සිහින් ශරිරයකින් යුතු රියන් හත අටක් උස දිගැත ප්‍රේත භූතයා පොළව දෙබෑ කරගෙන සුදුම සුදු වැලි අස්සෙන් සුපුන්ගේ නිවසට එන්නේ මිනිස් ආත්මයක් ගොදුරු කරගන්නා වු ආශාවෙනි.
සුනඛයකුගේ වේශය ගත් මේ භූතයාගේ පිටේ නැඟ සිටින තවත් කුඩා වු සුනඛයන්ට සමාන වු ස්වරූපයක් ඇති පරිවාර ප්‍රේතයෝද රැසකි. දිව දිගට ඇදි ඇත. කෙළ වැගිරෙන දිව රෝස පැහැයෙන් වර්ණවත්ය. සුපුන්ගේ නිවසේ සුදු වැලි තලාව මත සිට එක හඩට එකම බීරී නාදයෙන් අහස දෙස බලා උඩු බුරලන මේ සුනඛ ප්‍රරේතයා ප්‍රමුඛ පරිවාර ප්‍රරේතයෝ ඒ මහා රැයේ දී සුපුන් සොයා සුපුන් නිදියන සුපුන්ගේ මිය ගිය සීයාගේ කාමරයට ආවෝය.
මේ මහා සුනඛ ප්‍රරේතයෝ සුපුන්ගේ හිසට පැන ලේ උරා බොන්නට තැත් කරමින් බලා සිටියෝය. මහා බියජනක අභූත සුනඛ ප්‍රරේතයෝ ක්‍රම ක්‍රමයෙන් ගොඳුරට ළඟා වෙමින් සිටියෝය. සිදුවන්නේ කුමක්දැයි කිසිවෙක් දැන සිටියේ නැත....ඉන් පසුව සිදුවුයේ කුමක්ද ........
සුපුන් තම මව හා පියා සමඟ ඉතා කෙළිදෙළෙන් ජීවත් වූ විසිතුන් හැවිරිදි තරුණයෙකි. දෙමාපිය සෙනෙහස නිසා නිරන්තරයෙන්ම තම නැගණිය හා ගැටුම් ඇති කරගන්නා සුපුන් මවගේත් පියාගේත් ආදරය දිනාගත්තේය. සුපුන්ගේ සීයා වන සාදිරිස් ද සුපුන්ට දැක්වූයේ ඉමහත් සෙනෙහසකි. තරුණ වියේ පසුවුවත් මවගේත් පියාගේත් සීයාගේත් ආදරය දිනාගත් සුපුන් වැඩිපුරම කාලය ගත කළේ සීයා සමඟය. උසස් පෙළ නිම වූ පසු සුපුන් කළේ නිවසට වී කාලය ගත කිරීමය. නැගණිය උසස් පෙළට සූදානමින් අධ්‍යාපන කටයුතුවල නියැලේ. සුපුන්ලට කිසිඳු අඩුපාඩුවක් නොවූ අතර, පියා හදිසියේම විදේශගත විය. සුපුන්ගේ මව හා සීයා සමඟ සුපුන් නිවසටම වී කාලය ගත කළ අතර, මිතුරන් ඇසුරට යාමට ඔහු කැමැත්තක් දැක්වූ අයෙකු නොවීය.
මෙසේ කාලය ගෙවී යද්දී හදිසියේම සාදිරිස්ට අසනීප විය. වයස හැත්තෑදෙකක් වුවද ඉතාමත් නිරෝගී අයෙකු වූ සාදිරිස් උණකට හෙම්බිරිස්සාවකටවත් බෙහෙතක් ගත්තේ නැත. එක්වරම සීයා අසනීප වීම නිසා සුපුන් කලබලයට පත්විය. නැගිට ගැනීමටවත් බැරිව ඇඳට වැටුණු සීයාට කොපමණ බෙහෙත් හේත් කළත් සුවයක් නොවීය. සුපුන් බලාගත්වනම බලාගෙන කල්පනා කරන්නට විය.
හරියට මුළු ලෝකෙම සුපුන්ට නැති වූවා සේය. තමන්ට ඉතා ලෙංගතු වූ සීයා සුපුන්ගේ හොඳම මිතුරා විය. දැන් විහිළුවක් තහළුවක් කිරීමට කවුරුවත් නොමැති නිසා සුපුන් සිටියේ දුකින්ය. “සීයාට ඉක්මනට සනීප වෙයි පුතේ. මං තාත්තාටත් කතා කරල කිව්වා. තාත්තා පුළුවන් ඉක්මනට එයි. පුතා දුක් නොවී ඉන්න” සුපුන්ගේ මව ඔහුව කොතරම් අස්වැසුවද ඉන් පලක් නොවීය. මේ අතරතුර එක්දිනක් රාත්‍රියේ සීයාට හොඳටම අසනීප වූ අතර, නිවසටම වෛද්‍යවරයෙකු ගෙන්වා පෙන්වූවද පසුදා අලුයම වනවිට සීයා මෙලොවින් සමුගත්තේය.
සුපුන් කෑ ගසා හැඬුවේ හරියට ගැහැනු දරුවෙකු සේය. තම මිණිපිරියට වඩා මුණුපුරාට බෙහෙවින් ආදරය කළ සාදිරිස්ට හිටිහැටියේම කුමක් සිදුවුණිදැයි සැවොම කතා බස් කළෝය. කෙසේ වුවද දින සති මාස ගෙවෙමින් තිබුණි.
දිනක් හැන්දෑවේ සුපුන්ට තදබල හිසේ කැක්කුමක් ඇතිවිය. ඔහු හිස බදාගෙන බෙරිහන් දෙන්නට පටන් ගත්තේය. කලබලයෙන් දුවගෙන ආ සුපුන්ගේ මව “මොකද පුතා ඇයි මේ මොකද වුණේ” කියමින් සුපුන්ගෙන් ඇසුවාය.
“අනේ අම්මේ මගේ ඔළුව පැලෙන්න කැක්කුමයි. මගේ ඇස් දෙකත් මොකක්දෝ වෙනවා” සුපුන් මවට කීය. “අනේ අපි ඉක්මනට ඩොක්ට කෙනෙකුටවත් පෙන්නමු පුතේ” කියමින් සුපුන්ගේ මව කඩිමුඩියේ ලැහැස්ති වී සුපුන්වද කැටුව වෛද්‍යවරයෙකු වෙත ගොස් බෙහෙත් රැගෙන නිවසට පැමිණ සුපුන්ට කෑම කවා බෙහෙත් බොන්නට දී ඔහුට නින්ද යනතුරු ඒ අසලම සිටියාය. දින තුනක් ගතවන විට හිසරදය සුවවිය.
නමුත් සුපුන් බලාගත්වනම බලාගෙන කල්පනා කරන්නට විය. සීයාගේ කාමරය වෙත ගොස් සීයාගේ ඇඳට වී අඬන්නට ගත්තේය. මෙලෙස සුපුන් එය පුරුද්දක් කරගත්තේය. පෙරැත්ත කර කවන බත් කටක් හෝ දෙකටක් කන සුපුන් කෑමටද පිරියක් දැක්වූයේ නැත. කෙළිදෙළෙන් ගත කළ සුපුන් එන්න එන්නම වැහැරෙන්නට පටන් ගත්තේය. නිතරම හිසරදයකින් පීඩා විඳි සුපුන් සතියකට දින හතර පහක්ම කළේ හිස බදාගෙන බෙරිහන් දීමය. “හැමදාමත් ඩොක්ටර්ස්ලට පෙන්නලා හරියන්නේ නැහැ මේක. අපි ඔයාට නූලක් හරි දාමු කපු මහත්තයෙක්ට පෙන්නලා. එතකොටවත් සහනයක් ලැබෙයිද බලමු පුතේ” සුපුන්ගේ මවට සුපුන්ගේ වේදනාව උහුලාගත නොහැකි විය. ඇය තම සැමියාට ද දුරකතනයෙන් කතා කොට නිතරම සුපුන්ගේ තත්ත්වය පැහැදිලි කළාය. නැගණියට ද තම සහෝදරයාගේ මේ වෙනස දරාගැනීමට නොහැකි විය. තමාටවත් දෙමාපියන් හා සීයා සමඟ විහිළු තහළු කිරීමට හෝ ඔවුන් ළඟ රැඳීමටවත් ඉඩ නොදුන් අයියා කළේ නිතරම තමා සමඟ ගැටුම් ඇති කරගැනීමය. පොඩි ළමයෙකු වාගේ හැසිරුණු අයියා එක්වරම නොකා නොබී වැහැරෙන්නට පටන් ගත්තේ ඇයිදැ’යි ඇයට ද ගැටලුවකි. ඒත් කුමක් කළ යුතුද යන්න ඇයටද නොතේරුණි. මවගේ සිතුවිල්ල වූයේ මෙය කුමන හෝ අමනුස්ස බලපෑමක් බවයි. “කමක් නෑ හෙට උදේම පුතාව කපු මහතා ළඟට එක්ක යනවා” මව සිත සනසා ගත්තේ එලෙසය.
නිරන්තරයෙන්ම තදබල හිසරදයකින් පීඩා විඳි සුපුන් කැටුව මව කපුමහතා හමුවීමට ගියාය. කපු මහතා දෙහි කපන විට “මගේ ඔළුව කැරකෙනවා” කියමින් සුපුන් ඇස්දෙක පියාගෙන ඔළුව ඒ මේ අත පද්දන්නට පටන් ගත්තේය. කෙසේ හෝ කපු මහතා දෙහි කපා, තෙල් මතුරා නූලක් සුපුන්ගේ කරට දැමීය. එවෙලේ සුපුන්ගේ හිසරද තත්ත්වය පහව ගොස් ඔහු සුවය ලැබීය. දින දෙකක් පමණ කිසිවක් සිදු නොවූ අයුරින් සිටි සුපුන්ට නැවතත් හැන්දෑවේ හිසරදය හටගත්තේය. “අනේ අම්මේ මගේ ඔළුව” සුපුන් බෙරිහන් දෙන්නට විය. “දුවේ ලැහැස්ති වෙන්න අයියාව කපු මහත්තයා ළඟට එක්ක යමු” සුපුන්ගේ මව තම බාල දියණියට කීය. නැවතත් සුපුන්ව කැටුව මවත් නැගණියත් කපු මහතා හමුවට ගියහ.
“මොකක්ද ඒ පාර වෙලා තියෙන්නේ” කපු මහතා විමසීය. “අනේ කපු මහත්තයා හොඳට හිටියේ දවස් දෙකයි. ආයෙත් ඔළුව බදාගෙන කෑ ගහන්න පටන් ගත්තා. ඒකයි දැන් එක්ක ආවේ” සුපුන්ගේ මව සුපුන් කෙරෙහි සොවින් පවසන්නට විය. “හොඳයි හොඳයි අපි බලමු” කපු මහතා දේවාරූඪයෙන් නූලක් මතුරා සුපුන්ගේ කරට දැමීය. “දැන් ආයෙත් හැදෙන එකක් නෑ” කපු මහතා පැවසීය.
මෙසේ මාස දෙකක් ගත වූ අතර, ඒ කාලය තුළ සුපුන් හිසරදයෙන් පීඩා වින්දේ නැත. නමුත් ඔහුගේ දඟකාරකම් සියල්ල කිසිවකුටවත් දක්නට ලැබුණේ නැත. නිවසට වී ඔහේ කාලය ගත කරන සුපුන්ට “පුතේ ගෙදරම ඉන්නෙ නැතිව යහළුවෝ එක්කවත් කතා බහ කරලා එන්නකො” යයි මව පැවසූවත් සුපුන්ගේ ක්‍රියාකලාපයේ වෙනසක් නොවීය. “පන්සල පැත්තෙවත් ගිහින් එමු පුතේ” යැයි සුපුන්ගේ මව කොතෙක් ඔහුව නිවසින් පිටතට රැගෙන යාමට උත්සාහ කළද පලක් නොවීය. එදින රාත්‍රියේ එක්වරම සුපුන් “අම්මේ මගේ ඔළුව රිදෙනවා” කියමින් කෑ ගසන්නට විය. “අනේ පුතේ අපි මොකක්ද දැන් කරන්නේ. උදේ වෙනකම්වත් ඉමු” සුපුන්ගේ මව ඒ මොහොතේම තම සැමියාට දුරකතනයෙන් කතා කොට සුපුන්ගේ තත්ත්වය සුවඅතට හැරෙන්නේ නැති බවත් මෙය බලා සිටින්නට නොහැකි බවත් පැවසීය. එදින සුපුන් අසලම රැය පහන් කළ සුපුන්ගේ මව පසුදා සුපුන් කැටුව නැවතත් කපු මහතා මුණුගැසීමට ගියාය. “අනේ කපු මහත්තයා. පුතාට ආයෙත් හිසරදය ආවා ඊයේ රෑ. අපි මේකට මොකද කරන්නේ. ඇයි මෙහෙම වෙන්නේ පුතාට” සුපුන්ගේ මව කපු මහතාගෙන් විමසීය.
“පෙරේත ආත්මයක් මේ ළමයගේ ඇඟට ඇවිත් තියෙනවා. ඒකයි මේ ළමයව ලෙඩ කරන්නේ. කවුරුහරි ගෙදර නැති වුනාද” කපු මහතා ඇසූ ප්‍රශ්නෙට සුපුන්ගේ මව “ඔව් මගේ තාත්තා මේ මාස කීපයකට උඩදී නැති වුණා. තාත්තා පුතාට ගොඩක් ආදරෙන් හිටියෙ” සුපුන්ගේ මව කියාගෙන කියාගෙන ගියාය. “හ්ම්. ඒකනේ මං කිව්වේ. පෙරේත ආත්මයක් කියලා. මේක යවන්න නූලක් දාලා හරියන්නේ නැහැ. ශාන්තිකර්මයක් කරන්න වෙයි. හැබැයි ඉතින් ටිකක් ලොකු මුදලක් වියදම් වෙයි” කපු මහතා කීය. “අනේ කමක් නෑ. අපේ මහත්තයා අද රෑ එනවා. අපි තව දවස් දෙකකින් විතර ශාන්තිකර්මය කරමු” සුපුන්ගේ මව පැවසීය. “හොඳයි එහෙනම් මං බඩු ලැයිස්තුවක් ලියලා දෙන්නම්. ඒවා අරගෙන දවස් දෙකකින් විතර හවස හයට කලින් එන්න. ශාන්තිකර්මයටයි මම දාන බඩුවලටයි හතලිස් පන්දහක් විතර යයි” කපු මහතා නැවත පැවසීය. “ඒකට කමක් නෑ. පුතා සනීප කරගන්නයි ඕනේ අපට” සුපුන්ගේ මව බැගෑපත් විය.
සුපුන්ගේ පියා එදින රාත්‍රියේ විදේශගතව සිට පැමිණුනි. සුපුන්ගේ මව සියලු විස්තර නොවලහා තම සැමියාට පැවසීය. “හොඳයි අපි හෙට උදේම අවශ්‍ය බඩු ටික ගිහින් ගේමු” සුපුන්ගේ පියා පැවසීය. මෙසේ පසුදා උදයේම බඩු ටික ලැහැස්ති කරගැණුනි. සුපුන් සුපුරුදු පරිදි කිසිවකු සමඟවත් කතා බහක් නොකර සිටියේය. දිනය උදාවිය.
සවස පහහමාර වනවිට සුපුන්ගේ මවත් පියාත් සුපුන් කැටුව කපු මහතා හමුවට ගියහ. “ආවද. හොඳයි එළියෙන් වාඩිගත්තනම්. මම කතා කරනකොට ඇතුළට එන්න” කපු මහතාගේ නියෝගය විය. ශාන්ති කර්මය පටන් ගන්නා විට වේලාව රාත්‍රී එකොළහ පමණ විය. ශාන්ති කර්මය අතරතුරදී සුපුන් හිස කරකවන්නටත් ඔළුව බදාගන්නටත් විය. කපු මහතා සුපුන්ගෙන් ප්‍රශ්න කරන්නට විය.
“කවුද උඹ. ඇයි මේ ශරීරෙට ආවේ. කතා කරපිය” නමුත් සුපුන් ඔළුවේ කෙස් ඇදගන්නට පටන් ගත් අතර, කිසිවකුත් නොපැවසීය. “මහා බලගතු පෙරේත ආත්මයක්. ඒකයි කතා නොකරන්නේ. මේ ළමයට වද දිදී ඉන්නවා” ශාන්ති කර්මය කරන අතරතුරදී සුපුන්ගේ ක්‍රියාකලාපය සාමාන්‍ය තත්ත්වයට පත්විය. පාන්දර තුන පමණ වනවිට ශාන්තිකර්මය අවසන් කෙරුණි. “දැන් මේ ළමයගේ ඇඟට පෙරේත ආත්මය එන්නේ නැහැ. ඔය සීයා තමයි මේ ළමයව ලෙඩ කළේ. දැන් හරි”
සුපුන්ගේ මව හා පියාට විශාල සැනසිල්ලක් දැනුනි. “තාත්තා ඉන්නකොටත් හයි හත්තියට හිටියනේ. අපි කියන දෙයක් අහන කෙනෙකුත් නෙමෙයිනේ. ඒකයි මං හිතන්නේ වචනයක්වත් නොකිව්වේ. දැන් ඉතින් හරි” සුපුන්ගේ මව තම සැමියාට පැවසීය. සුපුරුදු පරිදි කාලය ගතවිය. මෙසේ මාස තුනක් පමණ ඉක්ම වනවිට නැවත සුපුන්ගේ හිසරදය ඇති විය. එදින සුපුන්ගේ මාමා කෙනෙකු නිවසට පැමිණ සිටි දිනයක් විය. “අම්මේ මගේ ඔළුව රිදෙනවා” සුපුන්ගේ කෑ ගැසීමට මාමාද කලබල වී කාමරය වෙත පැමිණුනි. “මොකෝ මේ දරුවට” සුපුන්ගේ මාමා විමසන්නට විය. “අනේ අයියේ බලන්නකෝ පුතාට තාත්තා නැති වෙලා මාස දෙකකින් පස්සේ එකදිගට ඔළුවෙ කැක්කුමක් හැදෙනවා. කන්නෙත් නැ. බලාගත් අත බලාගෙන ඉන්නවා. කපු මහත්තයෙක් ළඟට එක්ක ගිහින් ශාන්තිකර්මයකුත් කළා. අපි හිතුවෙ අහවරයි කියලා” සුපුන්ගේ මව පැවසීය. “ඔය විකාර අතහැරලා කොල්ලව මනෝ වෛද්‍ය වරයෙකුට පෙන්නුවොත් හොඳයි. කෝකටත් මං හෙට එන්නම් ලැහැස්ති වෙලා ඉන්න” මාමා පැවසීය.
පසුදින දහවල් වනවිට සුපුන්ගේ මාමා පැමිණ සුපුන්වත් තම සහෝදරිය හා ඇගේ සැමියාවත් කැටුව ශ්‍රී ලංකා ස්වාපන විද්‍යාවේදීන්ගේ සංගමයේ වත්මන් සභාපති, මනෝ චිකිත්සක, වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා හමුවීමට ගියේය. සිදුවූ සියලු විස්තර වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා විසින් අසා දැනගත්තේය. කපු මහතා වෙත ගොස් ශාන්තිකර්මය සිදු කළාට පසු මාස තුනක් පමණ පුතාට හිසරදය ඇතිවූයේ නැති බව දෙමාපියන් පවසන්නට විය. විද්‍යාකුලපති මහතා විසින් සුපුන්ට මනෝ ප්‍රතිකාර ලබාදුන් අතර, සති කිහිපයක් මනෝ ප්‍රතිකාර ලබාදීමෙන් අනතුරුව සුපුන්ට හිසරද තත්ත්වය ඇතිවූයේ නැත. එසේම සුපුන්ගේ සිතේ තිබුණු කලකිරීම, දුක ආදිය ඉවත් වී සිත තුළට සතුට සැහැල්ලුව ළංවිය. පෙර තිබුණු මලානික ස්වභාවය කෙමෙනේ කෙමෙන් දුරුවී ගියේය. වෛද්‍ය තුමා මෙම රෝගී තත්ත්වය පැහැදිලි කරදෙන්නට විය.
“ඇත්තට ම සුපුන්ට තිබුණේ විශාල මානසික ආතතියක්. ඔහුගේ පියාද විදේශගතවී සිටීම. සීයාගේ අභාවය. හැමෝගේම ආදරය සෙනෙහස දිනාගෙන සිටි සුපුන්ට ක්‍රමයෙන් සියල්ල අහිමිවීම දරාගත නොහැකි තත්ත්වයක් වූවා. ඒ පීඩනයත් සමඟ දරාගත නොහැකි හිසේ කැක්කුමක් ඇති වී තිබෙනවා. නමුත් එය මානසික පීඩනය මත ඇතිවුණු මනෝ කායික රෝගයක් පමණයි. ඒ නිසා තමයි කායික වෛද්ය් ප්‍රතිකාරවලින් නියම සුවයක් නොලැබුනේ. එම ප්‍රතිකාරවලින් සුවයක් නොලැබුන විට කල යුතුව තිබුනේ මනෝ චිකිත්සකයකු හෝ මනෝ වෛද්යවරයකු කරා යාමයි. නමුත් ඔබලා ඒ වෙනුවට කළේ මිථ්‍යා විශ්වාස පසුපස දිවීමයි. අපි විසින් මෙහිදී කළේ මොහුගේ මානසික ආතතියට මනෝ ප්‍රතිකාර ලබාදීම පමණයි.
වසර කීපයක් ගතවීද සුපුන්ට ඇතිවුණු දරුණු හිසරදය ඉන්පසු කිසිදිනෙක හටගත්තේ නැත.
(මෙහිදී නම් ගම් පමණක් රෝගියාගේ ආරක්ෂාව හා පෞද්ගලිකත්වය වෙනුවෙන් වෙනස් කර ඇති අතර, මාධ්‍යවල සඳහන් වූ සත්‍ය සිදුවීමකි.)
හබරාදුව
නිමල් අල්ගෙවත්ත
තුරුණු වයසේදී කාන්තාවක ලෙස තම ජීවිතයට උපරිම වටිනාකමක් දුන් චරිතයක් ලෙස ඇය නම් කරන්න පුළුවනි.
සහෝදරියන් දෙදෙනෙක් රඟපාන අවස්ථා දක්නට ලැබෙන්නේ කලාතුරකින්. ‘‘පියුමාලි එදිරිසිංහ සහ සිත්මි එදිරිසිංහ මේ විදිහට අපට හමුවන තුරුණු රංගන ශිල්පිනියන් දෙ
ඉහතින් සඳහන් කළ ඒ ගීත, ඇය ගැයූ අර්ථාන්විත මෙන්ම රසාලිප්ත ගීත ගොනුවේ ඇති ගීත අතරින් කිහිපයක් පමණකි.
කලාවේ රූස්ස ගස් සෙවණේ වැඩෙමින් තම කලා ජීවිතය ගොඩ නඟා ගත් ඔහු අද තවත් පරම්පරාවකට එම දායාදයන් රැගෙන යමින් සිටියි.
ශ්රී ලංකාවේ සිටි දක්ෂ කලාකරුවෙකු නිවේදකයෙකු, දක්ෂ මාධ්‍යවේදියෙකු සහ මානව හිමිකම් ක්‍රියාධරයෙකු වූ ’’රිචඩ් ද සොයිසා ’’ 1990 පෙබරවාරි 15 සමුගන්නේ ලොකු හ
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
මියගිය සීයා මුනුපුරාගේ ඇඟට ඇවිත්