IMG-LOGO

2025 පෙබරවාරි මස 07 වන සිකුරාදා


ලෝකෙ පුරා කාන්තාවන්ගේ සිරුරේ හැඩය වෙනස් වන්නේ කොහොමද?

 

ස්වභාවයෙන්ම කාන්තා සිරුර සුන්දරය. ලාලිත්‍යයෙන් අනූනය. සොබා දහම විසින්ම කාන්තා සිරුර නිර්මාණය කොට ඇත්තේ දුටුවන්ගේ නෙත, සිත පිනවන ලෙස වුවත්, ලොව පුරා කාන්තාවන්ගේ බහුතරයක් සිය සිරුර පිළිබඳව සෑහීමකට හෝ සතුටට පත් වන්නේ නැත. 


ජාත්‍යන්තර මාධ්‍ය හා සමාජ සම්මතයන් ඔස්සේ හුවා දක්වන සුපිරි නිරූපිකාවන්ගේ හා තාරකාවන්ගේ ප්ලාස්ටික් සැත්කම් හා බොටොක්ස් වැනි කෘත්‍රිම රූපලාවන්‍ය ක්‍රම මගින් අසාමාන්‍ය ලෙස හැඩගැන්වූ සිරුරු, කාන්තාවක සතු විය යුතු වඩාත්ම යෝග්‍ය වූද, අංග සම්පූර්ණ වූද සිරුරු ලෙස වත්මන් කාන්තා පරපුර අතර සංකල්පයක් මුල් බැස ගෙන තිබෙන්නේ එබඳු අසාමාන්‍ය ලෙස සිහින් හා හැඩකාර වූ සිරුරක් ලබා ගැනීම පිණිස ඕනෑම අන්තයකට යෑමට කාන්තාවන් පොළඹවාලමිනි 


ජාත්‍යන්තර මාධ්‍ය ඔස්සේ ජගත් කාන්තා ප්‍රජාව අතර පැළපදියම් කොට ඇති මෙම අංග සම්පූර්ණ කාන්තා සිරුර පිළිබඳ සංකල්පය කාලයත් සමග වඩ වඩාත් යථාර්ථයෙන් බැහැරව අතාත්විකත්වය කරා ගමන් කරමින් තිබෙන බවට එක් නිදසුනක් ලෙස ඇමරිකානු සමාජය තුළ කාන්තාවකට යෝග්‍ය ශරීර බර ලෙස සම්මතව ඇති අගයේ සිදුව ඇති බරපතළ වෙනස දැක්විය හැක. 


මීට වසර විසි පහකට පෙර එම වඩාත්ම යෝග්‍ය අගය ලෙස පිළිගැනුණේ සාමාන්‍ය ඇමරිකානු කාන්තාවකගේ ශරීර බරින් 8% ට වඩා අඩු අගයකි. නමුත් අද වන විට ඇමරිකානු නිරූපිකාවක් විසින් ප්‍රදර්ශනය කරන්නේ සාමාන්‍ය කාන්තාවකගේ බරට වඩා 23 % කින් අඩු වු බරකි. මේ කියානාකාරයේ සිරුරක් ලබා ගැනීමට උපතින්ම ජනාමය සාධකවල බලපෑමෙන් උරුම කම් කියන සිරුරේ වර්ගය (Body Type) හා හැඩය (Body Shape) පරිවර්තනයකට ලක් කළ හැකිද? 


සිරුරේ වර්ගය යනු ජානමය බලපෑම් ඔස්සේ තීරණය වන අස්ථි සැකිල්ලේ ආකෘතිය, අස්ථිවල ඝනත්වය හා මාංශ පේශීන්ගේ සැකැස්ම යනාදි සාධක ගණනාවක් සුසංයෝගයකි. සාමාන්‍යයෙන් සිරුරේ වර්ගය හා ප්‍රමාණය තීරණය කිරීම කෙරෙහි ජානමය සාධක දායක්තවය ලබා දෙන්නේ උපරිම වශයෙන් 25%-40% අතර ප්‍රමාණයකින් බවට වන විද්වත් මතය අනුව, එලෙස ජාන මගින් නිශ්චය කෙරෙන, අස්ථිවල ප්‍රමාණය මත රඳා පවතින ගාත්‍රා හා බාහුවල දිග ප්‍රමාණය උකුලේ හා උරහිස්වල පළල වැනි සිරුරේ වර්ගය තීරණය කිරීමට ඉවහල් වන ඇතැම් සාධක, ආහාර පාලනය ව්‍යායාම හා පරිසර තත්ත්ව යනාදී බාහිර සාධකවලින් ස්වාධීන වූ අපගේ වුවමනාව මත පසු කාලීනව වෙනස් කිරීමට නොහැකි අංග ලක්ෂණයි. නමුත් ශරීරයේ ආකෘතිය වෙනස් කිරීමට නොහැකි වුවද ඒ මත ස්ථාන ගත වු මාංශ පේෂි හා මේද තැන්පතු වැනි දී ඉහත කී බාහිර සාධක ඔස්සේ යම් තාක් දුරකට වෙනස්කර ගැනීම මගින් සිරුරේ හැඩය යම් සීමාවකට යටත්ව සුළු වශයෙන් වෙනස් කර ගැනීමට හැකියාව ලැබුණද කාන්තාවකට උපතින්ම උරුම සිරුරේ වර්ගය රිසි සේ වෙනස් කර ගැනීමේ හැකියාවක් නොමැත. කාන්තා සිරුරු ප්‍රධාන කොට තෙආකාරයකි. 


සිහින් සිරුර (Ectomorph)
අඩු මාංශ පේෂි හා මේද තැන්පතුවලින් යුතු දිගු සිහින් ගාත්‍රා හා බාහුවලටත්, සිහින් ඉඟටියකටත් උරුමකම් කියන මෙබඳු කාන්තාවන්ගේ ශරීරවල බර පහසුවෙන් වැඩි වන්නේ නැත. මාධ්‍ය ඔස්සේ උලුප්පා පෙන්වන නිරූපිකාවන් හා සුපිරි හොලිවුඞ් හා බොලිවුඞ් කාරකාවන්ගෙන් බොහෝමයක් මවා පෙන්වීමට උත්සාහ දරන්නේ මෙබඳු රූපකායක් වුවද, එවැනි සිහින් සිරුරුවලට උරුමකම් කියන කාන්තාවන් ඔස්ටියෝපොරෝසිස් හා ආසාදනයන්ට ගොදුරු වීමේ අවධානම ඉහළය. ශරීරයේ මේද හා ශක්තිජනක තැන්පතු අවම වීම නිසාවෙන් බරපතළ රෝගී තත්ත්වයන්ට මුහුණ දීමේදී ජීවිත අවදානමද ඉහළය. 


සුමට වටකුරු සිරුර (Endomorph)
මේද තැන්පතු හා මස්පිඬු බහුල ශරීර වන මේවායේ බර පාලනය පිළිබඳ සැලකිලිමත් නොවුණ හොත් පහසුවෙන් බර වැඩි විය හැක. මෙවැනි ශරීර සහිත කාන්තාවන් පහසුවෙන් ස්ථුලතාව හා එහි අතුරු බලපෑම් වන අධි රුධිර පීඩනය හා දියවැඩියාවට ගොදුරු වීමේ වැඩි ඉඩකඩක් පවතියි. මෙවැනි කාන්තාවන්ගේ සිරුරු වටකුරු හැඩ කාර පෙනුමක් ගන්නා අතර ශක්තිමත් අස්ථිවලින් ද, පිරුණු කලවා හා පුළුල් උකුලකින්ද යුතුය. 


මධ්‍යමරිම (Mesomorph) 
මධ්‍යම ප්‍රමාණයේ ශක්තිමත් ජව සම්පන්න ශරීර ඇත්තවුන් වන මොවුන්ට වැඩි අපහසුවකින් තොරව බර අඩු හෝ වැඩි කර ගැනීමට හැකියාව තිබේ. නාමිකව සිරුර වර්ග මෙලෙස කාණ්ඩ කෙරුණද, කාන්තාවන් බොහෝ දෙනෙකු සතු සිරුරු මෙම නිශ්චිත කාණ්ඩ තුනට වර්ගීකරණ්‍ය කිරීම අසීරුය. මන්ද කාන්තාවන් බහුතරයක් අවම වශයෙන් මෙම කාණ්ඩ දෙකකට අයත් අංග ලක්ෂණ සහිත මිශ්‍ර සිරුරකට උරුමකම් කියන්නන් වන බැවිනි. 


මීට අමතරව සිරුරේ හැඩය අනුවද කාන්තා සිරුර කාණ්ඩ හතරකට බෙදා දැක්විය හැකි අතර එය රඳා පවතින්නේ කාන්තා සිරුරේ කායික ලක්ෂණ සමග සිරුරේ සමබරතාව පවත්වාගෙන යන ආකාරය අනුවය. සැකෙවින් ගතහොන් සිරුරේ සමස්ත බාහිර පෙනුමයි. සිරුරේ හැඩය තීරණය කිරීමේදී මාංශ පේෂීවල ස්වභාවය මේද තැන්පතු ශරීර ස්කන්ධ දර්ශකය, සමේ පෙනුම ඉරියව් යනාදී මේ සියලුම අංගවල සංකලනය කෙරෙහි අවධානය යොමු කෙරෙන අතර, සිරුරේ වර්ගය මෙන් නොව ජානමය සාධක මේවා කෙරෙහි එතරම් බලපෑමක් ඇති කරන්නේ නැත. 

 


වැලි ඔරලෝසු හැඩය - 
සිහින් ඉඟටියකින් වෙන් වූ සමානුපාතික ලෙස වැඩුණු උඩුකයකින් හා යටිකයකින් මෙවැනි කාන්තා සිරුරක් සමන්විත වේ. 


පෙයාර්ස් හැඩය - 
පොයාර්ස් ගෙඩියක මෙන් කුඩා උඩු කයකින් ද, ඊට වඩා මඳක් විශාල යටි කයකින් ද සමන්විත මෙවැනි කාන්තාවන්ගේ උකුල, උරහිස්වලට වඩා මඳක් පුළුල්ය. පපුව බොහෝ විට කුඩා වන අතර උදරය පැතලිය. 


ඇපල් හැඩය - 
ඇපල් ගෙඩියක හැඩැති සිරුරකට හිමිකම් කියන කාන්තාවන්ගේ උඩු කය යටි කයට වඩා ප්‍රමාණයෙන් විශාලය. උකුල සිහින්ය. පපුව හා උදරය ඊට සාපේකෂව ප්‍රමාණයෙන් විශාලය. 


කෙසෙල් හැඩය - 
ලොව පුරා කාන්තාවන් බහුතරයක් ප්‍රිය කරන්නේ මෙබඳු සිරුරක හිමිකාරිණියක වීමටය. උඩු කය හා යටි කය ප්‍රමාණයෙන් සැලකිය යුතු වෙනසක් නැති අතර ගාත්‍රා හා බාහු සිහින්ය. දිගුය. 


කාන්තා සිරුරේ හැඩය හා වර්ගය ඔවුන්ගේ ජාතිය, ගෝත්‍රය සම්භවය හා ජීවත් වන පරිසරය මත පදනම්ව වෙනස් ආකාරයක් ගන්නා බවට මතයක් මුල් බැස ගෙන තිබුණද, ඇතැම් මානව විද්‍යාඥයින්ට අනුව සිරුරේ හැඩය හා වර්ගය තීරණය කෙරෙන සමීකරණයේ 10% ජාන සඳහාත්, තවත් 10% ව්‍යායාම සඳහාත් වෙන්ව ඇති අතර ඉතිරිය මුළුමනින්ම (80%) වෙන්ව ඇත්තේ පෝෂණීය සාධක සඳහාය. 


මෙම න්‍යායට අනුව රට රටවල කාන්තාවන්ට විවිධ වර්ගයේ හා හැඩයේ සිරුරු පිහිටීමට ප්‍රධානම හේතුවක්ව තිබෙන්නේ ඔවුන්ගේ ආහාර රටාව බව පැහැදිලිය. නිදසුනක් ලෙස යුරෝපීය කාන්තාවන් ගතහොත් උතුරු යුරෝපාකරයේ කාන්තාවන් (නෙදර්ලන්ත හා ජර්මානු කාන්තාවන් විශේෂයෙන්) සිය සමකාලීනයන්ට වඩා උසින් වැඩි අතර මනාව පිහිටි මාංශ පේෂීන්ගෙන් සැදුම්ලත් ශක්තිමත් අස්ථි සැකිල්ලකට හිමිකම් කියන්නන්ය. දෙපා මහතින් වැඩිය. ශරීර වර්ගය ඇන්ඩ්‍රොයිඩ හෝ ලිම්ෆටික් කාණ්ඩයට අයත්ය.

ජර්මානු හා නෙදර්ලන්ත ජාතික කාන්තාවන්ගේ සිරුරු මෙයාකාරයෙන් වර්ධනය වීමට ප්‍රධානම හේතුව වන්නේ කිරි හා මස් ප්‍රමුඛ කොට ගත් ඔවුන්ගේ ප්‍රෝටීන බහුල ආහාර රටාවයි. ලොව කිරි නිෂ්පාදනයෙන් පෙරමුණ ගන්නා නෙදර්ලන්ත ජාතිකයින් දිනපතාම පාහේ චීස් ආහාරයට ගැනීමට පුරුදුව සිටින අතර ජර්මානු ජාතිකයින්ගේ දෛනික ආහාර වේලේ අනිවාර්ය අංගයක් වන්නේ ඌරු මස්ය. පොදුවේ ගත් කල උතුරු යුරෝපීය කාන්තාවන් ස්වභාවයෙන්ම මේදය හා ලුණු අධික ආහාර කෙරෙහි වැඩි නැඹුරුතාවක් දක්වන අතර ඔවුන්ගේ පිරිපුන් සිරුරු එහි ප්‍රතිඵලයක් ලෙස පැහැදිලිය. 


මේ අතර යුරෝපයේම වෙසෙන ස්කැන්ඩිනේවියානු කාන්තාවන් (ඩෙන්මාර්ක, ස්වීඩන හා නෝවේ ජාතිකයින් පොදුවේ හැඳින්වෙන්නේ මෙනමිනි) මනාව පිහිටි මාංශ පේෂී දිගු ශක්තිමත් බාහු හා ගාත්‍රාවලින් සමන්විත, සමස්තයක් වශයෙන් ගත් කල නම්‍යශීලී, සෞඛ්‍ය සම්පන්න ශරීරයකට හිමිකම් කියන්නෝය. ඔවුන් අනුගමනය කරන තෙල් සහිත මාළු, රයිවලින් තැනූ පාන්, නැවුම් එළවළු හා පලතුරු, ඔලිව් තෙල් හා ධාන්‍යවලින් බහුල කිරි හා සංතෘප්ත මේදය අවම සෞඛ්‍යයට හිතකර “නෝර්ඩික” නොහොත් “මධ්‍යධරණී කලාපීය” ආහාර රටාව ස්කැන්ඩිනේවියානු කාන්තාවන්ගේ සුන්දර ඇන්ඩ්‍රොයිඩ හෝ තයිරොයිඩ කාණ්ඩයේ සිරුරුවල රහසයි. 


යුරෝපා මහද්වීපයේම පදිංචිකරුවන් වුවද, ප්‍රංශ හා ඉතාලි ජාතික කාන්තාවන් සතු වන්නේ ප්‍රමාණයෙන් කුඩා මාංශ පේෂි සැහැල්ලු අස්ථිවලින් සමන්විත “ජයිනොයිඩ” හෝ “තයිරොයිඩ” කාණ්ඩයේ සිරුරුය. මොවුන්ගේ සිරුරුවල මේදය තැන්පත් වීමේ ප්‍රවණතාව ඇත්තේ යටිකයේ වුවද ස්ථුලතාවයෙන් පෙළෙන්නන් විරලය. පැස්ටා, පාන් වැනි පාහින ලද තිරිඟු පිටි නිෂ්පාදන දෛනිකව භාවිතා කළද මොවුන් කුඩා ප්‍රමාණයෙන්ගෙන් ආහාර ගැනීමට පුරුදුව සිටීම මීට හේතුවයි. එක හා සමාන ජානමය හා පාරිසරික සාධකවල බලපෑමට ලක් වන යුරෝපීය කාන්තාවන් අතරම මෙලෙස විවිධාකාරයේ සිරුරු ප්‍රභේද ගණනාවක් පැවතීමට මූලිකම නිර්ණායකයක් වී ඇත්තේ ඔවුන්ගේ ආහාර රටාව බව ඔප්පු කිරීමට ඉහත නිදසුන් ප්‍රමාණවත්ය. 


ලොව විවිධාකාරයේ සමාජ සංස්ථා තුළ කාන්තා සිරුරේ හැඩය හා වර්ගය සම්බන්ධයෙන් දක්වන ආකල්පය හා කාන්තාවකට තිබීමට වඩාත්ම යෝග්‍ය සිරුරු වර්ගය ලෙස එක් එක් ජන සමාජය තුළ සම්මතව ඇති සංකල්පය ද කාන්තා සිරුර කෙරෙහි සැලකිය යුතු බලපෑමක් ඇති කිරීමට සමත් බව විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික මාධ්‍යයේ අණසකට නතු වු තරගකාරී සමාජ ක්‍රමය තුළ ප්‍රතික්ෂේප කළ නොහැක. 


එහිදී ශරීරයේ බර හා ඉණ හා උකුලේ වට ප්‍රමාණ අතර අනුපාතය, කාන්තා සිරුරේ හැඩය වර්ගය හා ආකර්ෂණීය භාවය තීරණය කිරීමට සුලභව යොදා ගන්නා නිර්ණායකයන් ලෙස පෙරමුණ ගෙන සිටින්නේ බටහිර මාධ්‍ය ඔස්සේ සිදු කරන ප්‍රචාරණයන්ට පින්සිදු වන්නටය. ඇමරිකාව (අප්‍රිකානු ඇමරිකානුවන් හා කොකේෂියානුවන්) ඉන්දුනීසියාව, ගිනිබිසවු වැනි සංස්කෘතිකමය වශයෙන් එකිනෙකට හාත්පසින්ම වෙනස් රටවල් වුවද පොදුවේ ආකර්ෂණීය කාන්තා සිරුරක් ලෙස පිළිගනු ලබන්නේ ඉණේ හා උකුලේ අනුපාතය අවම වන තරමටය. සාමාන්‍යයෙන් ඇමරිකානු කාන්තාවකට තිබිය යුතු අනුපාතය 0.67 - 0.72 ලෙස ඇමරිකානු සමාජය තුළ සම්මතව තිබේ. නමුත් මහත ශරීර ආකර්ෂණීය ලෙස සැලකෙන ඇතැම් ආසියානු හා අප්‍රිකානු රටවල මෙම අගය මීට වඩා බෙහෙවින් ඉහළ අගයක් ගන්නා බව පෙනී ගොස් ඇත. 


නමුත් ජානමය සාධක, පරිසර තත්ත්ව, ආහාර රටාව, සමාජීය බලපෑම් යනාදී මේ කවර බලපෑම් එල්ල වුවද, සත්‍යය නම් ඒ සියලු බලපෑම්වලින් ස්වාධීනව කාන්තාවකට තිබිය යුතු වඩාත්ම යෝග්‍ය සිරුර ලෙස ලොව බහුතරයකගේ පිළිගැනීමට ලක්ව තිබෙන්නේ මනාව වැඩුණු හැඩකාර අඟ පසඟ සහිත සිහින් ශරීරයකි. මන්ද එවැනි සිරුරකට හිමිකම් කියන්නියක කෙතරම් සරල ලෙස විලාසිතා කළද ඇයව රූමතියක ලෙන මවා පෙන්වීමට එබඳු සිරුරකට ඇති අසමසම හැකියාව නිසයි. 

රුක්ලන්ති පෙරේරා



අදහස් (2)

ලෝකෙ පුරා කාන්තාවන්ගේ සිරුරේ හැඩය වෙනස් වන්නේ කොහොමද?

Deniel Friday, 12 May 2017 07:30 AM

ලෝකයේ 1/3ක ජනගහනයක් සිටින චීනය හෝ ජපානය ආදී යුරෝපීයන්ගෙන් සම්පූර්ණයෙන්ම වෙනස් සිරුරු ගැන කිසිම සඳහනක් නැත. තනිකරම බටහිර සමීක්ෂන වාර්තාවක් පමණි

:       0       0

seevali Monday, 15 May 2017 01:44 AM

හැඩය නෙමේ මනසයි වෙනස් වෙන්න ඕනේ .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

සඳැල්ල

තමන්ගේ පුතා උස්සාගෙන ගහින් මරා දමද්දී මනොරානී ඒක කොහොම දරාගන්න ඇතිද?... ස්වර්ණා මල්ලවාරච්චි
2025 පෙබරවාරි මස 06 19 0

“මට හිටපු එකම රිචඩ් මගෙන් උදුරවා ගත්තට පස්සෙ මට ආයෙ නැති වෙන්න දෙයක් නෑ කියලා මම හිතුවා.


තක්සලාවට දුෂ්ටකම් කළ ලූකස් මුදලාලි - ගිරිරාජ් කෞෂල්‍ය
2025 පෙබරවාරි මස 06 13 0

ක්ෂේත්‍රයේ හැම දෙනාටම ගිරා වන ගිරිරාජ් කෞශල්‍ය ආගමට දහමට ලොකු ළැදියාවක් දක්වන අයෙකි.


පිය සුවඳින් රසිකයන් පිනවන - තරංග නෙල්සන්
2025 පෙබරවාරි මස 06 12 0

මේ අමරණීය ගායන ශිල්පියා නිහාල් නෙල්සන් අපෙන් සමු අරගෙන දැනට අවුරුදු දෙකයි. ඔහුගේ පිය සටහන් ඔස්සේ යමින් රසික ආදරය දිනා ගැනීමට තරම් වාසනාවන්ත වූ ඔහුගේ එ


මාස්ටර් සර් වුණු විශ්ව
2025 පෙබරවාරි මස 06 11 0

වසර 17ක් පුරාවට කලාව හා සම්බන්ධ වෙමින් පුංචි තිරයේ අහිංසක ප්‍රේමවන්තයා ලෙස ප්‍රේක්ෂක ආදරය දිනා ගත් ඔහු නමින් විශ්ව කොඩිකාරයි.


“ විසේකාරි ” හි වාසු මට ගොඩක්ම සමීප චරිතයක් - Ruvi Lakmali
2025 පෙබරවාරි මස 06 11 0

වෙළෙඳ දැන්වීම් ඔස්සේ ප්‍රේක්ෂක ආදරයක්, ආකර්ෂණයක් දිනාගත් ඇය ටෙලි නිර්මාණයකින් සිනමා තිරයෙන් හමු​ෙවන්නේ ඉඳහිට වුවත් - ඒ බොහෝ නිර්මාණ චරිතයන් ප්‍රේක්


කුසුම් නම් වූ ගැහැනු ළමයා - වසන්ති චතුරානි
2025 ජනවාරි මස 30 133 0

ගම්පහ හෝලික්‍රොස් කන්‍යාරාමය පුරාම වසන්ති චතුරානි ප්‍රචලිතව සිටියේ ෆිල්ම් ස්ටාර් වශයෙනි.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 96 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 804 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 754 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site