IMG-LOGO

2025 ජුනි මස 21 වන සෙනසුරාදා


ව්‍යාපාර දියුණුවට නිවාස ආරක්‍ෂාවට ඔබටම කරගත හැකි ගුරුකමක්

බොහෝ දෙනෙකුට තිබෙන ප්‍රශ්නයක් තමයි, ඉතුරුවක් නැතිකම. වියදම් අධික බව. නිවසේ සාමය නැතිකම. අසනීප අඩදබර, ව්‍යාපාර ස්ථානයේ දියුණුවක් නැතිකම. මේවාට අනවින, කොඩිවින, බන්ධන, යක්‍ෂ, ප්‍රේත, පිසාච දෝෂ වැනි කරුණු බලපාන්න පුළුවනි. ඔබගේ නිවසේ ව්‍යාපාර ස්ථානයේ දියුණුවක් නැත්නම් මුදල් ඉතිරි වෙන් නැත්නම් ජීවිතේ දුක් කරදර ගොඩක නම් මුලින්ම ඔබ ඔබගේ දෛවඥ මහතාගෙන් ජන්ම පත්‍රය පරීක්‍ෂා කර ගන්න. ඒ අනුව අපල උපද්‍රවවලට පිළියම් කරන ගමන් එම දුක් කරදර කම්කටොලු ඉවත්ව නිවසේ ව්‍යාපාර ස්ථානයේ දියුණුව සෞභාග්‍යය උද‌ා කර ගන්න ඔබටම කර ගත හැකි ලෙස අත්දුටු පත්‍යක්ෂ ප්‍රීති කර්මයක් බවට පවසන්නම්. 

 
මුලින්ම සුවඳ ධූපයක් හෝ සාම්බ්‍රානි කුඩු මිලදී ගෙන පහත සඳහන් මන්ත්‍රණයෙන් 108 වරක් ජීවං කර දින 03 ක් සවස 06 ට නිවසේ හෝ ව්‍යාපාර ස්ථානයේ දුම් අල්ලන්න.   
‘ඕං ඉරනාංගු සර්ව සූර්යනේ කට්ටිනේනං භූතලක්ෂයකං කුට්ටිනේන ප්‍රෙතලක්ෂයකං කට්ටිනේනං පිසාව අසූ හාර ලක්ෂයකං කට්ටිනෙනං නාග කුළ දරනි කට්ටිනේනං ඕ.රාම නාතේස්වර බංදු අවකාස ආතාල පාතාල පොඩි පොඩාන් ප්‍රේත ප්‍රාණ හර දේව ගුරු බංදුන් බහිලා ගුල්මන් ජොසි ප්‍රමේස්වරී මුක්කු මුක්කු කට්ටි කට්ටි පේසු පේසු අල්ලල්ල පෝලානේ නිසි නිසි තෝහ්වාහඃ   


ආරක්ෂාවට අවශ්‍ය ද්‍රව්‍ය   


01- අඟල් 2x2 තඹ කොළ 04 යි.   
02- මුට්ටි හෝ කුඩා කුප්පි 04 යි.   
03- අඟල් 1 1/2 ඇන 16 යි.   
04- යබොර කැලි 04 යි.   
05- මුහුදු වැලි 05kgක් පමණ   
06- අබ 500gක් පමණ   
07- හත් වරක් පෙරා ගත් ජලය   
08- දුම්මල   
09- කට්ට කුමංජල්   
10- පොල්තෙල්   
11- නොපෑගු ගල් 16ක්.   
12- තිරිවාන ගල් 16ක්.   


මුලින්ම ඔබ පිරිසිදු සුදුවතකින් සරසී. කහ දියරෙන් මුව සෝද‌ා පිරිසිදු ස්ථානයක. පුටුවක් යකඩ ඇණ නොගැසූ මේසයක් තබා බුලත්, මල් පලතුරු පහන් සුවඳකූරු කපුරු සමඟ ඉහත භාණ්ඩද තබා තඹ කොළ 4 මත;   


රංසිවාල නමෝ කුයිහං- බුද්ධ සේනායි පංජර   
එවං තං බද්ධජනාත- බුද්ධං දසවිලොචන   


යන ගථාව ලියූ සියල්ල තුන් නූලකින් වෙළන්න. ඉන්පසු පන්සිල් ගෙන රතන සූත්‍රය කියා ජලනන්දන පිරිතින් 108 වරක් පුරවා ගන්න. නැවත රංසිමාල යන ගථාවෙන් 1000 වර පුරවා ගන්න. ඉන්පසු මුට්ටි හතරට යන්ත්‍ර හතර රෝල් කර දමා මුහුදු වැලි නොපෑගුණ ගල්, තිරිවාන ගල්, යබොර දමන්න.   


...... බුද්ධා බලප්පත්තා- පච්චෙකනං යං බලං   


අරහං තානංච තේජේන- රක්ඛං වන්දාමි සබ්බේතෙ යන ගාථාව 03 වරක් කියා ආරක්‍ෂාව බැඳ මුට්ටිවල පියන් වහන්න.   


ඉන්පසුව   


මුළු ගේ පුරාම වතුර, වැලි, අබ ඉහින්න, දුම්මල, කට්ටකුමංජල් දුම් අල්ලන්න. දින 03ක් යන තෙක් අතු ගාන්න එපා. උඩ යට අට කොන ගහන්න. මුල මුට්ටි 04 ගේ හතර කොන වළලන්න. හෝ එල්ලන්න. රාත්‍රී 09ට පමණ ගේ මැදට වන්න සාලෙයි පොල්තෙල් පහනක් දල්වන්න.   


දින කිහිපයකට පසු පහත සඳහන් මන්ත්‍රයෙන් ජීවං කරගත් සාම්බ්‍රානි දුම් අල්ලන්න. 

 
‘‘ඕං හ්‍රීං මහා ලක්ෂමී- ඓයින් ක්ලිං සෞවාම   
ආකාශ ලක්‍ෂ්මී අං උං වං සිං සර්ව ජය   
ලක්‍ෂ්මී වා වා නසිවාසි වා වා නමං..’’   


ආරක්‍ෂාව කරන දින ගණ දෙවියන්ට භාර වී දින කිහිපයකින් පසු ගණ දෙවියන්ට පූජාව තබා පිං දී දියුණුව සලසා දෙන මෙන් ඉල්ලා සිටින්න. අනවිනා කො​ඩිවින, බන්දන, යක්‍ෂ පිසාච ප්‍රේත දෝෂ දුරු වී සොහොන් අළු ඉස තිබුණත් එම බන්ධන කැඩී ඔබට සෞභාග්‍ය උද‌ා වනු ඇත.   

 


ජ්‍යෙතීර්වේදී   රංජිත් ප්‍රේමලාල්.   
අංක 133, ජයන්තිපුර, අනුරාධපුර. 



අදහස් (0)

ව්‍යාපාර දියුණුවට නිවාස ආරක්‍ෂාවට ඔබටම කරගත හැකි ගුරුකමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2025 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 635 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 715 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site