IMG-LOGO

2025 නොවැම්බර් මස 24 වන සඳුදා


රුධිර ගණයට අනුව කොරෝනා වයිසරයේ බලපෑම වෙනස් වෙනවා:

 

‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය සමඟ ජීවත් වෙනවා හැර අපට වෙන විකල්පයක් නැත. ‘කොවිඩ් 19‘ වයිරසයට එන්නත් නිපදවීම ලහිලහියේ සිදුවුවත්, එම කටයුතු අවසන් වනු ඇත්තේ තව මාස 8 කින් හෝ 9 කින් යැයි පැවැසෙයි. කෙසේ නමුත් මේ වනවිට ‘කොවිඩ් 19’ ගැන අප අනාවරණය කරගත් දේ බොහෝය. 


මූලාරම්භය අබිරහසක් වුවත්, ‘කොවිඩ් 19’ යනු ක්ෂීරපායී සතුන් හරහා මනුෂ්‍ය අපට බෝ වන කොරෝනා වයිරස පවුලේ නවතම සාමාජිකයාය. ‘කොවිඩ් 19’ වයිරසයේ ජාන ව්‍යුහය ද හොඳින් හඳුනා ගැනීමටත් වයිරසය කෘත්‍රිමව රසායනාගාරයක් තුළ නිපදවීමටත් විද්‍යාඥයෝ සමත් වී සිටිති. ‘කොවිඩ් 19‘ වයිරසයේ බලපෑම සම්බන්ධයෙන් මෙසේ කරුණු අනාවරණය වෙද්දී, රුධිර ගණය අනුව, එහි බලපෑම වෙනස් වන බව යුරෝපා රටවල වෛද්‍ය පර්​ෙ‌ය්ෂකයන් පෙන්වා දී තිබේ. 


ප්‍රධාන රුධිර ගණ ඇත්තේ 4 කි. ඒවා නම්, ‘ඒ’, ‘බී’, ‘ඒබී’ සහ ‘ඕ’ ය. ‘ඒ’ වර්ගයේ රුධිර ගණය ඇති නම්, ‘කොවිඩ් 19’ වයිරසය ආසාදනය වුවහොත්, අධිරුධිර පිඩනය, දියවැඩියාව වැනි බෝ නොවන රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන්නේ නම්, එම රෝගී තත්ත්වයන් ඖෂධ මඟින් පාලනය කර ගෙන නැතිනම්, වයිරසයෙන් එල්ල වන අවදානම ඉතා වැඩිය. වයිරසය ඔබට මාරාන්තික වෙයි. 


ඔබට ඇත්තේ ‘ඕ’ ගණයේ රුධිරය නම්, වයිරසයෙන් එල්ල වන බලපෑම ඉතා අඩුය. වයිරසය ආසාදනය වීමත් අඩුය. වයිරසය ආසාදනය වූවත් ඉක්මනින් සුවය ලැබීමට හැකියාව ලැබෙන බව ද පැවැසෙයි. මේ බව තහවුරු වූයේ ඉතාලිය, ස්පාඤ්ඤය, ඩෙන්මාර්කය, ජර්මනිය ඇතුළු යුරෝපා රටවල වෛද්‍යවරුන් සහ වෛද්‍ය පර්​ෙ‌ය්ෂකයන් රෝගීන් 2,000 ක පිරිසක් යොදා ගෙන කළ අධ්‍යයනයකට පසුවය. 


නිසි ප්‍රතිකර්මයක් තවමත් නැතත්, දැනට පවතින අතුරු ආබාධ කිසිවක් නැති, මිල අඩු ස්ටෙරොයිඩ වර්ගයේ ඖෂධයකින්, ‘කොවිඞ් 19’ අඩපණ කළ හැකි බව මහා බ්‍රිතාන්‍යයේ වෛද්‍ය පර්​ෙ‌ය්ෂකයෝ පවසති. එය සැබැවින්ම සැනසිල්ලකි. මෙම ඖෂධය ‘ඩෙක්සාමෙතසෝන්’ ය. අඩු මාත්‍රාවකින් යුත් ස්ටෙරොයිඩයක් වන මෙයරෝග, අසාත්මිකතා, ඇදුම, දරුණු පෙනහලු ආසාදන සඳහාත්, ක්ෂයරෝගීන්ට ප්‍රතිජීවක සමඟත් ලබා දෙයි‍. 

 


ලු‍සිත ජයමාන්න 
‘ද සන්‘ ඇසුරිනි



අදහස් (1)

රුධිර ගණයට අනුව කොරෝනා වයිසරයේ බලපෑම වෙනස් වෙනවා:

කලවානේ කිරියා Sunday, 19 July 2020 09:37 AM

ඉතින් B සහ AB වලට කොරෝනා හැදෙන්නෙම නැද්ද.?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 64 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 160 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1014 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site