IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


වසර 1,400ක් පැරණි චෝල අධිරාජ්‍යයට අයත් සූර්ය හෝරා යන්ත්‍රයක්

ලෝකයේ අබ්රහස්

 

රජවරු හා රාජධානි ඉතිහාසයට අයත් වුවද ඔවුන් විසින් පරිහරණය කරන ලද ඇතැම් උපකරණ මඟින් ඉතිහාසගත තොරතුරු අනාවරණ කරගත හැකිය. තමිල්නාඩුවේ තිරුවිසානල්ලූර්හි පිහිටි සිවයෝගිනාදර් හින්දු කෝවිලේ ඇති වසර 1,400ක් පැරණි සූර්ය හෝරා යන්ත්‍රය ද එවැන්නකි. තමිල්නාඩුවේ ඇති ඒ ආකාරයේ එකම බිත්ති හෝරා යන්ත්‍රය වන එය කෝවිලේ ඇතුළු බිත්තියක අඩි 35ක පමණ ඉහළ ස්ථානයක රඳවා තිබේ.

 

අතීතයේ සිටි චෝල රජවරුන්ගේ ප්‍රඥාව සහ විද්‍යාත්මක මනෝභාවය පිළිබඳ මහඟු සාක්ෂියක් වන මෙම හෝරා යන්ත්‍රය සහ හින්දු කෝවිල පළමු වැනි පරන්තක නම් චෝල අධිරාජයාගේ පාලන සමයේ ඉදිකරන ලද්දකි. ශිවයෝගිනාදර් යනු ශිව දෙවියන් සඳහා තවත් නමකි. ශිව යෝගීන් සය දෙනකු විසින් ශිව ලිංගයක් මෙම ස්ථානයේ ස්ථාපනය කොට ආරම්භ කරන ලද මෙම කෝවිල මේ වනවිට වසර 1,400ක් පමණ පැරණිය. 
මෙම හෝරා යන්ත්‍රය ක්‍රියාත්මක වනුයේ විදුලියෙන් හෝ විදුලි කෝෂවලින් හෝ නොවේ. එය ක්‍රියාත්මක වනුයේ ලොව පැරණිතම සිද්ධාන්තයක් වන සූර්ය ආලෝකය මඟිනි. අර්ධ කවාකාර ලෙස කළුගල් පුවරුවක් මත නිමවා ඇති මෙම හෝරා යන්ත්‍රය මධ්‍යයේ තඹ කූරක් දැකිය හැකිය. සූර්ය රශ්මිය මෙම තඹ කූර මත පතිත වන විට එහි සෙවණැල්ල මඟින් නිවැරැදි වේලාව පෙන්නුම් කරයි. සිවයෝගිනාදර් කෝවිලට පැමිණෙන බැතිමත්හු උදෑසන හයේ සිට සවස හය වන තෙක් සෙවණැල්ල මඟින් වේලාව දක්වන මෙකී අරුම පුදුම සූර්ය හෝරා යන්ත්‍රයේ වේලාව අනුව විවිධ පුද පූජා සඳහා සූදානම් වෙති. සූර්ය ආලෝකය හෝරා යන්ත්‍රය මත පතිත වන තෙක් එහි වේලාව දර්ශනය වේ. 


බ්‍රිතාන්‍ය පාලන සමයේ මෙම හෝරා යන්ත්‍රයට ඉලක්කම් ඇතුළත් කරන ලද්දේ ඔවුන්ගේ පහසුව සඳහාය. පළමු වරට මෙම හෝරා යන්ත්‍රයේ අලුත්වැඩියාවක් සිදු වූයේ 1931 වසරේය. මෑත අවධියේ තන්ජවූර් පැලස් දේවස්ථානම් සමිතිය මගින් නැවත අලුත්වැඩියාවක් කළ අතර ඒ සඳහා ලක්ෂ 46ක් වැය කෙරිණි. 

 

 

 

 

 

ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා
අන්තර්ජාලය ඇසුරිනි. 

 



අදහස් (0)

වසර 1,400ක් පැරණි චෝල අධිරාජ්‍යයට අයත් සූර්ය හෝරා යන්ත්‍රයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 67 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 725 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 348 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site