IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


මැරෙන දවස හරියට කියන්න ජ්‍යෝතිෂයට පුළුවන්

මිනිසාගේ පරම ආයුෂ එකසිය විස්ස ලෙසට ජ්‍යෝතිෂ ශාස්ත්‍රයේදී ගණන් ගනු ලබයි. මෙම අවුරුදු එකසිය විස්ස ද බාලායු, මධ්‍යායු, පූර්ණායු යනුවෙන් කොටස් තුනකට වෙන්කර අත. එයින් බාල කාලයේ ජීවිතය අහිමි වන යෝග ‘බාලාරිෂ්ඨ’ යනුවෙන් හඳුන්වනු ලබයි. එයද කොටස් තුනකට බෙදා දක්වයි. උපන්දා සිට අවුරුද්ද දක්වා පළමු කොටසට ද අවුරුදු නවයේ සිට දහසය දක්වා දෙවෙනි කොටසට ද දහසයේ සිට විසිහතර දක්වා තුන්වෙනි කොටසට ද බෙදා වෙන්කර පෙන්වයි.  

 

 මන්දා යුෂ යෝග අවුරුදු විසිපහේ සිට අවුරුදු හතළිහ දක්වාත් අල්පායුෂ යෝග හතළිස් එකේ සිට හැට දක්වා ද පූර්ණායුෂ යෝග හැටඑකේ සිට එකසිය විස්ස දක්වා ද ගෙවන බව ජ්‍යොතිෂ නිගමන යයි. මෙයට අමතරව අපරිමිතායුෂ යෝග නමින් තවත් යෝගයක් හතරවෙනි කොටසට වෙන්කර ඇත. එම අපරිමාතායුෂ යෝගයට අසුවෙන්නේ අවුරුදු එකසිය විස්සට වැඩියෙන් ජීවත්වන අයයි.  
බාලරිෂ්ඨ යෝග යෙදෙන අන්දම ඒවා භංග වී යන අන්දම ද ජ්‍යෝතිෂ ශාස්ත්‍රීය පොත පතෙහි පෙන්වා දී ඇත. ලග්නාධිපති රවි-චන්ද්‍ර යන ග්‍රහයින් සිටින ස්ථාන එම ස්ථාන අධිපති ග්‍රහයින් හෝරා, දෙෂ්කාණ, නවාංශක ද්වාදශාංසක ත්‍රිශාංසක හා ඔවුනොවුනට දෘෂ්ටි ලබන අන්දම ඉතා සැලකිලිමත්ව බලා අල්පායුෂ නිගමනය කළ යුතුයි. ලග්නාධිපති රවි-චන්ද්‍ර යන ග්‍රාහයින් නීච වීමද ඔවුන් සිටින රාශි අධිපතියන් නීච වීමද හය, අට, දොළහ යන ස්ථාන මාරක ස්ථාන නම් පාපයින්ගේ රාශි නම් පාපයින්ට පෙනේ නම් පාප සංයෝග වී නම් බාලාරිෂ්ඨ යෝග බලවත් වෙයි.  


සඳු-කුජ-ශනි-රාහු යන ග්‍රහයින් හත්වෙනි භාවයේ සිටීම හෝ නවවෙනි භාවයේ සිටීම අල්පායුෂ යෝගයකි. ලග්නගතව චන්ද්‍රයා සිට සියලු පාප ග්‍රාහයින් හතර හත දහයේ සිට සුබ ග්‍රහයින්ට නොපෙනේනම් එයද ආයුෂ අඩුකරන යෝගයකි. ලග්නයේ සහ හතේ පාප ග්‍රහයින් සිට චන්ද්‍රයාද පාප ග්‍රහයෙකුට යෝගවී ඇත්නම් එයද ආයුෂ අඩුකරන පිහිටීමකි. මෙම යෝගය බලවත් ගුරුට පෙනීම මත යෝග බලය භංග වෙයි. ලග්නය දෙපැත්ත වූ දෙක-දොළහත් හතට දෙපැත්ත වූ හය-අට යන ස්ථානවල පාප ග්‍රහයින් සිටීම අල්පායුෂ යෝගයකි. මෙම යෝගය ගුරුට පෙනීම මත අල්පායුෂ භංග කරයි. මෙම යෝගය භංග වීමට නම් ගුරු ග්‍රහයා පස්වෙනි භාවයේම සිටිය යුතුයි.  


පාප ග්‍රහයින් ලග්නගතව ද සත්වෙනි භාවයේ ද පාප ග්‍රහයින් සිටීම චන්ද්‍රයා සමග පාප ග්‍රහයින් සිටීමද අල්පායුෂ යෝගයකි. එම චන්ද්‍රයාට සුබ ග්‍රහ දෘෂ්ඨි ලැබීම යහපත්ය. අල්පායුෂ භංග කරයි. ක්ෂීණ චන්ද්‍රයා ලග්නගතව අටවෙනි භාවයේත් කේන්ද්‍ර ස්ථානවලත් පාප ග්‍රහයින් සිටි විට ආයුෂ අඩුකරයි. බාල කාලය චන්ද්‍රයා සම්බන්ධව අරිෂ්ඨ යෝග බල පවත්වයි. අරිෂ්ඨ යෝග ඵල දීමට චන්ද්‍රයා සිටි තැනට චන්ද්‍රයා නැවත පැමිණෙන කාලය චන්ද්‍රයා ලග්න ගතවන කාල සීමා චන්ද්‍රයාට පාප ග්‍රහයින්ගේ දෘෂ්ඨිය වැටෙන කාල සීමාවලදී අල්පායුෂ යෝග බලවත් කරයි.  


උපත- 2017 අප්‍රේල් 18 අඟහරුවාදා දහවල් 12.46ට. පුවසල නැකත. 03 පාද සිකුරු මහදශාව ඉදිරියට අවුරුදු 07 යි මාස 01 යි දින 6 ක් පවතී.  


සඳුට අයත් කටක ලග්නයෙන් අංශක 11 යි කලා 56 ක් පසුකර සිකුරුට අයත් තුලා නවාංශකය තුළ පුවසල නැකත 03 වන පාදය හිමිව උපන් මෙම දරුවාගේ ජන්ම පත්‍රය අඩු ආයුෂවලට උදාහරණ ලෙස ඉදිරිපත් කරමි.

 
 මෙම දරුවා 2017 ජූලි 15 වන දින මරණයට පත්ව ඇත. සෙම නරක්වීමෙන් නියුමෝනියා රෝගය වැළදී ඇත.  


 ඔහුගේ කේන්දරයට අනුව චන්ද්‍රයා (ලග්නාධිපති ග්‍රහයා) සතුරු භාව ගතව සෙනසුරුට යෝගව ජන්ම එරාෂ්ටකය ඇතිව අටවෙනි භාවය (මාරක ස්ථානය) සිටින කේතුට දෘෂ්ටි හෙළයි. කටක ලග්නයට මාරක ග්‍රහයින් බුධ-සිකුරුය. සෙනසුරු අසුබ ග්‍රහයෙකි. බුධ ග්‍රහයාද උච්ච රවිට යෝගව හතර වෙනි භාවය පෙනීම මත පපුවට බලපාන රෝග පීඩා ඇතිකර ඇත. මාරක සිකුරු උච්ච බලයෙන් සිට ලග්නය-තුන්වැන්න පස්වැන්න දකී. කටක ලග්නයට ගුරු සුබ ග්‍රහයා වුවත් සතුරු රාශියක සිටීම අනුව උගුරට බලපාන අසුබතා ගෙන දෙයි. මෙම දරුවා ජීවත් වී ඇත්තේ මාස 2 කුත් දින 27 ක් පමණි. ගුරුට අසුබ සෙනසුරුගේ පෙනීම මත ගුරුගේ බලය අඩුකර ඇත.  


මෙම දරුවා මියයන දින ජූලි 15 වෙනි සෙනසුරාදා චන්ද්‍රයා ගමන්කර ඇත්තේ උපන් නැකතට (පුවසල) අසුබ සෙනසුරුට අයත් උත්‍රපුටුප නැකතේය. උත්පත්තිය ලබන විටද මාරක සිකුරුගේ මහ දශාව අවුරුදු 07 යි මාස 6 යි දින 01 ක් ඉදිරියට තිබුණි. නවාංශකයේද සිකුරු ග්‍රහයා සතුරු රාශියක සිට සතුරු භාවය දකී.

 
මිය යන අවස්ථාවේ සිකුරු මහ දශාවේ සෙනසුරුගේ අතුරු දශාව ලබා ඇත.  


 මේ අනුව බලන විට කටක ලග්නයට අසුබ ග්‍රහයා වූ සෙනසුරු විසින් අසුබ පල උදාකරමින් සෙනසුරුගේ අතුරු දශා කාලය ලබන විට මරණය උරුමකර ඇත.

 
ආයුෂ අඩු වුණත් මෙම දරුවා වත්පොහොසත්කම් ඇති පවුලක පළමු දරුවා ලෙස ඉපදී ඇත. පෙර කළ පින් බලය ඇති නිසා සැප සම්පත් ලැබීමට වාසනාව තිබුණත් අප බුදුපියාණන්ගේ ධර්මයට අනුව සංසාර ගතව එන විට සත්ව ඝාතනය ද කර ඇති නිසා පෙර පින්වලට මනුෂ්‍ය ආත්මයක් ලැබුවද අල්පායුෂ යෝගය කර්ම විපාකයට මුහුණ දීමට සිදුව ඇත. එම නිසා මෙම දරුවාගේ මතු ආත්මය සැපවත් කිරීමට මරණයට කැපවුණු සතුන් නිදහස් කර නැවත ආත්මවල අඩු ආයුෂ ඇති නොවීමට පින් දහම් කිරීම නුවණැති දෙමාපියන්ගේ යුතුකමකි.  


ජ්‍යොතිෂ්‍යවේදිනී 
සේපාලි කරුණාරත්න,  
අංක 28, බංඩාරවත්ත,  
රත්තොට, මාතලේ

 



අදහස් (0)

මැරෙන දවස හරියට කියන්න ජ්‍යෝතිෂයට පුළුවන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 699 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site