IMG-LOGO

2025 නොවැම්බර් මස 28 වන සිකුරාදා


ලංකාවේ ඉතිරිව ඇති පැරැණිම පුස්​ෙකාළ පොත කුමක්ද ?

ගැමි රස කතා

 

පැරැණි ලංකාවේ ප්‍රධානතම ලේඛන මාධ්‍යය වූයේ පුස්කොළ පොත්ය. තල ගසේ ළා ගොබ කපා කටු සැස දමා තීරු කපා තීරු දමා උණු වතුරේ තම්බා පදම් කිරීමෙන් තල කොළ ලිවීම සඳහා භාවිතා විය. මෑතක් වන තෙක් ලංකාවේ හඳහන් ලීවේ පුස්කොළවලයි. සකස් කර ගත් පුස්කොළ පත්තිරි ලෙස කපා වෙන් කර පන්හිඳවලින් ලිවීම සම්ප්‍රදාය විය. 
පන්හිඳෙන් ලිවූ විට පුස්කොළ​ පොත්වල අකුරු ලියවෙයි. එහෙත් අකුරු පැහැදිලිව දැකීමට පුස්කොළ කළු මැද ගත යුතු විය. ලියවන අකුරු කළු මැදීමෙන් පසුව පැහැදිලිව දිස්වෙයි. මිහිඳුහිමි කල ලංකාවට ලේඛන කලාව ආ පසු තවත් සියවස් තුනක් පමණ ධර්මය ආරක්ෂා කළේ ත්‍රිපිටකයේ කොටස් කටපාඩමින් රැකගත් භාණකවරුන්ය. 


වලගම්බා රජු කල බැමිණිටියාසාය පැතිර යාමෙන් පසු බොහෝ භාණකවරු කුසගින්නේ මිය ගියහ. සමහරු දඹදිවට ගොස් පණ බේරා ගත්හ. වළගම්බා රජු කල අළුතින් ඉදිකළ අභයගිරිය පසුකල මහායානයට බරවුණු නිසා පිරිසිදු බුදුදහම රැක ගැනීමට ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කළ යුතු විය. ඒනිසා වලගම්බා රජු කල මාතලේ ප්‍රදේශයේ අධිපතියකුගේ සහාය ඇතිව අවුරුද්දක පමණ කාලයක් ඉතිරි වී සිටි ථෙරවාදී භික්ෂූහු මාතලේ ආලෝක විහාරයේදී (අළු) ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කළහ. 


මුල්කල පුස්කොළ ලිවීම යටතේ සිදුවූ දැවැන්තම කාර්යය වළගම්බා රජු කල රජුගේ උදව් ඇතිව හෝ නැතුව ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීමයි. ඉන්පසු මහානාම රජු කල බුද්ධඝෝෂ හිමි සිංහල අටුවා පාලියට නැගීම ඉන්පසු සිදුවූ දැවැන්තම ලේඛන කාර්යය විය. බුද්ධඝෝෂ හිමිට පසු බුද්ධදත්ත ආදී හිමිවරු හෙළටුවා තවත් පාලියට නැගූහ. 


මුල්කල පුස්කොළ ලිවීම සඳහා පන්සල් ආශ්‍රිතව තල ගස් වවන ලදී. ලංකාවේ ප්‍රසිද්ධම තල උයන මාවණැල්ලට නුදුරු ගලතර පිහිටා තිබුණි. සෙන්කඩගල කල තවත් ප්‍රකට තල් උයන් තල්වත්ත හා මුල්ගම්පළ තලඋයන්වත්ත අවට පිහිටා තිබුණි. 


පන්හිඳෙන් ලිවූ පුස්කොළ විද කළු මැද ලී පතුරු යොදා බැඳ තබන ලදී. හිමිනමක් පුස්කොළ පොතක් ලිවූ පසු ඒ පොත් පිටපත් කර බෙදා හැරීමට ලියන්නෝ සිටියහ. සමහර පුස්කොළ පොත්වල එහි විස්තර වන කරුණු පැහැදිලි කිරීමට චිත්‍ර සටහන් යොදා ඇත. විශේෂයෙන් වෙද පොත්වල මේ බහුලව දැකිය හැක. පුස්කොළ පොත් ගබඩා කර තිබූ පොත්ගුල් විහාරවල ඒවායේ ආරක්ෂාවට සැවැන්දන මුල් යෙදුවේ කෘමීන්ගෙන් ආරක්ෂාවටයි. ඒ හැර සවස් වනවිට පුස්කොළ පොත් ආරක්ෂාවට හා කෘමි මර්දනයට දුම්මළ හෝ වෙනත් සුවඳ කුඩු පිළිස්සූ දුම් ඇල්ලීම සිදු විය. එය පොත් දිගුකල් රැක ගැනීමට හේතු විය. පොත්වල කෘමි මර්දනයද ඉන් සිදුවෙයි. 


අද ලංකාවේ ඉතිරිව ඇති පැරැණිම පුස්කොළ පොත කුමක්ද? දඹදෙණි 

 

කල ලියවුණු චුල්ලවග්ග පාලි පුස්කොළ පොත කොළඹ කෞතුකාගාරයේ සුරක්ෂිතව ඇත. එය දැනට අවුරුදු 850 ඉක්මවයි. ඒ නිසා දඹදෙණි යුගයට අයත් චුල්ලවග්ග පාලි පුස්ත​ෙකාළ පොත ලංකාවේ දැනට ඉතිරිව ඇති පැරැණිම පුස්කොළ ග්‍රන්ථය වෙයි. 

 


වත්තේගම හිටපු කලාප 
අධ්‍යාපන අධ්‍යක්ෂ 
එස්.කේ. ජයවර්ධන



අදහස් (0)

ලංකාවේ ඉතිරිව ඇති පැරැණිම පුස්​ෙකාළ පොත කුමක්ද ?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 177 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 243 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1120 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site