IMG-LOGO

2025 නොවැම්බර් මස 23 වන ඉරිදා


ස්කූටියෙන් ඉගිලෙන කිරිල්ලියන්ට පාඩම් ටිකක්

  • සෑමවිටම මහපාරේ මැද තම යතුරුපැදිය ධාවනය කරන්න. පදික වේදිකාවට ළං කළ විට අනතුරු වැඩියි   
  • වේගය පැයට කිලෝමීටර් 40 පනින්න එපා. 

 

 

යතුරු පැදි ධා‍වනය කරන කාන්තාවන් රැසක් මග තොටදී දැකිය හැකිය. කාන්තාවන් අත වැඩිපුරම ඇති යතුරුපැදිය වන්නේ ස්කූටියයි. ස්කූටිය නතරවී මහමග රස්තියාදු වන කාන්තාවන්ද නිතර දැකගත හැකිය. 


ප්‍රශ්නය වන්නේ ස්කූටියෙන් ඉගිලෙන සුන්දර රුවැත්තියන් ස්කූටිය කැඩුණු පසු හදාගන්න දන්නවාද යන්නය. 


අප මේ වෑයම් කරන්නේ ඒගැන උපදෙස් ටිකක් දෙන්නය. ගාල්ල ඉමදූව යතුරුපැදි අලුත්වැඩියා කරන වසර 50 කටත් වඩා සේවා පළපුරුද්ක් සහිත තාක්ෂණ ශිල්පී ව්‍යාපාරික එඩ්මන් කොඩිතුවක්කු (55) මහතා ඒ ගැන කතා කරන්නේ මෙහෙමය. 


තමා යතුරු පැදිය ධාවනය කරන වේගය පැයට කිලෝ මීටර් 40 හෝ 35 විය යුතුය. එය සුත්‍රයකි. එනම් ඒ වේගය ඇයට පාලනය කළ හැකි වේගයකි. නැතිනම් අනතුරක් වන අවස්ථාවේ දී විශේෂයෙන්ම යතුරු පැදියක් නම් ක්ෂණිකව ඉන් ඉවතට පැන ගන්නටද හැකියාවක් මේ නිසා ඇත. 


හැම විටම මහ පාරේ මැද තම යතුරු පැදිය ධාවනය කරන්න. එවිට ඔබ ආරක්ෂිතය. සුරක්ෂිතය. වාහන පාරේ වැඩියි කියා මාර්ගයේ පදික වේදිකාව පැත්තේ වාහනය ධාවනය කරවන්නට ගියවිට අනතුරු සිදුවන ප්‍රවණතාව වැඩිය. 


තමා නිතර ගමන් කරන මාර්ගය පිළිබඳ නිසි අවබෝධයක් රිය පදවන කතුන්ට තිබිය යුතුය. නිවසේ සිට නගරයටත්, නිවසේ සිට තම සේවා ස්ථානයටත් ගමන් කරන මාර්ගය ගැන මතකයක් තිබේ නම් අැය දක්ෂ රිය පදවන්නියකි. 


මෙම මාර්ගයේ අතුරු මාවත් කිහිපයකි. මේ මාර්ගයේ වංගු රැසකි. මේ මාර්ගයේ පටු ස්ථානද බොහෝය. මේ මාර්ගයේ ලිස්සන ප්‍රවණතාව ද වැඩිය. ආදි වශයෙන් මාර්ගය පිළිබඳ මනා අවබෝධයක් රිය පදවන කාන්තාවන්ට තිබිය යුතුය. එවිට අනතුරු සිදුනොවන්නේය. සිදු වුවද එය මඟ හැර යන්නට ඇයට හැකියාවක් ලැබේ. 


කිසි විටකත් තිරිංගවලට අත පය තබාගෙන රිය නොපදවන්න. එය වැරදි කටයුත්තකි. ක්ෂණිකව යම් වෙනසකට අනුගත විය හැකි උපරිම හැකියාව පිරිමි රියැදුරන්ට වැඩිය. මෙය කාන්තාවන්ටද වැදගත්ය. ඒ නිසා එය සත්තකින්ම රිය පදවන කතුන්ට වැදගත්ය. 


‘‘මම ලස්සනයි. මගේ දිහා අර කොල්ලා බලන් ඉන්නවා. අර වාහනයේ අයියා මා දිහා බලන් ඉන්නවා. මම ලස්සනට වාහනය පදින්න ඕනෑ.’’ මේ ආකාරයට සිතා කලබල වී සිත නොසන්සුන් කරගෙන ඉදිරියෙන් ධාවනය වන වාහනයේ තම යතුරුපැදිය හප්පා ගත් අවස්ථාව වාර්තා වී ඇත. 


ඒ නිසා ප්‍රදර්ශනාත්මක රිය පැදිවීමක් කාන්තා රිය පදින්නියන්ට නම් අදාළ නොවේ. 


එක් වර සංඥා, නැතුව හෝ ඇතිව වමට හෝ දකුණට හරවන්නට යන්නේ නම් එය වැරදිය. 


රටේ ලෝකයේ සිදුවන වාහන අනතුරු පිළිබඳ අවබෝධයක්ද කාන්තා රිය පැදිකරුවන්ට තිබීම අගනේය. එය වැදගත්ය. වාහන පදවනවිට වාහනය තමාගේ ඇඟේ කොටසක් කර ගන්නේ නම් අනතුරක් නැත. ඒ අනුව, සාර්ථක ගමනක් නිමාකළ හැකිය. තමාගේ ශරිරයේ කොටසක් වශයෙන් තම යතුරුපැදිය ධාවනය කරන්නේ නම් අනතුරු සිදු වන්නේ නැත. යතුරු පැදියේ වේගය පාලනය කර ගත හැකි පරිදි වාහනය ධාවනය කරන්නේ නම් මාර්ගයේ ඇති වන ක්ෂණික බාධකවලට මුහුණ දිය හැකිය. තමාගේ මෙන්ම වාහනයේද සමබරතාව රැකගන්නේ නම් එය තම ජීවිතයට මෙන්ම වාහන පදින අන් කිරිල්ලියන්ටද මනා වූ පාඩමකි. 

 

 

සටහන හා ඡායාරූප
හබරාදුව නිමල් අල්ගෙවත්ත



අදහස් (1)

ස්කූටියෙන් ඉගිලෙන කිරිල්ලියන්ට පාඩම් ටිකක්

Perera Saturday, 07 August 2021 01:34 AM

වයස අවුරුදු 55 යි සේවා පළපුරුද්ද අවුරුදු 50 යි .එතකොට බාස් වැඩ අවුරුදු 5 හේ ඉඳන්ද කරන්නේ .තව උපදෙසක් දීලා තියනවා, මහා පාර මැද්දේ ස්කූටිය පදින්න කියලා. නියමෙට තියෙයි මෙයාලා 35 ට - 40 ට පාරේ මැද්දේ තියන් කොටන කොට අනිත් අය මෙයාලාගේ පස්සෙන්ද එතකොට යන්න ඕන

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 51 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 154 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1008 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site