IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මේෂ ලග්නයෙන් උපන් ඔබ ගැනයි, මේ

 

මේෂ ලග්නයේ සංකේතය එළුවෙකුගේ රූපයයි. මධ්‍යම ප්‍රමාණයේ සිරුරක්ද හතරැස් මුහුණක්ද ඇති මේෂ ලග්න හිමියෝ බොහෝ දුරට නිරෝගීමත්ය, මඳක් ඉදිරියට නැමී ගමන් කරයි. මේෂ ලග්නය පුරුෂ රාශියක්ද, තේජෝ රාශියක්ද, උත්තර රාශියක්ද, වඳ රාශියක්ද, දිවා - රාත්‍රී සම රාශියක්ද චර රාශියක්ද වේ.
  
මේෂ ලග්න හිමියෝ යමක් කිරීමට සිතුවොත් එය කෙසේ හෝ කරයි. උනන්දුවෙන් හා උත්සාහයෙන් යුක්තය, නිර්භීතය. තරමක් ආඩම්බරය. ඔවුන්ට උසස් අදහස් ද ඇත. ඉවසීම අඩුය. එබැවින් රණ්ඩුවලට පැටලීමට කැමතිය. කොයි දේටත් ඉක්මන් වේ. ප්‍රශංසා ලැබීමට, ප්‍රසිද්ධියට කැමැති නිසා ඕනෑම අමාරු වැඩකට වුවද ඉදිරිපත් වෙයි. පටන් ගත් වැඩක් අතරමග නතර නොකරන අතර අවසානය දක්වාම උත්සාහය අත් නොහරී.  
වැඩ කටයුතු අතපසු කිරීමට අකැමැති අතර කළ යුතු දේ එවේලේම කිරීමට සිතයි. කරන කියන හැම දෙයකින්ම ජය ගැනීමට කෙසේ හෝ උත්සාහ කරයි. කිසිවෙකුට යටත් වීමට කැමැති නැති අතර, අනුන් වෙනුවෙන් කැපකිරීමටද අකැමැතිය. හැමවිටම කැපී පෙනීමට, ප්‍රමුඛස්ථානය ගැනීමට තම බලය, ශක්තිය යොදයි.  


නිතරම ආහාර අවශ්‍ය අතර ශරීර ශක්තිය ගැනද සැලකිලිමත් වෙයි. බාහිර අලංකාරයට, විනෝදයට කැමැති අතර පිරිසිදුකමද අගය කරයි. කාමාශාව අධික බැවින් විවාහ සහකරුට හෝ සහකාරියට ඉතා ලැදි වේ. ඔහුගේ හෝ ඇයගේ අදහස් ගැන සැලකිලිමත් වෙයි. තමාගේ දුර්වලකම් අන්‍යයන්ට නොපෙන්වන අතර ආත්ම වර්ණතාවට කැමැති බැවින් තමාගේ ගුණ කියන්නට ඉතා ලැදිවේ. මේෂ ලග්නකරුවන් යුක්තිගරුක අය වන අතර කෙළෙහිගුණ සළකන්නෙක්ද වෙයි. ඔවුන් හැමවිටම තමා ගැන විශ්වාසය තබයි.   


හිසේ අමාරු, මොළයේ ආබාධ, ලේ දෝෂයෙන් සෑදෙන සමේ රෝග, නින්ද නොයාම කැක්කුම් ගෙන දෙන රෝග පහසුවෙන් වැළඳේ.  


මේෂ ලග්න හිමි කේන්ද්‍රයක ලග්නභාවයේ හෙවත් පළමු වැනි කොටුවේ රවි පිහිටීම ශරීර ශක්තිය, නිරෝගී බව, කීර්තිය උදාර සිතුවිලි ජන්මියාට ලබාදෙයි.  


අප්‍රේල් හෝ මැයි මාසයේ උදෑසන උපත ලද අයෙකුට මෙම පිහිටීම ඇති වේ. සඳු ලග්නගත වී සුබ දෘෂ්ටි ලදොත් යහපත් වන අතර පාපී ග්‍රහ දෘෂ්ටි ලැබීම ඉක්මන් කෝපයට හා පහත් ක්‍රියා කිරීමට හේතු වෙයි.  


කුජ ලග්නගත වීමෙන් රුචක යෝගයද යෙදී ජන්මියා ප්‍රතාපවත් අයෙකු බවට පත් වෙයි. බුද ලග්නයේ නම් ඉගෙනීමට දක්‍ෂ වන අතර පුළුල් දැනුමක් ඇති අයෙකු බවට පත් වේ. ගුරු ලග්නගත වීම මේෂ ලග්න හිමියන්ට කදිම පිහිටීමකි. එමඟින් ජන්මියා ප්‍රසන්න පෙනුමැති, ආගමට ලැදි, සමාජයෙන් ගරු බුහුමන් ලබන, හොඳ අවබෝධ ශක්තියක් ඇති, පවුලට ළැදි, උගත්, ශ්‍රේෂ්ඨ අයෙකු බවට පත් වේ.  


මේෂ ලග්න හිමියන්ගේ ලග්නයේ සිකුරු පිහිටා සුබයින්ට පෙනේනම් හොඳ ආදරවන්තයකු හෝ ආදරවන්තියක මේ ලග්නගත සිකුරු නිර්මාණශීලී කලාකාමීන් බිහි කරයි.  


සෙනසුරු ලග්නයේ නම් දුක දරාගෙන දියුණුවීමට පුළුවන. කේතු මේෂ ලග්නගතවීමෙන් බෝ වන රෝග, ලේ විෂවීමෙන් සෑදෙන රෝග සෑදිය හැකිය. මේෂ ලග්නයට රාහු සුබ ග්‍රාහියෙකු නොවේ.  

 

 

 

 


භාරත භාෂ්කර් ශිරෝමණී  
ගෞරව සම්මානලාභී ජ්‍යොතිර්වේදී   
කපිල ඉන්දික ගුණදාස  
මාලිබොඩ - දැරණියගල.

 



අදහස් (0)

මේෂ ලග්නයෙන් උපන් ඔබ ගැනයි, මේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 56 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 719 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 342 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site