IMG-LOGO

2024 ජුනි මස 17 වන සඳුදා


රජගහනුවර

ඉන්දියාවේ අසිරිමත් බොදු පුදබ්මි

 

 

 

පැරණි ඉන්දියාවේ සොළොස් මහා ජන පදවලින් එකක් මගධ දේශයයි. එහි අගනුවර වූයේ රජ ගහ නුවරය. ඉසිගිලි, ගිජ්ඣකූට, වේපුල්ල, පාණ්ඩව යන කඳු පහෙන් වටවූ මගධය ආරක්ෂිත රාජධානියක් විය.   


බුද්ධ කාලයේ මගධ දේශයේ පාලකයන් වූයේ බිම්බිසාර සහ අජාසත් රජුන්ය. විශේෂයෙන්ම බුද්ධ කාලයේ ප්‍රථම ආරාම පූජාව කරන ලද්දේ බිම්බිසාර රජු විසිනි.   
බුදු පහස ලද රජගහ නුවර පුරාවටම විහිදී ඇත්තේ අතීත අභිමානයන්ගේ නටබුන්ය. හැම සිහිවටනයකටම පූජනීයත්වයක් වී ඇත්​ෙත්ය.   
ධර්ම ප්‍රදීපිකාව ග්‍රන්ථයේ රජගහ නුවර හඳුන්වා දී ඇත්තේ මෙසේය.   


එකල රජගහ නුවර කේන්ද්‍ර කොට ගෙන දහඅට කෝටියක් මනුෂ්‍යයෝ වාසය කළහ. ගම් නියම් ගම් අසූ හාරදහසකි. පන්සියයක් යොදුන් වූ අංග මගධ දෙරටින් ගලා ආ සම්පත්ති ද්වාරය රජගහ නුවර විය. සේවාවන් තිස් පස් වසරක් බුදු රජාණන් වහන්සේට සැදැහැ බැති පෙමින් උපස්ථාන කළ බිම්බිසාර රජු මෙහි රාජ්‍ය විචාරයෙහි යෙදුණේය. එකල සාරිපුත්ත මහ තෙරුන් වහන්සේ රජ ගහ නුවර වටා වේළුවනය ජීවක අඹවනය ප්‍රධාන විහාර දහ අටක් ඇතුළුවන සේ සීමා බන්ධනය කළහ. මෙනුවර බුදුන් දවස ද සක්විත්තුන් දවස ද නුවර වෙයි.   


මෙලෙසින් රජගහ නුවර අභ්‍යන්තරයේ ඇති පැරණි නටඹුන් වූ පුණ්‍ය භූමි බොහෝය. අපි මෙවර ලිපියෙන් ඒ ඓතිහාසික ස්ථානවල වැදගත්කම් පිළිබඳව දක්වමු.   
ඉසිගිරි පර්වතය   


ඒවං මේ සුතං ඒකං සමයං භගවා   
රාජගංහ විහරති   


ඉසිගිලිස්මිං පබ්බතෙ තනු බො භගවා භික්ඛු ආමන්තෙයි   


බුදුරජාණන් වහන්සේ ඉසිගිරිය පර්වත මුදුන සිට භික්ෂුන් වහන්සේ අමතා ඉසිගිලි සුත්තං හෙවත් ඉසිගිලි සූත්‍රය දේශනා කළ සේක. එම සූත්‍රයේ විස්තර වන පරිදි මෙම ස්ථානයේ පසේ බුදුවරු 500ක් දෙනා වැඩ වාසය කර ඇත.   


​ෙමම පසේ බුදුවරුන් පර්වතයට වඩින බව දුටුවත් ඔවුන් වැඩ වසන ආකාරය හෝ නැවත ගමන් කරන ආකාරය කිසිවෙකුටවත් පෙනී නොමැත. ඒ නිසාම සෘෂිවරයාණන් වහන්සේලා ගිල දමන ස්ථානය යන අරුතින් ඉසිගිරිය නම ලැබී ඇත්තේය. බුද්ධෝත්පාදයට පෙර කාලයේ සිටම පූජනීයත්වයට පත් වූ ඉසිගිරිය පර්වතය බුද්ධකාලයේ බුදු පහස ලද ධර්ම දේශක ස්ථානයක් වී ඇත්තේය.   


මෙය ත්‍රිපිටකයේ ඉසිගිලි සූත්‍රයේ සරලව විස්තර කර ඇත්තේය. මීට අමතරව මෙම ස්ථානය සමීපයේ ඇති කාලසීලා නම් ගල් තලාවද වැදගත්ය. එනම් සංයුක්ත නිකායට අනුව බුදුන් වහන්සේ ශ්‍රාවකයන් වහන්සේ සමග මෙම ස්ථානයේ වැඩ සිටි අතර විටෙක රහතන් වහන්සේලාගේ පා පහසින් ද පූජනීයත්වයට පත් වී ඇත. තවද නිගණ්ඨයන් අරභයා මූල දුක්ඛක්ඛන්ද සූත්‍රය දේශනා කළේත් මුගලන් මහ රහතන් වහන්සේ පිරිනිවන් පා වදාලේත් මෙම ගල් තලාවේ දී බව පැවසෙයි. බුදුවරු, පසේ බුදුවරු, මහරහතන් වහන්සේලාගේ පා පහස ලද මෙම ස්ථානය සෑම බෞද්ධයෙකුම දැක වැඳ පුදා ගත යුතු සිද්ධස්ථානයක් වන්නේය.   


වේළුවනාරාමය 


වේළුවන උයන පිහිටා තිබුණේ රජගහ නුවරට සමීපවය. එය බිම්බිසාර රජුගේ රාජකීය උද්‍යානය වූවේය. මෙහි උණ ගස් ​ෙබාහොමයක් හෙයින් වේළුවන යන නාමය ලැබී තිබිණි.   
මෙම උයනේ බුදු සසුනේ ප්‍රථම ආරාම පූජාව සිදු වූවේය. එනම් සිදුහත් කුමරු අභිනිෂ්ක්‍රමණය කර රජගහ නුවරට වැඩි දිනයේ බිම්බිසාර රජු තවුසාට රාජ්‍ය පාලනයට කතා කළේය. එහෙත් එය නොපිළිගත් ඔහු තම අරමුණ බුදුබව ලැබීම බව පැවසීය.   


එසේ නම් බුද්ධත්වය ලැබීමෙන් පසු පළමුව රජගහ නුවරට වඩින ලෙස රජු තවුසාට ආරාධනාවක් කළේය.   


බුදු රජාණන් වහන්සේ පොරොන්දු වූ පරිදිම රජගහ නුවරට වැඩි සේක. බිම්බිසාර රජු ඇතුළු පිරිසට සද්ධර්මය අනතුරුව දේශනා කළ සේක. බුදු රදුන්ගේ බණ ආසා සෝතාපන්න වූ රජු ප්‍රථම ආරාම පූජාව ලෙස වේළුවන අරම පූජා කළහ.   


එසේ පූජා කළ ​ෙව්ළුවන ආරාමයේ දී බුදුන්වහන්සේ තෙවන සිව් වන සතළොස් වන සහ විසි වන වස්කාල ගත කළ සේක.   


ගිජ්ඣකූට පර්වතය   


අත් තටු විහිදූ ගිජුලිහිණියකු සේ දිස් වන හෙයින් ගිජ්ජකූට ලෙස හඳුන්වන පර්වතය බුදු පා පහස ලද ​ෙඑතිහාසික ස්ථානයකි.   


දේවදත්ත තෙර බුදුන් මරා බුදු වෙමියි සිතා ගල් පෙරළුවේ මෙම ස්ථානයේ සිටය. මෙම කඳු මුදුන බුදුන් උදෙසා බිම්බි සාර රජු විසින් ආරාමයක් සකසා දී තිබේ. එහි නටබුන් අද දක්නට ඇත. ඒ අසලම ආනන්ද තෙරුන්ගේ කුටියේද නටබුන් මෙම පර්වතය මත සිට බුදුන් වහන්සේ ආටානාටිය සූත්‍රය දේශනා කර තිබේ.   


එසේම වේදනානුපස්සනාව පිළිබඳ උන්වහන්සේ දෙසූ සද්ධර්මය අසා සිටි සැරියුත් තෙරණුවෝ රහත් භාවයටත් පත් වූයේ ද මෙහිදී මෙම ඓතිහාසික ස්ථානයට ගමන් කිරීම සඳහා බිම්බිසාර රජු විසින් සකසන ලද පියගැට පසු කාලයේ දී පිළිසකර කර ඇත්තේය.   


සප්තපර්ණි ගුහාව   


රජගහ නුවර පිහිටි වේහාර පර්වතය පාමුල මෙම ලෙන පිහිටා ඇත. මේ අසලින් තපෝදා නදිය ආරම්භ වේ. මහා කාශ්‍යප තෙරුන් වැඩ සිටි පිප්පිලි ගුහාවද මෙහි ඇත්​ෙත්ය.   
සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු පළමු ධර්ම සංගායනාව පවත්වන ලද්දේ මෙහිදීය. සුභද්‍ර භික්ෂුව පැවසූ අභද්‍ර වචනයක් ඊට හේතු පාදක වූ අතර අජාසත් රජුගේ අනුග්‍රාහකත්වයෙන් හා මහා කාශ්‍යප තෙරුන්ගේ මූලිකත්වයෙන් භික්ෂූන් වහන්සේලා 500ක් සහභාගි වී මෙම සංගායනාව පවත්වා ඇත.   


පංච සතිකා සංගීතිය නමින් හඳුන් වන්නේ ද ධර්ම විනය කට පාඩම් කරමින් ශාසන ශෝධනයක් කළ මෙම සංගායනාවය.   


පිප්පිලි ගුහාව


බුදු රජාණන් වහන්සේ රහතන් වහන්සේලා සමග මෙම ගුහාවේදී මහා කාශ්‍යප බොජ්ඣංග සූත්‍රය දේශනා කළහ. ඒ සඳහා ඇත්තේ ද ඓතිහසික කතා පුවතකි.   


මහා කාශ්‍යප හිමිගේ ගිහි කළ නම පිප්පිලිය. පිප්පිලි මානවකයා විවාහ වූවේ භද්ධකාපිලා කුමරිය සමගය. එහෙත් මේ දෙපළටම අවශ්‍ය වූවේ සසරින් එතෙර වීමය.   


එ් අනුව සියලු සැප සම්පත් දුගී මගී යාචකයන්ට දන් දී සත්‍ය මාර්ගයන් සොයා ඔවුහු ගියහ. එම ගමනේ දී පිප්පිලි තරුණයාට බුදුන් වහන්සේ හමුවිය. බුදු බණ ඇසූ ඔහු  සංඝ ශාසනයට ඇතුළත් වූයේ මහා කාශ්‍යප නමිනි. කාශ්‍යප හිමිගේ රුව බුදුන්ගේ රුවට සමාන වූවේය. බුදුන්ට පිහිටි මහා පුරුෂ ලක්ෂණවලින් හතක් කාශ්‍යප හිමිටත් පිහිටියේය. උස අඩු වූයේ එක් අඟලකින් පමණි. බොහෝ දෙනාට කාශ්‍යප හිමියෝ වඩින විට බුදුරදුන් වඩිනවා ලෙස සිතුණි. මෙය මහා කාශ්‍යප හිමියන්ට මහා කනස්සල්ලක් වූවේය. ඒ නිසාම උන් වහන්​ෙස් බුදුන් සිටි ප්‍රදේශයෙන් ඈත්ව කාලය ගත කළහ.   


ඒ අනුව උන්වහන්සේ වැඩි කාලයක් ගත කරන ලද්දේ පිප්පිලි ගුහාවේය. වරක් කාශ්‍යප හිමියන්ට මහා කාශ්‍යප සප්තබොජ්ජංග සූත්‍රය දේශනා කළ සේක. එය අසා සිටි මහරහතන් වහන්සේගේ සියලු රෝග දුරු වූවේය. 

 
ධ්‍රතාංග ධාරි භික්ෂූන් අතර අග තැන්පත් වූ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ පිරිනිවන් පෑවේ අවුරුදු 120ක් ආයු වැළඳීමෙන් පසුය.

 

විඩුභයන්ගේ රථය එරුණ තැන   


ශාක්‍යයන් හා යුද වැදීමට ගිය විඩුභ කුමරුගේ රථය ගිලා බැස්සේ යැයි සලකන ගල් තලාවද රජගහ නුවර දී දැක ගත හැකිය. රථ රෝද එරී ටික දුරක් ගමන් ගත් ආකාරයක් ගල් තලාවේ ඇති සලකුණුවලින් පෙන්නුම් කරයි.   


​ෙම් ආකාරයට ගල් තලාවක රථය එරෙන ලද්දේ ශාක්‍යයන් හා විඩුඩභ රජු අතර ඇති වීමට ගිය යුද්ධය නතර කිරීම සඳහා බුදු සමිඳුන් කළ අධිෂ්ඨානයකින් බව විශ්වාස කෙරේ. මින් කෝපය සංසිඳුණු රජු යුද්ධයට නොගිය බවත් පසුව සාමයෙන් සිටි බවත් පැවසෙයි.   


මෙම සිද්ධස්ථානවලට අමතරව බිම්බිසාර රජුගේ භාණ්ඩාගාරයක් ලෙස සලකන ඝෝණ බණ්ඩාර ගුහාව, ගිජ්ඣකූට පර්වතයට මෑතින් පිහිටියා වූ බිම්බිසාර රජු සිරගත කොට තැබුවා යැයි සලකන සිරගෙය, බුද්ධ පරිනිර්වාණයෙන් පසු අජාසත් රජු විසින් රජගහ නුවරට වෙන් කරන ලද සර්වඥධාතූන් වහන්සේලා තැන්පත් කර සාදන ලද වාලසංඝාඨ ථූපය වේහැර පර්වතයේ උස් බිමකින් ගලා එන උණු දිය උල්පත් සහිත තපෝදා නදිය බුදු රදුන් ප්‍රමුඛ භික්ෂු සංඝයාටත් බිම්බිසාර රජු ඇතුළු රාජකීය පිරිසටත් වෙදකම් කළ ජීවක වෙද මහතා සතු වූ ජීවක අඹ වනය, නයෙකුගේ පෙණය හැඩති ගුහාවක් ඇති ජීවක යක්ෂ සෙන්පති වාසය කළා යැයි සැලකෙන සීත වනයේ සප්පෂොණ්ඩික පබ්භාය සක් දෙවිඳුන් උදෙසා සක්කපඤහ සූත්‍රය දේශනා කළ ඉන්දසාල ගුහාව ඌරෙකු පස හාරන විට මතු වුණු ලෙනක් බැවින් සුකරඛත ලෙන ලෙස නම් තැබූ පසු කාලයේ එය සුද්ධ පවිත්‍ර කොට බුදුන්ට පූජා කළ ලෙනක් වූ ස්ථානය නිග්‍රෝධ පරිබ්‍රාජයාගේ ආරාධනය අනුව මෝර, නිවාහ හා උඳුම්බරික සිහනාද සූත්‍ර දේශනා කළ මෝර නිවාසය නම් ස්ථානය සහ කුමාර මහබඹු හා බුදුන් වහන්සේ සුහද පිළිසඳරේ යෙදුණු සජ්පිනි ගංතෙර ආදිය ද දැක බලා ගත හැකිය.   


ලංකාවේ මහා බෝධි සමාගමේ සභාපති සහ ජපානයේ සංඝ නායක බානගල උපතිස්ස හිමියෝ මෙසේ අදහස් දැක්වූහ.   


රජගහ නුවර පිහිටලා තිබෙන්නේ ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ. බෞද්ධ සිද්ධස්ථාන වැඩි හරියක්ම පිහිටලා තිබෙන්නේ උත්තර් සහ බිහාර් ප්‍රාන්තවල. රජගහ නුවර ඇති වැදගත්කම තමයි ලෝකයේ සිටින සියලුම බෞද්ධයන් සංචාරයක දී රජගහ නුවරට යාම චාරිත්‍රයක් සේ සැලකීම.   


බුද්ධගයාව වන්දනා කරන්න යන බැතිමතුන්ට සමීපම සිද්ධස්ථානයක් වන රජගහ නුවර බලන්න තිබෙන නටබුන් බොහොමය මෙම නගරය අද ප්‍රසිද්ධ වෙලා තිබෙන්නේ රාජ ගිර් කියන නමින්.   


රජගහ නුවරට නුදුරින් තමයි ලෝකයේම ප්‍රසිද්ධියට පත් නාලන්දා විශ්වවිද්‍යාලය පිහිටලා තිබෙන්නේ. තක්ෂිලාව තියෙන්නේ වර්තමාන පකිස්තානයේ. වෙනත් සිද්ධස්ථාන දෙස බලන කොට පේන්න තියෙන දෙයක් තමයි විවිධ රටවලින් පැමිණිලා ඒ ඒ පූජා භූමි ආශ්‍රිතව වෙහෙර විහාර හදාගෙන ඔවුන්ගේ බැතිමතුන්ට පහසුකම් සලසා දීම. නමුත් රජගහ නුවර මෑතක් වන තුරුම එවැනි දියුණුවක් සිදු වූයේ නෑ. නමුත් මීට වසර කීපයකට පෙර මෙම නගරයට එන වන්දනාකරුවන්ට තොරතුරු කියා දෙන්න නවාතැන් පහසුකම් ලබා දෙන්න කිසිවෙකු නොසිටිය නිසා ශ්‍රී ලංකාවේ භික්ෂූන් වහන්සේ නමක් මුල්වෙලා කටයුතු කළා.   


ඒ දෙනියාය ප්‍රදේශයේ විජිත හාමුදුරුවෝ. උන් වහන්සේ ප්‍රථම වතාවට විහාරයක් හදාගෙන එහි වැඩ සිටිනවා. මෙරට බැතිමතුන්ට තොරතුරු කියා දෙන්නේ උන්වහන්සේය. ගිජ්ඣකූඨය ජපන් සාම චෛත්‍යය වන්දනා කිරීම සඳහා කේබල් ක්‍රමවේදයක් භාවිත කරනවා. එම පහසුව සලසා දුන්නේ තිපොන්ෂාන් තෝ​ෙහා්ජී කියන මහා නායක තෙරුන්.   
සප්තපර්ණි ගල් ගුහාවේ තමයි ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වූවේ. එම ස්ථානයත් බිම්බිසාර රජු සිර ගත කළ ස්ථානයත් සර්වඥයන් වහන්සේගේ ධාතු තැන්පත් කර සෑදූ චෛත්‍යයත් වේළුවනාරාමයත් ආදී බොහෝ ස්ථාන මෙහිදී දැක බලා ගත හැකිය.   


ඒ වගේම මහා කාශ්‍යප තෙරුන් ධර්ම භාණ්ඩාගාරික ආනන්ද තෙරුන් අග්‍රශ්‍රාවක සැරියුත් සහ මුගලන් මහ තෙරවරුන් වැඩසිටි ස්ථානයන් මෙහිදී දැක බලා ගන්න පුළුවන්.   
රජගහ නුවරට ළඟා විය හැකි පහසුම ගමන් මාර්ගය වන්නේ ගුවන් මගින් පැට්නාවලට ගිහින් එන එක. ඒත් බොහෝ අය බුද්ධගයාව වන්දනා කරලයි. රජගහ නුවරට එන්නේ. එතන දුර ප්‍රමාණය කිලෝ මීටර් 80ක් පමණ වෙනවා.   

 

 


සටහන කුමාරි හේරත්   



අදහස් (1)

රජගහනුවර

HMA Maduka Darmasiri Tuesday, 07 September 2021 04:36 AM

ගොඩක් හොදයි. බිම්බිසාර රජතුමා සහ බුදුන් වහන්සේගේ සම්බන්ධය පිලිබද විස්තරයක් දෙන්න ඉක්මනට.

:       0       9

ඔබේ අදහස් එවන්න

රසවිත

අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?
2022 මාර්තු මස 26 11084 0

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?
2022 මාර්තු මස 26 6266 0

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි


පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’
2022 මාර්තු මස 26 6045 0

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති


වෘන්දා වනයේ පෙම්මල් විසිරේ...
2022 මාර්තු මස 26 5443 0

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ


බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා
2022 මාර්තු මස 26 3324 0

මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ


නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
2022 මාර්තු මස 26 1767 0

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1305 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3025 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2484 6
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site