IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මිනිසාවගේ රොබෝවෙක් නිපදවයි

මිනිස් සිරුරට සමාන මානවරූපී රොබෝවරයෙක් ඔබගේ ජීවිතයේ හිතමිතුරෙකු ලෙසින් සිටියොත් ඔබ ජීවිතය කෙතරම් පහසුද? කාර්යබහුල ජීවන රටාවක් ගෙවන ඇතැම් පිරිස් සිය නිවසේ එදිනෙදා වැඩ කරගත නොහැකිව සුසුම්ලති. එවැනි වට පිටාවක් හමුවේ මානවරූපී රෝබෝවරයෙක් හඳුන්වාදීමට ලෝ ප්‍රකට කෝටිපති ව්‍යාපාරිකයෙකුට අයත් ටෙස්ලා සමාගම පියවර ‌ගෙන ඇත.   


කෘත්‍රිම බුද්ධියෙන් ස්වයංක්‍රීයව රථ වාහන ධාවනය සාර්ථක කරගත් ටෙස්ලා සමාගම නව මානව රූපී මිනිසෙකුට බොහෝ සමානකම් ඇති ප්‍රථම අවධිය සහිත රොබෝවරයකු නිර්මාණය කළ බව පැවසේ. එය බොහෝ දුරට ලබන වසරේ එළිදැක්වීමට එම සමාගම සැලසුම් කර ඇත. 

 
ටෙස්ලා සමාගමේ ප්‍රධානී ‌ලොව ප්‍රකෝටිපති ව්‍යාපාරික එලන් මස්ක් නව රොබෝ තාක්ෂණය පිළිබඳ කරුණු පැහැදිළි කිරීමේ මාධ්‍යය හමුවක් පසුගියදා පැවැත්වූ අතර එහිදී කෘත්‍රිම බුද්ධිය සම්බන්ධයෙන් අත්පත් කරගෙන ඇති දැනුම හා නව තාක්ෂණික ක්‍රමවේද පිළිබඳ ඔහු එහි දී පැහැදිලි කළේය.   
සමාගම සතු ලොව ඉහළම තාක්ෂණික ක්‍රමවේදවලට අනුව නිෂ්පාදනය වන බැටරි තාක්ෂණය ද නව රොබෝවරයා නිෂ්පාදනයට උපයෝගී වූ බව ඔහු කියා සිටියේය.   


නව රොබෝ මිනිසාහට පැයට කිලෝමීටර 4ක වේගයෙන් දිවීමේ හැකියාව පැවතීම විශේෂත්වයකි. අඩි 5 අඟල් 8ක උසකින් යුත් රොබෝවරුන් නිෂ්පාදනයට ටෙස්ලා සමාගම බලාපොරොත්තුවෙන් පසුවන්නේය.   
රොබෝ මිනිසාහට කැමරා 6ක් සවිකර ඇති අතර අවශ්‍ය දත්ත හා තොරතුරු දැක්වීමට මුහුණ ප්‍රදේශය ඩිජිටල් තිරයක් ආකාරයට සකස් කිරීමට සැලසුම් කර ඇති බව සඳහන් වේ.   
සාමාන්‍ය මනුෂ්‍යයෙකු ලෙස කතාබහ කිරීමට හැකිවන ලෙස මෙම රොබෝ මිනිසා, ලෝකය වෙත හඳුන්වා දීමට බලාපොරොත්තු වන බවද එලන් මක්ස් කියා සිටින්නේය.   


ටෙස්ලා හි ප්‍රධාන විධායක නිලධාරී එලොන් මස්ක් වැඩිදුරටත් පවසන්නේ තම සමාගම මානව රොබෝ යන්ත්‍රයක් සකස් කරමින් සිටින බවත් ලබන වසරේ එහි මූලාකෘතියක් නිපදවන බවත් ය. මෙම රොබෝවරුන් Tesla හා Theboring කර්මාන්ත ශාලාවල සේවය කිරීමට මෙන්ම Autopilot මෝටර් රථ ධාවකයින් ලෙස ක්‍රියා කරවීමට මෘදුකාංග සැලසුම් කර ඇත.   


ඔබ ලොව සුප්‍රකට I,Robot, Terminator, A.I වගේ චිත්‍රපට බලලා තියෙනවා නම් මේ එහි රොබෝවරු සිහියට නගාගන්න. එතරම් ම දියුණු නැතත් ලබන වසරේ දී Tesla Bot බලා ගත හැකි බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය. දැනට මේ රොබෝවරයා නම් කරලා තියෙන්නේ Optimus යන නාමයෙනි. උස අඩි 5යි අඟල් 8ක් වෙන රොබෝවරයාගේ බර කිලෝග්‍රෑම් 57කට ආසන්න වේ. මේ රොබෝවරයාට කිලෝග්‍රෑම් 20 පමණ බර ඔසවාගෙන ගමන් කරන්න හැකියාව පවතී. උපරිම වේගය පැයට කිලෝමීටර 5ක් පමණ වෙනවා. නවීනතම tesla තාක්ෂණය සමග නිෂ්පාදනය වීමට නියමිත මේ රෝබෝවරයා කැමරා අටක පද්ධතියක් සහ දියුණු Tesla Autonomous System එකකින් බල ගැන්වේ.   


රොබෝ යන්ත්‍රය සැලසුම් කර ඇත්තේ මිනිසුන්ට සිදුකළ නොහැකි අනාරක්ෂිත කාර්යයන් සිදුකිරීම අරමුණු කරගෙනය. මෙය Tesla Bot ලෙස සමාගමේ වෙබ් අඩවිය තුළ සඳහන්කර ඇත්තේ  Tesla යනු මෝටර් රථ සමාගමක් මෙන්ම කෘත්‍රිම බුද්ධිය ඇසුරෙන් සකස්වූ සමාගමක් ලෙසිනි.

 

 

තිළිණි ද සිල්වා



අදහස් (0)

මිනිසාවගේ රොබෝවෙක් නිපදවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 693 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site