භාරත  දේව සභාව   

 

 

මේ කතාවේ මුල් කොටස ඉකුත් සතියේ පළ විය. 


මාතලී දිව්‍ය ලෝකයට ගියේ සුමුකවත් කැඳවා ගෙනය. ඉන්දුගේ අමරාවතී මන්දිරය වෙත ගිය මාතලී ඉන්ද්‍ර සිටින්නේ කොහි දැයි විපරම් කර බැලුවේය. කෙළින්ම ඉන්දුගේ කුටියට ගිය මාතලීට පෙනුණේ ඉන්ද්‍ර හා දොඩමලු වන විෂ්ණුය. කළු දෙවියා ලෙස ප්‍රචලිත විෂ්ණු දුටු විගස ඔහුගේ පාමුල දණ ගැසු මාතලී ඔහුට බුහුමන් දැක්වීය. විෂ්ණු මඳ සිනා පෑවේය.   

 

ඉනික්බිති ඉන්ද්‍රගේ දෙපා මුල දණ ගැසූ මාතලී මැදුරු දොරකොඩ රැඳී සිටි සුමුක කැ​ෙඳව්වේය.   


“උතුමාණනි.” 


සුමුක විෂ්ණු සහ ඉන්ද්‍ර යන දෙදෙනාටම නමස්කාර කළේය. 


සුමුකට ආර්ශිවාද කළ ඉන්ද්‍ර මාතලී දෙස බැලුවේ විමතියෙනි.   


මාතලී යනු වසර සිය ගණනක් තිස්සේ ඉන්ද්‍රගේ දිව්‍ය රථය පදවන රියැදුරාය. තම රාජකාරිය අකුරටම කරන මාතලී කිසිම දවසක කිසිම කෙනෙක් තමන් වෙත කැඳවා ගෙන විත් නැත. එනිසාම තම අභිමුවට කැඳවාගෙන ආ සුමුක ඉන්දුට බරපතළ ගැටලුවක් විය.   


“මාතලී” ඉන්දු කීවේය. කුමක් නිසාද ඔබ මෙහි සුමුක කැඳවූයේ.  


ඒ පැනය සවනට වැටුණු විගස සුමුක කලබල විය.   


ඉන්ද්‍ර දෙවියන් තමන් දුටු විගස ඇසු ඒ ප්‍රශ්නය තමන් හමු වන්නට ඉන්ද්‍ර තුළ ඇති අකමැත්ත ප්‍රකාශ කරන බව සුමුකට සිතිණි. එබැවින් ඔහු අසුනක වාඩිවී සිටියත් එහි සුව පහසු බව අතුරුදන්ව ගියේය. සුමුක අසුන මත ඇඹරෙන්නට වූවේය.   


“උතුමාණෙනි.”   


මාතලී කතා කළේය. 


“මට ඔබෙන් උපකාරයක් අවශ්‍යයි.”   


ඉන්ද්‍ර කිසිත් නොකියා තම රියැදුරු දෙස බලා සිටියේය. ඔහු කල්පනා කළේ මෙතෙක් කලක් තමන්ගෙන් කිසිදු උදව්වක් නොපැතූ මාතලී දැන් ඉල්ලන්නේ කුමන උදව්වක් ද කියාය. ඔහු ඉල්ලන ඕනෑම උදව්වක් කරන්නට ඉන්ද්‍ර හිත හදා ගත්තේය. 


“කියන්න මගේ මිත්‍රයා.”   


ඉන්ද්‍ර කීවේය.   


“ඔබ දන්නවා නේද මා දිගු කාලයක සිට මගේ දියණිය වන ගුණකේසිට ගැළපෙන තරුණයකු සොයමින් සිටි වග.”   


මාතලී හීන් හඬින් පැවසුවේය.   


ඉන්ද්‍ර හිස සලා ඒ කියමන පිළිගත්තේය.   


“අන්තිමේදී මට ඒ තරුණයා මුණගැසුණා. අන්න ඒ තරුණයා තමයි මේ සුමුක කියන්නේ මට විශ්වාසයයි. මේ තරුණයාට ඇය කැමති වන බවට.”   


ඉන්ද්‍ර තම මිතුරා ගැන සතුටට පත් වීය. කලෙක සිට ඔහු කරදරයක් සේ සැලකූ ගැටලුව දැන් විසඳී තිබෙන නිසාය. එහෙත් මාතලී මේ මොහොතේ තම මැදුරට පැමිණියේ ඒ ගැන කියන්නට ද?   


උතුමාණෙනි, නමුත් මට ලොකු ගැටලුවක් තිබෙනවා. ඒ තමයි ගරුඬා.   


ඉන්ද්‍ර විමතියට පත් විය.   


“ගරුඬා මොකක්ද ගරුඬාගේ තිබෙන ප්‍රශ්නය.”   


ඉන්දු කල්පනා ක​ෙළ්​ය. 


එසේ වෙතත් ගරුඬාගේ නම ඇසුණු පසු විමතියට පත් වූ ඉන්ද්‍රට කිසිවක් පැවසීය නොහැකි විය. ඇත්තම කිව්වොත් ඔහුගේ උගුරේ යම් කිසිවක් හිර වී තිබේ. සියලු වචන ඇත්තේ ඒ හිර වූ ගුළියට ඔබ්බෙනි.   


“උතුමාණෙනි, ගරුඬා තමන්ගේ ආහාරය බවට ​ෙතා්රාගෙන සිටින්නේ නාගයන්. ඒ අනුව මසකට වරක් ගරුඬාට නාග ලෝකයෙන් නාගයකු බැගින් යැවිය යුතුව තිබෙනවා. ඉකුත් මාසයේ ගරුඬාගේ ආහාරය වූයේ චිරාක. සුමුකගේ පියා. නමුත් ලබන මස ඒ අවස්ථාව උදා වන්නේ සුමුකටයි. එසේ වුව හොත් මගේ දියණියගේ විවාහය සඳහා සිටින එකම සුදුස්සාත් මට අහිමි වෙනවා.” 


ඉන්ද්‍රගේ ඇස් උඩ ගියේය.   


“ඉතින් ඔබට කුමක්ද අවශ්‍ය? නිහඬව ටික මොහොතක් ගත කළ ඉන්ද්‍ර ඇසුවේය.   


“මට අවශ්‍ය ඔබ ලවා සුමුකට අමෘතය බිඳක් ලබා දීමයි. එවිට ඔහු සදාකාලික වේවි. එවිට ගරුඬාගේ ආහාරය වී​ෙමන් වැළකීමට සුමුකට හැකියි.”   


මාතලී කීවේ හීන් හඬිනි  


ඒ ඉල්ලීම නිසා ඉන්ද්‍ර බොහෝ අසරණ විය. සුමුක දෙස බලන විට ඉන්ද්‍රට වැටහුණේ ඔහු ඉතා විනීත ඉලන්දාරියකු බවය. ගුණකේසි හා සරණ බැඳෙන්නට මේ ඉලන්දාරියා හැම අතින්ම සුදුසුය. ගරුඬාගෙන් බේරී සිටීමට සුමුකට දිය හැකි එකම දෙය ද අමෘතයයි.   


සැබැවින්ම ඔහුට අමෘතය බිඳක් දීමේ වරදක් නැත. එහෙත් එසේ කළ හොත් ඒ බව ගරුඬාට සැඟවිය නොහැකිය. වැය වෙන හැම අමෘත බිඳුවක් ගැනම ගරුඬා දැන ගන්නා බැවිනි. එබැවින් සුමුකට අමෘතය දීම, මතුදා සිය ගොදුරක් අහිමි වීම බව ගරුඬා දැන ගනී. එවිට ගරුඬා කෝපයට පත් වීම වැළැක්විය නොහැකිය.   


ගරුඬා සතු දැවැන්ත බලය නිසා ඔහු කෝප වීම යනු බරපතළ තත්ත්වයකි. එබැවින් කුමක් කළ යුතු දැයි යන පැනය ඉන්ද්‍ර යොමු ක​ෙළ් විෂ්ණුටය.   


“කරුණාකර කියන්න මා කුමක් ද කළ යුත්​ෙත්?”   


විෂ්ණු සිනාසුණේය.   


“ඉන්ද්‍ර ඔබයි දෙවියන්ගේ රජු. එබැවින් කළ යුත්ත තීරණය කළ යුත්තේ ඔබ මිස මා නොවෙයි. කළ යුත්තේ ඔබට නිවැරැදි යැයි හැඟෙන දෙයයි. ”  


ඉන්ද්‍ර විෂ්ණු දෙස බලා සිටි​ෙය්ය. ඉන්ද්‍ර නමුත් මගේ පෞද්ගලික අදහස නම් සුමුක කදිම තරුණයෙක් සහ මාතලීගේ දියණියට ගැළ​ෙපන සහකරුවෙක් බවයි.   


ඉන්ද්‍ර හිස සැලුවේය.   


ඔහු ඊළඟ මොහොතේ බැලුවේ සුමුක දෙ​සය. මෙතෙක් වේලා ඔහු රැඳී සිටි සංසුන් විලාශය ගැන ඉන්ද්‍ර ඇත්තටම පැහැදුණි. ඊටත් වඩා ඔහුගේ රූපකාය ද ඉන්ද්‍රගේ සිත් ගත්තේය. තම රියැදුරු මාතලීගේ දියණියට මේ ඉලන්දාරියා කදිම ලෙස ගැළපේ. එබැවින් ඔහු රැක ගත යුතුමය.   


“සුමුක මම ඔබට අමෘත පානයෙන් බිඳක් දෙන්නම්.”   


ඉන්ද්‍ර අනතුරුව කීවේය.   


එ් සමගම අමරාවතියේ වැසී තිබු දොරටු කිහිපයක් විවර විය. මේඝ ඝර්ජණාවක් වැනි හඬක් ද ඇසිණි. අනතුරුව පැතිර ගියේ අපුල ගන්ධයකි. ඉන්ද්‍ර මාතලී සහ සුමුක පුදුමයටත් බියටත් පත් කරමින් ඔවුන් ඉදිරියේ ප්‍රාදුර්භූත වූයේ ගරුඬාය. කෝපයෙන් රතු පැහැ ගැන් වී තිබු ගරුඬාගේ මුහුණ උල් වූ හොට කිසියම් ව්‍යසනයක් සිදු වන බවට සලකුණක් වැනි විය.   


ඉන්ද්‍ර මුව විවර කළේ යම් කිසිවක් පවසන්නටය. එහෙත් ඊට පෙර ගරුඬාගේ වෙව්ලන කටහඬ ඇසිණි. ඉන්ද්‍ර ඔබ කුමක්ද කරන්න හදන්නේ. ගරුඬාගේ රෞද්‍ර වූ ඒ කටහඬේ ශබ්දයට සියලු දෙව්ලෝක කම්පනයට පත්විය.   
එහෙත් ඉන්ද්‍ර කලබලයට පත් වූයේ නැත. මන්ද යත් ඔහු සියලු දෙවියනගේ රජ වූ බැවිනි. එබැවින් සියලු දිව්‍ය ලෝක ඔහුගේ ආධිපත්‍යයට යටත්ය.   


“මම හැදුවේ සුමුකට අමෘතය බිඳුවක් දෙන්න.”   


ඉන්ද්‍ර සංසුන්ව පැවසුවේය. 


“දෑසින් රැවූ ගරුඬා ඉන්ද්‍ර දෙස බැලුවේය. “කුමක්ද?”   


ඉන්ද්‍ර සම්පූර්ණ කතාවම විස්තර සහිතව පැවසුවේය. එසේ වුවත් ගරුඬාගේ කෝපය පහ වූයේ නැත. 


“ඔබ හදන්නේ සුමුකට අමෘතය දෙන්නද? ඔබ දන්නවා නේද එන මාසයේ මම ඔහු මරන්නට සුදානම්ව සිටින බව. නමුත් ඔබ ඔහුට අමෘතය දුන් විට මට ඔහු මරන්නට බැහැ.” ඉන්ද්‍ර එය අනුමත කරන ලෙසින් හිස වැනුවේය.   

 

 

මම ඔහුට අමෘතය දෙන්නේ. ඉන්ද්‍රට කතා කරන්නට ඉඩ නොතබමින් ගරුඬා යළිත් කට හඬ අවදි කළේය. 


“ඔබට අමතක වුණාද පසුගියදා සිදු වූ අපි දෙන්නාගේ සටන. එය නැවත වරක් පටන් ගන්න ද ඔබට අවශ්‍ය.” 


ඉන්ද්‍ර පපුව පිරෙන්නට හුස්මක් ගත්තේය.   


ඔබ දන්නවා නේද මා කෙතරම් බලවත්ද යන වග.? ඔබේ බලගතු ආයුධයෙන් පවා හානි වුණේ මගේ එක් පිහාටුවකට පමණයි.” ගරුඬාගේ ​ගෝරනාඩුව එලෙසමය.   


එහෙත් ඉන්ද්‍ර සංසුන්ව කතා කළේය. “ගරුඬා ඔබ නාග ලෝකයේ සිටින සියලු නාගයන් ආහාරයට ගන්න. ඔබේ ආහාරයෙන් වළක්වා ගත යුතු එකම එක නාගයා මේ සුමුක පමණයි.”   
“ඉන්ද්‍ර ඔබ දන්නවාද මා කොතරම් ශක්තිමත් ද කියා. මගේ එක තටුවක් මුළු ලෝකයටම වඩා බරයි.”   


ඉන්ද්‍රගේඉල්ලීම ගණනකටවත් නොගත් ගරුඬා යළිත් ආඩම්බරයෙන් පැවසුවේය. “ගරුඬා’‘ යම් කිසිවෙකුගේ මෘදු හඬක් ඇසිණි.   


ඒ හඬ කන වැකුණ සැණින් ගරුඬා නිහඬ බව රැක්කේය. ඔහු වහා හිස හරවා බැලුවේ ඒ මෘදු හඬින් කතා කරන්නේ කවුදැයි දැකීමටය. විෂ්ණු ගරුඬාගේ පිටු පසින් සිටගෙන සිටි​යේය.   


“ගරුඬා’‘  


විෂ්ණු සංසුන්ව පැවසුවේය. 


ගරුඬා විෂ්ණු දෙස බැලුවේ පහව නොගිය කෝපයෙනි.   


“ගරුඬා”   


විෂ්ණු යළිත් කතා කළේය.   


“ඔබ බොහොම ශක්තිවන්තයෙක්. ඔබේ ඒ ශක්තිය ඔබ ඉන්ද්‍රට ප්‍රදර්ශනය කළ යුතුයි. එවිට ඔබේ ගොදුර රැක ගැනීමේ අදහස ඉන්ද්‍ර විසින් ඉවත් කර ගනීවි.   


ගරුඬා හිස සැලීය.   


එසේ නම් ඔබ මා ඔසොවන්න. මා ඔසොවා ඔබ සතු අසීමිත ශක්තිය ඉන්ද්‍රට පෙන්වන්න.   


එසේ කී විෂ්ණු තම දෝතම දිගු කර ගරුඬාගේ උර හිස් මත තැබුවේය. ගරුඬා විෂ්ණු එසවීමට තැත් කරද්දී ඔහුගේ උරහිස් මත අධික බරක් ​ෙතර​ෙපනු ගරුඬාට දැනිණි. ඒ බර ලෝකය නොව විශ්වය තරම් බරපතළ බව දැනුණු ගරුඬාට කෙඳිරි ගෑවිණි.   


මෙය කිසිසේත් විය හැක්කක් නොවන බව ගරුඬාගේ ඇඹරුණු මුහුණ දුටු ඉන්ද්‍රට සිතිණි.   


“මේක නම් විෂ්ණුගේ උප්පරවැට්ටියක්. ඉන්ද්‍ර මිමිනුවේ මඳ සිනා ඇතිවය.   


ගරුඬාගේ පිට වේදනාවෙන් රිදුම් දෙන්නට වූයෙන් ඔහු එහාටත් මෙහාටත් ඇඹරිණි. 


“ඉවත් වෙන්න මට ඔබේ බර දරා ගැනීමට අපහසුයි.” ගරුඬා කෙඳිරි ගෑවේය. 


තම දෑත් ඉවතට ගත් විෂ්ණු සරදම් සිනාවකින් මුව සරසා ගත්තේය.   


“ගරුඬා ඔබ ශක්ති වන්තයෙක් නමුත් එය ආඩම්බර වීමට කරුණක් නොවේ. මට අවශ්‍ය වූයේ අන්න ඒ පාඩම ඔබට කියා දීමටයි.”  


ගරුඬා හිස සැලුවේය. 


“ඔබ තේරුම් ගත යුතුයි. ඉන්ද්‍ර යනු දෙව් ලොව රජු බව. එබැවින් අමෘතය දිය යුත්තේ කාටද? නොදිය යුත්තේ කාටද? යන්න තීරණය කිරීමේ බලය ඇත්තේ ඔහුට. අැරත් ඔහු සුමුකට අමෘතය දීමට අදහස් කළේ ඉන්ද්‍රගේ මිතුරා වන මාතලීගේ ඉල්ලීමට අවනතව මිස ඔබේ ප්‍රියතම ආහාරය ඔබට අහිමි කිරීමට නොවේ. ඔහු ආරක්ෂා කරන එකම නාගයා සුමුක පමණයි.”  


විෂ්ණු පැවසුවේය. 


ගරුඬා හිස පහතට නවාගෙන ඊට සවන් පෑවේය. විෂ්ණු කියන්නට එරෙහි වීමට ශක්තියක් දැන් ගරුඬාට නැත.  


උතුමා​ණනි ආඩම්බරය මගේ මෝඩ ගති ලක්ෂණයක්.’ කරුණාකර මගේ ඒ දුර්වලතාව අමතක කරන්න.”   


ගරුඬා හීන් හඬින් පැවසුවෙය. විෂ්ණු මඳ සිනාවකින් මුව සරසා ගත්තේය. ඉනික්බිතිව ගරුඬා ඉන්ද්‍ර වෙත හැරුණේය.   


“ඉන්ද්‍ර මට සමාවෙන්න.”   


ඉන්ද්‍ර කිසිත් නොකීවේය.   


“මම සාමාන්‍යයෙන් මෝඩයෙක්. ඒ නිසා මට කිසිවක සත්‍යය තේරුම් ගැනීමට අපහසුයි. මගේ ශක්තිය විසින් මා අන්ධකර තිබෙන්නේ. කරුණාකර එය අමතක කරන්න.’‘   


ඉන්ද්‍ර විෂ්ණු දෙසත් ගරුඬා දෙසත් මාරුවෙන් මාරුවට බැලුවේය. මඳ සිනාවකින් දෙතොල සරසාගෙන ගරුඬාගේ ඉල්ලීමට අවනත වූ බව හැඟ වූයේය. අනතුරුව ගරුඬා ඉන්ද්‍රගේ මැදුරෙන් ඉවතට ගියේය. තම අමෘත බඳුනෙන් බිඳක් ගත් ඉන්ද්‍ර එය සුමුකගේ මුවෙහි හැලුවේය.   


“දැන් ඔබ සදාකාලිකයි. ඔබව මරා දැමීමට කිසිවෙකුටත් බැහැ. දැන් ඔබට ගුණකේසි විවාහ කරගෙන සතුටින් ජීවත් විය හැකියි. දිව්‍ය ලෝකයේ මෙන්ම නාග ලෝකයෙහිත් බියකින් තොරව” ඉන්ද්‍ර පැවසුවේය. 
සුමුක ප්‍රීතියෙන් පිනා ගියේය.   


ඉන්ද්‍රට ස්තූති වන්ත වූ මාතලී තම දියණිය හා සුමුක විවාහ කරවීය.   

 

 

 


ශාන්ත කුමාර විතාන