IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


විවාහය ප්‍රමාද ​ෙවන්නේ ඇයි ?

​විවාහය යන වචනය සැදී ඇත්තේ විශ්වාසය වාසනාව හරි මාර්ගය යහපත යන අරුත් එකතු වීමෙනි. විවාහය ප්‍රමාදය ගැන සලකා බැලීමේදී ඡන්ම පත්‍රයක ආධාරයෙන් ග්‍රහ පිහිටීම් හා හ්‍රහචාරය අනුව ඊට හේතු සාධක වන තත්ත්වයන් වටහා ගත හැකිය. එහෙත් එක් පිහිටීමක් ඡන්ම පත්‍රයක දුටු පමණින්ම විවාහය ප්‍රමාද වේ යැයි තීරණය කිරීමට ඉක්මන් ​නොවිය යුතුය. අදාළ කේනද්‍රයේ ග්‍රහ පිහිටීම් හා බල දුබලතා සැලකිල්ලෙන් පරීක්ෂා කර බැලීම යහපත්ය.   

විවාහය ගැන සිතන විට මුලින්ම සිහි වන්නේ සිකුරු ග්‍රහයා ගැනය. සිකුරු විවාහ කාරක ග්‍රහයාය. පසිඳුරන් පිනවන සියලු දේට අධිපති සිකුරු ග්‍රහයා ආදරය ප්‍රේමය ආලය මෘදු ගති ගුණ ඇඳුම් පැළඳුම් මල්වර්ග ආභරණ සුවඳ විලවුන් රිදී, මුතු, එළකිරි ජලය සහ යාන වාහන ආදියට ද අධිපති වේ. එම සිකුරු ලබාදෙන විවාහය ජිවිතයේ උත්තරීතර අවස්ථාවක් හැටියට සැලකිය හැකිය.   


යම් ජන්මියෙකුගේ කේන්දරයේ ග්‍රහ පිහිටීම් අනුව යුග දිවි ඇරඹීමේ කර්තව්‍යය සිදුවෙනු ඇත. විශේෂයෙන් තරුණ වියේදී සිදු විය යුතු යැයි අප සිතන විවාහය සමහර විට තාරුණ්‍යය ඉක්ම වු පසු ද සිදු වන්නේය. කාම ලෝකයේ උපන් කවුරුත් පාහේ සහකාර බැම්මෙන් බැ​ෙඳන අතර මනස උසස් වූ මිනිසා එය සදාචාර සම්පන්නව සමාජය පිළිගන්නා අන්දමට නිත්‍යානුකූල කරයි. යුග දිවියට එළැඹෙන සෑම තරුණයෙක් තරුණියක්ම ඉතාම සාර්ථක විවාහ ජිවිතයක් ගත කිරීමට බලාපොරොත්තුවෙන් එයට ඉදිරිපත් වෙයි. එහෙත් විමර්ශනාත්මකව සමාජය දෙස බැලීමේදී සමහරුන්ගේ යුග දිවි නොසිතූ නොපැතූ අන්දමට අවුල් වී දෙදරා ගොස් ඇති බවක් පෙනී යයි. සමහරු විවාහ වී සුළු කාලයකින් ජීවිතය ගැන කලකිරීමට පත් වී ගිහි ගෙය හැර යන තත්ත්වයට පත් වෙයි.   


ඡන්ම කේන්දරයක් හරියාකාරව පරීක්ෂා කිරීමේදී එම කේන්දරයේ පවතින ග්‍රහ පිහිටීම් අනුව විවාහයක් තිබේද නොතිබේද යන්න පමණක් නොව ප්‍රමාද වී හෝ විවාහයක් සිදු වේද යන්න දැන ගත හැකිය.   


කේන්දරයෙන් හත් වැන්න ප්‍රධාන වශයෙන් මේ සඳහා පදනම් කර ගත යුතුය. මෙම හත් වැන්නේ කාමය, රාගය, ප්‍රජනනය ශක්තිය හා විවාහය ගැන කියැවෙයි. එමෙන්ම මාරක ස්ථානයක් හැටියට ද හඳුන්වා දී ඇත.   
අධ්‍යාත්මික ගුණ වගාවකින් මානසික හා කායිකව පෝෂණය වී ප්‍රීතිමත් ජිවිතයක ආරම්භය ලබාදීමට විවාහය උපයෝගී වෙයි. විවාහයේ නොගැළපීමක් යෙදී තිබුණොත් අභාග්‍ය ළඟා කරවයි. හරියාකාර කේන්දර ගැළපීමක් සඳහා පීතෘ කාරක රවි ද, මාතෘ කාරක සඳු ද, විවාහ කාරක සිකුරු ද පුත්‍ර කාරක ගුරු ද ගැන විමසුම්ව බැලිය යුතු වෙයි. ගුරු ග්‍රහයා දුබල නොවී තිබීම යහපත්ය. ගුරු ගේ බලපෑම සාර්ථකව ලැබීමෙන් ශුක්‍ර බීජ හා ලිංගික හෝමෝන ශක්තිමත් වී බලවත් ජීවිකාරකයක් වීම උසස් ඡන්ම ලාභයකට හේතුය.   


මිනිසත් බව ලබන්නෙකුට ධර්ම, අර්ථ, කාම, මෝක්ෂ යන චතුර්විද සමපත් ලැබීමට භාග්‍ය්‍ය ඇත. සමහර විට ධර්ම අර්ථ සම්පත් ලැබුවත් කාම සම්පත නොලබන ඡන්මියාට ජීවිතයේ අඩුවක් දැනිය හැකි අතර පරිපූර්ණ ජිවිතයක් නොලද කෙනෙකු බවට පත් විය හැකිය.   


අශූභ ග්‍රහයින් හත් වන භාවය තුළ තැන්පත්ව සිටීම හත් වැනි භාවයට අශුභ ග්‍රහයින්ගේ දෘෂ්ඨිය වැටීම අට වැන්නේ කුජ තැන්පත් වීම 1 2 7 11 භාව තුළ සඳු සහ ශනි සංයෝග වීමද පස් වැන්න හෝ නව වැන්න අධිපති ග්‍රහයා සමග රාහු තැන්පත් වීමද සඳුට සිකුරුට කුජ දෙවැන්නේ හෝ එකොළොස්වැන්නේ තැන්පත්ව සිටින විට හත අධිපති ග්‍රහයා දුර්වල නම් ද විවාහය ප්‍රමාද කරවයි.   


ශනි කුජ ලග්නයේ හෝ ලග්නයෙන් හත් වැන්නේ හෝ තැන්පත්ව සිටීමද පහ සහ හත අධිපතීන් යෝගව සිට කුජගෙන් පීඩිතවීමද, සිකුරු - කේතු යෝගව සිට ශනිගේ දෘෂ්ටිය ලැබීමද විවාහ සැප නැත්තෙකු හෝ අවිවාහකව සිටීම හෝ ඇති කිරීමට ඉඩ තිබේ. 

 
රවි බුධ ශනි කුජ හත් වැන්නේ යෙදීමද විවාහය ප්‍රමාද කරවන්නකි. සඳු, සිකුරු, ශනි එකට යෝග වීමද විවාහ සැප අඩපණ කරවන්නකි. කුජ - රාහු හත් වැන්නේ හෝ අට වැන්නේ යෝගව සිටිමද විවාහ සැප අහෝසි වීමට ලක්කරවන්නකි.   


සඳු දුර්වල නොවී හත් වැන්නේ පිහිටීමෙන් ප්‍රසන්න රූ සපුවක් ඇති ගුණ යහපත් සහකාරියක් හෝ සහකරුවෙකු ලැබිය හැකිය.   


කුජ හත් වැන්නේ පිහිටීමෙන් භෞම දෝෂය හෙවත් කුජ දෝෂය යෙදේ. එය බලපාන්නේ විවාහය සම්බන්ධයෙනි. කේන්ද්‍රයක කුජ ග්‍රහයා 1 2 4 7 8 12 යන ස්ථානයක පිහිටිවිට එම දෝෂය ඇති වේ. 

 
බුධ හත් වැන්නේ දුර්වල නොවී පාප දෘෂ්ටි නොයෙදි පිහිටා ඇති විට උගත් ඥාණවන්ත කෙනෙක් සහකරු හෝ සහකාරිය ලෙස ලැබීමට ඉඩ තිබේ.   


ගුරු හත්වැන්නේ දුර්වල නොවී පිහිටීමෙන් විවාහයේ යම් ප්‍රමාද ස්වභාවයක් ඇති වුවත් කාර්යශූර ගුණවත් කෙනෙකු ලැබීමේ භාග්‍ය්‍ය ඇති වේ. සිකුරු හත් වැන්නේ ​ෙයදීමෙන් බොහෝ විට අඩු වයසින් විවාහය හා කලාවට සෞන්දර්යයට ළැඳි කෙ​නෙකු ලැබීම සිදුවිය හැකිය.   


ශනි හත්වැන්නේ පිහිටීමෙන් විවාහය ප්‍රමාද වුවත් ඉවසීමෙන් යුත් දුක් පීඩාවන්ට ඔරොත්තු දෙන විවාහය අත හැර නොයන කෙනෙකු ලැබීය හැකිය. 

 
රාහු හතේ යෙදීමෙන් ප්‍රේම සම්බන්ධතා නොසිතූ විරූ අන්දමට කැඩීයාම, රැවටීම් වලට අසුවීම, වැනි තත්ත්වයන් උදාවීම මෙන්ම සමහර විට ලස්සන රූ සපුවක් ඇති කෙනෙකු ලැබීමත් සිදු වීමට ඉඩ තිබේ. කේතු හතේ පිහිටිම ඥානාන්විත සහකරුවකු හෝ සහකාරියකු ලබා දෙන්නකි.   


ජන්ම පත්‍රයක විවාහය ගැන බැලීමේදී හත් වැන්න වූ කලත්‍රස්ථානය පමණක් නොව පවුලට අලුතෙන් සම්බන්ධ වන සාමාජිකයා ගැන විස්තර පෙන්නුම් කරන දෙවැන්න ගැනද පරීක්ෂා කිරීම අවශ්‍ය වේ.   


සමස්තයක් වශයෙන් විවාවහ ගැන තීරණයක් ගැනීමේදී දෙවැන්න, හත් වැන්න සහ එකොළොස්වැන්න යන ස්ථානද පරීක්ෂා කිරීම යහපත්ය.   


හත අධිපතියා ශුභ ග්‍රහයන් සමග බලවත්ව යෙදීම විවාහයෙන් පසු සමෘද්ධිමත් ජීවිතයක් ගත කිරීමට හේතු වේ.   


කුජ දෝෂ ඇති ​කේන්දර, කුජ දෝෂ නැති ​කේන්දර හා ගැලපීම් අශුභය. එහෙත් ස්ත්‍රී හා පුරුෂ කේන්දර දෙකේම එකම ස්ථානයක කුජ තැන්පත්ව ඇත්නම් දෝෂ භංග වේ. එමෙන්ම එක කේන්දරයක කුජ සිටින ස්ථානයේ අනික් කේන්දරයේ රවි ශනි රාහු කේතු වැනි ග්‍රහයෙකු තැන්පත් නම් දෝෂ භංග වේ.

 

 

 


ජ්‍යොතිෂශාස්ත්‍රසූරී 
ඩී.බී. වීරතුංග   
පිළියන්දල



අදහස් (0)

විවාහය ප්‍රමාද ​ෙවන්නේ ඇයි ?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 448 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1036 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site