IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


ලියද්දී වැරදි හදන පෑනක්

අකුරක් වැරදුණොත් පෑන වෙවුලනවා

 

 

නිවැරදි ලෙස අක්ෂර වින්‍යාසය හුරුකරවන අපූරු පෑනක් ජර්මන් නව නිපැයුම්කරුවන් දෙදෙනකු විසින් නිපදවා ඇත. අකුරු හරියට ඉගෙනගන්න උදවු කරන මෙම පෑන නම් කර ඇත්තේ, ‘ලර්න්ස්ටිෆ්ට්’ යනුවෙනි. ජර්මන් බසින් එහි අරුත ‘ඉගෙන ගන්නා පෑන’ යන්නය. මේ පෑන තුළ ක්ෂුද්‍ර පරිගණකයක් හා විශේෂ සංවේදකයක් සවි කර ඇත. එය, අකුරු ලියද්දී, අතේ සිදුවන චලනය හඳුනාගෙන අකුරේ හැඩය තේරුම්ගත හැකි සංවේදකයකි. වැරදි අකුරක් ලිව්වොත් පෑන වෙවුලන්න පටන් ගනී.   


මේ පෑන තුළ ‘වයි-ෆයි’ උපාංගයත් තිබේ. එහෙයින්, මේ මගින් ලියන දේ ස්මාට් ෆෝන් එකකට හෝ පුද්ගලික පරිගණකයකට රැහැන් රහිතව එසැණ යැවීමත් කළ හැකිය. එනම්, මෙයින් ලියන ඕනෑම දෙයක් අන්තර්ජාලය හරහා ‘අප්ලෝඩ්’ කිරීමටත්, දුරස්ථව සිටින අයකුට අකුරු ලියන අයුරු කියාදීමත් කළ හැකියි.   


‘ලර්න්ස්ටිෆ්ට්’ පෑන තුළ ඇත්තේ බැටරියකින් පණගැන්වූ ලිනක්ස් ක්‍රමයේ ක්ෂුද්‍ර පරිගණකයකි. චලනය හඳුනා ගත හැකි සංවේදකය සහ ‘වයි-ෆයි’ උපාංගයට අමතරව, කම්පන මොඩියුලයක්, අක්ෂර වින්‍යාසයත්, අක්ෂර ලේඛනයත් ක්‍රියාත්මක කරන්න යතුරක් ද පෑනට ඇතුළත් වෙයි.   


අනාගතයේදී මේ පෑන වැඩි දියුණු කොට ව්‍යාකරණ වැරදි පෙන්වා දිය හැකි තත්ත්වයට ගෙනෙන බව මෙය සැලසුම් කළ ෆෝක් වොල්ස්කි සහ ඩැනියෙල් කේස්මාකර් මාධ්‍ය හමුවේ පවසති. මෙම පෑන පිළිබඳ අදහස මුලින්ම ආවේ වොල්ස්කිගේ බිරිඳටය. ඇය පුතුට ගෙදර වැඩ කියා දෙද්දී අකුරු පිළිබඳ යම් යම් ගැටලු මතු වී තිබේ. ඇය ඒ ගැන සැමියාගෙන් ඒ පිළිබඳ විමසද්දී ඔහුගෙන් අසා ඇත්තේ, ඒ සඳහා මෙවලමක් තනන්න බැරිද කියාය. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඩිජිටල් පෑන නිපදවීම සිදුවිය.   


මේ වනවිටත් ඩිජිටල් පෑන් භාවිතය සිදුවෙයි. ඒවායින් කෙරෙන්නේ, අඳින හෝ ලියන හෝ කිසිවක් ඒ චලනයන් උපයෝගී කරගෙන හඳුනාගෙන ඒවා පරිගණක තිරයක් මතට පතිත කරවීම හෝ පරිගණකයේ වෙනත් කාර්යයකට යොදා ගැනීම පමණය. එවැනි පෑන්වලට ඒ කාරිය සඳහා අතිරේක උපාංග හෝ විශේෂ කඩදාසි වැනි වෙනත් දෑ අවශ්‍ය වෙයි.   
කෙසේ නමුත් ලර්න්ස්ටිෆ්ට් ඒ සියල්ලටම වඩා වෙනස් බව නිර්මාණකරුවෝ කියති. එහි භාවිත වෙන්නේ වෙනත් තාක්ෂණයකි. ඒ තුළ පරිගණක මෘදුකාංගයක් රඳවා ඇත. ලිනක්ස් ක්‍රමය යෙදූ පරිගණකය සාමාන්‍ය පීසී සහ ලැප්ටොප්වල භාවිතයට යොදාගන්නා මාදිලියේ ම ඉතා කුඩා එකක් යැයි පැවැසෙයි.   

 

 


ලුසිත ජයමාන්න   
ඩේලිමේල් ඇසුරිනි   

 



අදහස් (0)

ලියද්දී වැරදි හදන පෑනක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 626 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 527 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 431 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site