විවාහයකදී පොරොන්දම්වලට වඩා වැදගත් වනුයේ ග්‍රහ පිහිටීම්ය. පොරොන්දම් පරීක්ෂණයට ප්‍රථම ග්‍රහ පිහිටීම් පිළිබඳව අවධානය යොමු කරනුයේ ද එහෙයිනි. විවාහයට අහිතකර ග්‍රහ පිහිටීම් ගණනාවක් ද වෙයි. ඒ අතරින් විශේෂ කොට සැලකිය යුතු විවාහ දෝෂයක් වන ‘විෂ කන්‍යා යෝගය’ පිළිබඳව විමසා බලමු.
මේ යෝගය සහිතව උපන් ස්ත්‍රීයට නිතර දුක් කරදර උරුම වේ. අවාසනාවන්ත සිදුවීම් වලට ද මුහුණ පෑමට සිදුවේ හෙවත් වාසනාව අහිමිය. අසහනයන් සිතේ තදකර සිටින්නට සිදු වේ. ලැබෙන්නට තිබෙන දේ පවා අහිමි වී යයි. සැප සම්පත් භුක්ති විඳීමේ වාසනාව අඩුය. වෙසෙසින්ම විවාහයට අනර්ථකාරිය. ස්වාමියාට මෙන්ම දරුවන්ට අශුභ තත්ත්ව ඇති කෙරේ. මෙම ෙයා්ග ස්ත්‍රී කේන්ද්‍රයක නොපිහිටිය යුතුම යෝගයකැයි කියෙතාත් නිවැරදිය. විෂ කන්‍යා යෝගය යෙදෙනුයේ පහත අයුරිනි.
දොළොස් වැනි තිථිය සහිත ඉරිදා දිනයක කැති, අස්ලිය, සියාවස යන නැකතකින් ඉපදීමත් දෙවැනි තිථිය සහිත අඟහරුවාදා දිනයක සියාවස නැකතින් ඉපදීමත් හත්වැනි තිථිය සහිත අඟහරුවාදා දිනයක විසා හෝ සියාවස යන නැකතකින් ඉපදීමත් දෙවැනි තිථිය සහිත සෙනසුරාදාවක අස්ලිස නැකතින් ඉපදීමත් හත්වැනි තිථිය සහිත සෙනසුරාදාවක කැති නැකතින් ඉපදීමත් විෂ කන්‍යා යෝගය සහිතව උපන්නා වේ. භාව කුතුහලයෙහි විෂ කන්‍යා යෝගය මෙයට වඩා වෙනස් ලෙස දක්වා තිබේ. ඒ මේ අයුරිනි.
දෙවැනි තිථිය සහිත ඉරිදා දිනයක අස්ලිය නැකතින් ඉපදීම
දොළොස් වැනි තිථිය සහිත ඉරිදා දිනයක විසා නැකතින් ඉපදීම
හත්වැනි තිථිය සහිත අඟහරුවාදා දිනයක සියාවස නැකතින් ඉපදීම
දොළොස්වැනි තිථිය සහිත අඟහරුවාදා දිනයක සියාවස නැකතින් ඉපදීම
ලග්නයේ ශනිද පස්වැන්නේ රවිද නව වැන්නේ කුජ ද සිටින විටත් විෂ කන්‍යා යෝගයෙන් උපන්නා ෙව්. මේෂ ලග්නයෙන් උපන් ස්ත්‍රියකගේ ලග්නයේ ශනිද හයවැන්නේ කුජ සහ කේතු ද සිටින විටත් මේෂ ලග්නයෙන්ම ඉපදී ලග්නයේ කුජ ග්‍රහයා සිටිද්දී රවි රාහු හය වැන්නේ සිටීමත් රාහු ලග්නයේ සිටිද්දී කුජ සහ ශනි හය වැන්නේ සිටීමත් විෂ කන්‍යා යෝගයයි. සිංහ ලග්නය වී පළමු වැන්නේ ශනි ද හයවැන්නේ රවි කේතු ද වීමත් එම ලග්නයෙන්ම ඉපදී කුජ සහ රාහු එකෙත් රවි ශනි දහයෙත් වෙතොත් විෂ යෝගය යෙදේ.
හත්වැන්න අධිපති ග්‍රහයා හත්වැන්නේම සිටියදී ලග්නයේ හෝ සඳු සමඟ සුබ ග්‍රහයෙකු වීමෙනුත් වෘෂභ කටක කන්‍යා වෘශ්චික මකර හෝ මීන යන ලග්නයක් වී සඳු බුධ ගුරු සිකුරු යන ග්‍රහයින්ගෙන් වැඩි දෙනෙකු බලවත්ව සිටීමෙනුත් විෂ කන්‍යා දෝෂ භංග වේ. ඉරිදා අඟහරුවාදා සහ සෙනසුරාදා දිනවලත් දියවක සතවක සහ දොළොස්වක තිථිවලත් කැති අස්ලිස විසා සියාවස යන නැකත්වලත් ඉපදී ඇති ස්ත්‍රීන් පිළිබඳව විශේෂයෙන්ම මෙම යෝගය යෙදී ඇත්තේ දැයි විමසා බැලිය යුතු වෙයි.
මංජුල තරුකෙම
වැල්ලවාය.
2025 දෙසැම්බර් මස 18
660
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
321
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1110
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විවාහයට අහිතකර විෂ කන්‍යා යෝගය