IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ලෝකයෙන් වඳවෙන්න ආසන්න සත්ත්වයෝ

හේතුව මිනිස් ක්‍රියාකාරකම්   

 

 

 

මිහිමත වාසය කරන බොහෝ ජීවීන් මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් වඳ වී යන බව පර්‌යේෂකයෝ සඳහන් කරති. ගස් කැපීම කැලෑ එළිපෙහෙලි කිරීම අවිධිමත් කෘෂි රසායන භාවිතය පරිසර දූෂණය ගෝලීය උෂ්ණත්වය ඉහළයාම හා කාලගුණ විපර්යාසයන්ද ජීවින් වඳවීමට හේතු වී ඇත. ජෛව විවිධත්ව මධ්‍යස්ථානය සඳහන් කරන පරිදි වර්තමානයේ ජීවත්වන සතුන්ට සියයට අනූනවයක්ම තර්ජනය වී ඇත්තේ මිනිස් ක්‍රියාකාරකම්ය. සෑම වසරකම සත්ව ගහණයෙන් 0.01% - 0.1% ක ප්‍රමාණයක් මිහිමතින් වඳවී යන බව වාර්තාවේ. වන විනාසය සතුන්ගේ වාසස්ථාන අහිමිවීමත් නිසා කුරුලු වර්ග 3ක් 2018 වසරේ වඳවීගොස් ඇති බව විද්‍යාඥයෝ පවසති.   


ක්‍රිප්ටික් ට්‍රී හන්ටර්, ඇලගොආස් පෝලියෙජි ග්ලිනර් හා හවායි පූලි එලෙස වඳවී ගිය කුරුලු වර්ග තුන බැව් පක්ෂි ජීවි ජාත්‍යන්තරය සඳහන් කරයි. ක්‍රිප්ටික් ටී හන්ටර් පක්ෂියා සෙ.මි 22ක් දිග ග්‍රෑම් 48 ක් බරැති හිස අළුපැහැයට හුරු කළු පැහැයෙන් ද බෙල්ල පිටුපස හා ශරීරය රන්වන් පාටට හුරු දුඹුරු පැහැයෙන් යුක්තය. ඇලගොආස් පෝලියේජි ග්ලීනර් සෙ.මි 18ක් දිග ග්‍රෑම් 30 - 38 අතර බර කැපීපෙනෙන කළු පැහැයට හුරු තද දුඹුරු පාටින් යුතු පක්ෂියෙකි. හවායි පූලි හිස කළු පැහැයෙන් හා පිට පෙදෙස දුඹුරු පැහැයෙන්ද බඩ පෙදෙස ක්‍රීම් පැහැයෙන්ද යුක්ත සෙ.මි 14ක් දිග ග්‍රෑම් 25ක් බර කළු පැහැති පාද ඇති පක්ෂියෙකි.   


මිහිමතින් වඳවීමට ආසන්න සතුන්ගෙන් එකකු වන පින්ටා දූපත් ඉබ්බා. 

 
විද්‍යාත්මක වර්ගීකරණය chelonoidis abingdonii හැඳින්විය හැක. මොවුන් ඉක්වදෝර්හි පින්ටා දූපත නිජබිම කරගෙන ජීවත්වන විශාල ඉදිබු වර්ගයකි. ආහාරය සඳහා මරා දැමීම නිසා වඳවීයාමේ තර්ජනයට ලක්ව ඇත. බ්‍රසීලියානු ස්පික්ස් මැකෝ (විද්‍යාත්මක වර්ගීකරණය Cynopsitta spixii) කහ පැහැති හා රතු පැහැති මල් පූදින කරේයිබා ගස්මත ජීවත්වන පක්ෂියෙකි. වන විනාශය නිසා මෙම ගස් විනාශ වීමෙන් වාසස්ථාන අහිමිවීමෙන් වඳවීමේ තර්ජනයට ලක්ව ඇත. දැනට විවිධ රටවල ඇති සත්වෝද්‍යානවලදී පමණක් දැක ගතහැකි බව වාර්තා වේ.   


සිමීටර් ඔරික්ස් (විද්‍යාත්මක නාමය Oryx dammah) උතුරු අප්‍රිකාවේ ටියුනීසියාව මොරොක්කෝ හා සෙනගල් නිජබිම කරගෙන ජීවත්වන ගෝනුන් වර්ගයට අයත් සිව්පාවෙකි. ඉහළ වටිනාකමක් ඇති මෙම සතුන්ගේ අං ලබාගැනීම සඳහා දඩයම් කිරීම හේතුවෙන් වඳවීයාමේ තර්ජයනට ලක්ව ඇත. රුසියාව හා චීනය යන රටවල ජීවත්වන අමුර් දිවියාද (විද්‍යාත්මක නාමය Panthera pardus Orientalis) දැඩි ලෙස වඳවී යාමේ තර්ජනයට ලක්ව සිටින සතෙකි. අලංකාර ලොම් සහිත සම් ලබාගැනීම සඳහා දඩයම් කිරීම හේතුවෙන් වඳවීයාමේ තර්ජනයට ලක්ව ඇති බව සොබාදහම සංරක්ෂණය කිරීමේ ජාත්‍යන්තර සංගමය (IUCN) සඳහන් කරයි. නීතිවිරෝධී ලෙස දඩයම් කිරීම හා වන විනාශය මොවුන් වඳවී යාමට තවත් හේතුවක් වී ඇත.   


නැගෙනහිර හා දකුණු දිග අප්‍රිකාවේ වාසය කරන කළු රයිනෝද (වි.නා.Diceros bicornis) කෙන්යාවේ ජීවත්වන උතුරු දිග සුදු රයිනෝද (විදා.නා Ceratotherium Simun Cottoni) ඉන්දුනීසියාවේ වාසය කරන ජාවා රයිනෝද  (වි.නා Rhinoceros Sondaicus) මලයාසියාවේ ජීවත්වන සුමාත්‍රානු රයිනෝද (වි.නා Dicerorhinus Sumatrensis) දඩයම් කිරීම වන විනාශය ලෙඩ රෝග වැනි කරුණු නිසා වඳවීයාමේ තර්ජනයට ලක්ව සිටින බව අයියූසීඑන් සංගමය සඳහන් කරයි. චීනයේ සාම්ප්‍රදායික දේශීය වෙදකම් සඳහා කළු රයිනෝ අඟ ලබා ගැනීමට මරා දැමීම නිසාද කළු රයිනෝ සතුන්ගේ වඳවී යාමට හේතුවක් වී ඇත.   
වඳවී යාමේ තර්ජනයට ලක්ව සිටින තවත් සමතෙකු ලෙස සොබාදහම සංරක්ෂණය කිරීමේ ජාත්‍යන්තර සංගමය සඳහන් කරනුයේ තපානුලි ඔරංඋටංය (වි.නා Pongo tapanuliensis) ඉන්දුනීසියාවේ වාසය කරන මෙම සතුන් ආසියාවේ වෙසෙන විශාල වානර වර්ගයට අයත් වේ. මෙම සතුන් දුරින් මිනිස් වර්ගයාට නෑකම් කියන බුද්ධිමත් සතකු ලෙස පිළිගැනේ. වන විනාශයත් නීති විරෝධී දඩයම් කිරීම නිසාත් දැඩිලෙස වඳවීයාමේ තර්ජනයට ලක්ව සිටින සත්ව විශේෂයකි. සොබාදහම සංරක්ෂණය කිරීමේ ජාත්‍යන්තර සංගමය සඳහන් කරන පරිදි පසුගිය වසර 75 තුළ ඔරංඔටං සත්ව ගහණයෙන් 80% ප්‍රධාන වශයෙන් වන විනාශය නිසා විනාශ වී ඇත.   

 

 


වඳවීයාමේ තර්ජනයට ලක්ව සිටින තවත් සත්ව විශේෂයක් වනුයේ ක්‍රොස් රිවර් ගොරිල්ලාය නයිජිරියාවේ වාසය කරන මෙම සතුන් (වි.නා Gorilla gorilla diehli) ක්‍රොස් රිවර් ගොරිල්ලා හා කඳුකර ගොරිල්ලා යනුවෙන් වර්ග දෙකකි. නීති විරෝධී දඩයම් කිරීම වන විනාශය සුරතල් සතුන් ලෙස වෙළෙඳාම් කිරීම එබෝලා වෛරසය බෝවීම නිසා උග්‍රලෙස වඳවීයාමේ තර්ජනයට ලක්ව සිටින බුද්ධිමත් සතකු ලෙස සඳහන් වේ. ගයනාවේ වාසය කරන බටහිරදිග චිම්පන්සියාද (වි.නා Pantroglodytes verus ඔවුන්ගේ නිජබිම මිනිසා විසින් ආක්‍රමණය කිරීමේ හේතුවෙන් වාසස්ථාන අහිමිවීම නිසාද නීතිවිරෝධී දඩයම් කිරීම හා ලෙඩරෝග වැළඳීම නිසාද වඳවී යාමට ආසන්න මිනිසාට බොහෝ දුරට සමානකම් ඇති සත්ව විශේෂයකි.   


මැලේසියාවේ ජීවත්වන මලයානු කොටියාද 
(වි.නා.Panthera tigirs) 


නීතිවිරෝධී දඩයම් කිරීම සංවර්ධන කටයුතු වෙනුවෙන් මොවුන්ගේ වාසස්ථාන අහිමිවීමද නිසා වඳවීයාමේ තර්ජනයට ලක්ව සිටින සිව්පාවෙකි. සාම්ප්‍රදායික දේශීය වෙදකම් සඳහා මරාදැමීම වඳවී යාමට හේතුවක් වී ඇත.   


ලොව පුරාම ජීවත්වන හෝකස්බිල් මුහුද කැස්බෑවා ද (වි.නා Eretmoechelys imbricata) වඳවී යාමට ආසන්න සතකු ලෙස හැඳින්වේ. මෙම සතුන්ගේ කටුව අරුමෝසම් භාණ්ඩ සෑදීම සඳහා ලබා ගැනීමට මරාදැමීම නිසා වඳවී යාමේ ප්‍රවණතාව වැඩිවී ඇත. ඉන්දියාවේ වාසය කරන රෙඩි ක්‍රවුන්ඩි රූෆ් කැස්බෑවුන්ද (වි.නා Batagur Kachuga ජලය දූෂණයවීම නිසා නේපාලය හා බංගලාදේශයේ සිට පැමිණි සතුන්ය. නීතිවිරෝධී මාළු දැල්වලට හසුවීමෙන්ද විනාශයට පත්වෙමින් සිටින ඉන්දියාවේ චම්බාල් ගංගාවේ ජීවත්වෙන මිරිදිය කැස්බෑවුන් විශේෂයකි. දැනට ජීවත්ව සිටිනුයේ 500ක් පමණ කැස්බෑවුන් සංඛ්‍යාවක් බව අයියූසීඑන් සංගමය සඳහන් කරයි.   

 


 මතුසම්බන්ධයි...


ශාස්ත්‍රවේදී  පී.ඩබ්ලිව්.ගුණතිලක 

 



අදහස් (0)

ලෝකයෙන් වඳවෙන්න ආසන්න සත්ත්වයෝ

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31137 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13270 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10953 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 52 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 885 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 268 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site