යම් කිසි කටයුත්තක් සඳහා ශුභ මුහුර්ථයක් සකස් කර ගන්නා විට යම් දිශාවක් බලා එම කාර්යය කළ යුතු බවට සඳහන් කරනු ලබයි. ශුභ දිශාව සකස් කර ගන්නේ කෙසේද?
සතියේ දින හතේ මරු සිටින දිශාව අත්හළ යුතුය. ඉරිදා සිට සතියේ දිනවල මරු සිටින දිශාව පහත දක්වයි.
ඉරිදා - උතුරු දිශාව
සඳුදා - වයඹ දිශාව
අඟහරුවාදා - බස්නාහිර
බදාදා - නිරිත
බ්‍රහස්පතින්දා - දකුණ
සිකුරාදා - ගිණිකොණ
සෙනසුරාදා - නැගෙනහිර
ඊසාන දිශාවේ මරු නැත.
ඊළඟට යොදා ගන්නා නැකත අනුව පරිඝ දණ්ඩයද මුණගැසීම අශුභයි. එය මෙසේය.
කැති, රෙහෙන, මුවසිරස, අද, පුනාවස, පුෂ, අස්ලිස, රේවතී, උත්‍රපුටුප, පුවපුටුප, සියාවස, දෙනට, අස්විද, බෙරණ යන නැකැත්වලින් ශුභ වැඩක් ආරම්භ කරන විට බස්නාහිර සහ දකුණු දිශාවල පරිඝ දණ්ඩ මුණ ගැසෙන බැවින් එම දිශාව බලා එම කාර්යය නොකළ යුතුය.
මා, පුවපල්, උත්‍රපල්, හත, සිත, සා, විසා, අනුර, දෙට, මුල, පුවසල, උත්‍රසල, සුවණ යන නැකතකින් ශුභ වැඩක් ආරම්භ කරන්නේ නම් නැගෙනහිර සහ උතුර දිශාවල පරිඝ දණ්ඩ මුණගැසෙන බැවින් එම දිශාව බලා එම කටයුත්ත නොකළ යුතුය.
ඊළඟට ශුභ දිශාව බලන තවත් ක්‍රමයක් ඇත. ආරම්භ කරන ශුභ කටයුත්ත සඳහා නිමිත්ත කර ගන්නා ලග්නය අනුව සඳු සිටින රාශිය ඉතාම ශුභ වන්නේය.
1. මේෂ, සිංහ, ධනු ලග්නවල සඳු සිටින දිනවල නැගෙනහිර දිශාවද
2. වෘෂභ, කන්‍යා, මකර ලග්නවල සඳු සිටින විට දකුණු දිශාවද
3. මිථුන, තුලා, කුම්භ ලග්නවල සඳු සිටින විට බස්නාහිර දිශාවද
4. කටක, වෘශ්චික මීන ලග්නවල සඳු සිටින විට උතුරු දිශාවද ශුභ වන්නේය.
තවත් අත්හළ යුතුවන්නේ රාහු කාලයයි. හිරු උදාව පෙ.ව. 6.00 ආරම්භ වන දිනවල ඉරිදා ප.ව. 4.30 සිට 6.00 දක්වාද සඳුදා පෙ.ව. 7.30 සිට 9.00 දක්වාද අඟහරුවාදා ප.ව. 3.00 සිට 4.30 දක්වාද බදාදා දහවල් 12.00 සිට ප.ව. 1.30 දක්වාද බ්‍රහස්පතින්දා ප.ව. 1.30 සිට ප.ව 3.00 දක්වාද සිකුරාදා පෙ.ව. 10.30 සිට දහවල් 12.00 දක්වාද සෙනසුරාදා පෙ.ව. 9.00 සිට 10.30 දක්වාද දිවා කාලයේ දී රාහු කාලය වේ. හිරු උදාවන වේලාව අනුව විනාඩි කීපයක වෙනසක් ඇතිවේ.
ජ්‍යොතිර්වේදී හංවැල්ලේ ඇස්. සිරිවර්ධන
133 සී, ජයන්ති පාර, දොම්පේ.
2025 දෙසැම්බර් මස 04
224
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
386
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ශුභ මුහුර්ථයක් හදා ගන්නේ මෙහෙමයි