IMG-LOGO

2025 අගෝස්තු මස 09 වන සෙනසුරාදා


බොලිවුඩය අතික්‍රමණය කළ නව පරපුරේ සුරූපිණිය

Hot World - ලොව උණුසුම් කරණ අපූරු මිනිස්සු ​

 

පුළුල් නිතඹ, ළගන්නා සුළු සිනහව, ඡවි කල්‍යාණය ආදී එකී මෙකී නොකී රූප සොබාවෙන් අනූන විසේකාර තරුණියන්ට බොලිවුඩයේ දොරටු විවර වන්නේ නිතැතිනි. මුල දී කට්ටක් කෑවාට, වසරින් වසර රගපාන චිත්‍රපටවල අලෙවි වීම මත මේ සුරූපිණියන්ගේ දෛවය ලියැවෙන්නේ ඔවුන් සිතූ සුරගනා ලෝක මෙන්ම හැබෑ ජීවිත අතර ද දෝලනය කරමිනි.   


මේ කියැවෙන්නේ එලෙස බොලිවුඩය ආක්‍රමණය කළ නව පරපුරේ ඉන්දිය නිළියක් ලෙස වඩාත් ජනප්‍රිය රකූල් ප්‍රීත් සිං ගැනය.   


ඇය බොලිවුඩ් සිනමාවට පිවිසියේ 2014 වසරේ තිරගත වූ යාරියාන් Yaariyan චිත්‍රපටයෙනි. ඇය අවසන් වරට හින්දි සිනමා රසිකයන්ට දැක ගත හැකි වූයේ මාර්ජවාන් සහ දේ දේ ප්යාර් දේයන හින්දි චිත්‍රපට වලනි..   
දැනට තිස් එක් හැවිරිදි වියේ පසුවන ඇය ප්‍රධාන වශයෙන් තෙළිඟු‍, දෙමළ සහ හින්දි චිත්‍රපටවල රංගනයෙන් එක්වන නව පරපුරේ නිළියකි. ඇය ෆිල්ම් ෆෙයාර් සම්මාන තුනක් නාම යෝජනා ලබා ඇති අතර සිමා සම්මානයෙන් ද පිදුම් ලැබුවාය.   


ඇය නිරූපිකාවක් ලෙස සිය වෘත්තිය ආරම්භ කළේ පාසල් අධ්‍යාපනය ලබන අවදියේ සිටියදී ය. රංගන දිවියට පිවිසියේ දකුණු ඉන්දියාවේ කන්නඩ චිත්‍රපටය වන “ගිලි” (2009) චිත්‍රපටයෙනි. 2011 දී ඇය ෆෙමිනා මිස් ඉන්දියා තරඟාවලියෙන් පස්වන ස්ථානයට පත්වූ අතර පීපල්ස් චොයිස් මිස් ඉන්ඩියා ටයිම්ස්, පැන්ටලූන්ස් ෆෙමිනා මිස් නැවුම් මුහුණ, ෆෙමිනා මිස් ටැලෙන්ටඩ්, ෆෙමිනා මිස් බියුටි ස්මයිල් ආදී ජයග්‍රහණ ලබා ගත්තේය.   


පසුව ඇය පූර්ණ කාලීන නිළියක් වීමට තීරණය කළ අතර, එම වසරේම කේරතම් හි තෙළිඟු‍ රංගනයට පිවිසි අතර, ඊළඟ වසරේ දී තදීයාරා තක්කා චිත්‍රපටයෙන් දෙමළ රංගනයට පිවිසියාය. 2014 දී ඇය යාරියන් හි හින්දි රංගනයට පිවිසි අතර ඇයගේ රංගනයට වඩා හොඳ ප්‍රතිචාරයක් ලැබුණි.   

 


ඇය වාණිජමය වශයෙන් සාර්ථක චිත්‍රපට වන වෙන්කටාද්‍රි එක්ස්ප්‍රස් (2013), තීගා (2014), රෆ් (2014), ලූක්කම් (2014), පාණ්ඩගා චෙස්කෝ (2015), කික් 2 (2015), සරිනෝඩු (2016), නන්නකු ප්‍රේමතෝ (2016), ධර්වා (2016), රරාන්ඩෝයි වෙදූකා චූදම් (2017), ස්පයිඩර් (2017), තෙරන් අධිකාරම් ඔන්ඩ්රු (2017) සහ දේ දේ ප්යාර් ද (2019) යන චිත්‍රපට විය.   


රකුල් ප්‍රීත් සිංගේ පියා හමුදා නිලධාරියෙකි. ඇගේ මව රාජේන්දර් කෞර්ය කුල්වින්දර් සිං ය. ඇගේ බාල සොහොයුරා වන අමන් ප්‍රීත් සිං බොලිවුඩ් සිනමාවට පිවිසීමට සූදානම් වන්නේ රාම් රාජ්‍යා චිත්‍රපටයෙනි. ගණිතය පිළිබද විද්‍යාවේ දී උපාධියක් හිමි රුකුල් කියා සිටින්නේ තමා සෑමවිටම නිළියක් වීමට සිහින මැවූ බවය   


ඉන්දියාවේ නිරූපණ වෘත්තිය ඇය ආරම්භ කළේ වයස අවුරුදු 18 දී ය.   


2009 දී ඇය සිය රංගන දිවියට මුල්ම අඩිතාලම දැමූ ගිලී නම් කන්නඩ චිත්‍රපටයට එක්වීම ගැන ඇය කියා සිටියේ “ටිකක් වැඩිපුර සාක්කුවේ මුදල් උපයා ගැනීමේ අරමුණින්”‍ චිත්‍රපටයට අත්සන් තැබූ බවත් ”‍දකුණු ඉන්දියානු චිත්‍රපට කොතරම් විශාල ද”‍ යන්න තමා නොදන්නා බවත්ය.   


මහජන පිළිගැනීම සහ සාර්ථකත්වය ඇය මුලින්ම ලබා ගත්තේ දකුණු ඉන්දීය සිනමාවෙන් වුවද ඇය කියන්නේ තමා තව බොහෝ දුර යා යුතු බවයි. ඒ කියන්නේ බොලිවුඩයට. බොලිවුඩය තුළ ද ඇය තම වාසනාව උරගා බැලීමට සූදානම් වෙයි. ඒ අනුව දැන් ප්‍රීත් හින්දි සිනමාව ගැන උනන්දු වන්නීය.   
ෆිල්ම් ෆෙයාර් ඇසුරෙනි.   

 

 

සටහන්‍   
තිළිණි ද සිල්වා   



අදහස් (0)

බොලිවුඩය අතික්‍රමණය කළ නව පරපුරේ සුරූපිණිය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 436 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 314 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 485 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site