IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


රැකියාව කරන්න කියාපු නගරය හෙල්සින්කී

ලෝකෙන්  ටිකක්

 

 

ලෝකයේ රැකියාවක් කිරීමට සුදුසුම නගරය කුමක්ද? මේ නගරය ෆින්ලන්තයේ  හෙල්සින්කි අගනුවර ය. පසුගිය දිනවල ලෝකයේ අවධානය ෆින්ලන්තයට යොමු විය. ඒ, ලොව ළාබාලතම අගමැතිනිය සිටින්නේ ෆින්ලන්තයේ වීම නිසාය. ඇය සන්නා මරීන් ය. වයස අවුරුදු 34 කි. රැකියාව කරන්න පමණක් නොවෙයි, ජීවත් වීමට ද ලොව කියාපු නගරය හෙල්සින්කි ය. 


ලොව කිසිම රටක නැති තරම් නිවාඩු හෙල්සින්කි නගර වැසියන්ට හිමි වෙයි. උදේ හවස මාර්ගවල හෝ දුම්රියේ හෝ පැය ගණනක් ළත වීමට හෙල්සින්කි වැසියන්ට සිදු නොවෙයි. වැඩිම වුවහොත්, මහා මාර්ගයක තද බදයක් ඇතිවුණොත් බලා සිටීමට සිදුවන්නේ මිනිත්තු 26 ක් පමණය. බොහෝ දෙනකු රැකියාවට යන්නේ පා පැදියෙන් වීම ද විශේෂත්වයකි. පාපැදි සඳහා වෙනම පාපැදි මාර්ග ඉදිකර තිබේ.


සතියකට වැඩ කරන්න සිදුවන පැය ගණන පැය 40 කි. නගර වැසියන්ට හොඳම සෞඛ්‍ය රැකවරණ හිමි වෙයි. අක්ෂි සහ දන්ත රැකවරණ ද ඊට ඇතුළත් වෙයි. හෙල්සින්කි නගරයේ තුනෙන් එකක ඇත්තේ උද්‍යානය. ගහ කොළ, තණ කොළවලින් පිරි හරිත කලාප නගරය පුරා දකින්න ලැබේ. රැකියා නිමවීමෙන් පසු නගර වැසියෝ බොහෝ දෙනෙක් සොබා දහමේ සුන්දරත්වය සහ පහස විඳ ගනිති. 

 

 

 


හෙල්සින්කි අගනුවර අපරාධ මට්ටම ඉතා අඩුය. රැකියාව කරමින් ජීවත් වීමට සුදුසු නගර සම්බන්ධයෙන් කළ සමීක්ෂණවලදී සැමවිටම අංක එක ස්ථානයට පත් වන්නේ හෙල්සින්කිය. දෙවැනි ස්ථානය ජර්මනියේ මියුනිච් නගරයයි. තෙවැනි ස්ථානය නෝර්වේ ඔස්ලෝ නුවරය. ෆින්ලන්තය, ජර්මනිය සහ නෝර්වේ යුරෝපා රටවල්ය. යුරෝපයෙන් බැහැර ජීවත් වීමටත් රැකියාව කිරීමටත් හොඳම නගරය ලෙස අතරින් කැපී පෙනෙන්නේ කැනඩාවේ වැන්කුවර් නුවර පමණි.


රැකියාව කරමින් යහපත් ජීවිතයක් ගත කිරීම සම්බන්ධයෙන් ෆින්ලන්තය ඇතුළු යුරෝපා රටවල් බොහොමයක නීති ක්‍රියාත්මක වෙයි. රැකියාවත් ජීවිතයත් සමබර කිරීම මෙම නීතිවල අරමුණ වෙයි. ඔබ දන්නවාද ප‍්‍රංශයේ රැකියා වෙලාවෙන් පිට, රැකියාවට අදාල ඊ මේල් පණිවුඩ සමඟ ගනුදෙනු කිරීම නීති විරෝධී බව. ස්වීඩනයේ මාපියන්ට ඔවුන්ගේ රැකියා කාලය සියයට 25 ක් දක්වා අඩු කර ගැනීමට පුළුවනි. ඒ, දරුවන් වෙනුවෙන්, දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් කැපවීමට සිදුවන අවස්ථාවලදීය.


ලූසිත ජයමාන්න
වර්ල්ඩ් ඉකොනොමික් ෆෝරම් 
වීඩියෝ ඇසුරිනි

 



අදහස් (0)

රැකියාව කරන්න කියාපු නගරය හෙල්සින්කී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 272 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 407 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 388 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site