IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


විද්‍යාඥයන්ට නොපෙනී වල්ගා තරුවක් පෘථිවිය පසු කරලා

වල්ගා තරු පෘථිවියේ අපට අරුමයක් නොවේ. ධූමකේතු යන නමින් ද හැඳින්වෙන වල්ගා තරු සෞරග‍්‍රහ මණ්ඩලයේ සාමාජිකයන් යැයි පැවසෙයි. පෘථිවි අපට නිරන්තරයෙන් වල්ගා තරු දකින්න ලැබේ. වල්ගා තරු අතරින් කවුරුත් දන්නා හඳුනන වල්ගා තරුව හේලිගේ වල්ගා තරුවය. තාරකා විද්‍යාඥයන් ඔවුන් විසින් හඳුනා ගනු ලැබූ වල්ගා තරු නම් කර, ලැයිස්තු ගතකර ඇත. එම වල්ගා තරු වරක් අපට දකින්න ලැබුණාට පසු යළි දකින්න ලැබෙන්නේ කවරදා දැයි නිවැරදිව ගණන් බලා ඇත. කෙසේ නමුත්, තාරකා විද්‍යාඥයන්ට හොරා වල්ගා තරුවකට පෘථිවිය අසලින් ගමන් කළ නොහැකිය. පුදුමය නම්, තාරකා විද්‍යාඥයන් මවිත කරමින්, ඔවුන්ට හොරා වල්ගා තරුවක් පෘථිවිය අසලින් යෑමය.
   

‘සී/2017යූ1’ නමින් නම් කෙරුණු මෙම වල්ගා තරුව, පළමු වරට පසුගිය ඔක්තෝබර් 18 වැනිදා පෘථිවිය අසලින් ගමන් කළේය. නාසා ඇතුළු පෘථිවි තාරකා විද්‍යාඥයන් මවිත කළ ‘සී/2017යූ1’ වල්ගා තරුව තාරකා විද්‍යාඥයන්ට දකින්න ලැබුණේ පළමු වතාවටය. ඊට හේතුව, එය වෙනත් සෞරග‍්‍රහ මණ්ඩලයක සිට අප සෞරග‍්‍රහ මණ්ඩලය හරහා ගමන් කළ නිසාය. ඒ අනුව, ‘සී/2017යූ1’ පිටසක්වළින් ආ අමුත්තෙකි.   

 

 

‘සී/2017යූ1’ දකින්න ලැබුණේ හවායි දූපත්හි පිහිටුවා ඇති තාරකා විද්‍යා දුරේක්ෂයක් හරහාය. ඉන්පසු සතියක් ගතවනතුරු තාරකා විද්‍යාඥයන්ට, මෙම වල්ගා තරුව 34 වතාවක්, හොඳින් දකින්න ලැබුණු බව පැවැසිණි. වල්ගා තරුව ‘සී/2017යූ1’ යනුවෙන් නම් කිරීමෙන් පසු, එහි ගමන් මඟ කෙසේදැයි සෝදිසි කෙරුණි. 


මීට පෙර මෙම වල්ගා තරුව, තාරකා විද්‍යාඥයන්ට දකින්න නොලැබුණේ සහ ඒ ගැන කිසිවක් දැන නොසිටියේ, ‘සී/2017යූ1’ විශ්වයේ ඈත වෙනත් ග‍්‍රහ මණ්ඩලයක සිට ආ නිසා බව තහවුරු විය. ‘සී/2017යූ1’ වල්ගා තරුවේ ගමන් මාර්ගය අප සෞරග‍්‍රහ මණ්ඩලය හරහා වැටී තිබුණත්, මෙම වල්ගා තරුව කැරැකෙන්නේ අප හිරු වටා නොවන බව විද්‍යාඥයෝ පෙන්වා දුන්නහ. 


‘සී/2017යූ1’ පැමිණ ඇත්තේ ‘වීණාව’ තරු පංතිය දෙසිනි. විද්‍යාඥයන් පෙන්වා දෙන අන්දමට වල්ගා තරුව පෘථිවි අපට දිස්වුණු පළමු මෙන්ම අවසන් අවස්ථාව මෙය වනු ඇති බවය. ‘වීණාව’ උතුරු අහස් ගෝලයේ දකින්න ලැබෙන තරු පංතියක් බව විද්‍යාඥයෝ කියති. මෙම තරු පංතියේ ප‍්‍රධාන තාරකාව වන්නේ ඇල්ෆා ලයිරාය. මෙම තරුව පිහිටා ඇත්තේ ආලෝක වර්ෂ 26ක් ඈතිනි. 


‘සී/2017යූ1’ සම්බන්ධයෙන්, මාධ්‍ය හමුවේ කරුණු කීවේ, ‘සවුත්වෙස්ට්’ තාරකා නිරීක්ෂණාගාරයේ ආචාර්ය සිමොන් පෝටර් ය. “මේ වල්ගා තරුව ආවේ හුඟක් ඈතින්. එහි ආරම්භය කොතැනදැයි අපට හරියටම කියන්න අමාරුයි. ‘සී/2017යූ1’ අපේ සෞරග‍්‍රහ මණ්ඩලයට නොදන්වා පිටසක්වළින් ආ අමුත්තෙක්.” යැයි ආචාර්ය පෝටර් වැඩිදුරටත් කියා සිටියේය. ජාත්‍යන්තර තාරකා විද්‍යා සංගමයේ කුඩා ග‍්‍රහ වස්තූන් පිළිබඳ නිරීක්ෂණ කටයුතු සිදු කරන අංශය පෙන්වා දෙන්නේ ‘සී/2017යූ1’ වෙනත් තරුවක් වටා කැරකෙන බවය. 


අභ්‍යවකාශය හරහා වේගයෙන් ගමන් කරන දිග වල්ගයක් ඇති දීප්තිමත් වස්තූන් වල්ගා තරු හෙවත් ධූමකේතු යන නමින් හැඳින්වෙයි. ඇදුණු ඉලිප්සීය කක්ෂයක වල්ගා තරු හිරු වටා ගමන් කරයි. වල්ගා තරුවක් තුනී වායු වැස්මකින් අන්තර්ගත ඉතාමත් කුඩා අංශුවලින් නිර්මාණය වී තිබේ. ප‍්‍රමාණයෙන් විශාල වල්ගා තරුවකට හිසක්, සංඝටක අඩංගු කොටස ලෙස සැලකෙන න්‍යෂ්ටියක් සහ පිටතට විහිදෙන වල්ගයක් අයත් වෙයි. වල්ගා නැති ධූමකේතු ද ඇත. ධූමකේතුවක වල්ගය සෑමවිටම හිරු දෙසට නොව හිරුගෙන් ඈතට විහිදෙයි. 


දීප්තියෙන් දිස්වුණත්, වල්ගා තරු යනු කිලෝ මීටර් කිහිපයක විෂ්කම්භයක් සහිත අයිස්, වායු සහ දූවිලිවලින් සැදුණු බෝලයකි. වල්ගා තරුවලින් බොහොමයක් හිරු වටා යයි. කලින් සඳහන් කළ විදියට, හිරු වටා යන ගමන් මාර්ගය ඉතා දීර්ඝ එකක් වෙයි. 


එහෙයින්, ඒවායේ ගමන් මාර්ගය සෞරග‍්‍රහ මණ්ඩලය අද්දර දක්වා වැටී ඇත. වල්ගාතරුවක් අපට පෙනෙන්නේ, ඒවා හිරුට ළං වී දීප්තියෙන් දැල්වෙමින්, වල්ගය නිර්මාණය වන අවස්ථාවලදීය. හිරුට ළං වෙද්දී, සූර්ය සුළංවල තාපය හේතුවෙන් වල්ගාතරුවේ ඇති අයිස්, වායු සහ දූවිලි අංශු දියවී විහිදී යයි. ඒ, හිරුට ප‍්‍රතිවිරුද්ධ දෙසිනි. වල්ගයක් සේ දිස්වන්නේ ඒවාය. 


වල්ගා තරුවක් අභ්‍යවකාශය හරහා ඇදී යන්නේ පැයට කිලෝ මීටර් මිලියන දෙකක වේගයකිනි. හිරුට ළංවෙද්දී වේගය වඩාත් වැඩිවෙයි. හිරුගෙන් ඈත් වී, ඈතට ගමන් කරද්දී, වල්ගා තරුවල වේගය පැයට කිලෝ මීටර් 1,000 තෙක් අඩුවෙයි. වරක් අපට දකින්න ලැබුණාට පසු, එය යළි වසර ගණනකින් දකින්න ලැබෙන්නේ එහෙයිනි. 


1994 වසරේ දී, අභ්‍යවකාශයේ සුවිශේෂී සිදුවීමක් සිදුවිය. ඒ, සෞරග‍්‍රහ මණ්ඩලයේ දැවැන්තයා වන බ්‍රෘහස්පති මතට වල්ගා තරුවක් කඩා වැටීමය.

මෙය අභ්‍යවකාශයේ සිදුවුණු සුවිශේෂී සිදුවීමක් වූයේ පෘථිවි විද්‍යාඥයන්ට එය ඉතා පැහැදිලිව දැක ගැනීමට ද හැකිවුණු නිසාය. බ්‍රෘහස්පති මතට කඩා වැටුණේ ‘ෂූමේකර් ලෙවී 9’ වල්ගා තරුවය. 1997 වසරේ දී ‘හේල් බොප්’ වල්ගා තරුව පෘථිවි අපට පැහැදිලිව මෙන්ම ඉතාමත් දීප්තියෙන් දකින්න ලැබුණි. මෙලෙස වල්ගා තරුවක් මීට පෙර දීප්තියෙන් දකින්න ලැබුණේ 1811 වසරේදී යැයි තාරකා විද්‍යාඥයෝ පැවැසූහ.

 

 

 

 

 

 

 

 

 

 


ලුසිත ජයමාන්න
ඩේලිමේල් ඇසුරිණි. 

 

 



අදහස් (1)

විද්‍යාඥයන්ට නොපෙනී වල්ගා තරුවක් පෘථිවිය පසු කරලා

ප්‍රියන්ත Monday, 13 July 2020 10:28 AM

මේ ලිපිය කලින් පල වුවක්ද? සමාවෙන්න මේ ගැන පෙන්වා දෙනවාට ඔය කියන අන්දමේ වල්ගා තරුවක් ගැන සඳහනක් සොයාගන්න ලැබුනේ නෑ. මේ ගැන වැඩිය උනන්දු නිසයි හෙව්වේ. මේ කියන c/2017/u1 නමින් ඇත්තේ පිට සක්වලක සිට ආබව කියන "ඔමුවාමුවා" කියන අමුතු යානයක හැඩැති ග්‍රහකයක් හෙවත් ඇස්ටෙරොයිඩයක් ගැනයි. මේ කියන තරුව /ධුමකේතුව ගැන ලින්ක් එක දෙනවානම් සතුටුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 22919 19

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18115 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10848 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 550 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 167 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 828 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site