සත්‍ය අත්දැකීමකින් ලිපිය ආරම්භ කරමි. මාගේ ඥාති සොහොයුරකු පුල්මුඩේ ඛනිජවැලි සංස්ථාවේ සේවය කොට විශ්‍රාම ලබා එම සංස්ථාවෙන් සැතපුම් දෙකක් පමණ දුරින් (බෝගස් හංදිය පැත්තට) අක්කර කාලක පමණ බිම් ප්‍රමාණයක ගොවිතැන් කටයුත්තක් කරගෙන යමින් සිටියි.
ඔහු පැවසූ සත්‍ය සිදුවීමකි මේ. එම භුමිය අවට වල්අලි නිතර ගැවසෙති කිසිම අලියකුගෙන් ඔහුට කරදරයක් සිදු නොවිණි. එයට හේතුව වශයෙන් ඔහු මෙසේ කීය.
දිනපතා උදේ හවස ඉතා බැතියෙන් මල් පහන් පූජාකොට තෙරුවන් වන්දනා කොට පිරිත් සූත්‍ර කීපයක් කියා කරුණාවෙන් හා මෛත්‍රීයෙන් යුක්තව කුඹුරට බහිනවා. මගෙන් කිසිම කරදරයක් කිසිම සතෙකුට නොවේවා යන චේතනාව මා තුළ ඇත. රාත්‍රියට නිදා ගන්නේ මා එම භූමියේම සාදාගෙන ඇති කුඩා නිවසකයි.
නිතර බෞද්ධ වත් පිළිවෙත් අවංකව කරමින් පෝය දිනවල සිල් සමාදන් වී භාවනා ආදියේ යෙදෙමින් කාලය ගෙවන මට අලින්ගෙන් කිසිම කරදරයක් මේ තාක් සිදු වී නැහැ. මගේ වගාව ඇති කොටසට අලි ඇතුළු නොවී ඉඩම වටේට ගමන් කරන බව නිතර පෙනෙනවා. නමුත් කිසිම හානියක් නැහැ.
දිනක් අස්වැන්න නෙළා වී ගෝනි පනහක් පමණ නියරේ තැබූ ඔහු රාත්‍රිය උදා වූ නිසා මහන්සියට කුඩා නිවසට වී නිදාගත්තේය. පසුවදා උදේ බලන විට වීගෝනි වලට කිසිම හානියක් නොකොට අලි වී ගෝනි වටේට ඇවිද මළ මුත්‍රා ඒ අවට දමමින පිට වී ගොස් ඇති බව දක්නට ලැබී ඇත.
අලි වී වගාවන්ට කරන හිරිහැර ගැන නිතර අසන්නට දකින්නට ලැබෙන මෙවන් කාලයක ඒ අයුරු අලින් කිසිම කරදරයක් ඔහුට නොකරන්නේ ඇයි? ඒතමයි ධර්මය අනුව ජීවත් වන්නා ධර්මයෙන් ආරක්ෂා කරනවා කියන්නේ.
අද මිනිසුන් නොදන්නේද මේ දහමයි. උදේ, හවස බණ, පිරිත් ඇසෙන රටේ මේ තරම් අපරාධ සිදුවන්නේ ධර්මය මිනිසුන්ගේ ඇඟේ නැති නිසාය. ඇතුන්ට වෙඩි තියා උන් මරා දළ කපාගන්නා මිනිසුන් සිටින රටේ මේ තරම්වත් මිනිසුන් බේරී සිටින්නේ සිල්වත්, ගුණවත් මිනිසුන්ද ඒ අතර සිටින නිසාය.
අලින්ට ඉන්නට ඇති භූමිය මිනිසා විසින් අරක්ගන්නා විට, කන්නට ඇති ගහකොළ මිනිසා විසින් කපා විනාශ කරන විට විරෝධතා පෙළපාලි, උපවාස, කරන්නට නොහැකි අලි ඇතුන්ගේ කේන්තිය පිට කරන්නේ වෛර චේතනා ඇති සතුරාට මිනිසාට ගසා මරණයට පත් කිරීමෙනි. ඉහත කතා පුවතින් ගම්‍ය වන්නේ තමා අදහන ආගම ඉතා අවංකව අදහමින් එම වත් පිළිවෙත් අවංකව කරමින් කරුණාව හා මෛත්‍රීය හිතේ තබාගෙන ඕනෑම කටයුත්තක් කරන්නට ගියහොත් කිසි දිනක කිසිම කරදරයක් සිදු නොවෙන බවය.
මෙය විද්‍යාත්මක විමසා බැලුව හොත් මෙසේ විග්රහ කළ හැක.
යේල් විශ්ව විද්‍යාලයේ ස්නායු විච්ඡේදන විද්‍යාව පිළිබඳ මහාචාර්ය හැරල්ඩ් සැකස්ටන් බූර් 1935 දී නව සොයාගැනීමක් කළ නමුත් ඒ ගැන විද්‍යාඥයන්ගේ අවධානය යොමු වූයේ 1972 ඔහු පළ කළ 'Blue Print for Immortality' නමින් සුප්‍රසිද්ධ වූ පොතෙනි. මිනිසා ඇතුළුව සියලු ජීව වස්තු තුළ විදුලිය හා කාන්දම් ශක්තිය මුසු වූ ශක්ති පද්ධතියක් (Electro Magnetic Field) ඇති බවත් එය ශරීරයෙන් ඈතට විහිදෙන බවත්ය.
මෙය සිතුවිලි සමග සම්බන්ධ වූවත් මේවා ගහකොළ සතුන් හා මනුෂ්‍ය ජීවිත වලට බලපාන බවත් කෙනෙකුගේ සිතුවිලිවලට අනුකූලව මේ ශක්ති කිරණ යහපත් හෝ අයහපත් ප්‍රතිඵල ඇති කරන බවත් ආචාර්ය ග්රෑඩ් පෙන්වා දී ඇත.
(The Secret life of plants- Peter Tompkins and Christopher Bird- Arkana- England 1991)
නිව්ෙයා්ර්ක් රොවෙස්ටර් සරසවියේ වෛද්‍ය හා දන්ත වෛද්‍ය අංශයේ දොස්තර ගිල්බට් බී. ෙෆාබ්ස් ශරීරයෙන් විහිදෙන කෙටි කිරණ මැනීමේ උපකරණ නිපදවා තිබේ. අප තුළින් නික්මෙන ශක්තිකිරණ පද්ධති හඳුනාගත හැකි උපකරණයක් ‘බයෝ ෆිල්ඩ් ඩිටෙක්ටර්ස්’ නමින් හඳුන්වනු ලැබේ.
ශරීරයට අඩි දොළහක් ඈතක සිට මෙම කිරණ මනින උපකරණ ආචාර්ය ගෙර්නාඩ් සර්ගයෙව් නම් ගණිත විද්‍යාඥයා විසින් නිපදවා ඇත.
තෙල්යා මිකයිලෝවා නම් කාන්තාවට තම සිතේ බලයෙන් භෞතික ද්‍රව්‍ය චලනය කිරීමේ හැකියාව තිබිණි. ඇයගේ ශරීරය වටා ඇති සියලු ශක්ති කිරණ පද්ධති ඇයගේ සිත යොමු කරන දිසාවටම යොමුවී ස්පන්දනය වීමට පටන් ගන්නා බව සෝවියට් පොපෝව් විද්‍යාඥ කණ්ඩායම වටහාගත්තේ එම කණ්ඩායමේ සාමාජික මෙම ගර්නාඩ් සර්ගයේව් විද්‍යාඥයා නිපදවන ලද ඒ උපකරණ තුළිනි. (Psychic Discoveries Behind the Iron Curtain- Shella Ostrander and Lynn Schroeder- Bantam Books - U.S.A- May 1971)
ලෙනින් ග්රෑඩ් සරසවියේ ආචාර්ය ගාර්නාඩ් ගුල්යාර්ඩ් ඇතුලු විද්‍යාඥ කණ්ඩායමද සිතුවිල්ලක් සමග සිරුරේ මාංශපේශියක ඇතිවන සුළු වෙනස් කම් පවා මැනිය හැකි උපකරණ නිපදවා ඇත. ශරීරයට ඈතින් සිට වේතානාවක් සමග ගමන් කරන ශක්ති කිරණ මැන ඒ තුළින් සිතුවිලි වල ස්වභාවය හඳුනා ගැනීම මේ උපකරණ වලින් කළ හැක. එසේම එම සිතේ ශක්ති කිරණ මෙම උපකරණ මගින් තීවු කර භෞතික ද්‍රව්‍ය චලනය කිරීම වැනි ක්‍රියාදාමයන් හි යෙදවීමටද මේ විද්‍යාඥයෝ පර්යේෂණ කරති.
මෙම සියුම් උපකරණ නිපදවන ඇමරිකන් ජාතික ඩේවිඩ් තොම්ප්සන් හා ආචාර්ය ජැක්වෝර්ඩ් පවසන අන්දමට එක පුද්ගලයකුගේ සිරුරෙන් පිටවන ශක්ති කිරණ පද්ධති තවත් පුද්ගලයකුගේ එම කිරණ පද්ධතියට බලපෑම් ඇති කරන බවත්, පුද්ගලයෙකුගේ සිතකින් තරහ වෛර, බිය, දුක, ආදරය, කරුණාව, මෛත්‍රීය ආදි සිතුවිලි සමඟ පිට කරන තරංග කිරණ තව කෙනෙකුට වහා දැනෙන බවත් ඉහත ග්‍රන්ථය පෙන්වා දෙයි.
විද්‍යාවේ විශිෂ්ට සොයාගැනීම් බොහෝමයක්ම අහම්බෙන් සොයාගත් අයුරින්ම, විද්‍යුත් උපකරණයක් අලුත් වැඩියා කිරීමේදී අහම්බෙන් ලත් අත්දැකීමක් මත රුසියන් ජාතික විදුලි කාර්මික සිමියොන් ඩෙවිඩොවිව් කිරිලියන් විසින් තම බිරිඳ වූ වැලන්ටිනා ක්රියන්ෙෆා්නාගේ සහයද ඇතිව අප වටා ඇති රශ්මි මාලාව ඡායාරූපයට ගත හැකි ‘‘කිරිලියන් උපකරණය’’ නිපදවන ලදී. එයට සම්බන්ධ කළ ඉලෙක්ට්‍රෝන් අන්වීක්ෂ මගින් එම රශ්මි මාලාවේ කිරණ විහිදීම දෙනෙතින්ම බලා ගත හැකිය.
1939 දී නිපදවන ලද මෙම උපකරණය 1960න් පසුව විද්‍යාඥයන්ගේ අධිමානසික (පාරමානසික) පරීක්ෂණවලට නැතිවම බැරි උපකරණයක් විය. අධි සංඛ්‍යාත විදුලි පද්ධතියක් යටතේ ක්‍රියාකාරී වන මෙම උපකරණය අපගේ හා සතුන්ගේ ශරීරයෙන්ද, සියලු ගහකොළ ඇතුලු ජීව වස්තූන්ගෙන්ද පිටවන රශ්මි කිරණ ඡායාරූප ගත කරන අතර ඊටත් වඩා සියුම් වූ ශක්තීන්ගෙන් සෑදුනු ශරීරයක්ද ඡායාරූපගත කරයි.
මුලදී ඇමරිකන් විද්‍යාඥයින් මෙම කිර්ලියන් ඡායාරූප පිළිබඳ තොරතුරු පිළිගැනීමට මැළිවූවත් මහාචර්ය ඩග්ලස් ඩීන් කළ විශිෂ්ට පර්යේෂණ මාලාවකින් නිවැරදි විද්‍යාත්මක තොරතුරු කිරිලියන් උපකරණයෙන් පෙනෙන බව ඔප්පු කළේය. අපගේ ශරීරයෙන් පිටවන කිරණ තුළින් යම් රෝගයක් අප ශරීරයෙන් ඇතිවීමට පෙර එය හඳුනාගැනීමට මේ උපකරණය ආධාර වේ. සිතුවිලි අනුව කිරණවල වර්ණය වහා වෙනස්වන බවද මෙයින් පැහැදිලි වේ.
එහෙයින් සිතුවිලිද හඳුනා ගැනීමට හැකි වේ. මිනිසා වෙනුවෙන් සතුන් ගහකොළ වෙනුවෙන් කිරිලියන් උපකරණයෙන් සිදුවන ආශ්චර්යවත් තොරතුරු විශාල සංඛ්‍යාවක් ඇත. (Psychic Discoveries.... වෙත)
හින්දු දර්ශනයට අනුව විශ්වය පුරා ප්‍රාණ ශක්තිය නම් ශක්තියක් පැතිර පවතී. සිත දියුණු කර මේ ප්‍රාණ ශක්තිය පාලනය කරගත හැකි තැනැත්තාට මුළු ලොව තමන්ට රිසිපරිදි හැසිරවිය හැකිය. අප ආශ්වාස කරන වාතයේ ඇති මෙම ප්‍රාණ ශක්තිය තමන්ට රිසි පරිදි හසුරුවා නීරෝගී බව සදා තාරුණ්‍යය මෙන්ව ශරීරය තුළ ඇති කුණ්ඩලිහී නමැති ශක්තිය පුබුදු කර වීමටද, ප්රාණයාව නැමැති හුස්මගැනීම හා පිටකිරීම සම්බන්ධ ව්‍යායාම කරනු ලැබේ.
චීන දර්ශනයේද පොලිතිසියානු හූනා දර්ශනයේද, මැක්සිකෝ රතු ඉන්දියානු දර්ශනයේද වෙනත් නොයෙක් දර්ශනයන් හිද අප තුළ මෙන්ම විශ්වයේද පැති ඇති විශේෂ ශක්තිය ගැන සඳහන් වේ. මෙම විශ්ව ශක්තිය කුමක් හෝ වේවා එය සිත මගින් හසුරුවා ක්‍රියා කරන උපකරණයක් නිෂ්පාදනය කර ඇත්තේ චෙකෝස්ලෝවැකියානු විද්‍යාඥයකු වූ රොබට් පැව්ලීටා විසිනි. සියලු මිනිස් සත්ව ගහකොළ තුළද විශ්වයේ ඇති මෙම ශක්තිය විද්‍යාඥයන් හඳුන්වන්නේ සයිකෝට්රෝනික් එනර්ජි (Psychotronic Energy) යන නමිනි (නවීන විද්‍යාඥයන්ගේ පරික්ෂන නිසා සිතේ) බලය ශක්තිය ගැන අපගේ දෙනෙතින් වූවද ප්රත්යක්ෂ කර ගැනීමේ හැකියාවක් අද අපට ලැබී ඇත. එහෙයින් ඒ තුළින්ම කර්මයේ ක්රියාකාරීත්වයද යම් දුරකට තේරුම් ගැනීමේ හැකියාවක් අපහට ඇති වී තිබේ.
මෙත් වඩන්නා තිරිසන් සතුන් පවා ප්‍රියවන බවත් හානියක් නොකරන බවත් අප අදහන අතර විද්‍යාඥයන්ගේ මේ පර්යේෂණවලින් එය තවදුරටත් පැහැදිලි වේ. මෙත් සිතින් කෙනෙකුගේ ශරීරයෙන් නිකුත් කරන කිරණ අනුනට දැනෙන හෙයින් ඔහුටද කවුරුත් ප්‍රියවීම සිදු වේ. එසේම දෙනෙතින් යහපත් කිරණ නිකුත් වීමත්, මුහුණේ මාංශපේෂීන්ගෙන් පවා යහපත් කිරණ නිකුත් වීමත් නිසා ප්‍රසන්න බව අැතිවීම වැනි ශාරීරික ප්‍රතික්‍රියා සිදුවීම කෙසේ සිදුවන්නේද යන්නන් පිළිබඳව අපට අවබෝධයක් ඇති කර ගත හැක. මේ අනුව මා ලිපිය ආරම්භයේදී දැක් වූ සත්‍ය සිදුවීම කෙසේ සිදුවන්නේ දැයි විද්‍යාත්මකවද බුදු දහමට අනුවද විස්තර කළ හැකි වේ.
වෛර කිරීම වේවා මෛත්‍රී කිරීම වේවා හුදෙක් ශරීරය තුළ උපදින සිතුවිල්ලක් පමණක් නොවෙ අවකාශය හරහා විශ්වය හරහා ගමන් ගන්නා ශක්ති විශේෂයක් බව මේ තොරතුරු වලින් පැහැදිලි වේ. එයින් නානා ඵලද ඇති වන බවද අපට වටහා ගත හැක. වෛර නොකිරීමටත් මෛත්‍රී වැඩිමටත් බුදු දහම පුන පුනා උගන්වන්නේ මන්දැයි මේ තොරතුරු වලින් මොනවාට වැටහෙන්නේද?
මේවා සියල්ල සමාලෝචනය කර බලන විට මේ තරම් ස්වභාවික විපත් පවා ඇති වන්නේ මිනිසුන්ගේ මෙම වෛර ක්‍රෝධ සිතුවිලි නිසා බව නොවැටහෙන්නේද. විශ්වයේ තරංග සාගරයක ගිලී සිටින අප එහි සමතුලිත බව නැතිකරගන්නේ අපේ සිතුවිලි වලින් අයහපත් තරංග පිටකරන විටය. මේ තරම් සත්ව ඝාතන කරන විට දළ පූට්ටුවා වැනි අැත් රජුන් වෙඩි තබා මරණ විට, අහිංසක ගව, එළු, කුකුල් වැනි සතුන්ද වන සතුන් ද ඝාතනය කර මස් මාංශ අනුභව කරන විට මේ විශ්වයේ ඇති විශ්ව ශක්තියේ සමතුලිත බවට කුමක් සිදුවනු ඇත්ද?
ඒ තරංගවල ප්‍රතික්‍රියාව අයහපත් ප්‍රතිඵල ගෙනදෙන ව්‍යසනයක්ව වනු ඇත. මේ තරම් ස්වභාව ධර්මයේ අහඹු ප්‍රතිඵල ඇති වන්නේද ඒ අයුරිනි. අහිංසක සතුන්ගේ මාංශ අනුභවයද මේ ව්‍යසනවලට වක්‍ර හේතුවක් වනු ඇත. මස් හෝ මාළු හෝ වේවා, ඒවායින් තොරව මිනිසුන්ට ආහාර රටාව හදාගන්නට හැකිනම් එයද ස්වභාවික විපත් අඩුකර ගැනීමටද තමන්ගේ නිරෝගී බව ඇතිකර ගැනීමටද හැකිවනු ඇත.
හැම සිතකම ඇති වන්නේ විරෝධ ආකල්ප නම් ආත්මාර්ථකාමී හැඟීම් නම් අනෙකා විනාශකොට තමන් පමණක් නැගී සිටීමේ එකම පරමාර්ථය නම් සතා සිව්පාවා ගහ කොළ විනාශ කොට මුදල් පමණක් එකම පරමාර්ථය කොට ක්‍රියාකරනවා නම් වන සතුගෙන් පමණක් නොව ස්වභාව ධර්මයෙන්ද මිනිසාට විශාල ව්‍යසනයක් ඉදිරියේදීද සිදුවිය හැක. ඒ ගැන සියලු නායකකාරකාදීන් ද සියලු රටවැසියන්ද තරයේ සිතා ගත හොත් යහතින් ජීවත් වන්නට හැකිවනු ඇත.
අවසාන වශයෙන් මා මෙසේ ඔබට යෝජනා කරමි. ඔබ ඔබට ආදරේ නම් ඔබ සිටින පරිසරයට ආදරය කරන්න. වැලි කැටයට, ගස්වැල් වලට, සතා සිව්පාවාට, ආශ්වාස කරන සුළං රැල්ලට ආදරය කරන්න. සියලු මිනිසුන්ට කිසිම භේදයකින් තොරව ආදරය කරන්න. එවිට කිසිම පරිසර දූෂණයක් සිදු නොවන වැඩ ඔබ අතින් කෙරේවි. එක එක පුද්ගලයා එසේ සිතනවා නම් ඒ ඒ මිනිසුන්ගේ සිත්වලින් මෙම පරිසරයට නිකුත් වන යහපත් තීරණ තුළින් ලස්සන පරිසරයක් නිර්මාණය වේවි.
එවිට සතා සිව්පාවා ආරක්ෂා වේවි. ගහකොළ ආරක්ෂා වේවි. ස්වාභාවික විපත් කිසිවක් සිදු නොවේවි. සියලු ආගම් කතුවරුන් මේ අසීමිත ආදරය ගැන කතා කර අැත්තේ මිනිසා රැකෙන්නේ එසේ ආදරය කරුණාව, දයාව, මෛත්‍රීය අන් හැම දෙනාටම හැම දෙයකටම තිබුණොත් පමණක්ම වන නිසාය.
අපි මෙම විද්‍යාත්මක පර්යේෂණ අනුවත් ඒ ඒ අය අදහන දහමට අනුවත් අවංකව සිතා බලා කටයුතු කරන්නට සිතා ගත්තේ නැත්නම් ඉදිරියේදී මේ ලොව වෛර, ක්‍රෝධ තරංගවලින් විනාශ වී යනවා ඇත. අපේ සිතුවිලි ගමන් කරන ආකාරය අනුව අපට පැහැදිලි අනාවැකියක් එසේ කියන්නට හැකියාව ලැබෙනු ඇත. එසේ නම් අපේ විනාශය හෝ එහි විරුද්ධ පැත්ත වන යහපත් දියුණුව ඇති වන්නේ අපේ සිතෙන් නිකුත් වන සිතුවිලි තරංගයට සාපේක්ෂවය.
‘‘මනෝ පුබ්බං ගමා ධම්මා’’ යන ධම්ම පද ගාථාවෙන් කියවෙන්නේද එයම නොවේද?
මනෝ විද්‍යා උපදේශක
ආචාර්ය ජී. හල්ගස්වත්ත
තිරගත වන ‘‘රෝස ආදරේ’’ සමඟින් ප්‍රේක්ෂකයා හමුවට එන පැතුම් රුක්ෂාන් සමඟින් මෙවර සඳැල්ලෙන් කතාබහක් කරන්න හිතුවා.
නූල අත ඇරුණු සරුංගලයක් වගේ ප්‍රාර්ථනා ගිලිහුණු යොවුන් හදවත් දෙකක් හුදෙකලාව ගයන සංවේදී පද මාලාවත් ඊටම උචිත මනරම් තනුවත් හා මියුරු ගායනයත් යූ ටියුබ් නා
පිරිමි ළමයි නාට්‍යයේ දිල්හාරා යනු කතාවේ හැටියට අහිංසක තරුණියකි. අඩු කුලේ යැයි ගම්මු විසින් නම් කළ පවුලකට අයත් ඇය හාමු කෙනෙකුට ආදරය කිරීම නිසා චිත්ත පී
ටෙලි නාට්‍ය ක්ෂේත්රය තුළ මෙන්ම චිත්‍රපටි ක්ෂේත්රයේත් සිහින කුමරා ලෙසින් වැජඹුණ චන්න පෙරේරාට සෙනසුරු මාරුව චිත්‍රපටියේ නිසල් අභියෝගයක් වූයේය.
‘අයියයි-මල්ලියි’ යන සහෝදර බැඳීම ගැන මැනීමට මිනුම් දඬු අවැසි නොවේ. සහෝදර බැඳීම යනු අන් කවර බැඳීමකට වඩා අරුත් බර වූවකි.
සිරස වොයිස් ටීන් රියැලටිය හරහා ගායන ක්ෂේත්රය තුළ වාඩාත් ජනාදරයක් දිනා ගන්නා ඇය එක රැයකින් තමන්ගේ ජීවිතය වෙනස් මාවතකට රැගෙන ගිය ගායන තරුවකි. ගායිකාව
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
ශරීරයෙන් විහිදෙන රැස්ධාරාව හඳුනාගනියි