IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


මේ ලොව පළමු සෙල් ෆෝනය ද ?

මෙම සටහනට පාදක වන්නේ යූටියුබ් හරහා දකින්න ලැබෙන වීඩියෝ දසුන් පෙළකින් ලබා ගත් ඡායාරූප කිහිපයකි. ඡායාරූපවල දකින්න ලැබෙන්නේ, තරුණියක ජංගම දුරකථනයක් කනේ තියා ගෙන පාර දිගේ කතා කරමින් යන අයුරුය. අද මෙවැනි දසුන් අප රටේ ගමක පාරක වුණත් බහුලව දකින්න ලැබේ. ඒත් පුදුමය නම් මෙම දසුන් කැමරාවට හසු කරගෙන ඇත්තේ මීට අවුරුදු 79කට පෙර වීමය. 

මෙම දසුන්වල දකින්න ලැබෙන තරුණිය ඇමෙරිකානු ජාතික තරුණියක වන අතර, ඇයට වර්තමානයේ අප භාවිත කරන සෙල්ෆෝනයක් ලැබුණේ කෙසේ ද යන්න සැබෑම අබිරහසකි. මේ රූප පෙළ අන්තර්ජාලයේ යූටියුබ් හරහා නැරැඹීමට ද ඕනෑම අයකුට අවස්ථාව හිමිවී ඇති අතර, මෙම වීඩියෝ දසුන් මේ වනවිට ලක්ෂ පහකට වැඩි වාර ගණනක් සංසරණය වී ඇතැයි ද පැවසෙයි. 

 

 

එක් යූටියුබ් පරිශීලකයෙක් පවසා ඇත්තේ මෙම දසුන්වල සිටින තරුණිය තම මී මිත්තණිය කියාය. ඇයගේ අතේ ඇත්තේ ලොව පළමු සෙල්ෆෝන් යන්ත‍්‍රය බව ද ඔහු පැහැදිලි කරයි. තරුණිය ඇමරිකාවේ මැසචුසෙට්ස්වල ලියෝමින්ස්ටර්හි ඩුපොන්ට් සන්නිවේදන උපකරණ තැනූ කම්හලක සේවිකාවක ලෙස කටයුතු කළ අතර, දසුන්වල දැක්වෙන්නේ ඇය සේවය අවසන් කරමින් පිටවී යන අවස්ථාවකි. ලියෝමින්ස්ටර්හී ඩුපොන්ට් සමාගම මීට අවුරුදු 75කට පෙර සෙල්ෆෝන් නිෂ්පාදනයට අත ගැසූ බවත්, මෙහි ඇත්තේ සැබැවින්ම සෙල්ෆෝන් උපාංගයක මූලාකෘතියක් බවත් ඔහු වැඩිදුරටත් කියා සිටී. 


මෙම යූටියුබ් පරිශීලකයා ‘ප්ලැනට්චෙක්’ යන අන්වර්ථ නාමයෙන් අන්තර්ජාලයට පිවිසෙන අයෙකි. ඔහු මෙසේ අදහස් දක්වා සිටී. “මේ දසුන් පෙළේ ඉන්න තරුණිය ගර්ට්රූඩ් ජෝන්ස්. ඇය මගේ මීමිත්තණිය. රූප පෙළ කැමරාවට නඟන කාලේ එයාට වයස අවුරුදු 17යි. මං මේ ගැන ඇගෙන් ඇහුවා. එයාට මේ ගැන හොඳ මතකයක් තිබුණා. ඇය රැකියාව කළේ ඩුපොන්ට් සමාගමේ කර්මාන්ත ශාලාවේ, ටෙලිෆෝන් නිෂ්පාදන අංශයේ. ඒ අය රැහැන් රහිත දුරකථන නිපදවන්නට අත්හදා බැලීම් කර තිබෙනවා. මගේ මීමිත්තණියටයි තවත් කාන්තාවන් පස් දෙනකුටයි, සතියක කාලයකට අත්හදා බලන්න මේ සෙල්ෆෝන් ආයතනයේ ප‍්‍රධානීන් ලබා දී තිබෙනවා. ඇගේ දසුන් පටිගත කිරීමට ලක් වෙද්දී ඇය සේවා ආයතනයේ විද්‍යාඥයකුට කතා කරමින් ඇවිද යමින් සිටියා. එම විද්‍යාඥයත් ඒ වනවිට ඇයට මඳක් ඈතින් දකුණු පසින් ගමන් කරමින් ඇගේ කතාවට කන් දෙමින් සිටිනවා.” 


‘ප්ලැනට්චෙක්’ කී කරුණුවල නිවැරදි බව සොයා බලා තහවුරු කරන්න කවුරුවත් ඉදිරිපත් වී නැත. එහෙයින්, කැමැති අයට ඔහු කී දේ පිළිගැනීමට අවස්ථාව ඇත. එසේ නැතිනම්, මෙය අරුමයක් හෝ අබිරහසක් හෝ කියන්නට ද හැකියාව ඇතැයි මේල් ඔන්ලයින් පුවත් වෙබ් අඩවිය මේ ගැන සටහනක් පළ කරමින් පවසා තිබේ. 


1938 දී ගත් මෙම රූප රාමු පෙළ පමණක් නොව, සෙල්ෆෝනයකින් කතා කරන කාන්තාවක් සිටින දසුන් පෙළක්, 1928 දී නිර්මාණය වුණු චාලි චැප්ලින් චිත‍්‍රපටයක ද දකින්න ලැබේ. එපමණක් නොව, මේ අයුරින් තව තවත් අනාගත දැක්මක් සටහන් කළ අතීත සිද්ධි රැසක් ද වාර්තා වී තිබේ. ඒ අතර, චීනයේ පුරාවිද්‍යාඥයන් මවිත කළ සොයා ගැනීමක් ද තිබේ. චීනයේ සැංන්ග්සි ප‍්‍රාන්තයේ පුරාවිද්‍යා කැනීම්වලින් විද්‍යාඥයන්ට කුඩා ලෝහ පතුරක් හමු විය. පුදුමය නම්, එහි හැඩය හරියටම නවීන ස්විස් ඔරලෝසුවක අනුරුවක් වැනි යැයි පැවැසෙයි. එපමණක් නොව, එහි වේලාව සටහන් වී ඇත්තේ 10:06 යනුවෙනි. 

 

 

 

 

 

 

 

 


ලුසිත ජයමාන්න 
ඩේලිමේල් ඇසුරිනි 



අදහස් (0)

මේ ලොව පළමු සෙල් ෆෝනය ද ?

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 28687 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18204 35

රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 11148 7

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 684 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 207 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 861 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site