IMG-LOGO

2025 දෙසැම්බර් මස 08 වන සඳුදා


මීයන්ගේ මස් කන්න කැමති රිළවෙක් මැලේසියාවේ

 

 

වඳුරන් සහ රිළවුන්ගේ ප‍්‍රධාන ආහාරය පලතුරු ය. ගස්වල කොළ ය. අල වර්ග ය. පෝෂණ අවශතා සපුරා ගැනීමට ඉදහිට ඔවුන් කෘමි සතුන් ආදිය ආහාරයට ගන්නා අවස්ථා ද ඇත. කලාතුරකින් කුඩා උරගයන් පමණක් නොව, කුඩා කුරුල්ලන් පවා අල්ලාගෙන ආහාරයට ගන්නා වඳුරන් සහ රිළවුන් ඇත. මේ සටහන අමුතුම විදියේ රිළා විශේෂයක් ගැන ය. මකැක් පවුලට අයත් මේ රිළවුන් මසට ලොල් ය. පලතුරුවලට වඩා මොවුන් ප්‍රිය කරන්නේ මීයන් ආහාරයට ගැනීමට ය.


දකුණුදිග මැලේසියාවේ වනාන්තරවල දැකිය හැකි මෙම රිළා විශේෂය හැඳින්වෙන්නේ ‘ඌරු වල්ගැති මැකාකි’ යනුවෙනි. මේ රිළවාට ඇත්තේ කුඩා දගර ගැසුණු වල්ගයකි. එය ඌරකුගේ කෙටි වල්ගයකට සමානය. පාම් තෙල් සඳහා පාම් ගස් වගාව මැලේසියාවේ ද ජනප්‍රියය. පාම් ගස් වගා කළ පාම් වනාන්තර දකුණුදිග මැලේසියාවේ බහුලය. පාම් ගෙඩිවලට හානි කරන පළිබෝධකයන් ලෙස මීයන් සැලකෙයි. රිළවු පාම් වනාන්තරවලට පැමිණ මීයන් ආහාරයට ගනිති.


‘පාම් වනාන්තරවලට පැමිණෙන රිළවුන්, මීයන් අල්ලා ආහාරයට ගන්නා බව මට අසන්න ලැබුණු අවස්ථාවේදී මා ඒ බව විශ්වාස කළේ නැහැ. රිළවුන් සහ වඳුරන් මාංශභක්ෂක සතුන් නොවේ. ඉදහිට කටුස්සන්, පොඩි කුරුලූ වර්ග ආහාරයට ගත්තත්, මීයන් ආහාරයට ගන්නවා මම විශ්වාස කළේ නැහැ. ඇහැට දකින කල් විශ්වාස කළේ නැහැ. යැයි මැලේසියාවේ සෙයින්ස් විශ්ව විද්‍යාලයේ සත්ව විද්‍යාඥවරියක වන නදීන් රූපට් පැහැදිලි කරයි. ඇය මෙම රිළවුන්ගේ අසාමාන්‍ය ආහාර රුචිකත්වය සම්බන්ධයෙන් විශේෂ ලිපියක් ද ‘බයොලොජි ජර්නර්’ විද්‍යා සඟරාවට ඉදිරිපත් කර තිබේ. රූපට් පැහැදිලි කරන අන්දමට මීයන් බුදින රිළවුන් සිටිනවා යැයි ඇයට පළමුවෙන් අසන්නට ලැබී ඇත්තේ 2016 දීය. ඒ, පාම් වතු හිමිකරුවන් සහ ඒවායේ සේවකයන්ගෙනි. ‘මේ රිළවුන් පුදුම විදියට මස් කන්න කෑදරයි. රිළවුන් එහෙම මස් කනවා දකින්න ලැබීම ඇත්තටම පුදුමයක්.’ යැයි විද්‍යාඥවරිය කියයි.


පාම් වනාන්තරවලට පැමිණ මීයන් අල්ලා ආහාරයට ගන්නේ සෙගාරි මෙලින්ටැන් වන රක්ෂිතයේ ජීවත් වන රිළවුන්ය. පාම් ගස්වලින් පිරුණු වනාන්තර දකින්න ලැබෙන්නේ සෙගාරි මෙලින්ටැන් වන රක්ෂිතය අද්දරය. සාමාන්‍යයෙන් රිළවුන් රංචුවක සාමාජිකයන් 40 ක් පමණ සිටින බව පැවැසෙයි. මොවුහු සෑම වසරකම මීයන් 3,000 ක් පමණ ආහාරයට ගනිති. පාම් ගෙඩි ආහාරයට ගන්නා මීයන් නිසා පාම් වගාවට සියයට 10 ක පමණ හානියක් සිදුවෙයි. එම හානිය මඟහරවා ගැනීමට රිළවුන්ගෙන් සහාය ලැබේ. රිළවු ස්වභාවික පළිබෝධ නාශකයෙක් ලෙස කටයුතු කරති. මේ නිසා මැලේසියාවේ පාම් වගා හිමිකරුවන් රිළවුන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇත. වනාන්තරයේ රිළවුන්ගේ වාසස්ථාන ආරක්ෂා කිරීම වෙනුවෙන් පාම් වගා හිමිකරුවන් නව වැඩපිළිවෙළක් ද ආරම්භ කර ඇති බව මැලේසියා පුවත් සේවා වාර්තා කර තිබේ.

 


ලූසිත ජයමාන්න
‘ද සන්’ ඇසුරිනි



අදහස් (0)

මීයන්ගේ මස් කන්න කැමති රිළවෙක් මැලේසියාවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 291 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 413 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 391 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site