IMG-LOGO

2025 නොවැම්බර් මස 27 වන බ්‍රහස්පතින්දා


යකඩ කන්දක් මිදුණු මුහුදක් ‘සෙරේස්’ ග්‍රහයා තවමත් අබිරහසක්

තරු පිරි අහස

 

සෞරග්‍රහ මණ්ඩලයේ ඇතුළත පිහිටා ඇති එකම කුරු ග්‍රහලෝකය වන්නේ සෙරේස් ග්‍රහලෝකයයි. අනෙකුත් කුරු ග්‍රහලෝක පිහිටා ඇත්තේ සෞරග්‍රහ මණ්ඩලයේ පිටත කෙළවරය. එම නිසාම මෙම ග්‍රහලෝකය වැදගත් වන අතර එහි අනෙකුත් විශේෂත්වය වන්නේ ග්‍රාහක පටිය මත ඇති විශාලතම දෙය සෙරේස් වීමයි. 

ග්‍රහක පටිය මත ඇති අනෙකුත් ගලින් තැනුණු ග්‍රහක මෙන් නොව සෙරේස් පිම්බුණු රවුම් හැඩයක් ගනී. මෙය තම සමකය වටා භ්‍රමණය වෙමින් පවතී. විද්‍යාඥයින් විශ්වාස කරන්නේ මෙහි මතුපිට මුහුදක් හා වායුගෝලයක් තිබීමට හැකි බවයි. 


2015 වසරේදී නාසා ආයතනය මගින් අභ්‍යාවකාශගත කරන ලද ‘ඩෝව්න් අභ්‍යාවකාශ යානාව පළමු වතාවට සෙරේස් ආසන්නයට ගමන් කළේය. අඳුරු පැහැ ගත් ග්‍රහලෝකයේ තැනින් තැන දිලිසෙන රවුම් 130ක් පමණ විද්‍යාඥයන්ට ඩෝව්න් යානාවේ කැමරා ඔස්සේ දැකගත හැකි විය. පෘථිවියේ ඇති මුහුද මත පාවෙන අයිස් මතට ආලෝකය වැටීමෙන් ද එවන් ආකාරයේ දිළිසුම් දැකිය හැකි බැවින් සෙරේස් හි දිලිසෙන රවුම්වලට ද හේතුව එවන්නැක් විය හැකි යැයි ඔවුහු පවසති. 


සෙරේස් හි මෙම දිළිසුමට හේතුව අයිස් ගිනිකඳු විය හැකි යැයි ප්‍රථමයෙන් මතයක් පළ වුවත් එහි මතුපිට ඇත්තේ එක් තනි වූ කන්දක් බව තහවුරු වූ පසුව විද්‍යාඥයෝ එම අදහස ඉවත් කර ගත්හ. මෙම කන්ද මීටර් 6434ක් උසැති එකකි. සාමාන්‍යයෙන් මෙවන් කන්දක් ගිනිකන්දක් වුවත් සෙරේස් මත ඇති එම කන්දෙහි ගිනිකඳු ලක්ෂණ දැක ගැනීමට විද්‍යාඥයෝ අසමත් වූහ. එහෙයින්ම ඒ සම්බන්ධයෙන් ඔවුන් තුළ ඇත්තේ කුතුහලයකි. 
ඩෝව්න් යානාව සෙරේස් ආසන්නයට ගමන් කිරීමට පෙර සිටම සෙරේස් හි දියරමය හෝ ඝනීභවනය වූ මුහුදක් ඇති බවට විද්‍යාඥයෝ විශ්වාස කළහ. අභ්‍යාවකාශ යානාව ඒ ආසන්නයම ගමන් කළත් විද්‍යාඥයන්ට එහි මුහුදක් ඇත්ද? නැත්ද? යන්න පැහැදිලිව තහවුරු කර ගැනීමට නොහැකි විය. කෙසේ වෙතත් එහි මතුපිට ස්වභාවය අනුව මේ වන විට හිඳි ගිය නැතහොත් අයිස්වලින්ම වැසී ගිය සාගරයක් එහි තිබිය යුතුම යැයි ඔවුහු පවසති. 

 


වර්තමානයේ සෙරේස් වියලි අඳුරු කතරක් ලෙස දැකිය හැකි වුවත් පෙර කලක දී මෙය දියරමය මුහුදකින් යුක්තව සරුසාරව තිබෙන්නට ඇතැයි ඔවුහු විශ්වාස කරති. ඊට හේතු වී ඇත්තේ මෙම ග්‍රහලෝකයේ ඇති බොහොමයක් භූමි ලක්ෂණ පෘථිවියේ ඇති ලක්ෂණවලට සමාන ස්වභාවයක් පෙන්වන බව ඔවුන්ගේ මතයයි. ඩෝව්න් සංචාරයෙන් පසුව සෙරේස්හි සඟවාගත් රහස් රැසක් ඇති බවත් ඒ සම්බන්ධයෙන් දැඩි කුතුහලයක් ඇති වුණු බවත් විද්‍යාඥයෝ සඳහන් කරති. 


කෙසේ වෙතත් සෙරේස් හි මතුපිට යකඩවලින් ගහණ එකක් බවට නම් ඔවුන්ට තහවුරු කර ගැනීමට හැකි විණ. අයිස්වලින් වැසී සැඟවී තිබූ මෙම කුරු ග්‍රහලෝකය විද්‍යාඥයන්ට සොයා ගැනීමට ලැබුණේ අහම්බෙනි. මේ වන විට සෘජු හිරු එළියක් නොලැබෙන තරම් දුරකට කාලයත් සමඟ ගමන් කර තිබුණත් මීට වසර 14 000කට පමණ පෙර මෙය හොඳින් හිරු එළිය ලැබෙන ආකාරයට පිහිටා තිබෙන්නට ඇත. 


සෙරේස් හි පිහිටුම අනුව වසර 24 000ක කාලයක පටන් එය අංශක කිහිපය බැගින් පිහිටි ස්ථානය වෙනස් කර ඇතැයි නාසා ආයතනය පවසයි. කෙසේ වෙතත් සෙරේස් ග්‍රහලෝකය සම්බන්ධයෙන් ගවේෂණය කර සොයාගත යුතු තොරතුරු රැසක් ඇති බවත් එය කුරු ග්‍රහලෝකවල පිහිටීම, භූවිද්‍යාත්මක කරුණු ආදිය සොයා ගැනීමට මනා පිටුවහලක් වෙනු ඇතැයි ද ඔවුහු පවසති. 

 

 


පවනි උමයංගනා 



අදහස් (0)

යකඩ කන්දක් මිදුණු මුහුදක් ‘සෙරේස්’ ග්‍රහයා තවමත් අබිරහසක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 168 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 239 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1108 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site