IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


ලංකාවේ පිදුරංගල වගේ ලෝක ප්‍රකට තැන්වල නිරුවත් වූ හැටි

 

ෆේස් බුක්, ට්විටර් වැනි සමාජ මාධ්‍ය ජාල හඳුන්වා දුන්නේ යහපත් අරමුණකිනි. ලොව දස දෙස විසිරී සිටින පැරණි මිතුරු මිතුරියන් සොයා ගැනීම, නව මිත්‍ර සබඳතා ගොඩනංවා ගැනීම, අධ්‍යාපනික කටයුතු ප්‍රවර්ධනය, සමාජ සුබසාධන කටයුතු සඳහා අරමුදල් රැස්කිරීම, හඬක් නොමැති මිනිසුන් උදෙසා හඬක් නැඟීම, තමන්ගේ කිසියම් මතයක් මිතුරු මිතුරියන් අතර බෙදාගැනීම හා දැනුම ලබාදෙන තොරතුරු සමාජ ගත කිරීම වැනි යහපත් අරමුණු සඳහා යොදා ගැනීම මෙම සමාජ මාධ්‍ය ජාල ආරම්භ කළ පුද්ගලයන්ගේ අරමුණ විය. වර්තමානයේ එය සමාජ යහපතට වඩා අහිතකර දේ සඳහා යොදාගන්නා ප්‍රවණතාවක් දැකිය හැකිය. බොහෝ විට ආගම් භේද ඇති කිරීම, දේශපාලනඥයන් හා ප්‍රකට පුද්ගලයන් අවමානයට ලක් කිරීම, කාන්තාවන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර, වංචනික ක්‍රියා සඳහා භාවිත කිරීම, ආගමික සිද්ධස්ථාන හා වැදගත් ස්ථානවලට අවමන් කෙරෙන අයුරින් ඡායාරූප ගෙන පළ කිරීම වැනි බොහෝ අයහපත් කටයුතු සඳහා එය භාවිත කරනු දැකිය හැකිය. 

 
ෆේස් බුක් වැනි සමාජ මාධ්‍ය ජාල වැඩි වශයෙන් භාවිත කරනුයේ තරුණ පිරිස්ය. ඔවුහු කලින් කලට විවිධ ක්‍රියාකාරකම් මගින් ප්‍රසිද්ධියක් ලබන්නට උත්සාහ කරති. පසුගිය වකවානුවේ විවිධ රටවල තරුණ තරුණියෝ එවැනි ක්‍රියා රූ ගත කොට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රදර්ශනය කළහ. එහි අරමුණ වූයේ තමන්ගේ ඡායාරූප හෝ විඩියෝව සඳහා මිතුරු මිතුරියන්ගේ වැඩි කැමැත්ත (ලයික් ප්‍රමාණයක්) ලබා ගැනීමය. ශ්‍රී ලංකාවේ තරුණ තරුණ තරුණියෝද විදේශිකයන්ගේ එවැනි ක්‍රියා අනුකරණයට පෙළඹුණාහ. 

 
ආගමික ස්ථානවලට අවමන් වන අයුරින් ශ්‍රී ලංකාවේ සිදු වූ ආසන්නතම සිදුවීම වූයේ පිදුරංගල රජමහා විහාරයට අයත් පිදුරංගල පර්වතය මත සිට අඩ නිරුවත් ඡායාරූප ගෙන ෆේස් බුක් ඔස්සේ ප්‍රචාරය කළ තරුණයන් පිරිසකගේ ක්‍රියා කලාපයයි. ඔවුහු ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථානයකට අයත් පිදුරංගල පර්වතය මතට නැඟී සීගිරිය පර්වතය දෙසට මුහුණ ලා අඩ නිරුවත් ඡායාරූප ගෙන ඒවා තම ෆේස් බුක් සමාජ ජාලය ඔස්සේ ප්‍රචාරය කරන ලද්දේ වැඩි ලයික් ප්‍රමාණයක් ලැබෙනු ඇතැයි යන අරමුණ ඇතිවය. එහෙත් ඔවුනට සිදුවූයේ ආගමික සිද්ධස්ථානයකට අවමන් කිරීම සම්බන්ධයෙන් රිමාන්ඞ් භාරයට පත් වීමටය. තමන් මෙවැනි ඡායාරූපයක් මුහුණු පොතට එක් කළේ විදෙස් කාන්තාවක පිදුරංගල පර්වතයේ සිට එවන් ඡායාරූපයක් ගෙන මුහුණු පොතේ පළ කරමින් කළ අභියෝගය පිළිගැනීමට යැයි ඔවුන් පවසා තිබිණි. මින් ඉහත ද තරුණයන් පිරිසක් දුන්හිඳ ප්‍රදේශයේදී අඩ නිරුවත් ඡායාරූප ගෙන මුහුණු පොතට එක් කර තිබිණි.   


ලොව බොහෝ රටවල නිරුවතින් සිටිය හැකි කලාප තිබේ. ඇතැම් රටවල වෙරළ තීර, උද්‍යාන, සමාජශාලා වැනි ස්ථානයන්හී නිරුවතින් හැසිරීමට නීතියෙන් බාධාවක් නොමැත. නිරුවතින් සිටීමට අවසරයක් නොමැති ප්‍රසිද්ධ ස්ථානයන්හි නිරුවතින් හෝ අඩ නිරුවතින් හැසිරීම සහ ඡායාරූප ගෙන සමාජ ජාලවලට මුදාහැරීම දඬුවම් ලැබිය හැකි වරදකි. ශ්‍රී ලංකාවේ ඉහත කී තරුණයන් මෙන් ලොව විවිධ ප්‍රදේශවල ප්‍රසිද්ධ ස්ථානයන්හි නිරුවතින් ඡායාරූප ගෙන නීතියේ රැහැනට අසුවූ බොහෝ පුද්ගලයන් පිළිබඳව පසුගිය කාලයේ වාර්තා විය.   


මැලේසියාවේ කිනබලු කන්ද ලෝක උරුම අඩවියක් ලෙස නම් කර ඇති කඳුවැටියකි. එමෙන්ම එය පූජනීය ස්ථානයක් ලෙසද සැලකේ. දස දෙනකුගෙන් යුතු කැනේඩියානු තරුණ තරුණියන් පිරිසක් මෙම කඳුවැටිය මුදුනේ සිට නිරුවත් ඡායාරූප ගෙන තම ෆේස් බුක් අඩවියේ පළ කළේ තමන්ගේ වීර ක්‍රියාවට ප්‍රේක්ෂක අවධානය හිමි වනු ඇතැයි සිතමිනි. අවසානයේ ඔවුනට සිදුවූයේ සිරබත් කෑමටය. ඔවුන් එම ඡායාරූප තම ෆේස් බුක් පිටුවේ පළ කළ දිනට දින කිහිපයකට පසු ඉන්දුනීසියාවේ විශාල භූමිකම්පාවක් සිදු විය. කැනේඩියානු ජාතිකයන් පිරිස කඳු මුදුනේ සිට නිරුවත් ඡායාරූප ගෙන සමාජ ජාලයන්හි පළ කිරීම හේතුවෙන් ශුද්ධ ස්ථානයකට කරන ලද අපහාසය නිසා මෙය සිදු වූ බවට එම ප්‍රදේශයේ බලධාරීන් විශ්වාස කිරීම හේතුවෙන් ඔවුන් කළ ක්‍රියාවට තදබල දඬුවම් හිමි වනු ඇතැයි එම සිදුවීම වාර්තා කළ පුවත්පත් වාර්තා කර තිබිණි.   

 


23 හැවිරිදි එලිනෝර් හෝකින්ස් නමැති බ්‍රිතාන්‍ය ජාතික තරුණියද ඉහත සඳහන් පූජනීය කඳුමුදුනේ සිට අඩ නිරුවත් ඡායාරූප ගෙන සමාජ ජාල වෙබ් අඩවියක පළ කර තිබුණාය. ඇය එලෙස නිරුවත් වූයේ තම මිතුරන් විසින් කරන ලද අභියෝගයක් පිළිගනිමිනි. අඩි 13,435 උසින් පිහිටි ස්ථානයක අධික සීතලේ නිරුවතින් සිටිය යුතුයැයි කරන ලද අභියෝගය පිළිගත් ඇය එහිදී ලබාගත් නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍ය ජාලයට එක් කර තිබුණාය. එම ස්ථානය මියගිය මුතුන්මිත්තන්ගේ ආත්ම සැරිසරන ස්ථානයක් ලෙස මැලේසියානුවන් තුළ විශ්වාසයක් පවතී. තම මුතුන්මිත්තන්ගේ ආත්මවලට කරන ලද නිගරුව හේතුවෙන් එලිනෝර්ට දින තුනක සිරදඬුවමකට හා ඩොලර් 850ක දඩයකට යටත් වීමට සිදුවූවාය.   


පේරු රාජ්‍යයේ පිහිටි 15 වැනි සියවසට අයත් ඉන්කාවරුන්ගේ බළකොටුවක් වන මචු පිකූ බළකොටුවේ නිරුවතින් ඡායාරූප ගන්නා ලද විදේශිකයන් තිදෙනකු අත් අඩංගුවට ගෙන තදින් අවවාද කොට පසුව නිදහස් කර තිබිණි. ඔවුන් තිදෙනා තම පසුපස ප්‍රදේශයේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍ය ජාලයකට එක් කර තිබූ අතර ප්‍රදේශවාසීන් ඒ සම්බන්ධයෙන් එරට සංස්කෘතික අමාත්‍යංශයට පැමිණිලි කිරීමෙන් පසු මේ තිදෙනා අත් අඩංගුවට ගැනීමට එරට පොලිසිය ක්‍රියා කළේය.   


තායිලන්ත ජාතිකයන් පූජනීය ස්ථානයක් ලෙස වැඳුම්පිදුම් කරන ලිංගයක හැඩයෙන් යුතු කොහ් සමුහි පිහිටි ‘හින් තා’ පර්වතය ඉදිරිපිට නිරුවතින් ඡායාරූප ගෙන සමාජ ජාල ඔස්සේ ප්‍රචාරය කළ විදේශික සංචාරක කාන්තාවකට ද සිර දඬුවම් විඳින්ට සිදු වූයේ පූජනීය ස්ථානයකට අවමන් කිරීමේ වරදටය. 

 
කාම්බෝජයේ අන්ග්කොර් වට් යනු දෙවොල සංකීර්ණයකි. කේමර් අධිරජ සමයේ හින්දු දෙවොල සංකීර්ණයක් ලෙස ඉදිකෙරුණු මෙම ස්ථානය 12 වැනි සියවසේදී බෞද්ධ සිද්ධස්ථානයක් බවට පත් විය. 2015 වසරේ මෙම සිද්ධස්ථාන භූමියේ නිරුවතින් ඡායාරූප ගෙන සමාජ ජාලවල පළ කළ ප්‍රංශ ජාතිකයන් තිදෙනකුට දඩයකට යටත්ව රටින් පිටුවහල්වීමට සිදු විය. ඉතාලියානු ආජෙන්ටීනියානු පුරුෂයන් දෙදෙනකු හා ඕලන්ද කාන්තාවකද මෙම සිද්ධස්ථානය ඉදිරිපිට නිරුවත් ඡායාරූප ගැනීම මත අත්අඩංගුවට පත්ව තිබේ. ප්‍රසිද්ධ ස්ථානවල ලිංගික අවයව ප්‍රදර්ශනය කිරීමේ වරද යටතේ ඔවුහු චෝදනා ලැබ සිටිති.   


උලුරු නොහොත් අයර්ස් පර්වතය මධ්‍යම ඔස්ට්‍රේලියාවේ පිහිටා ඇති වැලිගල් පර්වතයකි. එය ඇබොර්ජිනියානුවන්ගේ පූජනීය ස්ථානයක් ලෙස සැලකේ. එහි පාමුල ඇති ගුහාවල ආදීවාසින් විසින් අඳින ලද ගුහා චිත්‍ර දැකිය හැකිය. යුනෙස්කෝවේ ලෝක උරුමයක් ලෙස නම් කර ඇති මෙම ස්ථානයේ සුප්‍රකට නළඟනක නිරුවත් රැඟුමක් රඟමින් එය රූගත කර තිබිණි. 2010දී සිදු වූ මෙම ක්‍රියාව මහත් ආන්දෝලනයට තුඩුදුන් සිදුවීමක් විය. ආදිවාසීන්ගේ පූජනීය ස්ථානයක නිරුවත් රංගනයක යෙදී ඔවුනට අපහාස කිරීම සම්බන්ධයෙන් ඇයට චෝදනා කෙරිණි. 

 
ඇමෙරිකානු ජාතික ලින්ඩ්සේ සහ ලෙස්ලි ඇඩම්ස් යන සොහොයුරියන් දෙදෙනාද කාම්බෝජයේ ප්‍රෙහා කාන් දෙවොල භූමියේ නිරුවතින් ඡායාරූප ගැනීම මත පොලිස් අත්අඩංගුවට පත් වූහ. ඔවුනට ඩොලර් 245ක දඩයක් ගෙවීමට සිදු වූ අතර රටින් පිටුවහල් කෙරුණේ සිව් වසරකට යළි කාම්බෝජයට ඇතුළුවීමද තහනම් කරමිනි.   


මේ හැර ඉස්තාන්බුල්හි හගියා සොෆියා මුස්ලිම් දේවස්ථාන භූමිය, චීන මහා ප්‍රාකාරය මත, ඊජිප්තුවේ ගීසාහි පිරමිඩ අසල, ප්‍රංශයේ අයිෆල් කුළුණ හා ඔස්ට්‍රේලියාවේ සිඩ්නි ඔපෙරා හවුස් ඉදිරිපිට සහ බ්‍රසීලයේ රියෝ නුවර පිහිටි ක්‍රිස්තුස් වහන්සේගේ දැවැන්ත ප්‍රතිමාව ඉදිරිපිට සිට නිරුවත් ඡායාරූප ගෙන අන්තර්ජාලයට මුදාහැර තිබූ අයුරු දැකගත හැකි විය. 

 
පුද්ගලයන් ප්‍රසිද්ධ ස්ථානයන්හි නිරුවත් ඡායාරූප ගෙන සමාජ මාධ්‍ය ජාලාවල පළ කිරීමට පෙලඹී ඇත්තේ මන්ද? ආචාර ධර්ම පිළිබඳ විශේෂඥයකු වන විලියම් හැන්සන් මෙලෙස සඳහන් කරයි. “සුප්‍රකට ස්ථානවල නිරුවතින් ඡායාරූප ගැනීමෙන් තම ආත්මරාගය වැඩි කරවන්නක් යැයි එවැනි ක්‍රියාවල නිරත වන පුද්ගයන්ගේ හැඟීමය. ඇතැම් පිරිස් ලොව පුරා සංචාරය කරමින් එවැනි වැදගත් ස්ථානවල නිරුවතින් ඡායාරූප ගෙන සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ඒවා ප්‍රචාරය කිරීමට පෙලඹී සිටිති. ඇතැම්හු මෙය එක්තරා අන්දමක වීර ක්‍රියාවක් සේ සලකති. නිරුවත් ඡායාරූප ප්‍රචාරය කිරීමෙන් ඔවුනට අත්වන ලාබය කුමක්දැයි මට සිතා ගත නොහැකිය. මෙම ඡායාරූප මගින් ‘මගේ සිරුර දෙස බලපල්ලා’ වැනි ඉල්ලීමක් ඔවුන් කරන බවක් දැකිය හැකිය. ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව මෙවැනි ක්‍රියාවල යෙදෙන බැව් පැහැදිලිය.”   


මනෝ විද්‍යාඥයකු හා ජනප්‍රිය සංස්කෘතිය පිළිබඳ විශ්ලේෂිකාවක වන එමා කෙනීට අනුව “නිරුවත අවධානය ලබා ගැනීම සඳහා භාවිත කෙරෙන මෙවලමකි. සමාජ මාධ්‍ය ජාලාෂ ඔස්සේ තම නිරුවත ප්‍රදර්ශනය කිරීමට ඇතැම් ප්‍රකට පුද්ගලයෝ පවා පෙලඹී සිටිති. එමගින් පෞද්ගලිකත්වය ඉක්මවා යෑමට ඔවුහු අපේක්ෂා කරති” යනුවෙන් ඇය පවසයි.   


වැදගත් ස්මාරක හා පූජනීය ස්ථානයන්හි නිරුවත් ඡායාරූප ගෙන සමාජ ජාලවලට එක් කිරීම ආගමක් හෝ සංස්කෘතියක් කෙරෙහි තැකීමක් නොකරන පුද්ගලයන්ගේ පහත් ක්‍රියාවකැයි මනෝ වෛද්‍යවරියක වන පැමෙලා රුට්ලෙජ් පෙන්වා දෙන්නීය.   


ප්‍රසිද්ධ ස්ථානයන්හි නිරුවත් ඡායාරූප ගෙන සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රසිද්ධ කිරීම දැන් විලාසිතාවක් බවට පත්ව තිබේ. එවැනි පුද්ගලයන් සඳහාම වෙන්වූ ‘නේකඩ් ඇට් මොනියුමන්ට්ස්’ ෆේස් බුක් පිටුවේ සාමාජික සංඛ්‍යාව 7500 ඉක්මවා තිබේ. නිරුවත් ඡායාරූප ගැනීමේ ප්‍රවණතාව වර්ධනය වීම හේතුවෙන් බොහෝ වැදගත් ස්ථාන හා පූජනීය ස්ථාන අසල නිරුවතින් ඡායාරූප ගැනීම තහනම් බව දැක්වෙන පුවරු සවි කොට තිබේ. එහෙත් මෙම නීති නොසලකන ඇතැම් සංචාරකයන් නිරුවත් ඡායාරූප ගෙන තම සමාජ ජාල වෙබ් අඩවි අලංකාර කිරීමට පෙලඹී සිටින අතර ඇතැමුන්ට නීතියේ රැහැනට අසුවී සිරබත්කෑමට හෝ විශාල දඩයකට යටත් වීමට හෝ සිදුවන අවස්ථා එමටය. කෙසේ වුවද ‘මයි නේකඩ් ට්‍රිප්’, ‘නේකඩ් ඇට් මොනියුමන්ට්ස්’ වැනි ඇතැම් වෙබ් අඩවි මගින් නිරුවත් ඡායාරූප ගැනීමට සුදුසු ස්ථාන ලෙස මෙවැනි ප්‍රකට හා ආගමික ස්ථාන හඳුන්වා දීමට පෙලඹී සිටීම කනගාටුවට කරුණකි.   

 


ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා  



අදහස් (0)

ලංකාවේ පිදුරංගල වගේ ලෝක ප්‍රකට තැන්වල නිරුවත් වූ හැටි

ඔබේ අදහස් එවන්න

 

 
 

සඳැල්ල

මිහි මඬල ගිනි වැදී ටෙලි නාට්‍යයේ පරිසරයට හිතැති ඉංජිනේරුවා භානු කොඩිකාර
2025 මැයි මස 11 9 0

දේශපාලකයන් වැඩි දෙනෙක් සිතන්නේ පරිසරය තමාගේ බූදලයක් බවය. එම නිසාම ඔවුහු පරිසරය සුරකිනවා වෙනුවට එය විනාශ කරන්නට සිය හෙංචයියලාට අනුබල දෙති. ඒ අමන ක්‍රිය


යොවුන් හදවත් සනසා නළවන සෙවිනි ශ්‍රී ගමගේ
2025 මැයි මස 11 5 0

‘‘නිල් නුවන් පියවිලා රැක ගනඳුරේ නිදි ලොවින් මා සොයා එන්න දෙව්ලියේ’’


ගොඩාක් ප්‍රතිචාර තියෙන්නෙ ඔගෙ හිනාවට - ඔදාන හංසක
2025 මැයි මස 11 8 0

මේ දිනවල සමාජ මාධ්‍ය තුළ වැඩි කතාබහකට ලක්වන කලාකරුවෙකු මෙවර සඳැල්ලෙන් හඳුන්වා දෙන්න හිතුවා. නර්තනයට රංගනයට, නිවේදනයට දක්ෂතා දක්වමින් ප්‍රේක්ෂක හදවත්


චිත්‍රපටයක් කරන්න තමයි බලාපොරොත්තුව උපේක්ෂා ස්වර්ණමාලි
2025 මැයි මස 09 23 0

රංගන ශිල්පිනී උපේක්ෂා ස්වර්ණමාලි කියනවට වඩා - තවමත් ඇයව බොහෝ ප්‍රේක්ෂකයන් හඳුනන්නේ “පබා” විදිහට. එදා අහිංසක පබා වූ ඇය - මේ දිනවල පුංචි තිරයේ “මාස්ටර් සර


සෝණා සමග සිනමාවට එන කැන්ඩි රුවැත්තිය මියෝනා
2025 මැයි මස 09 28 0

මියෝනා යන්නෙහි තේරුම ප්‍රාර්ථනාවක් කියලා තමයි ඇය කියන්නෙ. මේ ලස්සන මියෝනාගෙ ගම සුන්ඳර මහනුවර. ඇයගේ පවුලේ රුව ලස්සන මියෝනා කවුද කියලා කවුරුහරි ඇයගෙන්


මේ ගමන ආවේ අම්මාගේ ශක්තියෙන්
2025 මැයි මස 09 13 0

කලාවෙන් සුපෝෂිත රටක, ගීතය යනු - ශ්‍රාවකයන් ගේ මෙන්ම ප්‍රේක්ෂකයන් ගේ නොමඳ ගෞරවයට ආදරයට පාත්‍ර වූ කලා අංගයකි. එම කලාව අස්වැද්දීමට සම්මාදම් වෙන සාමාජික


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1038 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1445 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 374 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site