අමතක නොවන උතුරේ යුද බ්ම්
මඩකලපුව දිස්ත්‍රික් සංවර්ධන සභා ඇමැතිවරයාව සිටි එන්. කනගරත්නම් මහතාට කොල්ලුපිටියේ පිහිටි ඔහුගේ නිවසේදී වෙඩි තබා ඝාතනය කළේ 1978 වසරේදීය.
එවකට පොලිස්පතිවරයාව සිටි අානා සෙනවිරත්න මහතාගේ නියෝගයක් අනුව ඇමැති කනගරත්නම් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් විමර්ශනය කර ඝාතකයන් අල්ලා ගැනීමේ වගකීම පවරනු ලැබුවේ රහස් පොලිසිය වෙතය.
කනගරත්නම් මහතා ඝාතනය කිරීම සම්බන්ධයෙන් රහස් පොලිසිය පරීක්ෂණ පවත්වා අත්අඩංගුවට ගත් සැකකරුවන් 07 දෙනකු අතරේ පාසල් ගුරුවරයෙකුද සිටියේය.
ඇමැතිවරයාගේ ඝාතනය එවකට එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ප්‍රබලයකුව සිටි උමා මහේෂ්වරන්ගේ අනුදැනුම හා සැලැස්මකට අනුව ක්‍රියාත්මකවී ඇති බව රහස් පොලිසිය හෙළිකරගෙන තිබුණේ අත්අඩංගුවට ගත් පාසල් ගුරුවරයාගෙන් ප්‍රශ්න කිරීමේදීය.
රහස් පොලිසියේ පොලිස් පරීක්ෂක බැස්ටියන්පිල්ලේ, උපපොලිස් පරීක්ෂක ඒ.ඊ. පෙරම්පරම්, පොලිස් සැරයන් බාලසිංහම් කනගරත්නම් ඇමැතිවරයාගේ ඝාතනයට සම්බන්ධ උමා මහේෂ්වරන් ඇතුළු කල්ලිය අල්ලා ගැනීමට මඩු කැලෑවට යාමට ගිය පොලිස් කණ්ඩායමට ඇතුළත්වී ඇත.
මෙම රහස් පොලිස් නිලධාරීන් තිදෙනා කොළඹ සිට මඩකලපුව කැලෑවට පිටත්ව ගියේ රහස් පොලිසියට අයත් පර්ජෝ වර්ගයේ කාර් රථයකිනි.
ඒ කාර් රථයේ රියදුරා වූයේ රහස් පොලිසියේ පොලිස් කොස්තාපල් සිරිවර්ධන මහතාය.
ඇමැති කනගරත්නම් මහතාගේ ඝාතකයන් අල්ලා ගැනීමට ගිය රහස් පොලිසියේ නිලධාරීන් සිවුදෙනාම අවසානයේ ඝාතනය වූයේ උමා මහේෂ්වරන් ඇතුළු ඔහුගේ සහචරයන් කිහිපදෙනෙකු අතිනි.
ඒ 1978 වසරේ අප්‍රේල් මාසයේ 04 වැනිදාය.
රහස් පොලිසියේ මේ නිලධාරීන් සිවුදෙනාගේ ඝාතකයන් කොටුකර ගැනීමට පරීක්ෂණ කටයුතු මෙහෙයවනු ලැබුවේ රහස් පොලිසියේ පොලිස් පරීක්ෂක ඒ.කේ. හේමචන්ද්‍ර මහතාගේ නායකත්වයෙන් යුතු උපපොලිස් පරීක්ෂක ඇන්තනිපිල්ලේ සුසෙයිදාස් මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් විසිනි.
මේ සම්බන්ධව පරීක්ෂණ සිදුකළ පොලිස් පරීක්ෂක ඕ.කේ. හේමචන්ද්‍ර මහතා විසූ කාලයක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු ලෙස උසස්වීම් ලබා මේ වනවිට විශ්‍රාම ලබා ඇත.
ඕ.කේ. හේමචන්ද්‍ර මහතා දක්ෂ අපරාධ විමර්ශකයකු ලෙස පොලිස් දෙපාර්තමේන්තුව තුළ ප්‍රසිද්ධියට පත්ව සිටියේය.
සහකාර පොලිස් අධිකාරිවරයකුව සිටි නිෂාම් මහතාගේ ප්‍රධානත්වයෙන් එවකට උපපොලිස් පරීක්ෂක නිලයේ සිටි ධර්මසිරි කරුණාරත්න මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක්ද මෙම පරීක්ෂණවලට පොලිස්පතිවරයා විසින් පත්කර තිබිණි.
නිෂාම් මහතා නියෝජ්‍ය පොලිස්පතිවරයකු ලෙස උසස්වීම් ලබා විශ්‍රාම ලැබ සිටියදී මියගිය අතර උපපොලිස් පරීක්ෂක කරුණාරත්න මහතා පොලිස් අධිකාරි නිලයට උසස්වීම් ලබා සිටියදී විශ්‍රාම ලබා ඇත.
අලව්ව දොඩම්කුඹුර ප්‍රදේශයේ කරුණාරත්න මහතා පදිංචිව සිටින අතර අප ඔහු මුණගැසුණේ ඒ ප්‍රදේශයේදීය.
ධර්මසිරි කරුණාරත්න මහතා 1975 වසරේ සිට 1980 වසර දක්වා යාපනය අර්ධද්වීපයේ ත්‍රස්තවාදී ක්‍රියා මැඩපැවැත්වීමට හා ත්‍රස්තවාදී විමර්ශන කටයුතුවලට සුවිශේෂී දායකත්වයක් ලබාදුන් දක්ෂ පොලිස් නිලධාරියෙකුව සිටියේය.
ත්‍රස්තවාදීන්ට මහත් හිසරදයක් වූ නිසා කරුණාරත්න මහතා ඔවුන්ගේ ඝාතන ලයිස්තුවේ ඉහළින්ම සිටි නිලධාරියෙකුද විය.
විශ්‍රාමික පොලිස් අධිකාරි කරුණාරත්න මහතාට මරණ තර්ජනය කරමින් එල්.ටී.ටී.ඊ. සංවිධානය එවා තිබූ ලිපියක්ද තවමත් ඔහු සතුව පවතී.
එහි අකුරුද මැකී ගොස් ඇති නිසා එය ඒ තරම් පැහැදිලි නැත.
මරණ වරෙන්තු නිකුත් කරමින් කරුණාරත්න මහතාට මේ ලිපිය එල්.ටී.ටී.ඊ. ලාංඡනය සහිත ලිපි ශීර්ෂයක් යටතේ එවා ඇත්තේ 1979 වසරේ ජූලි මාසයේ 17 වැනිදා දින යටතේය.
රහස් පොලිස් පරීක්ෂක බැස්ටියන් පිල්ලේ මහතා ඇතුළු රහස් පොලිස් නිලධාරීන් සිවුදෙනාගේ ඝාතනයට අදාළ පරීක්ෂණවල තොරතුරු ඔහු සතුව පවතී.
රහස් පොලිස් නිලධාරීන් සිවුදෙනාගේ ඝාතනයට අදාළව එවකට එහි පොලිස් පරීක්ෂක නිලය දැරූ ඕ.කේ. හේමචන්ද්‍ර මහතා සුබ්‍රමනියම් විග්නේෂ්වරම් (33) නමැත්තෙකුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කර ප්‍රකාශයක් ලබාගෙන ඇත.
මෙම ප්‍රකාශය රහස් පොලිසිය ලබාගෙන ඇත්තේ 1979 වසරේ මැයි මාසයේය.
සුබ්‍රමනියම් නමැත්තා ඒ ප්‍රශ්න කිරීම් හමුවේ මෙසේ පාපෝච්චාරණය කර තිබේ.
මොහු පේදුරුතුඩුව අල්මායි දකුණු ප්‍රදේශයේ පදිංචි අයෙකි.
මහනුවර කටුගස්තොට ශාන්ත සෙබස්තියන් විද්‍යාලයෙන් මම 1956 වසරේ සිට 1965 වසර දක්වා ඉගෙනගත්තා. මගේ මාමා කෙනෙකුගේ ගෙදර නැවතී ඉඳලා තමා ඉස්කෝලේ ගියේ. ඔහුගේ නම කදිර්ගාමර් තම්බි. කටුගස්තොට ගොහාගොඩ පාරේ තමා මාමා පදිංචිවෙලා හිටියේ. ඔහු ලිපිකරුවෙක්. මම ජී.සී. ඕලෙවල් විභාගය පාස් වෙලා වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ පොලොන්නරුව කාර්යාලයේ ලිපිකරුවෙක් ලෙස සේවයට 1971 වසරේ බැඳුණා. ඊට පස්සේ මාව මුලතිව්වලට මාරු කළා. 1973 වසර දක්වා මම එහි සේවය කළා. ඒ වසරේම මම නාගේෂ්වරි කියන තරුණිය එක්ක විවාහ වුණා. ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ උපාධියක් හැදෑරීමට මම 1974 වසරේ ඇමරිකාවට ගියා. බිරිඳත් 1975 වසරේ මම ඉන්න රටට ආවා. මම උපාධිය පාස් කරලා බිරිඳත් එක්ක 1975 වසරේම ආයෙත් ලංකාවට පැමිණියා.
ලංකාවට ඇවිත් මම රුපියල් 15000 ක පමණ මුදලකට ඊ.එල්. 9515 අංකය දරන ඔස්ටින් සමර්සෙට් කාර් එකක් මිලදීගෙන මිරිස් බිස්නස් කරන්න පටන්ගත්තා. ඔය කාලයේ මට ටී.ආර්.ආර්.ඕ කියා රාජ්‍ය නොවන සංවිධානයේ කිහිපදෙනෙකුම හඳුනාගැනීමට ලැබුණා. හැකි පමණින් මම ඒ සංවිධානයට යම් යම් උපකාර කළා. මට උමා මහේෂ්වරන් මුණගැසුණෙත් ඔය කාලයේම තමා. ඔහුගේ මාර්ගයෙන් ගනේෂ් අයියර් දයාබර සිංගම් ඇතුළු තව කිහිපදෙනෙක් හඳුනාගැනීමට ලැබුණා. නාගරාසා ගුවන්විදුලියේ සේවය කළ කෙනෙක්.
මම පුලියන්කුලම ෆාම් එකට මගේ කාර් එකේ ගියා. එ්ක පාලනය වන්නෙත් ටී.ආර්.ආර්.ඕ. කියන රාජ්‍ය නොවන සංවිධානය යටතේ. මේ සංවිධානය එල්.ටී.ටී.ඊ. එකට සම්බන්ධවෙලා තිබුණ බව මම දන්නවා. මම මේ කඳවුරේ ඉන්නකොට ආවා. ඔහු හොඳටම බයවෙලා ලොකු තැතිගැන්මකින් හිටිය බව අපට පෙනී ගියා. කනගරත්නම් ඇමැතිගේ ඝාතනයට අපව අල්ලන්න සී.අයි.ඩී. එකේ කට්ටියක් ආවා. අපි ඒ හතරදෙනාටම වෙඩි තියා මරා දැම්මා කියා ඔහු අපිත් එක්ක කිව්වේ බැස්ටියන් පිල්ලේට නාගරාසා වෙඩි තැබුවා කියා. සැරයන් බාලසිංහම්ට උමා මහේෂ්වරන්ද උපපොලිස් පරීක්ෂක පෙරම්බරම් සෙල්ලක්කුලියද පොලිස් කොස්තාපල් රියදුරාට මම (ගනේෂ් අයියර්) වෙඩි තැබූ බවත් ඔහු අපිත් එක්ක පැවසුවා.
උපපොලිස් පරීක්ෂක පෙරම්බරම්ට වෙඩි තිබ්බ ආකාරයත් ඔහු අපිත් එක්ක කිව්වා. මඩු කැලේ ළිඳක් ළඟ පෙරම්බරම් ඉන්නා අවස්ථාවේ ඔහු ඥානම්ව අල්ලාගත්තා. ඊට පස්සේ දෙන්නා අතර පොර බැදීමක් ඇතිවුණා. ඒ අවස්ථාවේ දෙන්නම ළිඳට වැටුණා. ඥානම් මුලින්ම ගොඩට ආවා. එස්.අයි. පෙරම්බරම් පිස්තෝලයක් එක් අතකින් අරගෙන ළිඳේ කඹය අල්ලාගෙන ගොඩට එද්දී සෙල්ලක්කුද ළිඳ ළඟට ඇවිත් ළිඳෙන් ගොඩවෙමින් සිටිය පෙරම්බරම්ට වෙඩි තිබ්බා. එතකොට ආයෙත් ළිඳ ඇතුළට වැටුණා කියා තමා ගනේෂ් අයියර් අපට කිව්වේ.
රහස් පොලිස් නිලධාරීන් පැමිණි කාර් රථය උමා මහේෂ්වරන් ඇතුළු කල්ලිය පැහැරගෙන ගොස් කොළඹ යාපනය දුම්රිය මාර්ගය ආසන්නයේ තිබෙන ඕමන්ත ප්‍රදේශයේ ළඳු කැලෑවකට අරගෙන ගිහින් පුළුස්සා දමා ඇති අතර එම මාර්ගයේ ගමන්ගත් දුම්රියේ රියදුරා කාර් රථයක් ගිනි ගන්නවා දැක ඒ බව පොලිසියට දැනුම්දී ඇත.
ඝාතනය කෙරුණු රහස් පොලිස් නිලධාරීන් හත්දෙනාගේ සිරුරුද පසුව සොයාගැනුණි.
ළිඳට වතුර ගන්න ගිය කෙනෙක් ළිඳ ඇතුළේ මළ සිරුරක් දැක ඒ බව ඕමන්ත පොලිසියට කිව්වාට පස්සේ පොලිසියේ රාළහාමි කෙනෙක් ඇවිත් තිබෙනවා. පසුව ළිඳේ තිබුණ මළ සිරුර ගොඩට අරගෙන. සහකාර පොලිස් අධිකාරි නිෂාම් මහත්තයා හා මමත් එතැනට ගියා. ළිඳෙන් ගොඩගත් සිරුර ඒ වෙනකොට හොඳටම නරක්වෙලා තිබුණේ.
සිරුර ඇඳ සිටි කලිසම් සාක්කුව පරික්ෂා කර බලනකොට හැඳුනුම්පතක් තිබී සොයාගත්තා. ඒ හැඳුනුම්පතෙන් තමා එස්.අයි. පෙරම්බරම් ගේ සිරුර කියා හඳුනාගත්තේ යැයි විශ්‍රාමික පොලිස් අධිකාරි ධර්මසිරි කරුණාරත්න මහතා පවසයි.
රහස් පොලිසියේ එවකට පොලිස් පරීක්ෂක නිලයේ සිට පසුව නියෝජ්‍ය පොලිස්පති නිලයට උසස්වීම් ලැබූ සිසිර මෙන්ඩිස්, එස්.සී. පතිරණ (නියෝජ්‍ය පොලිස්පති) සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පී.වී.ඩබ්ලිව්. සිල්වා යන මහත්වරුන් ඇතුළු රහස් පොලිස් කණ්ඩායමක්ද මෙම පරීක්ෂණවලට හවුල්වී ඇත.
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
තිරගත වන ‘‘රෝස ආදරේ’’ සමඟින් ප්‍රේක්ෂකයා හමුවට එන පැතුම් රුක්ෂාන් සමඟින් මෙවර සඳැල්ලෙන් කතාබහක් කරන්න හිතුවා.
නූල අත ඇරුණු සරුංගලයක් වගේ ප්‍රාර්ථනා ගිලිහුණු යොවුන් හදවත් දෙකක් හුදෙකලාව ගයන සංවේදී පද මාලාවත් ඊටම උචිත මනරම් තනුවත් හා මියුරු ගායනයත් යූ ටියුබ් නා
පිරිමි ළමයි නාට්‍යයේ දිල්හාරා යනු කතාවේ හැටියට අහිංසක තරුණියකි. අඩු කුලේ යැයි ගම්මු විසින් නම් කළ පවුලකට අයත් ඇය හාමු කෙනෙකුට ආදරය කිරීම නිසා චිත්ත පී
ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය තුළ මෙන්ම චිත්‍රපටි ක්ෂේත්‍රයේත් සිහින කුමරා ලෙසින් වැජඹුණ චන්න පෙරේරාට සෙනසුරු මාරුව චිත්‍රපටියේ නිසල් අභියෝගයක් වූයේය.
‘අයියයි-මල්ලියි’ යන සහෝදර බැඳීම ගැන මැනීමට මිනුම් දඬු අවැසි නොවේ. සහෝදර බැඳීම යනු අන් කවර බැඳීමකට වඩා අරුත් බර වූවකි.
සිරස වොයිස් ටීන් රියැලටිය හරහා ගායන ක්ෂේත්‍රය තුළ වාඩාත් ජනාදරයක් දිනා ගන්නා ඇය එක රැයකින් තමන්ගේ ජීවිතය වෙනස් මාවතකට රැගෙන ගිය ගායන තරුවකි. ගායිකාව
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
රහස් පොලිස් නිලධාරී බැස්ටියන් පිල්ලේගේ ඝාතකයන් කළ පාපොච්චාරණය