IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


ශ්‍රී මහා බෝධිය අසල සිටි බැව් කියන දරුවෙක්

​පෙරභවයේ ප්‍රබල සාක්කි

 

පෙර භවය පිළිබඳව අතිශය පුදුම තොරතුරු රැසක් හෙළි කරන දරුවෙක් අවිස්සාවේල්ල රෝහලේදී උපත ලබා තිබේ. එම දරුවා පවසන්නේ ඔහු පෙරභවයේදී ශ්‍රී මහා බෝධිය අසල සිටි බවය. අනුරාධපුරයේ සිට ගස්වලට නගිමින් පාලම් පසු කරමින් දැන් නිවසට පැමිණි ආකාරය ද ඔහු හෙළි කරයි. පෙරභවය හෙළි කරන මෙම දරුවා උපත ලබා ඇත්තේ දෙදාස් දොළහේ වසරේ සැප්තැම්බර් 28 වැනිදාය.

   
පවුලේ සිව්වැනි දරුවා ලෙස උපත ලද ඔහුට සඳුන් යනුවෙන් දෙමාපියෝ නම් තැබූහ. උපතින් ඉතා නිරෝගිමත් දරුවෙක් වූ ඔහු බහ තෝරන වියට පත්වන විට වයස අවුරුදු එක හමාරක් පමණ විය. යන්තම් වචන ශබ්ද කිරීමට හැකියාව ලැබීමත් සමග ඔහු අනුරාධපුර යයි ප්‍රකාශ කරන්නට විය. ඒ වන විට අනුරාධපුරයට ගොස් නොතිබූ දරුවා අනුරාධපුර ගැන ප්‍රකාශ කරන්නේ ඇයි ද යන්න මාපියන්ට ගැටලුවක් විය. මේ අතර දිනක් පියා අැමතූ දරුවා ‘‘මම ආවේ උඩින්’’ යැයි පැවසීය. තම දරුවා කිසියම් පෙර භවයක් පිළිබඳව හෙළි කරන්නේ ද යන්න මාපියන්ට සැක සිතුණි.   


අන්දරුවන්ට වඩා ඔහු පැසුණු බුද්ධියකින් සිටින බවක් ද මවට දක්නට ලැබිණි. “අපි ඉස්සර හිටියේ අනුරාධපුර හියුමා ​බෝධිය ළඟ” යයි ද තවත් දිනෙක මෙම දරුවා පැවසීය. දරුවා හෙළිකරන තොරතුරු විමසීමට මව උනන්දු වූවාය.   


“ඔයා අනුරාධපුරේ ඉඳලා මෙහෙ ආවේ කොහොමද?” යැයි මව විමසීමක් කළාය.   


“මම ආවේ අත් දෙකයි කකුල් දෙකයි බිම තියල” යැයි දරුවාගේ පිළිතුර විය. දරුවාගේ මෙම පිළිතුරින් මවිතයට පත්වූ මව ඒ පිළිබඳව තවදුරටත් විමසුවාය.   


“අත්දෙකයි කකුල් දෙකයි තියලා ඇවිදගෙන ආවේ කොහොමද?” යැයි මවගේ ප්‍රශ්නයට නැවත පිළිතුරු දුන් දරුවා එතකොට මට ගස් යන්න පුළුවන්. මම එනකොට පාලමක් උඩිනුත් ආවා. පාලමේ ඇන්ද උඩින් තමයි ආවේ. එතකොට මට හරි බඩගිනියි. මම කෙසෙල් ගහකට නැගලා කෙසෙල් ගෙඩි කෑවා” යැයි කීය. මෙය අසා සිටි පියා “ඔයා කොහොමද කෙහෙල් ගහට නැග්ගේ” යැයි විමසීමක් කළේය.  


“මම කෙහෙල් ගහට නැග්ගෙ ඇඟිලි තුනකින් ගහ අල්ලගෙන” යැයි පැවසීය. ​මේ අයුරින් පෙරභව තොරතුරු හෙළි කරන මෙම දරුවා පවසන්නේ පෙරභවයේ දී මව පියා සහ සො​හොයුරියක් නිවසේ සිටි බවත් පියාට ට්‍රැක්ටරයක් තිබූ බවත් එම ට්‍රැක්ටර​ෙයන් කුඹුරු වැඩ කරන බවත් ඔහුට මතකය.”   


“එහෙදි අපේ තාත්තට කුඹුරු තිබුණා. අනුරාධපුරේ දී හැම තිස්සෙම ‘හියුමා’ බෝධියට යනවා. දවසක් එහෙදි අපේ තාත්තටයි තාත්තගෙ යාළුවෙකුටයි කවුද පිහියෙන් ඇන්නා.” යැයි පිළිතුරු දුන්නේය.   


අනතුරුව වරින් වර කල්පනාවේ යෙදී සිටි දරුවා ඔහුගේ මතකයට නැගෙන පෙරභව ජීවිත තොරතුරු හෙළි කරන්නට විය. පෙරභවයේ දී සොහොයුරියක් සිටි බවත් මව නිවසේ සිටි ගෘහණියක් බවත් ඔහුට මතකය. නිතර ශ්‍රී මහා බෝධිය වෙත ගිය බැව් එම දරුවා ප්‍රකාශ කරන්නේ “අපි එහෙදි හියුමා බෝධියට යනවා” අපේ ගේ තිබුණේ හියුමා බෝධිය ළඟ යනුවෙනි.   


මෙම දරුවාගේ එම වදන දෙමාපියන්ගේ මවිතයට හේතු වී තිබිණි. ඒ වන විට දරුවා කිසි දිනෙක ශ්‍රී මහා බෝධිය යන වදන හෝ අසා නොතිබීම එයට හේතුව විය.   
තම පුත්‍රයා අනුරාධපුර සිට පැමිණි බවක් ප්‍රකාශ කිරීම නිසා දිනක් මව ඒ පිළිබඳව විමසුවාය. එවිට දරුවා ප්‍රකාශ කළේ මෙසේය.   


“එදා මම එන කොට ගෙවල්වල දොරවල් වහල තිබුණා. දොර ඇරල තිබුණේ මේ ගෙදර විතරයි. වැලක සමරක් එල්ලලා තිබුණා. ඒක දැකල මම මෙහෙ ආවා” යැයි ද මව මවිතයට පත්කරමින් කීවේය.   


“එදා එනකොට පාලමක් තිබුණා. මම පාලමේ ඇන්ද උඩ ඇවිදගෙන ආවා” යැයි ද එම දරුවා මතකයෙන් හෙළි කළේය. තවත් දිනක් ඔහු පවසන වදන් අතර තරාල නම් ප්‍රදේශයක් පිළිබඳව හෙළි වූ බැව් මාපියෝ පවසති.   


පෙරභවයේ පුද්ගල නම් පිළිබඳව එතරම් මතකයක් නොමැති බැව් දක්නට ලැබෙන බැව් මාපියෝ කියති.   


එහෙත් කිසියම් මිනීමැරුමක් පිළිබඳව ද එම තොරතුරුවලට ඇතුළත් වී තිබේ. පෙර භවයේ පියාට සිදුවූ අනතුරක් ඔහු හෙළි කරනු ලබයි.   

 

පවුලේ සිව්වැනි දරුවා ලෙස උපත ලද ඔහුට සඳුන් යනුවෙන් දෙමාපියෝ නම් තැබූහ. උපතින් ඉතා නිරෝගිමත් දරුවෙක් වූ ඔහු බහ තෝරන වියට පත්වන විට වයස අවුරුදු එක හමාරක් පමණ විය. යන්තම් වචන ශබ්ද කිරීමට හැකියාව ලැබීමත් සමග ඔහු අනුරාධපුර යයි ප්‍රකාශ කරන්නට විය. ඒ වන විට අනුරාධපුරයට ගොස් නොතිබූ දරුවා අනුරාධපුර ගැන ප්‍රකාශ කරන්නේ ඇයි ද යන්න මාපියන්ට ගැටලුවක් විය. මේ අතර දිනක් පියා අැමතූ දරුවා ‘‘මම ආවේ උඩින්’’ යැයි පැවසීය. තම දරුවා කිසියම් පෙර භවයක් පිළිබඳව හෙළි කරන්නේ ද යන්න මාපියන්ට සැක සිතුණි.   

 


“අපේ තාත්තව පිහියකින් කපල මැරුවා” යැයි ඔහු පවසා ඇත්තේ වයස අවුරුදු තුනේදීය. පසුව දිනෙක ඔහු පැවසුවේ අපේ තාත්තට කවුද පිහියෙන් ඇන්නා” යනුවෙනි. 

 
මෙම දරුවා හෙළි කරන ලද තොරතුරු අනුව ඔහු කිසියම් සත්ව ජීවිතයක් ඇතුළත් වන බැව්ද මාපියෝ කියති. මෙම දරුවාගේ පෙරභවය පිළිබඳ විමර්ශනයක් කිරීමට පසුගිය දිනෙක අපට අවස්ථාව ලැබිණි. එහිදී මවට ඉදිරිපත් කළ ප්‍රශ්නත් මව දුන් පිළිතුරුත් මෙසේය.   


ප්‍රශ්නය- ඔබේ පුත්‍රයා උපත ලැබු​වේ කොහේද?   
පිළිතුර- අවිස්සාවේල්ල රෝහලේ දී.   
ප්‍රශ්නය- මෙම දරුවාගේ ඔබ දුටු විශේෂ හැසිරීම් මොනවාද?   
පිළිතුර- කුඩා කල සිටම හීනෙන් කතා කරනවා.   
ප්‍රශ්නය- උපදින විට තිබුණු සෞඛ්‍ය තත්ත්වය කෙසේද?   
පිළිතුර- නිරෝගී දරුවෙක්   
ප්‍රශ්නය- පෙරභවයක් ගැන හෙළි කරන බවක් ඔබ සිතුවේ කෙසේද?   
පිළිතුර- අනුරාධපුරය යැයි නිතර කියන්නට ගත්තා.   
ප්‍රශ්නය- අනුරාධපුරය ගැන කිව්​වේ මොනවාද?   
පිළිතුර- “හියුමා බෝධිය” ළඟ සිටි බව කීවා.   
ප්‍රශ්නය- ඒ වන විට දරුවා සමග අනුරාධපුරයට ගොස් තිබුණාද?   
පිළිතුර- ඉපදුණාට පස්සෙ තවම එයා ශ්‍රී මහා බෝධියට ගිහින් නෑ.   
පුංචි කාලෙදිම ‘“හියුමා බෝධිය” කියමින් අනුරාධපුරය යැයි නිතර නිතර ප්‍රකාශ කළා  
ප්‍රශ්නය - ඔහු සිටි නිවසක් පිළිබඳව හෙළි කළා ද?  
පිළිතුර- ලොකු ගෙදරක සිටි බැව් කීවා.  
ප්‍රශ්නය - පවුලෙ තොරතුරු පැවසුවේ මොනවාද?  
පිළිතුර- තාත්තට ට්‍රැක්ටරයක් තිබුණ බැව් කීවා. ට්‍රැක්ටරයෙන් කුඹුරු වැඩ කරන බවකුත් හෙළි කළා.  
ප්‍රශ්නය- පවුලේ වෙනත් අය කිසිවෙක් ගැන හෙළි කළාද?  
පිළිතුර- නංගි කෙනෙක් සිටි බැව් පැවසුවා.  
ප්‍රශ්නය- පුත්‍රයාගේ හැසිරීම් රටාවලින් ඔබ විශේෂත්ව ලෙස දුටුවේ මොනවාද?  
පිළිතුර- ගස් නැගීම වැනි දේ නිතර කරනවා. එයා හෙළි කළ තොරතුරුවලින් විශේෂ ප්‍රකාශයක් තිබුණා.  
ප්‍රශ්නය- ඒ කුමක්ද?  
පිළිතුර- මේ ගෙදරට ආපු හැටි හෙළි කළේ පුදුම විදියට. එයා අනුරාධපුරේ ඉඳල එනකොට ගස්වලින් ගෙඩි කඩාගෙන කාපු හැටි කීවා. පාලමකින් ආපු බවකුත් මතකයි. පාලමේ ඇන්දෙ ඇවිදගෙන ආපු බව කියන හැටි හරි පුදුමයි. කෘමීන් වැනි සතුන්ව කිසිදු බයක් නැතිව අල්ලනවා. මොනම දේකටවත් බය නැති දරුවෙක් යැයි මව ප්‍රකාශ කළාය.  


මෙම දරුවා හෙළි කරන පෙරභව තොරතුරු විමර්ශනය කළ විට පෙරභවයට සම්බන්ධ ප්‍රධාන කරුණු කීපයක් නැවත මෙහි සඳහන් කළ හැකිය.  


පෙරභවයේ දී අනුරාධපුර​යේ ජීවත් වී ඇත.  

පියාට ට්‍රැක්ටරයක් තිබී ඇත.  

දෙමහල් ලොකු නිවසක් ගැන හෙළි වේ. 


ඔහුට නැගණියක් සිටි බැව් පවසයි.  

පියා පිහි පහරකින් මියගොස් ති​බේ.  

පියාගේ මිතුරෙක් ද පිහි ඇනුමකින් මිය ගිය බවක් අනාවරණය වේ.  

නිතර නිතර ශ්‍රී මහා බෝධිය වෙත ගොස් ඇත.  

ඔවුන් පදිංචිව සිට ඇත්තේ ශ්‍රී මහා බෝධිය ආසන්නයේය.  


මෙම දරුවාගේ මරණය සිදුවූ අන්දම පිළිබඳ ඔහුට එතරම් මතකයක් නොමැති බැව් හෙළිවේ. එහෙත් පියා​​​ගේ මරණය මිනීමැරුමකින් සිදුවූ බැව් අනාවරණය වේ. පියා ට්‍රැක්ටර් රථයක් හිමිව සිටි ගොවිතැන් කළ කුඹුරු හිමියෙකි.


 මෙම තොරතුරුවලට සමාන කිසියම් පවුලක් පිළිබඳව සොයා ගැනීමට හැකි වුවහොත් ඒ පිළිබඳව පර්​ෙ‌ය්ෂණයක් පැවැත්වීමට දෙමාපියෝ සූදානමින් සිටිති.   

 

 


තිස්ස ජයවර්ධන



අදහස් (0)

ශ්‍රී මහා බෝධිය අසල සිටි බැව් කියන දරුවෙක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 96 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 359 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 372 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site