IMG-LOGO

2025 පෙබරවාරි මස 09 වන ඉරිදා


මත්ද්‍රව්‍ය සොයන්න උපන් හපන් ටෝබි

පොලිස් නිල සුනඛයන්ගේ වික්‍රම

 

සංදර්ශනවල නිරත වන සුනඛයෝ 

 

 

 

රොබෝ ඇතුළු තාක්ෂණයෙන් උසස් නිර්මාණ මේ වන විට බිහි වී අවසන්ය. මිනිසා නොපෙනෙන ග්‍රහ ලෝක පවා තරණය කරමින් සිටින යුගයකි. එවන් කාලයක මිනිස් සුවඳ, මත්ද්‍රව්‍ය, පුපුරන ද්‍රව්‍ය සුවඳ සොයා ගැනීමට උපකරණයක් සාදා නැත. ඒ එවන් නිර්මාණයක් කිරීම අතිශය අමාරු කාර්යයක් වන බැවිනි. එමනිසා කිසියම් සුවඳක් හඳුනා ගැනීම සඳහා මිනිසා යොදා ගනුයේ සත්ත්වයෙකි. ඒ සුනඛයාය. ඌට ඒ පිළිබඳව දැනෙන්නේ ඉවෙනි. එහෙත් ඉව අතින් සුනඛයාට හිමි වී තිබෙන්නේ තෙවෙනි තැනය. (මෙහි පළමු තැන ඌරාට වන අතර දෙවන තැන අලියාට ලැබී තිබේ.) 

ඌරා සහ අලියා පහසුවෙන් හැසිරවිය නොහැකි නිසා සහ ඉතා ඈත අතීතයේ සිටම සුනඛයා මිනිසාගේ මිතුරෙකු වූ නිසාත් මේ සඳහා වඩාත් සුදුසු වන්නේ සුනඛයාමය. නීති විරෝධී මත්පැන්, මත්ද්‍රව්‍ය, පුපුරන ද්‍රව්‍ය, අවි ආයුධ, බිම් බෝම්බ සඟවා ඇති ස්ථානවලින් සොයා ගැනීම, නැති වූ දේපළ පුද්ගලයන් සොයා ගැනීම, වැළලී ගිය හෝ රහසිගතව වළලා දැමූ පුද්ගලයන් සහ මළ සිරුරු සොයා ගැනීම ඇතුළු විවිධ වූ සේවාවන්වල නිල සුනඛයා නිරත වේ. 


සාමාන්‍යයෙන් නිවෙසක හැදෙන සුනඛයා මෙන් නොව පොලිස් රාජකාරියක නිරත වන බැවින් උගේ නමට ඉදිරියෙන් නිල නාමය ලැබී තිබේ. 


ඉතා සියුම් ලෙස කිසිවෙකුටත් සොයා ගත නොහැකි වන ආකාරයෙන් සමහර මිනිස්සු නීති විරෝධී ක්‍රියාවල නිරතවෙයි. ඔවුන් සිතන්නේ එම ක්‍රියා සැමදා රහසක් වශයෙන් කාලයේ වැලි තලාවෙන් වැසී යයි කියාය. එය තාවකාලික වින්දනයක් පමණක් බව පසක් කර දෙන්නේ නිල සුනඛයාය. පසුගියදා ආරක්ෂක නිලධාරීන්ගේ ඇස්වලට වැලි ගසා රැඳවියෝ මත්ද්‍රව්‍ය තොගයක් කොළඹ මැගසින් බන්ධනාගාරයට ගෙන්වා ගත්ත ද, “ටෝබි” නමැති නිල සුනඛයා එය සොයා ගත්තේ ඔවුන් සියලුම දෙනා විස්මයට පත් කරමිනි. 


එවන් නිල සුනඛයන්ගේ වික්‍රමයන් ගැන සොයා යන ගමනේ දී පළමුවෙන්ම අප හා කතා බහට එක් වූයේ මහනුවර අස්ගිරිය, පොලිස් නිල සුනඛ කොට්ඨාසයේ අධ්‍යක්ෂක පොලිස් අධිකාරි ලාල් සෙනෙවිරත්න මහතාය. 
ජනාධිපති ආරක්ෂක අංශය, අගමැති ආරක්ෂක අංශය, බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව, වරාය, ගුවන් ගමන් මධ්‍යස්ථානය ඇතුළු ලංකාව පුරා ඒකක 55 ක නිල සුනඛයෝ 200ක් සිටිනවා. හොරු, අපරාධකාරයෝ, අල්ලන්න, මත්ද්‍රව්‍ය සහ පුපුරන ද්‍රව්‍ය සෙවීම තමයි අපගේ ප්‍රධාන රාජකාරිය. ඊට අමතරව අතුරුදන් වූ මිනිසුන් සෙවීම, දේපළ ආරක්ෂා කිරීම, ප්‍රභූ ආරක්ෂාව සඳහාත් සුනඛයෝ යොදා ගන්නවා. සෑම පොලිස් කොට්ඨාසයකම පුපුරණ ද්‍රව්‍ය, මත්ද්‍රව්‍ය සහ අපරාධ පරීක්ෂණ සඳහා සුනඛයෝ තිදෙනා බැගින් ස්ථානගත කර තිබෙනවා. 


ඊටත් අමතරව අවශ්‍ය වුණොත් ප්‍රයෝජනයට ගැනීම සඳහා නිල සුනඛයෝ 50 ක් අස්ගිරියේ සිටිනවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයෙන් උන්ට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙනවා. මොවුන් සඳහාම මෙහි වෙනම රෝහලක් සහ පශු වෛද්‍යවරයෙකු ද සිටිනවා. ලංකාවේ කොහේ හරි අපරාධයක් සිදු වුණොත්, මත්ද්‍රව්‍ය තිබෙන බවට සැක පහළ වී ඒවා සොයා ගැනීමට නිලධාරීන්ට අපහසු වුණොත්, නිල සුනඛයෝ යොදවා සහයෝගය ලබා දෙනවා. අපේ රැකියාව සහාය සේවයක් සැපයීමයි. ඊට අමතරව සංදර්ශන පවත්වනවා. 


සුනඛයන් මිල දී ගැනීම සහ පුහුණු කිරීම සිදු කර ලංකාව පුරාම රාජකාරි සඳහා අනුයුක්ත කරන්නේ අපියි. සාමාන්‍ය දිනයක නිල සුනඛයෝ 50ක සංඛ්‍යාවක් විවිධ අපරාධ, මත්ද්‍රව්‍ය වැනි මෙහෙයුම් සඳහා සේවයේ යෙදෙනවා. 


පොලිස් නිල සුනඛ අංශයේ පොලිස් පරීක්ෂක කීර්ති වෙල්ලංගිරිය මහතා. 


1938 දෙසැම්බර් මස 03 දින නිල සුනඛයෝ දෙදෙනෙකු ගෙන් “නිල සුනඛ සේවය” ආරම්භ කර තිබෙනවා. ඒ සඳහා මූලිකත්වය ගෙන තිබෙන්නේ ආම්ස්ට්‍රොන් සහ බර්ට්‍රස් යන මහත්වරුන් දෙදෙනායි. එදා ඒ ආකාරයේ සේවයක් අවශ්‍ය වුණේ අපරාධ පරීක්ෂණ රාජකාරි සඳහායි. පසුව යුද්ධය පැවති කාලයේදි පුපුරන ද්‍රව්‍ය සොයා ගැනීම සඳහාත්, මත්ද්‍රව්‍ය පැමිණියාට පසු ඒ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහාත් නිල සුනඛයන් පුහුණු කළා. 
විදේශීය රටවලින් ආනයනය කරන, දේශීය වශයෙන් පරිත්‍යාග කරන සහ අභිජනනය කරන සුනඛයෝ මේ සඳහා යොදා ගන්නවා. පසුගිය වසරේ ගෙවල් බිඳීම්, මංකොල්ලකෑම්, මිනීමැරුම් වැනි අපරාධ සිද්ධීන් 3530 ක් ද, මෙම වසරේ 1558 ක් පරීක්ෂණ සඳහා ද නිල සුනඛයන් යොදා ගත්තා. ජනාධිපතිතුමාගේ, අගමැතිතුමාගේ සහ ප්‍රභූන්ගේ ආරක්ෂක රාජකාරින් සඳහා 2017 වසරේ 7690 ක් ද, මත්ද්‍රව්‍ය පරීක්ෂණ රාජකාරි සඳහා 2017 වසරේ දී 3007 ක් ද, මෙම වසරේ 2076 ක් ද යොදා ගෙන තිබෙනවා. 


අනුරාධපුර නිල සුනඛ ඒකකයේ සේවය කරන පොලිස් සැරයන් තුෂාර තම නිල සුනඛයා ආධාරයෙන් 1998 වසරේ දී ලොරියක රහසිගතව ප්‍රවාහනය කරන ලද කිලෝ 4 කට වඩා බරින් යුත් සීෆෝ වර්ගයේ පුපුරන ද්‍රව්‍ය සොයාගැනීම ඉන් එක දක්ෂතාවක් පමණයි. එහි ඇති විශේෂත්වය නම්, එම පුපුරන ද්‍රව්‍යවල සුවඳ පැතිරෙන නිසා, පුපුරන ද්‍රව්‍ය වටේ එළු මස් තබා ගෙන ඇවිත් තියෙන්නේ. ඒ අවස්ථාවේ දී ලොරි රියැදුරා පවසා ඇත්තේ මස්වලට ඉව අල්ලන බවයි. තවදුරටත් මස් පරීක්ෂා කිරීමේ දී පුපුරන ද්‍රව්‍ය සොයා ගත්තා. එදා යුද්ධය පැවති කාලයක්. ඒ පුපුරන ද්‍රව්‍ය සොයා ගත්තේ නැතිනම් ජීවිත කීයක් නම් නැති වෙයිද? 

 

ටෝබි වාහනයක මත්ද්‍රව්‍ය පරීක්ෂා කරන අයුරු 

 

ටෝබි මත්ද්‍රව්‍ය සහිත භාණ්ඩයක් අනිල්ට ලබා දෙන අයුරු

 


තවත් උදාහරණයක් කියන්නම් ඉන්දීය අගමැති මෝදි මහතා යාපනයේ ආණ්ඩුකාර මේජර් ජනරාල් චන්ද්‍රසිරි මහතාගේ නිල නිවෙසට ගිය වේලාවේ නිල සුනඛයෝ යොදා පරීක්ෂා කළා. උන් යන හැම තැනකම පුපුරන ද්‍රව්‍ය තියෙන බවට පෙන්නුම් කරනවා. පරීක්ෂා කර බැලීමේදී කාලතුවක්කු හිස් පතරොම් කොපු තබා ඇති තැන්වලින් වෙඩි බෙහෙත් සුවඳ එනවා. එයයි හේතුව. 


පසුගියදා නකල්ස්වල දින හතරක පමණ කාලයක් අතරමංව සිටිය කෙනෙක් සොයා ගත්තේ නිල සුනඛයෙකු ගේ පිහිටෙනි. හැටන් පොලිස් ස්ථානයේ සේවය කළ “නිල සුනඛ කෝරා” මත්ද්‍රව්‍ය සඳහා පුහුණු කළ සතෙක්. මත්ද්‍රව්‍ය, මත් වතුර ශ්‍රී පාදයට ඌට හොරෙන් අරන් යන්න බැහැ. 


තවත් සිද්ධියක් කියන්නම් ජනාධිපතිතුමා සහභාගි වෙන උත්සවයක් මහනුවර මහවැලි රීච් හෝටලයේ පැවතුණා. එහි වාහන පරීක්ෂා කිරීමේදී කාරයක් තුළ පුපුරන ද්‍රව්‍ය තියෙන බවට නිල සුනඛයන් සංඥා කරනවා. සාමාන්‍යයෙන් ඒ වගේ රාජකාරියකට සුනඛයන් දෙදෙනෙක් රැගෙන යනවා. දෙදෙනාම සංඥා කරන්නේ පුපුරන ද්‍රව්‍ය තිබෙන බවටයි. අයිතිකරුවෙක් නැහැ. මුරකුටියේ පොත්පත්වලත් කාරය පිළිබඳ තොරතුරු සඳහන් වෙලා නැහැ. දැන් සැකයි. එහි අගුළු කඩන්න හදනකොටම විදේශීය ජාතිකයෙක් පැමිණ තමාගේ කාරය බව කීවා. පරීක්ෂා කිරීමේ දී අලුත් ගිනිපෙට්ටි දෙකක් ඇතුළේ තිබිය දී සොයා ගත්තා. තව මොහොතකින් කාරයට විශාල හානියක් සිදුවෙන්නත් ඉඩ තිබුණා. 


සාමාන්‍යයෙන් සෑම රාජකාරියක්ම හැම පොලිස් නිලධාරියෙකුටම ඉටු කළ හැකි වුවත්, නිල සුනඛ හසුරුවන්නකු වීමට සෑම පොලිස් නිලධාරියෙකුටම හැකියාවක් නැහැ. එයට හේතුව හොඳ කටහඬ පෞරුෂයක් ඒ සඳහා අවශ්‍ය විමයි. උන් පාලනය කරන්න ඒ හඬ වැදගත් වෙනවා. අනෙක් කරුණ නම්, සුනඛයාට සැබෑ ළෙංගතු කමක්, සැබෑ ආදරයක් තිබීමත් අවශ්‍යයි. සුනඛයාට බොරු කරන්න බැහැ. අපේ ශරීරයෙන් නිකුත් වන හෝමෝන ඌට දැනෙනවා. මේ අනුව දෙදෙනා අතර තියෙන සුහදත්වය අනුව රාජකාරිය නිවැරදිව ඉටු කළ හැකියි. උගේ කැත කුණු අත ගාන්න, ලෙඩ වුණාම බෙහෙත් කරන්න පමණක් නොවේ ආරෝග්‍ය ශාලාවේ දවස් ගණන් රැඳී ඉන්නත් වෙනවා. කාන්තා සුනඛ හසුරුවන්නියොත් ඉන්නවා. ඔවුන්ටත් මෙය පොදුයි. බොහෝ වේලාවට මත්ද්‍රව්‍ය පරීක්ෂණ සහ සංදර්ශන සඳහා කාන්තාවන් යොදා ගන්නවා. 


අස්ගිරිය මූලස්ථානයේ සේවය කරන “ටෝබි” මත්ද්‍රව්‍ය සෙවීම සඳහා සුවිශේෂී දක්ෂතා පෙන්වා ඇති සුනඛයෙකි. ඊට අමතරව ගිනස් වාර්තාවක් තැබීමට ද සුදානම් වෙයි. ඇගේ හසුරුවන්නා පොලිස් කොස්තාපල් (71028) අනිල් ඉෂංක බණ්ඩාරය. අනිල් ටෝබි දෙදෙනා පොලිස් දෙපාර්තමේන්තුවේ කීර්තිනාමය ඉහළට ඔසවා තැබීමට සමත් වී සිටිති. 

 


ඉහළින් ලැබුණු නියෝගයකට අනුව පසුගිය මාර්තු මාසයේ 21 දින කොළඹ වරාය පොලිසියට ටෝබි සහ අනිල් අනුයුක්ත කළේ විශේෂ රාජකාරි සඳහා ය. එහි ගොස් විවේක ගැනීමටවත් ඔවුන්ට අවස්ථාවක් නොලැබිණ. හදිසියේම කොළඹ මැගසින් බන්ධනාගාරයෙන් දුරකතන ඇමතුමක් ලැබිණ. 


හලෝ අනිල් මහත්මයා. මේ මැගසින් බන්ධනාගාරයේ නිලධාරියෙක් කතා කරන්නේ. මත්ද්‍රව්‍ය වැටලීමකට සිරකරුවෝ ඉන්න වාට්ටුවක් පරීක්ෂා කරන්න තියෙනවා. ඉක්මණින් පැමිණෙන්න. 


අනිල් පොලිස් නිලධාරියෙක් වුණත් කාරුණික හදවතක් ඇති මනුෂ්‍යයෙකි. එහි යාමට කිසියම් චකිතයක් ඇති වුණත් එය නොපෙන්වා ටෝබි සමග අදාළ ස්ථානයට රපොර්තු කළේය. 


මත්ද්‍රව්‍ය ඇති බවට සැක කරමින් මැගසින් බන්ධනාගාරයේ වාට්ටු සී කාමරයේ රැඳවියෝ සහ ඔවුන් පරිහරණය කරන සියලුම බඩු මුට්ටු බන්ධනාගාර නිලධාරින් පරීක්ෂා කළ ද, කිසිවක් සොයාගත නොහැකි විය. එහි කාමර කිහිපයකි. ටෝබි සහ අනිල් එහි යන විට සියලුම රැඳවියන් ඉවත් කර තිබිණ. එහෙත් ඔවුහු රැඳී සිටින්නේ වාට්ටුව අසලමය. කතාබහ කරන්නේ ශබ්ද නගමිනි. 


ටෝබි ජනෙල් කවුළු ඉව අල්ලමින් පරීක්ෂා කරන ආකාරය අනිල් ඇස ගසා ගෙන බලා සිටියි. 


බල්ලෝ අරන් එනවා. අපට පාඩුවේ ඉන්න දෙන්නේ නැහැ. එක රැඳවි​ෙයක් පවසයි. බලමුකෝ හොයා ගන්නා හැටි. තවත් රැඳවියකු අපහාසයෙන් කතා කරන්නේ අනිල් බිය ගැන්වීමට මෙනි.

 
ඒ අතරේ ටෝබිට පළමු කාමරයේ දී ම පුරවා තිබූ ෂොපින් බෑගයක් හමුවිය. එය පහුරු ගාමින් සංඥාවක් ලබා දුන්නේ කිසියම් මත්ද්‍රව්‍යයක් එහි තිබෙන බවට ඉඟි කරමිනි. අනිල් එම බෑගය විවෘත කර ඇතුළත ඇති ද්‍රව්‍ය බිමට දැම්මේය. 

 


“ඔය ලොසිංජර්” අසල සිටි බන්ධනාගාර නිලධාරියෙක් පැවසුවේය.. 


එහෙත් අනිල් ලොසිංජර් එකින් එක පරීක්ෂා කර බැලුවේය. සමහර ඒවායේ තැනින් තැන කැපුම් පාරවල්ය. ආවරණ දිගහැර බැලීමේදී “හෙරොයින්” සුක්ෂම ලෙස ඊට ඇතුළු කර තිබෙන ආකාරය දුටුවේය. බන්ධනාගාර නිලධාරීහු මේ සිදුවීමෙන් පුදුමයට පත් වූහ. මේ ආකාරයේ මත්ද්‍රව්‍යවල ඇති සුවඳ අපි පුහුණුවේදී ලබා දෙනවා. ඒනිසා කිසියම් පරික්ෂණයක් කරන්න පෙර නිල සුනඛයාට නැවත එම සුවඳ ලබා දීමක් අවශ්‍ය වන්නේ නැහැ. අනිල් කියයි. 


තවදුරටත් ඉතිරි කාමර පරීක්ෂා කරමින් ඉදිරියට යන විට, තවත් පාර්සලයක් අසල ටෝබි ඉව කරන්න පටන් ගත්තේය. එය බූන්දි පාර්සලයකි. අනිල් එය තවදුරටත් පරීක්ෂා කරද්දී එහි “කේරල ගංජා” තිබී හමු විය. මේවායේ වටිනාකම ලක්ෂ 20ක් පමණ වෙනවා යැයි බන්ධනාගාර උසස් නිලධාරියෙක් පැවසුවේය. 

 

ලබන සතියේ දී ටෝබි ගේ තවත් වික්‍රම ගැන දැන ගනිමු. 


ස්තුතිය - මහනුවර අස්ගිරිය, පොලිස් නිල සුනඛ කොට්ඨාසයේ අධ්‍යක්ෂක පොලිස් අධිකාරි ලාල් සෙනෙවිරත්න, පොලිස් නිල සුනඛ මූලස්ථානය භාර ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියන්ත කුලසේකර, පොලිස් පරීක්ෂක කීර්ති වෙල්ලංගිරිය, උපදේශක පොලිස් සැරයන් (32497) කේ.ඩබ්ලිව්.සී. ජයරත්න, පො.කො (71028) එච්.එම්.ඒ.අයි. බණ්ඩාර, පො.කො (71031) ජයවර්ධන යන මහත්වරුන්ට.

 

 

 

සටහන සහ ජායාරූප 
සිසිර කුමාර බණ්ඩාර



අදහස් (0)

මත්ද්‍රව්‍ය සොයන්න උපන් හපන් ටෝබි

ඔබේ අදහස් එවන්න

 

 

සඳැල්ල

තමන්ගේ පුතා උස්සාගෙන ගහින් මරා දමද්දී මනොරානී ඒක කොහොම දරාගන්න ඇතිද?... ස්වර්ණා මල්ලවාරච්චි
2025 පෙබරවාරි මස 06 58 0

“මට හිටපු එකම රිචඩ් මගෙන් උදුරවා ගත්තට පස්සෙ මට ආයෙ නැති වෙන්න දෙයක් නෑ කියලා මම හිතුවා.


තක්සලාවට දුෂ්ටකම් කළ ලූකස් මුදලාලි - ගිරිරාජ් කෞෂල්‍ය
2025 පෙබරවාරි මස 06 25 0

ක්ෂේත්‍රයේ හැම දෙනාටම ගිරා වන ගිරිරාජ් කෞශල්‍ය ආගමට දහමට ලොකු ළැදියාවක් දක්වන අයෙකි.


පිය සුවඳින් රසිකයන් පිනවන - තරංග නෙල්සන්
2025 පෙබරවාරි මස 06 29 0

මේ අමරණීය ගායන ශිල්පියා නිහාල් නෙල්සන් අපෙන් සමු අරගෙන දැනට අවුරුදු දෙකයි. ඔහුගේ පිය සටහන් ඔස්සේ යමින් රසික ආදරය දිනා ගැනීමට තරම් වාසනාවන්ත වූ ඔහුගේ එ


මාස්ටර් සර් වුණු විශ්ව
2025 පෙබරවාරි මස 06 23 0

වසර 17ක් පුරාවට කලාව හා සම්බන්ධ වෙමින් පුංචි තිරයේ අහිංසක ප්‍රේමවන්තයා ලෙස ප්‍රේක්ෂක ආදරය දිනා ගත් ඔහු නමින් විශ්ව කොඩිකාරයි.


“ විසේකාරි ” හි වාසු මට ගොඩක්ම සමීප චරිතයක් - Ruvi Lakmali
2025 පෙබරවාරි මස 06 23 0

වෙළෙඳ දැන්වීම් ඔස්සේ ප්‍රේක්ෂක ආදරයක්, ආකර්ෂණයක් දිනාගත් ඇය ටෙලි නිර්මාණයකින් සිනමා තිරයෙන් හමු​ෙවන්නේ ඉඳහිට වුවත් - ඒ බොහෝ නිර්මාණ චරිතයන් ප්‍රේක්


කුසුම් නම් වූ ගැහැනු ළමයා - වසන්ති චතුරානි
2025 ජනවාරි මස 30 193 0

ගම්පහ හෝලික්‍රොස් කන්‍යාරාමය පුරාම වසන්ති චතුරානි ප්‍රචලිතව සිටියේ ෆිල්ම් ස්ටාර් වශයෙනි.


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 46 0
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 109 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 850 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site