IMG-LOGO

2025 පෙබරවාරි මස 19 වන බදාදා


මැලිබන් වීදියේ ඕල්කට්තුමාගේ නිවස

සිහිවටනයක පසුබ්ම් කතාව

 

පිටකොටුවේ නොරිස් වීදිය නොහොත් ඕල්කට් මාවතේ ඕල්කට් පිළිරුව අසලට යන්න. මෙය පිහිටුවා ඇත්තේ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටය. ඕල්කට් පිළිරුව අසල සිට ඕල්කට්තුමාගේ ගෙදරට යන පාර අහන්න. සිය දෙනෙකුගෙන් ඇසුවහොත් දෙදෙනකුවත් ඔබට ඒ ගැන ඔත්තුවක් දීමට අසමත් වෙනු ඇත. කොටුව ඉස්ටේසමේ ඉදිරිපිට මල්වත්ත පාරේ සිට පිටකොටුව බෝගහ හන්දිය දක්වා පිහිටුවා ඇති වයින් ස්ටෝර්ස් ගණන ගණන් කර බලන්න. මෙතරම් වයින් ස්ටෝර්ස් කන්දරාවකට බලපත්‍ර දී ඇත්තේ ඕල්කට්තුමාට කරන උපහාරයක් වශයෙන් විය යුතුය.
   
මල්වත්ත පාරෙන් ඇතුළු වී වරාය දෙසට යන විට දකුණට ඇති මාර්ගය මැලිබන් වීදියයි. මේ කියන්නට යන්නේ කොළඹ ඇති දැවැන්තම බාර් එකක් ගැන නොවේ. ඕල්කට් මාවතේ සිට මැලිබන් වීදිය දක්වා විහිදෙන දැවැන්ත බාර් එක හරහාද මේ කියන තැනට එන්නට පුළුවන. මේ කියන්න යන්නේ මැලිබන් වීදියේ කොනකට වෙන්නට ඇති ඕල්කට් නිවස ගැනය.   


අද මැලිබන් වීදිය වුවද එද‌ා මෙය හඳුන්වා ඇත්තේ මාලිබන්ත වීදිය ලෙසය. පසුකලක මෙරට දැවැන්ත කෝටිපතියකු වූ ‘මැලිබන් බිස්කට්’ නිර්මාතෘ තම ජීවිතය ගැන නිරහංකාරව කියා ඇත්තේ තමාගේ ජීවිතය ආරම්භ කළේ මැලිබන් වීදියේ හෝටලයක පිඟන් හෝද‌ා බව කියන්නට තමන් ලජ්ජා නොවන බවය. මැලිබන් වීදිය ගැන තොරතුරු සොයන විට පෙනීයන්නේ එය එද‌ා ලන්දේසි යුගයෙන් පසුවද මල්ගොමු පිරී තිබුණ, ගෙවල්වලින් පිරී තිබූ වත්තක් බවය. මැලිබන් වත්ත මෙයට දශක ගණනාවකට පෙර ජනප්‍රියව තිබී ඇත්තේ බත් දෙන අම්මලා සිටි වත්තක් ලෙසය. මේ මැලිබන් වත්ත අසල ‘රැකට් කෝට්’ නම් කුඩා වත්තක්ද තිබී ඇත. කොම්පඤ්ඤ වීදියේ සිටි මැලේ ජාතික භටයින් වොලිබෝල් ක්‍රීඩා කරන්නට පැමිණ ඇත්තේ මෙතැනටය. කොළඹ වරායට ආ පිටරට සර්කස් කණ්ඩායම් තම සංදර්ශන පවත්වන්නට යොදාගෙන ඇත්තේ ‘රැකට් කෝට්’ භූමියයි. මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ ගම්පෙරළිය නවකතාවේ පවා ‘හාමර්ස්ටන්’ නම් සර්කස් සංදර්ශනය පවත්වා ඇත්තේ මෙහිය.   


මල්වත්ත පාරේ මැලිබන් වීදිය පසුකරන විට ඇත්තේ රෝහිණි පෙදෙසය. ඊට පසු ඇත්තේ කුමාර වීදියයි. පසුගිය සතියක අප කුමාරවීදියේ ඇති ලන්දේසි කෞතුකාගාරය ගැන ‘සිහිවටනයක කතාව’ට තේමා කරගත්තෙමු. මැලිබන් වීදියේ ඇති ඕල්කට් නිවසද බැලූ බැල්මට ඕලන්ද ගෘහ නිර්මාණ ශිල්පය සිහිගන්වන්නකි. කුමාර වීදියේ ඕලන්ද කෞතුකාගාරය තරම් උස් වූ ලන්දේසි කණු ඕල්කට් නිවසේ නම් ඇත්තේ ඊට ටිකක් උසින් අඩුවය.   
මැලිබන් වීදියේ දැන් ඇති ප්‍රධාන ව්‍යාපාරය ලිපිද්‍රව්‍ය අලෙවිසල්ය. වෙඩින් කාඩ් සඳහා බොහෝ දෙනා තෝරාගන්නා වීදියක් නම් මැලිබන් වීදියයි. නිවාස වයර් කරන විදුලි උපකරණ අලෙවිසල් කිහිපයක්ද මෙහි ඇත. එහෙත් ‘ඕල්කට් නිවස’ ගැන අප කොනක සිට අසාගෙන ආ මුත් කිසිවකු ඒ ගැන හෝඩුවාවක් දීමට සමත් වූයේ නැත. මල්වත්ත පාරේ සිට ‘ඕල්කට් නිවස’ ඇති අන්තයට යනවිට ‘ව්‍යපාරික තදබදය’’ අඩු වී එකට එකක් හේත්තු කොට ඇත්තේ නට්ටාමිලාගේ කරත්තය. ඒත් නැත්නම් තම වාරය එනතුරු ලොරි නවත්වා ඇත්තේ කරවල, අල, ලූනු, හාල් තොග කඩවලින් සිග්නල් එක එනතුරුය. මේ කාටවත් ඇමෙරිකාවේ සිට ලංකාවට ආවා යැයි කියන ඕල්කට් නම් මෑන්ස්ගේ රෙසිඩන්ස් එක තුට්ටුවට වටින්නේ නැත. පුරාවිද්‍යා එකට පවරා ගන්නට පෙර නම් ඕල්කට් නිවස වැදගත් වුණේ එහි කරවල කඩ තිබූ නිසා විය යුතුය.   


ඕල්කට්තුමා ගැන ඇති ලේඛන පිරික්සීමේදී පෙනී යන්නේ එතුමා ඉපදී ඇත්තේ මීට වසර 180 කට පෙර 1832.08.02 දින බවය. පියා හෙන්රි ස්ටීල් වයිකෝස් ඕල්කට්ය. මව ඇට්ලි ස්ටීල්ය. 1850 ගණන්වල ඇමෙරිකාවේ සිවිල් යුද තත්ත්වයක් හටගෙන තිබුනේ ඒබ්‍රහම් ලින්කන් ඒකාධිපතිවරයා එරට වහල් වෙ​ෙළඳාම තහනම් කිරීම නිසාය. ලින්කන් ජනපති සිවිල් යුද්ධයෙන් ජයග්‍රහණය කරවීමට 24 හැවිරිදි ඕල්කට් යුද හමුද‌ාවට බැඳී කළ සේවය හමුද‌ාවේ ඇගයීමට ලක්විය ‘කර්නල්’ පදවිය ඔහුට හිමිවන්නේ මේ සේවය නිසාය. ඕල්කට්තුමාගේ පෞද්ගලික ජීවිතය ගැන බොහෝ කරුණු ‘වහංව’ ඇති බව කිවහොත් නිවැරදිය. ඔහු වයස 28 දී විවාහ වී ඇත්තේ නිව්​ෙ‌යා්ක් නගරයේ ධර්මාචාර්ය රිවල් මෙරිගන්ගේ දියණිය සමගය. ඕල්කට්තුමා සිව් දරු පියෙකි. හෙන්රි, විලියම්, මෝගන් පුතුන් තිදෙනාගෙත් ඩේසි වෙන් දියණියගේත් පියා අපේ මේ ඕල්කට්තුමාය.   


ඕල්කට්තුමා පරම සත්‍ය සොයා ගියත් එතුමාගේ පවුල් තොරතුරු සෙවූ විට දැනගන්නට ලැබුණේ එම පවුල් ජීවිතය ටික කලකින් අභාවයට ගොස් ඇති බවය. මිනිසුන්ට මිනිසුන් ලෙස සැලකීම තේමා කොටගත් පරම විඥානාර්ථ සංගමය නිව්​ෙ‌යා්ක්හිදී (Theosophical Society) පිහිටුවාගෙන ඇත්තේ 1875 නොවැම්බර් 17 වැනිදාය. ඕල්කට් චරිතය නිරීක්ෂණයේදී පෙනී යන්නේ 1958 දී එතුමා පත්‍ර කලාවේදියකු ලෙසද කටයුතු කොට ඇති බවය. නිව්​ෙ‌යා්ක් ට්‍රිබියුන් (Newyork Tribune) පුවත්පතේ කෘෂිකර්ම අතිරේකයේ කතුවරයා වී ඇත්තේ ඕල්කට්තුමාය.   

 

 

1873 දී බුදු දහමේ සත්‍යතාවය සඳහා පැවත්වූ පාණදුරා වාදයට පෙරමුණ ගෙන කටයුතු කරන ලද්දේ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියෝය. මිෂනාරිවරුන්​ෙග් තර්ක විතර්ක බිඳ දැමීමට මෙය මුල් වූ අතර පාණදුරා වාදයේ සිංහල දේශන ඉගිරිසියට පෙරළා පොතක් වශයෙන් මුද්‍රණයට ජෝන් කුපර් පියවර ගෙන තිබුණි. ඔහු එවකට 'Times of Ceylon'' පත්‍රයේ කතුවරයකු ලෙස කටයුතු කොට ඇත. ඔය කියන සන්දියේ ලංකාවේ ‘ටයිම්ස්’ පත්තරයක් තිබුණේ දැයි කුතුහලයක් ඔබට ඇතිවිය හැකිය. එම පුවත්පතේ එකල මුල්පිටුවේ ඇත්තේ The Times of Ceylon Founded in 1946 ලෙසය. ඕල්කට්තුමා මෙම ග්‍රන්ථය කියවා බුදු දහම දෙස සිත පහදාවාගත් අතර මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් සමගද ලිපි ගනුදෙනුව අරඹා ඇත.  


බොහෝ දෙනා කියන්නේත් 1880 මැයි 17 වැනි දා ඕල්කට්තුමාත් හෙලේනා බ්ලැවැන්ස්කි මැතිනියත් ගාලු වරායෙන් ලංකාවට සැපත් වූ බවය. නමුත් ඕල්කට්තුමා තැබූ සටහනක ඇත්තේ තමන් ලංකාවට ආවේ කොළඹ වරායෙන් 1880 මැයි 16 වැනිදා බවය. මිගෙට්ටුවත්තේ හිමියන් ඇතුළු පිරියක් ගාලු වරායේ පිළිගැනීමේ උත්සවයක් සංවිධානය කොට තබූ නිසා ඕල්කට්තුමාට ගාලු වරායෙන් ලංකාවට ගොඩබසින්නට වූයේ ඊට පසුදිනය. ‘මම ඉඩ ලද හැම විටම මුහුදට ආසන්නයේ පිහිටි ගමක් පාසා ගියෙමි. එම ගැමියන් හඳුනා ගැන්ම මට මහත් ආස්වාදයක් විය. ඔවුනගේ සිනහව මුහුණු තවත් ලස්සන කළේය’’ යනුවෙන් ඕල්කට්තුමාගේ දින සටහන්වල ඇත. ඕල්කට්තුමා මැලිබන් වීදිය මෙම නිවස්නය තෝරා ගැනීමට හේතු වී ඇත්තේද එය මුහුදට ඉතා සමීපව පිහිටුවා ති​ෙබන නිසා විය යුතුය. ඕල්කට්තුමා පිළිගත් ගාල්ලේ ධනවත් බෞද්ධයකු වූ සයිමන් පෙරේරා එතුමා වෙනුවෙන් සිංහල වෑංජන 58 ක් සහිත කෑම වේලක් සැකසූ බව ඕල්කට්තුමාගේ සටහන්වලම ඇත.  


ඕල්කට්තුමා බෞද්ධ පාසල් අරඹන විට ලංකාවේ තිබි ඇත්තේ බෞද්ධ පාසල් 2 කි. එනම් දොඩන්දූවේ පියරතන විදුහල හා පාණදුර බෞද්ධ පාසලයි. ඕල්කට්තුමන් කොළඹ ආනන්ද විදුහල ආරම්භ කරන ලද්දේ මේ කියන ස්ථානයේය. ගාල්ලේ මහින්ද, මහනුවර ධර්මරාජ, ගාල්ලේ සංඝමින්තා වැනි විද්‍යාලද මෙහිදී අමතක කළ යුතු නොවේ.  


1880 ඕල්කට්තුමා ලංකාවට පැමිණිවිට භාෂා පරිවර්තකයකු වූයේ ඩේවිඩ් හේවාවිතාරණ ශිෂ්‍යයාය. ඕල්කට්තුමාගේ මාර්ගෝපදේශකත්වයෙන් මිදුණු ඩේවිඩ් නොහොත් පසුව ධර්මපාල තුමා මහාබෝධි නමින් සංවිධානයක් බිහි කළේය. නමුත් පසුව ධර්මපාලතුමාගේ විවේචන ඕල්කට්තුමා කෙරෙහිද එල්ල විය. ධර්මපාලතුමා රට පුරා ගමන් කළ රථය සාද‌ා තිබුණේ රාත්‍රියක් වුව ගත කරන්නට හැකි ලෙස වූ ලොරියකි. එහෙත් ඕල්කට්තුමා 1881 දී මේ සඳහා නිර්මාණය කොට ගෙන තිබී ඇත්තේ බරකරත්තයකි. මෙම බරකරත්තයේ කෑම කාමරයක් ලියන කාමරයක් මෙන්ම නිදන කාමරයක්ද තිබී ඇත.  


ඉරුදින දහම්පාසල් ඇරඹිමේදී ‘ඕල්කට්’ නාමය අමතක කළ නොහැක්කකි. 1895 දී ඇරඹු මේ දහම් පාසල් සඳහා එතුමා ගුරු කොටගෙන තිබුණේ 19 වැනි සියවසේ එංගලන්තයේ තිබුණු ‘හැම්ලින්’ ඉරිදා දේව ධර්ම පාසල් (Speen Hamlyn Sunday School) එංගලන්තයේ මේ පාසල් බිහිවීම පිටුපස ඇත්තේද අමුතුම කතන්දරයකි. එකල එංගලන්තයේ ගල් අඟුරු ආකරවලට ඉරිද‌ා නිවාඩු දිනයකි. පල්ලි යනවා වෙනුවට ඉබාගාතේ යන පාදඩ තරුණ පිරිසක් එකල සිට ඇත. පල්ලිය අසල ඇපල් ගස්වලට පොලු ගැසීම, ගල් අඟුරු කරත්ත මුනින් අතට පෙරළීම, පල්ලිවලට ගිය නිවැසියන්ගේ වහළට ගල් ගැසීම මෙන්ම තමන්ට විරුද්ධ වැඩිහිටි ‘මැන්ටල්’වලට පහරදීම පල්ලියට ප්‍රශ්නයක් විය. ස්පීන් හැම්ලින් කොට ඇත්තේ මේ මද‌ාවි පිරිස් ඉරිද‌ා උදයට පල්ලියට එක්කාගෙන විත් බයිබලය තම ජීවිතයට එක්කරගෙන යහපත් පුරවැසියකු වන අයුරු කියා දීමය. සූරිය ගුණසේකර මහතා මේ ගැන කියා ඇත්තේ ඕල්කට් මෙය ලංකාවට ආදේශ කළද එහි ලංකාවට ප්‍රතිඵල රහිත වූ බවය. ක්‍රිස්තියානු තරුණයින්ගේ ‘ක්‍රිස්තියානු තරුණ සංගමය -YMCA අනුකරණය කරමින් ඕල්කට්තුමා 1898 දී කොළඹ තරුණ බෞද්ධ සමිතිය බිහිකරන ලදී.  


ඕල්කට්තුමා කොළඹ ආනන්දය ආරම්භ කොට ඇත්තේ මෙහි උඩුමහලේය. එහි සිටි මුල් සිසුන් ගණන 50 කටත් වඩා අඩුය. මෙම ගොඩනැගිල්ල බිම් මහලේ පවත්වාගෙන ගොස් ඇත්තේ සරසවි සඳරැස මුද්‍රණාලයයි. 1880 දී හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියන්ගේ අනුශාසකත්වයෙන් ඇරඹි එම පුවත්පතේ ඉංග්‍රීසියෙන් The Sandaresa ලෙස පළකොට ඇත. වෙසක් පොහෝ දින රටේ බහුතරයකගේ ආගමික දිනයක් නිසා නිවාඩු දිනයක් කරන ලෙස සටනට තෝතැන්න වී ඇත්තේ මෙතැනය. 1885 දී වෙසක් දිනය රජයේ නිවාඩු දිනයක් බවට පත්විය. ඕල්කට්තුමන් හික්කඩුවේ හිමි හා මිගෙට්ටුවත්තේ හිමියන් සමග කමිටුවකින් ෂඩ්වර්ණ බෞද්ධ කොඩිය හඳුන්වාදෙන්නේ 1885 වෙසක් පොහෝ දිනදීය.   


එද‌ා මැලිබන් වත්තේ වැඩිපුරම සිට ඇත්තේ කතෝලිකයින්ය. වෙසක් පොහෝ දින බත් දන්සල් දීමට පුරෝගාමී වී ඇත්තේ මැලිබන් වත්තේ බත් අම්මණ්ඩිලාය.  


බෞද්ධ කොඩියේ උපත ගැන අාරංචිය අප කියන මේ ‘සරසවි සඳරැස’ මුද්‍රණය කළ ස්ථානයේ අච්චු ගස්වා ප්‍රකාශයට පත්කොට ඇත්තේ 1885 අප්‍රේල් 15 වැනි දින සරසවි සඳරැස පත්‍රයේය. ‘බෞද්ධයින් විසින් ඔසවන්නට ව්‍යවස්ථා කරගෙන තිබෙන කොඩියක්’’ යන ශීර්ෂ පාඨය යටතේ එය පළ කොට ඇත. බොහෝ දෙනා බෞද්ධ කොඩියේ නිර්මාතෘවරයා ලෙස පිළිගන්නේ ඕල්කට්තුමාය. එහෙත් එතුමාගේ දිනපොතේ Vide Old Diary Leavers) හි සටහන් කොට ඇත්තේ එය කරෝලිස් පූජිත ගුණවර්ධන මහතාගේ සැලසුමක් බවය. මෙය 1928 දී පළ කළ සුදනමිණ නමැති සඟරාවේද සහතික කොට ඇති කරුණකි.  


ඕල්කට්තුමා ගැන ඇති විවේචන බොහෝය. ඒ අතර උන්නාන්සේ CIA කාරයකු බවද ඇමරිකන් ගැත්තකු ලෙස මේ රට විනාශයේ පිළිකන්නට දක්කන්නට ආ ඇමරිකන් ගැත්තකු බවද දැහැමි මතධාරීන්ගේ මතයයි. ඕල්කට්, ධර්මපාල විරසකය ඇති වූ විට ධර්මපාලතුමාගේ දැඩි ප්‍රහාරයට ඕල්කට්තුමා පත්විය. බ්ලැක්වට්ස්කිගේ The Secret Doctrine සුප්‍රකට ලියවිල්ල සාක්ෂි දරන්නේ මල්ලිකා හේවාවිතාරණ, ඩේවිඩ් හේවාවිතාරණ තරුණයා වයස 18 දී ඉන්දියාවට යාමට විරුද්ධ වෙන්දී සියදිවි නසා ගැනීමේ තර්ජනයක් තම මවට කරන ලද්දේ බ්ලැක්වට්ස්කිගේ (Brain Wash) මොළ සේදීම මත බවය.  


ඉතිහාසය තුළ විවිධාකර විවරණයක් ලෙස ගෞරව ලබන විවරණයක් බිහිව තිබේ. තමන් අතර ඉපදී හැදී වැඩී තම ජනතාවට සේවය කළ අය මේ අතර වෙයි. එහෙත් විදේශිකයකු ලෙස ඉපිද තම මව් බිමට පැමිණ තමන්ට අසහාය සේවයක් කළ ජාතික වීරයකු ලෙස අදත් සිංහලයෝ ඕල්කට් තුමන්ව සිහිපත් කරති.  


අද මේ ඕල්කට් නිවස ඇත්තේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව භාරයේය. එතුමන් පරිහරණය කළ දේ මෙහි සුරක්ෂිතව ඇත. ගිනි කාස්ටක අව්වේ පිටකොටුවේ සැරිසරන ඔබට මේ බිමට ගියොත් දැනෙන්නේ අමුතුම සිසිලසකි. කොළඹ ඇති මෙවැනි ඓතිහාසික ස්ථාන ගැන කියූ විට ඇතමෙකු ‘අටමස්ථාන වඳින්නට යන්නට’ පෙර කොළඹ මෙවැනි තැන් බලන්නට යන්නට තීරණය කිරීමට බැරි නැත.  


රාමඤ්ඤ නිකාය පිහිටුවීමට මුල් පියවර ගත් හිමි නමක් නම් අඹගහවත්තේ ඉන්ද්‍රසාර මහනාහිමියන්ය. උන්වහන​්සේ අපවත් වූ විට ගාල්ලේ විජය නන්දාරාම විහාරයේ උන්වහන්සේගේ මෙන්ම ඕල්කට්තුමාගේද පිළිරුවක් ගොඩනැගීමට ද‌ායක සභාව ඒකමතිකව තීරණය කරන ලදී. මේ ගැන ඕල්කට්තුමා යෝජනාව ප්‍රතික්ෂේප කොට ලිඛිතව දායක සභාව වෙත දන්වා ඇත.  


මේ ඕල්කට් නිවස ගොඩනගන්නට යොදාගෙන ඇත්තේ කබොක්ගල් හා ග​ෙඩාල්ය. මෙහි ඇති කාලයක් පුරා රැඳි ලී, තේක්ක, නැදුන්, කොස් බව අමුතුවෙන් කිවයුතු නැත. ගිනි කාස්ටක අව්වේ පිටකොටුවට ගිය විටක ඔබත් ඕල්කට් නිවහනට යන්න. එහි ඇති සිසිලස ඔබට වායුසමනය කළ කාමරයකදීවත් ලබාගත හැකි නොවනු ඇත.   

 

 

 


වජිර ලියනගේ   



අදහස් (0)

මැලිබන් වීදියේ ඕල්කට්තුමාගේ නිවස

ඔබේ අදහස් එවන්න

 

 

සඳැල්ල

සතුන් වෙනුවෙන් කැපවෙන රජරට පවුල
2025 පෙබරවාරි මස 18 11 0

‘‘නයින්ට කිරි පොවන්න යන්න එපා.’’ ‘‘නයාට ගහලා පොල්ල වරද්දගන්න එපා’’ ‘‘විෂඝෝර නාගයා දැක නොහරු මෝඩයා’’ යන කියමන් අපිට නිතරම අහන්න ලැබෙනවා.


කුලභේද , ජාතිභේද ගැන තැකීමක් නැහැ - නිම්මි මනෝහාරී
2025 පෙබරවාරි මස 18 7 0

නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයෙන් පුංචි තිරයට පැමිණි ඇය දැන් පිරිමි ළමයි හි මැණිකා ලෙසින් රංගනයේ වෙනස් ආරක් ස්පර්ශ කරමින් සිටියි.


බැණුම් අහන්නේ චරිතය සාර්ථක නිසා - ගාවින්ද නවරත්න
2025 පෙබරවාරි මස 13 53 0

හැඩි දැඩි පෙනුම, රෞද්‍ර රළු බව පිරිමි පෞරුෂය පිළිබිඹු කරන ලක්ෂණ කිහිපයකි. එවන් පෞරුෂවත් පිරිමි පෙනුම නිසාම නිරන්තරයෙන් රළු චරිතවලට නිර්දේශ වන මොහු දැන


මම 1500 වතාවකට වඩා මනාලියන්ට හැඩවෙලා තියෙනවා - තාරා කළුආරච්චි
2025 පෙබරවාරි මස 13 72 0

නිරූපණ ක්ෂේත්‍රය ඔස්සේ කලාවට පිවිස, ’’ගිනි අවි සහ ගිනි කෙළි’’ චිත්‍රපටයේ බෝගවත්තේ ලකීගේ ජීවිතේ නැති කරන්න ආ සරාගී යුවතිය ලෙසින් ද ’’ලලයි ලිලයි ලයි’’ ට


ලෝක විවාහක රූ රැජින දෙවෙනි ස්ථානය දිනූ ඉෂාදි අමන්දා
2025 පෙබරවාරි මස 13 43 0

පසුගියදා ඇමරිකාවේ ලාස් වේගාස්හි දී 40 වැනි වතාවටත් පැවැත් වූ ලෝක විවාහක රූ-රැජින තරගයේ දී, ‘උප කිරුළ’ දිනා ගැනීමට සමත් වූයේ, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ත


සුනීතා විමලවීරට ආනන්දයක් වූ නිරානන්දයේ සකරදාං
2025 පෙබරවාරි මස 13 78 0

සකරදාං බලන්නට මනාලයෙක් ආවේය. ඔහු උඩ ගොස් බිම වැටුණේ ඇගේ රූප ස්වභාවය දුටු විටය.


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 345 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 152 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 1014 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site