IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


යාපනය නගරාධිපති දොරේඅප්පාගේ ඝාතකයන් සෙවූ රහස් පොලිස් පරීක්ෂණය

යාපනය නගරාධිපතිව සිටි ඇල්ෆ්‍රඩ් දොරේඅප්පා මහතා වෙඩි තබා ඝාතනය කළේ 1975 වසරේ ජූලි මාසයේ 27 වැනිදාය.  
යාපනය, පොන්නාලෙයි කෝවිලට ගොස් දෙවියන්ගේ ආශිර්වාදය ලබාගෙන සිය මෝටර් රථයෙන් ආපසු නිවෙස බලා ඒමට ගිය අවස්ථාවේ ඇල්ෆඩ් දොරේඅප්පා මහතා ඝාතනයට ලක්වූයේ කෝවිල ඉදිරිපිටදීමය.  
මෙය එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් සිදුකෙරුණු පළමු දේශපාලන ඝාතනය ලෙස ඉතිහාසයට එක්වී ඇත.  
වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමක් පැමිණ නගරාධිපතිවරයාට වෙඩි තබා පලාගිය බව පසුව කළ රහස් පොලිස් පරීක්ෂණවලින් හෙළිවී තිබිණි.  

1975 වසරේ ඇල්ෆඩ් දොරේඅප්පා ඝාතනය කිරීමෙන් පළමු වරට මිනිස් ලේ රස බැලූ ප්‍රභාකරන් එතැන් සිට මුලතිව් වෙල්ලමුල්ලි වයික්කාල් වගුරු බිමකදී රණවිරුවන්ගේ වෙඩි ප්‍රහාරයකට ලක්ව මැරුම්කන තෙක්ම දශක තුනක් තිස්සේ දහස් සංඛ්‍යාත මිනිසුන්ගේ ලේ රස බලා ඇත.  


එසේ ලේ රස බැලූ දහස් ගණනක් ජනතාව අතර දෙමළ හා සිංහල දේශපාලනඥයෝ ද සැලකිය යුතු සංඛ්‍යාවක් සිටිති.  
එල්.ටී.ටී.ඊ.යේ පළමු දේශපාලන බිල්ල වූ ඇල්ෆඩ් දොරේඅප්පාගේ ඝාතනය ගැන මෙතැන් සිට ලියවෙන්නේ එම ඝාතනය සම්බන්ධයෙන් පත්කර තිබූ රහස් පොලිසියේ එවකට රාජකාරි කළ හිටපු පොලිස් පරීක්ෂකවරයකු වූ ඇන්තනි පිල්ලේ සුසෙයිදාසන් මහතාගේ මතකය ඔස්සේය.  


යාපනය නගරාධිපතිවරයා වෙඩි තබා ඝාතනය කළ කාලයේ මම බම්බලපිටිය පොලිසියේ ට්‍රැෆික් ඕඅයිසී හැටියට රාජකාරි කරමින් සිටියේ. නගරාධිපතිවරයා ඝාතනය කිරීමේ සිද්ධියෙන් පස්සේ මාව ඒ ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන රහස් පොලිස් කණ්ඩායමට බඳවා ගත්තා. දොරේඅප්පා මහතාගේ ඝාතනයට සම්බන්ධ වූ ආකාරය ගැන මුලින්ම කතා කරමින් සුසෙයිදාසන් කතාබහට මුල පිරීය.  


අපේ කණ්ඩායම යාපනය බලා පිටත්ව ගියා. එහි නැවතිලා ඉඳගෙනම අපි පරීක්ෂණ පටන් ගත්තා. මුලින්ම ඝාතනය සිදුවූ ස්ථානයට ගොස් සාධනීය පරීක්ෂණයක් සිදු කළා. දොරේඅප්පා මහත්තයා සෑම ඉරිදා දවසකම යාපනය පොන්නාලෙයි කෝවිලට දෙවියන් වඳින්න යන්න පුරුදුවෙලා සිටිය බව අපට දැනගැනීමට ලැබුණා. දොරේඅප්පා මහත්තයා එයාට අයිති කාරයෙන් කෝවිලට ගොස් දෙවියන් වැඳලා එළියට එද්දී තමා වෙඩි තබා මරා දමා තිබෙන්නේ කියාත් අප තොරතුරු අනාවරණය කර ගත්තා. වෙඩි වැදුණු තැනම ඔහු මියගොස් තිබෙනවා.  


නගරාධිපතිවරයාට වෙඩි තැබූ කණ්ඩායම ඔහු එන තෙක් කෝවිල අසල තිබූ කඩයකට වෙලා තේ බොමින් ඉඳලා තිබෙන බවත්, ඔහු එනවාත් එක්කම ඒ කණ්ඩායමේ සිටි කෙනෙක් ඉලක්කය බලා වෙඩි තබා පසුව නගරාධිපතිවරයා කෝවිලට ආ ඔහුට අයත් කාර් එකේ නැගලා පැන ගිහින්. ඒ කාලයේ යාපනය පොලිස් අධිකාරිවරයා ලෙස සිටියේ පසු කාලයක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලයට පත්වූ පොලිස් අධිකාරි මිත්‍ර ආරියසිංහ මහත්තයා.  


ඔහු කාර් එකේ එද්දී නගරාධිපතිවරයාගේ කාර් එකත් ඉදිරියට පැමිණ තිබෙනවා. පොලිස් අධිකාරි මිත්‍ර ආරියසිංහ මහත්තයා සිතාගෙන ඉඳලා තියෙන්නේ නගරාධිපතිවරයා කාර් එකේ ඉන්නවා කියා. ඔහු මේ වෙච්ච දෙයක් ගැන දැනගෙන ඉඳලා නැහැ. පස්සෙ තමා ඔහු දැනගෙන තියෙන්නේ නගරාධිපතිවරයා මරලා ඔහුගේ කාර් එක පැහැරගෙන යද්දී තමා තමාට මුණගැහුණේ කියලා.  
ඝාතනයට ලක්වූ දොරේඅප්පා මහතා 1960 වසරේ සිට 65 වසර දක්වාම යාපනය නගර සභාවේ ස්වාධීන මන්ත්‍රීවරයකු ලෙස සේවය කර පසුකාලීනව නගරාධිපති තනතුරට පත්වී සිටියේය.  


යාපනයේ ජනතාවට මහත් මෙහෙයක් කළ නිසා ඔහු ප්‍රදේශයේ ජනතාව අතර ආදර ගෞරවයට පාත්‍ර වී සිටි දේශපාලනඥයකු විය.  
නගරාධිපතිවරයා බොහොම සුහදශීලි දේශපාලනඥයකු වශයෙන් ද යාපනය ජනතාව අතර නමක් දිනා සිටි අයෙකි.  


1972 වසරේ දෙසැම්බර් මාසයේ දිනක ද ඇල්ෆඩ් දොරේඅප්පා මහතාගේ නිවසට සන්නද්ධ කණ්ඩායමක් අත් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඔහු ඝාතනය කිරීමට උත්සාහ කර තිබුණත් ඒ උත්සාහය ව්‍යර්ථව ගොස් තිබිණි.  


දොරේඅප්පා මහතා ඝාතනය කළේ එම ඝාතන තැත වැරදී ගොස් වසර තුනක පමණ කාලයකට පසුවය.  


ඊළඟට අපි සොයන්න පටන් ගත්තා නගරාධිපතිවරයාට වෙඩි තිබ්බ අය ගැන. එතකොට තමා අපට දැන ගැනීමට ලැබුණේ ප්‍රභාකරන් කට්ටියක් එක්ක ඇවිත් තමා වෙඩි තියලා තියෙන්නේ කියා. ඔහු නගරාධිපතිවරයාට වෙඩි තියන්න කලින් දවසක ප්‍රභාකරන් ගිනි අවියක් අරගෙන ඇවිත් රසායනික ද්‍රව්‍ය වර්ගයක් යොදා ගනිමින් මූනිස්සම් දමා වෙඩි උණ්ඩ සකස් කර තිබෙනවා. ගිනිපෙට්ටි බණ්ඩලයක් ගෙනවිත් එහි තිබෙන ගිනිකූරුවල තිබෙන කාන්දම් බෙහෙත් ඉවත් කරගෙන ඒවා යොදාගෙන උණ්ඩ හැදුවා කියා කතාවකුත් අපිට ආරංචි වුණා.  


ප්‍රභාකරන් උණ්ඩ සකස් කරමින් ඉන්නකොට යහළුවෙක් මේවායෙන් වෙඩි තියන්න පුළුවන් ද කියා ප්‍රභාකරන්ට සමච්චල්කර තිබෙනවා. එතකොට ප්‍රභාකරන් මේවායින් වෙඩි තියන්න පුළුවන්ද බැරිද කියා උඹට හෙට දැන ගන්න පුළුවන් වෙයි කියා දැනගන්න ලැබෙයි කියා තරහෙන් මෙන් කියා තිබෙනවා. ප්‍රභාකරන් තමා දොරේ අප්පාට වෙඩි තබා තිබෙන්නේ ඊට කලින් දවසේ ඔහු ඊට කලින් දවසේ හදපු වෙඩි උණ්ඩවලින් බවට තොරතුරු සියල්ල අපි පරීක්ෂණ පවත්වා හෙළිකර ගත්තා.

 
ප්‍රභාකරන් කියන්නේ 10 වැනි ශ්‍රේණිය දක්වා පමණක් ඉගෙන ගත්ත කෙනෙක්. ඔහු ඉස්කෝලේ යන කාලේ ඉඳන්ම කැටපෝල් හදාගෙන සතුන්ට විදලා මරා සතුටක් ලැබූ කෙනෙක් කියාත් අපට දැන ගැනීමට ලැබුණා. ඒ විතරක් නොවේ, මිරිස් ගෝනි අස්සට බැහැලා ඒවායේ අධික සැර ඉවසාගෙන ඉන්න පුරුදු පුහුණු වෙලා සිටිය කෙනෙක් බවටත් අපට ආරංචි වුණා.  


යාපනය නගරාධිපතිවරයාට වෙඩි තැබීමට ප්‍රභාකරන් සමග ගිය කණ්ඩායමට මහේන්ද්‍රන් හෙවත් මහත්තයා, සතාසිවම් හෙවත් සෙල්ලක්කලි, ශිවකුමාරන් හා චාල්ස් අැන්තනි හෙවත් සීලන් හා ක්‍රිෂ්ණකුමාර් හෙවත් කිට්ටු යන අය ද ගොස් තිබෙන බව රහස් පොලිසිය කරන ලද පරික්ෂණවලින් තොරතුරු අනාවරණය වී තිබෙනවා.  


දොරේ අප්පා මරා පැහැරගෙන ගිය කාර් එක අපි පසුව අතහැර දමා ගොස් තිබියදී සොයා ගත්තා. ප්‍රභාකරන් සොයා ඔහුගේ උපන් ගම වන වැල්වැටිතුරේට ගියා. නමුත් ඔහු ඒ පැත්ත පළාතකවත් සිටියේ නැහැ. ප්‍රභාකරන් රහස් පොලිසිය අත්අඩංගුවට ගැනීමට සොයන බව දැනගෙන බෝට්ටුවකින් ඉන්දියාවට පලා ගියා කියා පසුව අපට දැනගැනීමට ලැබුණා.  


නගරාධිපතිවරයාගේ ඝාතනයට ප්‍රභාකරන් සමග කිට්ටු සම්බන්ධතා පැවැති බවට තොරතුරු හෙළිවූ යාපනයේ තරුණයෝ 100ක් විතර අත්අඩංගුවට අරන් ප්‍රශ්න කළා. එසේ අත්අඩංගුවට ගත් අය අතර, සෙල්ලක්කලි නමැත්තා ද සිටියා. ඔහු වවුනියාවට ගෙනවිත් ප්‍රශ්න කළේ සී.අයි.ඩී. එකේ හිටිය ඕ.කේ. හේමචන්ද්‍ර මහත්තයා. අපි හතර පස් දෙනෙක් විතර රඳවාගෙන සෙසු තරුණයන් සියලු දෙනා මුදාහැරියා. ඔවුන් නගරාධිපතිවරයාගේ ඝාතනයට කිසිදු සම්බන්ධයක් නොමැති බව හෙළිවුණ නිසයි මුදාහැරියේ. රඳවාගත් පස් දෙනා නගරාධිපතිවරයාගේ ඝාතනය සම්බන්ධයෙන් ​ෙකාළඹ අධිකරණය හමුවට ඉදිරිපත් කර රිමාන්ඩ් බාරයට පත් කළා. නඩු විභාගයේදී ඔවුන් සියලු දෙනා නිදහස් වුණා. ඔවුන් වෙනුවෙන් පෙනී සිටියේ සිවශිදම්බරම් කියන නීතිඥ මහත්තයෙක්.  


මුලතිව් වෙල්ලමුල්ලි වයික්කාල් ප්‍රදේශයේදී ප්‍රභාකරන් වෙඩි කා මියයන තෙක් යාපනය නගරාධිපති ඝාතනයට අල්ලා ගන්න බැරිව ගියා. ප්‍රභාකරන් කොටි නායකයා ලෙස පත්වුණාට පස්සේ නගරාධිපතිවරයා ඝාතනයට සම්බන්ධ කරගත්තු කිහිප දෙනෙකුටම නායක මට්ටමේ තනතුරු ලැබුණා යැයි හිටපු පොලිස්පතිවරයා පෙන්වා දුන්නේය.  


දොරේඅප්පා මහත්තයා එවකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටිය යාපනයේ ප්‍රබලයෙකි. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ පුත් අනුර බණ්ඩාරනායක මහත්තයා පවා යාපනයට ආපුවාම දවස් ගණන් නැවතී ඉන්නේ ඔහුගේ නිවසේ. ඒ තරමට දෙන්නා අතර ලොකු සම්බන්ධයක් මිත්‍රත්වයක් තිබුණ බව ද හිටපු පොලිස් පරීක්ෂකවරයා කීය.  


හිටපු පොලිස් පරීක්ෂකවරයා පවසන ආකාරයට දොරේඅප්පා ඝාතනයට අත්අඩංගුවට ගත් තිරුපරන් හා කලාපති යන දෙදෙනා අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල් කරුණානිධි ද ප්‍රභාකරන්ගේ ගෝලයන් විසින් වෙඩි තබා මරා දමනු ලැබ ඇත.  

දොරේඅප්පා

චාල්ස් ඇන්තනී

හිටපු පොලිස් පරීක්ෂක ඇන්තනීපිල්ලේ සුසෙයිදාසන්

 

සටහන - ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය  
ඡායාරූප - මාදම්පේ එස්. හේරත්.
 



අදහස් (0)

යාපනය නගරාධිපති දොරේඅප්පාගේ ඝාතකයන් සෙවූ රහස් පොලිස් පරීක්ෂණය

ඔබේ අදහස් එවන්න

 

 
 

සඳැල්ල

ඇඟ පුරා ටැටූ 25ක් සීටා - කියූ කතාව
2025 මැයි මස 02 121 0

හර්ෂි කියන්න ද? රසාංගා කියන්න ද?


මම වාසනාවන්ත රංගන ශිල්පියෙක් එස්.අයි. සමරක්කොඩි
2025 මැයි මස 02 42 0

වේදිකාව හරහා කලා ලොව තරණය කරන්නෙකු පුංචි තිරයේ හෝ සිනමාවේදී කිසිදා අතරමං නොවන්නේ රංගනයේ හතර මායිම් පිළිබඳ ඔහුට හෝ ඇයට හොඳ අවබෝධයක් තිබෙන නිසාය. එස්. අය


විශාරද මනෝජ් පිරිස්ගේ අද දවසේ ජීවිතය
2025 මැයි මස 02 83 0

ඔහුගේ තබ්ලාවේ තාලයට නොගැයූ කෙනෙක් නැති තරම්ය. ගායන ශිල්පීන් සහ ශිල්පිනියන් හට පමණක් නොව, විවිධ අංශවලට අයත් තරු මෙන්ම ව්‍යාපාරික, දේශපාලන හා අනෙකුත්


පොඩි සහත්තයා ගැම්මෙන් හිටියාට මොකද බුලත් විට කන එකම තමයි අභියෝගය - පසිදු විතානගේ
2025 මැයි මස 02 52 0

පසිඳු විතානගේ කිවු පමණින් ඔහුව මතකයට නාවත් නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයේ ’’කිරි පුතා’’ එහෙමත් නැත්නම් මේ දවස්වල නම් පිරිමි ළමයි නාට්‍යයේ රසික ප්‍රජාව අ


මට තරගෙ තියෙන්නෙ මගෙත් එක්කමයි - ෂෙරිල් ඩෙකර්
2025 මැයි මස 02 43 0

’’අමා’’ කියන්නේ ලාංකීය ටෙලිනාට්‍ය අතුරින් බොහෝ ප්‍රේක්ෂක ආදරය දිනාගත් ටෙලිනාට්‍යයක් කිව්වොත් නිවැරදියි. ඒ ආදරය කොයි තරම්ද කියනවා නම් එහි රඟපෑ ෂෙරිල


සින්ටෝ හි වසන්ත වූ වසන්ත
2025 මැයි මස 02 31 0

වේදිකා නාට්‍ය කලාව හරහා රංගනයට පිවිස ටෙලිනාට්‍ය කලාව ඇතුළු කලා ක්ෂේත්‍රයේ නොමැකෙන චරිතයක් බවට පත් වූ අයෙකු සමගයි මේ කතාබහ. ඔහු කවුරුත් හඳුනන වසන්ත ව


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1244 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 315 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1341 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site