IMG-LOGO

2025 ඔක්තෝබර් මස 17 වන සිකුරාදා


රාජ්‍යකාරක රවි බලවත් වෙයි: ලග්න රැසකට සුබයි

සිංහල හා හින්දු අලුත් අවුරුදු උදාවීමත් සමගම ග්‍රහ ලොව පිය රජු ලෙස සැලකෙන රවි ග්‍රහයා අප්‍රේල් මස 15 වන දින මෙතෙක් ගමන් කළ මීන රාශියෙන් කුජ හිමි මේෂ රාශියට පැමිණියේය. 2018 මැයි 15 වන දින දක්වා රවි ග්‍රහයා මේෂ රාශියේ සිය අණසක පතුරුවමින් සිටී.  
 
රවි ප්‍රවිශ්ට වූයේ මේෂ රාශියටය. මේෂ රාශිය කුජට අයත්ය. කුජ ග්‍රහයා ග්‍රහ ලොව සේනාධි නායකයා ලෙස හඳුන්වනු ලැබේ. එසේම මෙම ග්‍රහ මාරුව රජතුමා සෙන්පති තුමාගේ භවනට සම්ප්‍රාප්ත වීමට සමාන වේ. මේෂ රාශිය තේජෝ බලය අධික ලෙස පවතින රාශිය වන අතර රවි තුළ ද තේජෝ බලය අධික බැවින් රවි උච්ච බලය වඩාත් ප්‍රබල වෙයි.   


සිංහ රාශියේ හිමිකාරිත්වය දරන රවි එහිදී ස්වක්ෂේත්‍ර බලය ලබයි. මේෂ රාශියේදී උච්ච බලය ලබන අතර තුලා රශියේ නීච බලය ලබයි. රවි දශා කාලය පුරා වසර හයකි. කැති, උත්‍රපල්, උත්‍රසල යන නැකැත් රවිගෙන් පාලනය වේ. ඉරිදා දිනය, රවි හෝරාව, දිලෙන සුදු, අංක 01 රවිට හිමිවේ. රවි හිමි මැණික පද්මරාග වේ.   


බුදු, පසේ බුදු, මහරහතන් ආදී උතුමෝද මව්පියන් ද අපගේ ජීවිතවලට ආලෝකය ලබාදෙන අය වෙති. මෙම උතුමන්ට ගරු කළ උපකාර කළ අයගේ කේන්ද්‍රවල රවි බලවත් වේ. ඒ අය තුළ පාලන ශක්තිය, සෘජු කථාව, උසස්වීම්වලට ඇති ආශාව, අණ දීමේ ශක්තිය, මහත්මා ගති, නිරෝගී භාවය, නිර්ලෝභීකම, අවංකකම යන සාධනීය ලක්ෂණ විද්‍යමාන වේ.   


එමෙන්ම ඉහත අයට අපවාද, අපහාස කළ අයගේ රවි දුර්වලව පිහිටා රවි අපලය උදා කරයි. එවැනි පුද්ගලයන් තමන්ට නැති ගෞරව බලාපොරොත්තුවේ. අහංකාර ගතිගුණ වලින් යුක්ත වේ. කල්පනාවේ විවිධ ගැටලු ඇතිවීමට ඉඩ ඇත. පියාගෙන් ලැබුණු දේපල අහිමි වේ. උෂ්ණාධික පරිසරයක ජීවත් වීමට සිදුවේ. තනතුරුවලින් පහත වැටේ. රැකියා කරන ස්ථානයේ ප්‍රධානියා අමනාප වෙයි. රවි දුර්වල වූ විට මොළහ ආශ්‍රිත රෝග, හෘද වස්තුව ආශ්‍රිත රෝග, පිත්තාධික රෝග, ඇස් රෝග ඇතිවීමට ඉඩ ඇත.   


කේන්ද්‍ර පරික්ෂාවකින් රවි අපලය හඳුනා ගත් විට රවිට අදාළ ශාන්ති කර්ම කළ යුතුය. මෙහිදී රවිට හිමි අංක, දිනය, පාට, ආදිය යොදා ගැනීම උචිත වේ. අංක 01, ඉරිදා රවි හෝරාව දිළෙන සුදු පාට රවිට හිමි වේ. රතු නෙළුම් මල්, දාස් පෙතියා මල් සමඟ බුද්ධ පූජාව, බෝධි පූජා තැබීමට සුදුසු වේ. සූරිය පිරිත කියවීම යහපත් වේ. අභිසම්බිධාන යන්ත්‍රය පැලඳීමට සුදුසුය. තවද මව්පියන්ට උපස්ථාන කිරීම හා ඇස් අන්ධ අයට උපකාර කිරීම මෙන්ම පිපාසයෙන් පෙළෙන අයට සිසිල් පැන්, තැඹිලි ආදිය දීම වැනි ශාන්තිකර්ම මගින් අපල සමනය කර ගත හැක.   


රවි නිසා බලවත් යෝග ගණනාවක් නිර්මාණය වී ඇත. එනම් රවි මේෂ රාශි ගතවීමෙන් මයුරපාල යෝගය උදා වේ. අප්‍රේල් 14 ත් මැයි 14 ත් උපන් අයට මෙම යෝගය උදා වේ. පෙනුම තේජවන්තයි. රජයේ රැකියා ලබයි. දේපළ ඉඩකඩම් හිමි වේ. රවි ග්‍රහයා සිංහ රාශිගත වීමෙන් උපේන්ද්‍ර යෝගය යෙදෙයි. ප්‍රධානත්වය ලබයි. ආත්ම ගෞරවය රැක ගනී. සිතන දේ කිරීමට පසුබට නොවේ. රවි සමඟ ශනි තුලා රාශිගත වීමෙන් නීච භංග රාජ යෝගයට මග පාදයි. මෙහිදී පුද්ගලයාගේ සියලු අශුභ පල වලකා සුබපල ළඟා කර දෙන්නේය.   


රවි මේෂ රාශි ගතවීම උපන් ලග්නවලට බලපාන අයුරු.   


මේෂ - ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපන කටයුතුවලට සුබවේ. දරුවන්ගේ දියුණුවට කරන කටයුතු සාර්ථකවේ. ආයෝජන කටයුතුවලින් ලාභ ලැබේ. හදිසි ධන ලාභ ලැබිය හැකියි. උසස් අයගේ ආධාර උපකාර ලැබේ. අසල්වාසීන් සමඟ සුහදතාවය වර්ධනය වේ. හිසේ උෂ්ණාධික රෝගවලට ඉඩ තිබේ.   


වෘෂභ - විදේශ ගමන් පිළිබඳ බලාපොරොත්තු ඉටුකර ගත හැකිවේ. සතුරන්ගෙන් ජය ගත හැකි වේ. අපේක්ෂා කළ ණය මුදලක් ලබාගැනීමට පහසුකම් සැලසේ. ඉඩකඩම් පිළිබඳ නඩුවකින් ජය ලැබෙනු ඇත. මේ අතර බලාපොරොත්තු නොවූ බාධා ද අැති වේ. හෘදයාබාධවලින් ප්‍රවේසම්වන්න. ශනි අටේ ගමන් කරන බැවින් ආගමානුකූලව ජීවත්වන්න.   


මිථුන - සුබදායක වේ. ආදායම් තත්ත්වය යහපත්වේ. වැඩිමහල් සහෝදරයකුට සුබයි. රැකියා ලාභ හිමි වේ. තනතුරේ තත්ත්වය උසස්වීම් සිදුවේ. බලාපොරොත්තු ඉටු වේ. ගෘහ ජීවිතය යහපත් වේ. ගෘහ නිර්මාණකරණයට සුබ වේ. බලවත් මිතුරන්ගේ ඇසුර ලැබේ.   


කටක - ඔබේ නායකත්ව ගතිගුණ ප්‍රදර්ශනය කරමින් අන් අය අතර ප්‍රධානත්වයක් ඇතිව කටයුතු කිරීමට හැකි වේ. රැකියා හා ව්‍යාපාරවලට සුබයි. සමාජයේ කැපී පෙනෙයි. උසස් අයගේ ආධාර උපකාර ලැබේ. බොහෝ බලාපොරොත්තු ඉටු වේ.   


සිංහ - උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. උසස් ආගමික නායකයන්ගේ හෝ ගුරුවරුන්ගේ දැනුම ලබාගත හැකි වේ. දෙවි පිහිට හා වාසනාව මෙන්ම භාග්‍ය උදා වේ. විදේශ ගමන් සාර්ථක වේ. දුර වන්දනා ගමනක් යෑමට අවස්ථාව උදාවේ. රැකියා හා ව්‍යාපාරවලට සුබයි.   


කන්‍යා - තරමක් අපලදායක වේ. උසස් අය හා රැකියා ප්‍රධානීන් අමනාප වීමට ඉඩ ඇත. ඉවසීමෙන් කටයුතු කරන්න. නීතිමය ගැටලුවලට මැදිහත් නොවන්න. විදේශ ගමන්වලට බාධා ඇතිවිය හැකියි. උෂ්ණාධික රෝගවලින් ප්‍රවේශම් විය යුතුය.   


තුලා - අධ්‍යාපන කටයුතුවලට සුබයි. විදේශ ගමන් සාර්ථක වේ. අවිවාහක අයට මංගල යෝග යෙදේ. හවුල් ව්‍යාපාරවලින් සුබපල ලැබේ. නීතියේ පිහිට ලැබෙනු ඇත. ගෘහ ජීවිතය යහපත් වේ. ගෘහ නිර්මාණ කටයුතුවලට සුබ වේ. මේ අතර උෂ්ණාධික රෝගාබාධ ඇතිවීමට ද ඉඩ ඇත.   


වෘශ්චික - උත්සාහය හා ධෛර්යය වැඩි වේ. රැකියා හා ව්‍යාපාරවලට සුබයි. බලාපොරොත්තුවෙන් සිටි ණය මුදලක් ලබාගැනීමට හැකි වේ. සතුරු කරදරවලින් ජය ලැබෙනු ඇත. අසනීපවලින් සුවය ලැබේ. නඩුවකින් ජය ගැනීමට හැකි වේ. තත්ත්වයේ උසස් වීමක් ඇති වේ.  


ධනු - අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. යහපත් හා දක්ෂ ගුරුවරුන්ගෙන් ඉගෙනීමට අවස්ථා උදා වේ. බලාපොරොත්තු නොවූ ලොතරැයි දිනුමක් ලැබෙන්නට ද ඉඩ ඇත. විවාහ සහකරුට සුබපල දායකයි. අවිවාහක අයට මංගල යෝග යෙදේ. පෙම්වතුන්ට සුබයි. සෙනසුරු ලග්නයේ ගමන් කරන බැවින් සෙනසුරුට අදාළ ශාන්තිකර්මවල නිරත වන්න.  


මකර - ඉඩකඩම් හෝ දේපළ පිළිබඳ නීතිමය ප්‍රශ්න ඇතිවීමට කරුණු යෙදිය හැකියි. එම නිසා ඉවසීමෙන් කටයුතු කරන්න. මව හෝ පියාට තරමක් අපලදායකයි. ගෘහ ජීවිත ගත කිරීමේදී ඉවසිලිවන්ත විය යුතුය. පපුවේ ආබාධ ඇති අය ප්‍රවේසම් විය යුතුය.  


කුම්භ - සුබපලදායක වේ. චිත්ත ධෛර්යය ඉහළ යයි. අසල්වාසීන් සමඟ අමනාපකම් දුරුවී සමගිය ඇති වේ. ලියකියවිලි හා ශාස්ත්‍රීය කටයුතුවලින් විශේෂ සුබපල ලැබේ. සහෝදරයින්ට සුබ වේ. ප්‍රයෝජනවත් කෙටි ගමන් බිමන් යෙදේ.  


මීන - මිශ්‍රපලදායක වේ. අසනීපයක් වෙනුවෙන් තැන්පත් මුදලක් වැය වීමට කරුණු යෙදේ. දුරදිග බලා කටයුතු කරන්න. කතාව නිසා පාඩු සිදුවීමට ඉඩ ඇත. රැකියා හා ව්‍යාපාර කටයුතුවලදී උසස් අයගේ ආධාර උපකාර ලැබෙනු ඇත. උසස් හා බලවත් මිතුරන් ඇතිවන කාලයකි.  


මෙම ලිපිය ලිවීමේදී ප්‍රවීණ ​ෙජ්‍යාතිර්වේදී සුනිල් කුමාර ගම්ලත් මහතාගේ බුදු දහම සහ ​ෙජ්‍යාතිෂය යන ග්‍රන්ථයේ කරුණු ද සැලකිල්ලට ගන්නා ලද බව සඳහන් කරමි.  


ලැබුවාවූ සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද ඔබ සැමගේ සියලු සිතුම් පැතුම් සාර්ථක කර ගන්න තුනුරුවන්ගේ ආශීර්වාදය ලැබේවායි අපි ප්‍රාර්ථනා කරන්නෙමු.  

 

 

 


​ෙජ්‍යාතිර්වේදිනී  
අජන්තා නිශාන්ති ඒකනායක, 
අංක 121, මාංගොඩ, මැදමහනුවර. 
දු.අං. 0774275328.  



අදහස් (0)

රාජ්‍යකාරක රවි බලවත් වෙයි: ලග්න රැසකට සුබයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 879 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 985 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 393 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site