භාරත දේව සභාව

 

​මේ කතාවේ මුල් කොටස් ඉකුත් දෙසතියේ පළවිය.  


 
තාරා සිටියේ වික්ෂිප්තවය. බියෙන් තැතිගත් ඇගේ දෙනෙතින් කඳුළු බිඳු දෙකක් ඉපිද තිබිණි. දෙසොහොයුරන් අතර සිදුවන මේ සටන නතර කර ගැනීමට නොහැකි වීම ඇගේ දැඩි කම්පාවට හේතු වී තිබිණි. 

  
“අම්මේ...”   
තාරා වෙත පැමිණි අන්ගාධ සිහින් හඬින් කොඳුළේය.   
තාරා, තම යොවුන් පුතු දෙස බැලුවේ හිස් දෑසිණි.   
“අම්මේ, ඔයා මාව අඬවනවා”   
අන්ගාධ යළි පැවසුවේය.   
එහෙත් ඊළඟ මොහොතේ මුව ගොළුකරගත් ඔහු අම්මාගේ සුරත අල්ලාගත්තේය.   
“අම්මේ, ඇයි මේ අඬන්නේ?”   
එවිටම තාරාටත් අන්ගාධටත් ඇසුණේ යම් කිසිවෙක් කෑ ගසන හඬකි.   
“උතුම් වාලි බිම ඇද වැටුණා”   
ඔහු කීවේ එසේය.   
තාරා​ගේත් අන්ගාධගේත් ඇස් එක්වරම යොමුවූයේ වාලි සහ සුග්‍රීව අතර පැවැති සටන වෙතටය. ඇත්තටම ඒ මොහොතේ වාලි බිම ඇද වැටී සිටියේය.   
“නෑ මගෙ තාත්තාට මැරෙන්න දෙන්න බෑ ඔව් මගේ තාත්තා මැරෙන්නෙ නෑ.”   
අන්ගාධ කීවේ බිම වැතිර සිටි වාලි වෙත දුවමිනි.   
ඒ සමගම තාරාද වාලි වෙත දිවගියාය.   
එහෙත් වානර ආරක්ෂකයා තාරාගේ ඉදිරියට පැන්නේය.   
“කරුණාකර මට සවන් දෙන්න. සටනින් ජයගත්තේ සුග්‍රීව... ඒත් ඉක්මණටම කිරුළ ඔබේ පුතුට පළඳන්න. නැති වුණොත් සුග්‍රීව රාජ්‍යය පැහැර ගනීවි”   
එහෙත් වානර ආරක්ෂකයා කියූ කිසිවක් තාරාට කල්පනා නොවිණි. ඇගේ ඇස් දිවගියේ බිම වැටී සිටි සිය පෙම්බර සැමියා වෙතටය.   
“මගෙ මිනිහව මේ විදිහට මරල දැම්මේ කව්ද?”   
තාරා කෝපාවිශ්ටව ඇසුවාය.   
“මට උෟව හම්බවෙන්න ඕනෑ”   
ඒ වනවිටත් වාලිගේ පපුව මැද ඊතලයක් ඇනී තිබිණි. තාරා ඔහු වෙත පහත් වී බලන විට වාලි අපහසුවෙන් හුස්ම ගන්නා හැටි ඇයට දැකගත හැකිවිය. ඔහු හිස යාම්තම් හරවා තාරාටත් සිය පුතනුවන්ටත් කතා කළේය.   
තාරා බලාසිටියේ සුග්‍රීවගේ පසෙකින් සිටගෙන සිටි කාලවර්ණ උස් මිනිසා දෙසය. කළු පැහැ දෑසකට හිමිකම් කී ඔහු බැලූ බැල්මටම කඩවසම් පුද්ගලයෙකි.   
“මෙයා ද අයෝධ්‍යාවෙ රාම රජ්ජුරුවෝ”   
තාරා තමන්ටම කියා ගත්තාය.   
එවිටම වාලි, අපහසුවෙන් තම හඬ අවදි කළේය.   
“ඔබට බැරිද මවෙත එන්න, රාම”   
සිය පියා අපහසුවෙන් වචන පිටකරන හඬ ඇසුණු අන්ගාධ වහාම වාලි වෙත දුවගෙන ආවේය.   
“පියාණනි, ඔබට කුමක්ද අවශ්‍ය?”   
අන්ගාධ ඇසුවේය.   
එහෙත් පුතුගේ වචන වලට අවධානය යොමු නොකළ වාලි, බලාසිටියේ රාම දෙසය.   
රාම වහාම වාලි සමීපයට පැමිණියේය.   
“ඔබේ සීතා මේ මොහොතේ සිටින තැන ගැන මං දන්නවා. ඇය ඉන්නෙ ලංකා රාජ්‍යයෙ එහි රජු රාවණ විසින් ඔබේ සීතාව පැහැරගෙන යනු ලැබුවා”   
වාලි කීවේය.   
එය රාමට විශ්වාස කළ නොහැකි පුවතකි. ඔහු වාලි දෙස බැලුවේ පුදුමයෙනි.   
“ඔබේ පියා දශරථ මගේ පියාට උදව් කරලා තියෙනවා. යක්ෂයා පළවා හැරීමට එබැවින් මා ඔබට සීතා බේරාගැනීම සඳහා උපකාර කරන්න සූදානම්.”   
තාරාගේ ඇස්වල යළිත් කදුළු පිරිණි. සිය සැමියාගේ අතින් අල්ලා ඔහුට නැගිටින්නට උපකාර කළ තාරා වාලිගේ දෑසට එබී බැලුවාය. එහෙත් වාලිගේ දෙනෙත තිබුණේ රාම ළඟය.   
“මේ වානරයා”   
සුග්‍රීව දෙස බැලු වාලි කෑගැසුවේය.“මේ යෝධයා, මගෙ පෙම්බර බිරිඳ වැන්දඹුවක් බවට පත් කළා. ඒ වගේම මගේ රාජ්‍යය පැහැරගත්තා. වාලි කීවේය “මට දැන් හිතලා තියෙන්නෙ ඒ දෝහියාව මරල දාන්න”  
“ඔහු ඔබේ බාල සහෝදරයා. වාලි”   
රාමා සංසුන්ව පැවසුවේය. සුග්‍රීව   
පොරොන්දු වුණා ඔබව බලාගන්නා බවට. ඔහු ඇත්තටම ඔබේ පුතෙක් වගෙයි වාලි” ඔබට ඔහුගෙන් යම් අත් වැරැද්දක් වෙලා තියෙනවනම් ඒක අමතක කරන්න වාලි”   
වාලි වෙත පහත් වී ඔහුගේ දෙඅතින් අල්ලාගත් තාරා, ඔහු නැගිටුවන්නට උත්සාහ කළාය. එහෙත් වාලි, ඇගේ උදව්ව ප්‍රතික්ෂේප කළේය.   
“මම ඔබට කිසිම වැරැද්දක් කරලා නැතිවත් ඔබ මාව මරන්න හැදුවෙ ඇයි රාම”   
වාලි, රාමගෙන් විමසුවේය.   
“භාරත රජු කියන්නෙ මගෙ සහෝදරයා. ඔහුගේ අණ පරිදි, කිසියම් යක්ෂයකු කොතැනක සිටියත් ඔහු විනාශ කර දැමීය යුතු වෙනවා. නමුත් ඔබ රජකු ලෙස මට කවදාවත් ඔබේ සහයෝගය ඒ වෙනුවෙන් ලබාදී නැහැ”   
රාම කීවේය “ඔබ මායාවි සමඟ සටන් කරන අතරවාරයේදී ඔබේ රාජධානිය ඔබට අහිමිවුණා. එයින් පස්සේ ඔබ රජ්ජුරුවො නෙමෙයි. ඒ නිසා දැන් ඔබට, මට උදව් කිරීමට කොහෙත්ම බැහැ”   
වාලි, හිස ඔසොවා සිය බිරිඳ දෙස බැලුවේය.   

 

වාලිගේ මරණයට පසු, සුග්‍රීව කිසිකන්දාවේ රජ කිරුළ පැළඳුවේය. තම බිරිය වූ සීතා සොයාගැනීම සඳහා සුග්‍රීව ගේ උපකාරය ලැබෙණු ඇතැයි ඔහු බලාපොරොත්තු වූවේය.   ඒ ​ෙවන විටත් සීතා අතුරුදන්ව සිව් මසක් ගෙවී තිබිණි. මේ මුළු කාලයම වස්සානයට අයත් විය. අධික වැසි වැටෙන බැවින් මේ වස්සාන සමයේදී කිසිවෙකුටත් වනාන්තර ගතවීමට නුපුළුවන. සීතා කොහේ හෝ ගල්ලෙනක හිර වී සිටිනු ඇතැයි රාම කල්පනා කළේය. වස්සානය නිමා වූ වහාම ඇය සෙවීම යළි ආරම්භ කළ යුතු බවට රාම තීරණයක් ගෙන තිබිණි.   එහෙත් සුග්‍රීව රජ වී තම මන්දිරයට ගිය පසුව ඔහු රාමට වූ පොරොන්දුව සහමුලින්ම අමතක කර දැමුවේය.   

 

 


තාරා දෑසින් නොකඩවාම කඳුළු ගලාඑමින් තිබිණි. ඒ කඳුළු දෑසින්ම ඇය සුග්‍රීව දෙස බලාසිටියාය.   
“ඔබට සුග්‍රීව සමඟ තරහවන්නට බැහැ”   
සුග්‍රීවගේ ඇමතියකු වන හනුමන්තා තාරා හා වාලි අතරට පැමිණියේ ඔය අතර තුරය. ඔහුගේ මුහු​ෙණහි සටහන්ව තිබුණේද කනගාටුවකි. තාරා දෙස බැලූ ඔහු තෙත් වූ දෙනෙත් පිස ගත්තේය.   
“මොකද්ද මේ සිද්ධ වුණේ? තාරා ඔබ ඔබේ අනාගතය ගැන හිතිය යුතුයි නේද? ඒ වගේම ඔබේ පුතාගෙ අනාගතය ගැනත් සිතිය යුතුයි”   
වාලි බර හුස්මක් ගත්තේය.   
අන්ගාධ ට රජු ලෙස කිරුළ පළඳවන්න”   
හනුමන්තා කීවේය.   
තාරා තදින් හිස සලා සිය සැමියා දෙස බලා සිටියාය.   
“නෑ සුග්‍රීව ජීවතුන් අතර ඉන්නවා. ඒ නිසා මගේ පුතුට කිරුළ පැළදවිය යුතු නෑ”   
වාලි සහ තාරා එකිනෙකා දෙස බලා සිටියහ. ඒ අතර වාලිගේ දෙතොලතර ඇදී ගියේ සිහින් හසරැල්ලකි.   
“එසේනම් ඔබ සුග්‍රීවට උදව් කරන්න”   
වාලි කීවේය.   
තාරා හිස සැලුවාය.   
එහෙත් ඇය වචනයක්වත් පැවසුවේ නැත.   
වාලි ඊළඟට බැලුවේ අන්ගාධ දෙසය. “ඔබ ඔබේ බාප්පාට උදව් කරන්න පුතා”   
වාලි, සුග්‍රීව දෙස හැරී බැලුවේය.   
“මම උඹත් එක්ක තරහක් නෑ මල්ලී. මට උඹට කියාගන්න බැරි දෙයක් තිබුණා. නමුත් ඒක උඹ දන්නවා. තාරා කියන්නෙ මගේ ශක්තිය. ඇය හැම දෙයක්ම දන්නවා. ඒ වගේම ඇයට හැම දෙයක්ම තේරුම් ගන්න ශක්තිය තියෙනවා. ඇය යම් දෙයක් කිව්වොත් ඒ දේ හරියටම හරි”   
ඒ වගේම ඇය කිව්වොත් යමක් සිද්ධ වෙනවා කියලා ඒ දේ සිද්ධ වෙනවමයි”   
ඉනික්බිති වාලි හැරුණේ රාම වෙතටය. ඔහු දෙස සෘජුව බලාසිටි වාලි සිය අවසන් හුස්ම පොද වාතලයට මුසු කළේය.   
“වාලී මගෙ වාලී”   
තාරා වහා පහත් වී වාලිගේ සිරුර සෙල වූ අතර අන්ගාධ ද ශෝකයෙන් විලාප දුන්නේය.   
එහෙත් ඒ කිසිවක් වාලිට නොඇසිණ.   
වාලිගේ මරණයට පසු, සුග්‍රීව කිසිකන්දාවේ රජ කිරුළ පැළඳුවේය. තම බිරිය වූ සීතා සොයාගැනීම සඳහා සුග්‍රීව ගේ උපකාරය ලැබෙණු ඇතැයි ඔහු බලාපොරොත්තු වූවේය.   
ඒ වන විටත් සීතා අතුරුදන්ව සිව් මසක් ගෙවී තිබිණි. මේ මුළු කාලයම වස්සානයට අයත් විය. අධික වැසි වැටෙන බැවින් මේ වස්සාන සමයේදී කිසිවෙකුටත් වනාන්තර ගතවීමට නුපුළුවන. සීතා කොහේ හෝ ගල්ලෙනක හිර වී සිටිනු ඇතැයි රාම කල්පනා කළේය. වස්සානය නිමා වූ වහාම ඇය සෙවීම යළි ආරම්භ කළ යුතු බවට රාම තීරණයක් ගෙන තිබිණි.   
එහෙත් සුග්‍රීව රජ වී තම මන්දිරයට ගිය පසුව ඔහු රාමට වූ පොරොන්දුව සහමුලින්ම අමතක කර දැමුවේය.   
කෙසේ වෙතත් සීතා සොයා වන වැදුණු රාමට සීතා හමුනොවිණි. එහෙත් සුග්‍රීව විසින්ද සීතාව සොයනු ලබන බවට විශ්වාසය ඇතිව රාම තවදුරටත් වනයේ අහුමුළු පීරුවේය. ඔහු බලාපොරොත්තුවෙන් සිටියේ සුග්‍රීවගෙන් ලැබෙන සීතාව පිළිබඳ පුවතකි. එහෙත් කිසිදවසක සුග්‍රීවගෙන් තොරතුරක් නොලැබිණි. එබැවින් සුග්‍රීව හමුවට ලක්ෂ්මණට යන්නැයි රාම ඉල්ලා සිටියේය. එසැනින් කිසි කන්දා නුවරට ගිය ලක්ෂ්මණ පසුපසින් හනුමන්තා ද ගියේ තම වානර හමුද‌ාව පිරිවරාගෙනමය.   
දවසක් විවේක ගත් ලක්ෂ්මණ පසුවදා සුග්‍රීව හමුවන්නට ගියේය. සිය මැදුරට වී සැප පහසුවට ජීවත්වන සුග්‍රීව ඔහුට දකින්නට ලැබිණි. එසේම සීතා සොයාදෙන බවට රාමට වූ පොරොන්දුව සුග්‍රීවට අමතක වී ඇති බවද ලක්ෂ්මණට තේරුම් ගියේය. ඒ වන විටත් මහා වන මැදට ගොස් විවිධ වග වලසුන් ඇතුළු සතුන්ගෙන් බේරෙමින් සීතා සොයන්නට වෙහෙසෙන තම සහෝදරයා ගැන දුකක් කනගාටුවක් ලක්ෂ්මණට තිබිණි.   
සීතා සෙවීම සඳහා සුග්‍රීව ගත් ක්‍රියාමාර්ගය කුමක්දැයි විමසන්නට ලක්ෂ්මණ, සුග්‍රීව හමුවන්නට ගියත්, ලක්ෂ්මණ හමුවට ආවේ තාරාය.   
“ලක්ෂ්මණ කුමාරයා”   
තාරා සොඳුරු සිනාවකින් මුව සරසා ගත්තාය.   
“සුග්‍රීව කෝ? මං ආවෙ ඔහු මුණගැසෙන්න”   
තාරාගේ සිනාවේ සුන්දරත්වයට වසග නොවූ ලක්ෂ්මණ කෝපයෙන් විමසුවේය.   
ලක්ෂ්මණ සිටින්නේ කෝපයෙන් බව, ඔහු දෙස බැලූ සැනින්ම තාරා වටහා ගත්තාය. එහෙත් ඇය කලබල වූ බවක් නොපෙන්වන්නට තාරා සමත් වූවාය. ඇය නැවත වරක් සිනා රැල්ලකින් දෙතොල ​තෙමාගත්තාය.   
“ලක්ෂ්මණ කුමාරයා, ඔබ අප මුණගැහෙන්නට කිසිකන්දාවට පැමිණ ඇත්තේ විශාල වානර හමුදාවකුත් සමඟ.”  තාරා කීවාය.
“ඒත් අපි මේ දක්වාම සීතා සෙවීම සඳහා අපේ හමුදා පිටත් කර යැව්වා. නමුත් ඔවුන් තාම සීතා දේවිය සොයාගෙන පැමිණියේ නැහැ. ඒ නිසා අපේ අගනුවර හමුදා වලින් හිස්වයි තියෙන්නෙ.”   
ලක්ෂ්මණ මොහොතකට නිහඬවිය.   
තම හඬින් ලක්ෂ්මණ මෙල්ල වූ බව තාරා වටහා ගත්තාය.   
“ලක්ෂ්මණ, ඔබේ සහෝදරයා, රාම කියන්නෙ උතුම් මිනිසෙක්. ඒ නිසා ඔබ ඔය විදිහට කෝපයෙන් සිටීම සුදුසු නැහැ. අපේ හමුදා සීතාගැන තොරතුරු දැනගෙන මෙහි ළඟා වූ වහාම සීතාව ආපසු කැඳවා ගෙන ඒමේ මෙහෙයුම අපි ක්‍රියාත්මක කරනවා”   
තාරාගේ ප්‍රකාශය අවංක එකක් සේ වටහාගත් ලක්ෂ්මණ, කෝපය අමතක කර සංසුන් වූයේය.   
ලක්ෂ්මණ ඔහුගේ බලසම්පන්න වානර හමුදාවත් පිරිවරාගෙන කිසිකන්ද‌ාවට ආවේ නගරය සහමුලින් වනසාදමා තමන්ගෙන් පළිගන්නට බව සුග්‍රීව වටහා ගත්තේය. එබැවින් ඔහු තම රටවැසියන්ට අණ කළේ සීතාව සොයා ගන්නා ලෙසය.   
තාරා උපක්‍රමශීලී නොවූවානම්,   
කිසිකන්දාව විනාශයට පත්වන්නේ ඒ මොහොතේදීමය.  

 

 

 

 


 
ශාන්ත කුමාර විතාන