
ලොව විශාලතම තීන්ත පෑනක් සෑදීමේ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වී ඇත.
මෙම පෑන නිර්මාණය කර තිබුණේ දකුණු ඉන්දියානු නගරයක් වන ශිවමොගාහි වෙසෙන ක්‍රිෂ්ණමූර්ති ආචාර්යා නම් තැනැත්තෙක් විසින්. ඔහු විසින් මෙලෙස නිපදවා ඇත්තේ අඩි 19ක් දිගින් යුතු දැවමය උල්පත් පෑනක් යැයි සඳහන්.
එම පෑන බරින් කිලෝ 250ක් වූ අතර එය ලී ආධාරක දෙකක් මත රඳවා ප්‍රදර්ශනය සඳහා තබා තිබුණි. මෙම නිර්මාණය සිදුකර ඇත්තේ උල්පත් පෑනේ ඉතිහාසය සිහිකරමින්. කලෙක ඉතාමත් ප්‍රයෝජනවත් භාණ්ඩයක් වූ උල්පත් පෑන අද භාවිතයෙන් ඉවත්ව ඇති නමුත් තමන් ඒ සඳහා දැක්වූ ඇල්ම සිහිපත් කිරීම සඳහා මෙතරම් මහන්සි වී නිර්මාණයක් සිදුකළ බව වඩුවෙක් වූ ආචාර්යා පවසයි.
පසුගිය දහ හතර වසරක කාලය පුරා ඔහු විවිධ ප්‍රමාණයේ දැවමය පෑන් නිර්මාණයේ නිරත වී ඇත. මෙම පෑනේ ඇති විශේෂත්වය සලකා එය ගිනස් ලෝක වාර්තා පොතට එක්කරගන්නා ලෙසින් ආචාර්යා දැනටමත් එම ගිනස් වාර්තා කමිටුවෙන් ඉල්ලා ඇතැයි වාර්තා වෙනවා.
සටහන තිළිණි ද සිල්වා
හින්දුස්ථාන් ටයිම්ස් ඇසුරෙනි........
2025 දෙසැම්බර් මස 16
9
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
807
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ලෝකෙ ලොකුම තීන්ත පෑන අල්ලපු රටෙන් !