වූ මුඛ ඇතිවද පයෝධර ඇත්තිය අයහපත් දුක් ඇත්තියකි.   


නොපිරුණවූ වූ හෝ පාත්වූ හෝ පළල්වූ ළය ඇත්තී පින් නැත්තියකි. උඩට බිඳුණු ලොම් වලින් යුතු ළය ඇති ස්ත්‍රිය තම සැමියා නසයි. පළල්වූ ළය ඇත්තී වෙසඟනකි. 

 
ස්ත්‍රියකගේ බඩේ සිඟුවන්ව හෝ වකුටුව හෝ තුනීව මහත්ව රැළි ඇතිවුවොත් අයහපත්ය.   


ස්ත්‍රියකගේ බඩ කලයක හෝ මිහිගු බෙරයක හෝ යව ඇටයක ආකාර වුවොත් දරුවන් නැත්තියකි. පුහුල් ගෙඩියක් හෝ මහත් ප්‍රාකාරයක් හෝ වැනිව දැඩිවූ උදරයද අයහපත්ය.   


ලොම්වැල් කරකැවීමෙන් යුතු බඩ ඇත්තී දාසියකි. මොලොක්වූද මස් කැඩුනාවුද සමවුද ඇල ඇත්තිය අයහපත්ය.   


උස්වූ බඩ ඇත්තිය වඳ ස්ත්‍රියකි. දැඩිවූ බඩ ඇත්තිය ගැබ් හෙලන්නියකි. එනම් ගබ්සා වන්නියකි.   


මොළොක්වූද මහත්වූද උස්වූද රේඛා ගැවසුණාවූද ලොම් වලින් යුක්තවූද නහර ගැවසුණාවූද වන්තිය අශුභය.   


ස්ත්‍රියකගේ ජඝන මස් රහිතවද වක්වූ හෝ රළුවූද නම් කනවැන්දුම් වෙයි. ඉතා මහත්වූ හෝ දික්වූ ජඝන පින් නැති බව පෙන්වයි.   


ජඝනය මස් අධිකව ලොම් වැල බවට කරකැවී ​ෙහා් කැඩී සිටියහොත් අශුභය.   


වේපතක් හෝ හුණ පතක් බඳුවූද හිස්කබලක් වැනිවූ හෝ එල්බෙන්නාවූද විකෘතවූ හෝ පැතලිවද ඇත්ලොම් බඳු ලොම් ඇත්නම් එම යෝනිය ඇත්තී අශුභ කතකි.   


සැවක් මෙන් රැලි ඇත්තාවූ හෝ වක්වූ යෝනිය ඇත්තිය දරුවන් වැදීමට අසමත් දුෂ්ට කාන්තාවකි.   


ලොම් වලින් වැසී ගිය දැක්ක නොහැකි අවුල් වී හෝ විකෘතවූ මුඛ ඇත්තාවූ හෝ මහත්වූ හෝ ගර්හිතවූ යෝනිය ඇත්තිය විවාහයට සුදුසු නොවේ.   


ස්ත්‍රියකගේ උකුළ වැහැරී හෝ නැමීවත්ව හෝ මහත්ව ලොම් ගැවසීමත් පැතලිවත් ඇතිවුවොත් ඇය කණවැන්ඳුම් වෙයි.   


ස්ත්‍රියකගේ ශරීරයේ එක සිදුරක ලෝම තුනක් ඇත්නම් ඇය වැන්දඹුවකි.   


ස්ත්‍රියකගේ විළුඹ උස්වුවොත් වෙසඟනකි. දික්වුවොත් රෝගී කතකි. ස්ත්‍රියකගේ පය මැද නැමුණොත් දුක් වළඳන්නියකි. සියලු කල දිළිඳුය. පය මැද අධික නහර ඇතිවුවොත් මහ මග ගමන් කරන්නියකි. පය මැද ලොම් ඇත්නම් දාසියකි.   


පාදයේ අනාමිත ඇඟිල්ල මැදඟිල්ල කොටවුවොත් ස්වාමි සැප නොලබයි. අනාමිත ඇඟිල්ල බිම නොහැපුණොත් සැමියන් දෙදෙනෙකුද මැදගිල්ල බිම නොගැසුණොත් සැමියන් තිදෙනෙකුද නසයි.   
සුළගිල්ල බිම නොහැපේ නම් සැමියා නසා සොර පුරුෂයන් ගනී. පයේ ඇඟිලි එක උඩ එක සිටියොත් සැමියන් නසන වෙසඟනකි.   


ස්ත්‍රියක් ගමන් කරන කල පොළොවෙන් දූවිලි නැගේ නම් ඇය පුරුෂයන් තිදෙනෙකු නසා සොර පුරුෂයන් සමග සතුටුවන්නියකි.   


ස්ත්‍රියකට කුල්ලක ආකාර නියපොතු වේද ඇය දුක් විඳින්නියකි. විවාහ කටයුතුවලදී මේ ආකාර ලක්ෂණ ඇති ස්ත්‍රීන් දුරුකළ යුතුයි. 

 

 
 ජ්‍යොතීර්වේදී නිශාන්ත විජේසේන   
174/22 තුත්තිරිහේන වත්ත   
මීරිගම පාර වේවැල්දෙණිය.  



අදහස් (0)

ස්ත්‍රී ශරීරයේ පිහිටන අයහපත් අංග

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 498 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site