ලංකා ඉතිහාසයේ එන ශ්‍රේෂ්ඨ ආගමික හා යුද වීරයා වන්නේ දුටුගැමුණු රජුය. (ක්‍රි.පූ. 161-137) මහා වංශයේ වීරයා ඔහුය. මහා වංශයේ හා ථූප වංශයේ ගැමුණු රජු ගැන දීර්ඝ විස්තර එයි. එහෙත් දීප වංශයේ ඔහු ගැන විස්තර ඉතා කෙටිය. කාම්ෙබා්ජ මහා වංශයේ ගැමුණු රජු ගැන අපේ මහා වංශයටත් වඩා තොරතුරු එයි.
වංශකතා අනුව ළමාවිය අග එළාර රජු හා සටනට තම පියා වූ කාවන්තිස්ස රජුගෙන් අවසර ඉල්ලා ඒ අවසර නොලද විට පියාට ස්ත්‍රී ඇඳුම් යවා අකීකරුව කොත්මලේ කොටඟේපිටියට පලාගොස් අවුරුදු දොළහක් “ගුත්තා” නමින් වෙස්වළාගෙන එහි ඌරුපැලැස්සේ ගමගෙදර වාසය කළේය. ගැමුණු රජු ගැන කොත්මලේ එන ජනප්‍රවාද දඹදෙණි යුගයේ දෙවැනි පරාක්‍රමබාහු රජු (ක්‍රි.ව. 1236-1270) හා එක සමානය. ගැමුණු කුමරු ‘අප්පුවා’ නමින් වෙස්වළාගෙන සිරිමල් එතනා සමග පෙමෙන් වෙළෙයි.
කාවන්තිස්ස රජු මියගිය පසු ගැමුණු කුමරු සොයා කොත්මලේ පුසුල්පිටියට එන පෙරහර ගැමුණු කුමරු ළඟ ඇතා දණ ගසයි. වෙස් වළාගෙන සිටි ගුත්තා රන්මැණිකා කැටුව මාගම ගොස් රජ වූ බව ජනකතා, ජනකවිවල එයි. පළමුව ගැමුණු රජු තම රාජ්‍ය අයිතියට විරුද්ධව නැගී සිටියි. සහෝදර තිස්ස කුමරු පරදවා කුඹුරු කරවීමට දීඝවාපියට යවයි.
ඉන්පසු මහියංගණය සිට මහවැලි ගඟ දිගේ දෙමළ බළකොටු තිස් දෙකක් බිඳිමින් අනුරාධපුර බලා යයි. ජනකතා අනුව කොත්මලේ ගැමුණු කුමරු හෝ ඔහුගේ ආධාරක සේනාවක් කටුගස්තොට තලවින්න හරහා මහියංගණයට ගොස් ඇත. මේ වනවිට ගැමුණු කුමරු තරුණ වියේ සිටි අතර එළාර මැදිවිය පසුකර මහලු විය ළංවූ අයෙකු විය. ගැමුණු කුමරු අතින් ද්වන්ද සටනකදී එළාර පැරදී මැරුම් කෑවේය. මහාවංශය අනුව එළාරගේ රාජ්‍ය කාලය අවුරුදු හතළිහක් විය.
ජනප්‍රවාද අනුව කොත්මලේ දී කුමරු පාවාගත් ගැමි තරුණිය රන්මැණිකා ය. කොත්මලේ තවත් ගම්වල ඇය ‘සිරිමල්එතනා’ යනුවෙන් හඳුන්වයි. ඒ බව කොස්සගම ලෙන් ලිපියක ‘රමණීබරිය’ යනුවෙන් හඳුන්වන බිසව ගැමුණු රජුගේ රම්මැණිකා යන නාමයට කිට්ටු ස්වරූපයක් ගනියි. පියංගල ලෙන්ලිපිය අනුව ගැමුණු රජුගේ බිසවක් ‘රාජිතා’ නම් වෙයි. සාලිය කුමරුගේ මව රජුගේ තවත් බිසවකි. පියංගල ලෙන්ලිපි අනුව රජුට දියණියක් සිටි බව කියයි.
එළාර පැරදවීම, ලංකාව පළමුවරට එක්සේසත් කිරීම, මිරිසවැටිය බැඳවීම, ලෝවාමහාපාය කරවීම, රුවන්වැලි සෑය කරවීම ගැමුණු රජුගේ ප්‍රධාන කාර්යයන් කීපයකි. වංශකතා අනුව ඔහු ආගමික වීරයෙකි. එහෙත් රුවන්වැලි සෑයේ වැඩ නිම කිරීමට පෙර රජු හදිසියේ රෝගාතුර විය. මරණාසන්නව සිටි රජුට පෙනෙන පරිදි රුවන්වැලි සෑයේ නොනිමි කොටස් සුදු රෙදිවලින් වසා ඒ නිමකළ අයුරින් පෙනෙන පරිදි තිස්ස කුමරු සකස් කළේය. රහත් හිමිවරු රජුට පිරිත් කීහ. ඒ අතරතුර රජුට ඇසෙන පරිදි රජු කළ පින් ඇතුළත් පින්පොත කියවා ඇත. ඒ අතරතුර රජු මියගියේය.
වංශකතා අනුව ගැමුණු රජු මියනවිට අවුරුදු පනහක් පමණ වයසේ මැදිවියේ සිටි අයකු බව පෙනී යයි. ඔහුගේ මරණය නොසිතු පරිදි හදිසියේ සිදුවූවක් බව පෙනී යයි. මීට හේතු කිසිවක් වංශකතාවල ඇතුළත්ව නැත.
ජනප්‍රවාද අනුව දුටුගැමුණු රජුගේ මරණයට හේතුව දරුණු නාග විෂකි. ජනප්‍රවාදවල මේ පිළිබඳ එන තොරතුරු අනුව රුවන්වැලිසෑය අසලදී එම දාගැබ වැඳීමට එන රූමත් නාග කන්‍යාවක් දැක රජු බලෙන් ඈ අල්ලා තම ආශා ඉටුකර ගනියි. මේ නාග කන්‍යාව නා ලොව ජයසේන නාරජුගේ බිසවක් බව සමහර කථාවල එයි.
තවත් ජනකතා අනුව ඇය ජයසේන නාරජුගේ නැගණියකි. මේ නාග කන්‍යාවගේ අවුලට පසු ජයසේන නාරජු ගැමුණු රජු මරා දැමීමට කීපවරක් උත්සාහ කර ඇත. ජනප්‍රවාදවල ගැමුණු රජුට සිටි ප්‍රබලම විෂ වෛද්‍යවරු දෙදෙනකුගේ නම් කියවෙයි. ඉන් පළමුවැන්නා රාජ්‍ය වෛද්‍ය කපුරුනාථයි. දෙවැන්නා රාජ්‍ය වෛද්‍ය හත්බාට්ටීය.
සමහර විට මේ නම් දෙකෙන්ම හඳුන්වන්නේ එක් අයෙකු විය හැක.
කීපවරක් ජයසේන නාරජු ගැමුණු රජුට දෂ්ට කර ඇත. එහෙත් කපුරුනාථගේ ප්‍රතිකාරවලින් රජු සුවපත් විය. අන්තිමේ ජයසේන නාරජු මිනිස් වෙසක් මවාගෙන කපුරුනාථ හමුවී කතාබහකොට සර්ප විෂ මර්දනය කළ නොහැකි මාරක වේලාවල් නැකැත් මොනවාදැයි විමසා ඇත. කපුරුනාථ කී මාරක නැකැතකින් ජයසේන නාරජු ගැමුණු රජුට පළිගැනීමේ අදහසින් දෂ්ට කර ඇත. රාජ්‍ය වෛද්‍ය කපුරුනාථට ද ඔහු දෂ්ට කර ඇත. එහිදී කළ යුතු ප්‍රතිකාවලදී ගතයුතු ඖෂධ පැළෑටියටම අතු දිගු කර ගෙනම කපුරුනාථ මැරී වැටුණේය. නාග විෂ උග්‍රවූ රජු ඖෂධ වර්ග මවුකිරි ඇතුළත් බෙහෙත් ඔරුවක ලා ප්‍රතිකාර කළද සුවපත් කළ නොහැකිව එම සර්ප විෂෙන්ම මිය ගියේය.
වංශ කතාවල රජුගේ මරණය ගැන කිසිවක් නොකියයි. මේ ජනප්‍රවාදවල එන තොරතුරුවල හරය සත්‍ය විය හැකි ය. මේ ජනප්‍රවාදවල එන අලංකාර හා එකතු කිරීම් බැහැර කළ විට දරුණු නාග විෂකින් රජු හදිසියේ මළ බව පෙනී යයි. ජනප්‍රවාදවල මේ හරය අලංකාර කරන එකතු කිරීම් තිබිය හැකිය.
ගැමුණු රජු හදිසියේ මළ පසු තිස්ස කුමරු රජුගේ ආදාහන කටයුතු ඉතා ඉහළින් ඉටු කළේය. ගැමුණු රජුගේ මව වූ විහාර මහා දේවිය ගැමුණු රජුව මැදිවියේ තවම ජීවතුන් අතර සිටියාය. පාලි රසවාහිණී ග්‍රන්ථයේ තොරතුරු අනුව කාවන්තිස්ස රජු විහාරදේවිය පාවා ගන්නා විට ඇගේ වයස අවුරුදු දොළහක් විය. ඇය කාවන්තිස්ස රජුට වඩා පරම්පරාවකින් පමණ ළාබාල වූවාය.
ගැමුණු රජුගේ හදිසි මරණයෙන් පසු සිත කලකිරුණු විහාරමහාදේවිය දැඩි ලෙස සිත කලකිරී පැවිදි වූ බව පෙනෙයි. යාල කොටාදැමුහෙළ ලෙන්ලිපි දහහතරක හා මිහින්තලේ ලෙන්ලිපි දෙකක ‘අභිසවෙර’ නම් මෙහෙණියක් ලෙන් පිදූ බව කියයි. මේ ලෙන් ලිපිවල එන අභිසවෙර යනු විහාරමහාදේවිය බව මහාචාර්ය පරණවිතාන පෙන්වා දෙයි.
වත්තේගම හිටපු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ
එස්.කේ. ජයවර්ධන
ඇයගේ තරුණකම බිලිගත් පසුත් තම දිවිය කඳුළකට සීමා නොකර දිරියෙන් ජීවිතය ජයගත් අනෝරා වැස්සටත් ඉහළින් පියා සැලූ රාජාලි රැජිනක් බඳු කඳුළු මායිම් නොකළ ගැහැන
’’එකගෙයි කෑම -දෙන්නම මගේ’’ කිව්ව ගමන් මේ දවස්වල ගොඩක් අයට මතක් වෙන්නෙ දසුන් පතිරණ කියන රංගන ශිල්පියාව. ඒ ඔහු රංගනයෙන් දායක වුණ මියුසික් වීඩියෝ නිර්මාණ
“මුඩුක්කුවක ගෑනියෙකුගෙ චරිතය රඟ පාන්න සනෝජා බිබිලෙට පුළුවන් ද..?
නිරූපණ ක්ෂේත්‍රයේ සිට පියවරෙන් පියවර රංගන ක්ෂේත්‍රයට පිවිසි ඇය දැන් ලොවක් හඳුනන රංගන ශිල්පිනියකි. එක් රැයකින් ජනප්‍රිය වී ඉතා ඉක්මනින් බැස යන කලා තරු
රංගන ක්ෂේත්‍රයේ නියැළී සිටින මේ අක්කයි නංගියි ගැන අමුතුවෙන් හැඳින්වීම් කළ යුතු නොවන්නේ, ලංකාවේ හැමෝම වගේ මේ ශිල්පිනියන් දෙදෙනා ගැන දන්නා හඳුනන නිසයි.
ඇයගේ සම්පූර්ණ නම වන්නේ අංජලී වත්සලා ජයසිංහය. අද බොහෝ දෙනා ඇය අමතන්නේ අංජලී ජයසිංහ නමින්ය. සුන්දර මහනුවර ඇයගේ උපන් ගමය.
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මැදිවියේ සිටි දුටුගැමුණු රජු හදිසියේ මියගියේ නාග විෂකින්ද?