IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


බාල්දි හතරක පිරවූ මිනිස් ශරීර කොටස්

මළවුන්ගේ අනාවරණ

 

කැනඩාවේ බොහෝ දෙනා ගිම්හාන ඍතුවේදී නිවාඩුවක් ලබාගෙන නිදහස් සුන්දර පරිසරයක පිහිටි නිවාඩු නිකේතන සොයා යති. සතියක් පමණ එම නිවාසවල විවේකය ගත කරති. වැඩි වශයෙන් මෙවැනි නිවාඩු නිකේතන පිහිටා තිබෙන්නේ සුපිරියර්, මිචිගන්, හියුරොන්, ඊරි, සහ ඔන්ටාරියෝ වැනි විල් ආශ්‍රිතව ය. වසරේ ගිම්හාන කාලයෙන් පසු නැවතත් මේ නිවාස මිනිසුන්ගෙන් තොර පාළු තැන් බවට පත් වේ.   


ඇලෙක්ස් බ්‍රිටිෂ් කොළොම්බියා ප්‍රාන්තයේ, බ්‍රේස් බ්‍රිජ් ප්‍රදේශයේ ලීවලින් තැනූ නිවාඩු නිකේතනයකට ගියේ ගිම්හාන ඍතුවේ දැඩි උෂ්ණ කාලගුණයෙන් මඳකට මිදීමටය. එහෙත් ඇලෙක්ස්ට ඊට ඉඩක් ලැබුණේ නැත. ඔහු නිවාඩු නිකේතනයට ගොස් ඇඳුම් මාරු කරගෙන නිවසේ තිබෙන දේවල් ගැන විපරම් කරමින් ඇවිද ගියේය. එහි එක් කාමරයක විශාල තීන්ත බාල්දි හතරක් තිබෙනු ඔහු දුටුවේ එලෙස පරීක්ෂා කරමින් යද්දීය. මේ ස්ථානයට මෙතරම් විශාල තීන්ත බාල්දී ගෙනත් තිබෙන්නේ ඇයි? මේ නිවසේම තීන්ත ගෑවත් මෙතරම් බාල්දි ප්‍රමාණයක් අවශ්‍ය වන්නේ නැත. එසේ නම් මේවා පිටතින් ගෙනවිත් මෙහි තැබුවා වෙන්නට පුළුවන. ඒත් කුමක් සඳහා කවුරුන් ගෙනෙන ලද්දක්ද? එක සමාන බාල්දි නිසා ඔහු තුළ කුතුහලයක් ඇති විය. ඒ නිසා ඇලෙක්ස් ඒවා විවෘත කර බැලුවේය.   


දුටු දෙයින් ඇලෙක්ස් මවිතයට පත්විය. එහි තිබුණේ මිනිස් අතකි. කලබලයට පත් ඔහු වහාම පොලිසියට ඇමතුමක් ගෙන සිද්ධිය විස්තර කළේය. බ්‍රිටිෂ් කොළොම්බියානු ප්‍රාන්ත පොලිසිය පැමිණ පරීක්ෂණ ආරම්භ කළේය. පොලිසිය අනෙකුත් භාජන ද විවෘත කර බැලීය. ඒ හැම භාජනයකම මිනිස් සිරුරක කොටසක් දක්නට ලැබිණ. නිවස පරීක්ෂා කළ ද වෙනත් කිසිදු හෝඩුවාවක් දක්නට ලැබුණේ නැත. අධිකරණයට දන්වා වහාම පසුදිනම කොළොම්බියා ප්‍රාන්තයේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය විශේෂඥවරයාගේ පරීක්ෂාව සඳහා මෙම භාජන කැනඩාවේ වෑන්කුවර් නුවරට ගෙන එනු ලැබිණ.   


අධිකරණ වෛද්‍ය පරීක්ෂණය ආරම්භ විය. ඔහුගේ සහයට තවත් වෛද්‍ය කණ්ඩායමක් ද එක්කර ගනු ලැබිණ. අධිකරණ වෛද්‍ය ඡායාරූප ශිල්පීන්, ඇඟිලි සලකුණු විශේෂඥයන් හා අපරාධ පරීක්ෂණ පොලිස් නිලධාරීන් ද මෙම පරීක්ෂණයේ සහයට ගෙන්වා ගනු ලැබිණ. තින්ත බාල්දිවල ඡායාරූප ගනු ලැබිණ. ඉන්පසු ඒවා වීවෘත කර මතුපිට පෙනුමෙන් තිබෙන ආකාරයට ඡායාරූපගත කරනු ලැබිණ. එම බාල්දිවල තිනර් වැනි රසායනිකයක් තීන්ත සමග මිශ්‍රව තිබූ අතර මිනිස් අවයව ගිල්වා තිබුණේ එම ද්‍රාවණයේය.   


වෙන් වෙන්ව තිබූ අවයව කොටස් නවයක් භාජන හතරෙන් මතු විය. ඒ මිනිස් ශරීර කොටස් අතර හිසක්, දකුණු අත සමග දකුණු පපු ප්‍රදේශය, වම් අත සමග වම් පපු ප්‍රදේශය, දකුණුපස උදරය, දකුණු කලවා ප්‍රදේශය, දකුණු දණහිස ආශ්‍රිත ප්‍රදේශය, වම් දණහිස ආශ්‍රිත ප්‍රදේශය, දකුණු කකුළ සහ වම් කකුළ තිබිණ. එහි පපු කුහරයේ තිබිය යුතු පෙණහලු, හෘදය වස්තුව ද, උදර කුහරයේ තිබිය යුතු ප්ලිහාව, අතුණු බහන් ආදිය ද මෙහි නැත. මේ සියලු සිරුරු කොටස් කිසිම කඩතොලුවක් නැතිව පිළිවෙළට තියුණු ලෙස කපා තිබෙනු දැකිය හැකි විය. කොඳු ඇට පෙළ හරහාත්, සිරුරේ ශක්තිමත් අස්ථි හරහාත් තියුණු කැපුමක් ඇති කිරීමට සාමාන්‍ය පිහියකට නොහැකිය. කඩුවකට හෝ කිණිස්සකට ද එතරම් තියුණු ලෙස කැපිය නොහැකිය. ඒ අනුව මෙය විද්‍යුත් කියතක් යොදාගෙන කරන්නට ඇතැයි යන්න අධිකරණ වෛද්‍යවරයාගේ නිගමනය විය.   


මේ පුද්ගලයා මියගිය විගසම සිරුර කොටස් කර මෙලෙස රසායනිකයක ගිල්වා තැබීම නිසා සිරුරු කොටස් සියල්ල නරක් නොවී හොඳ මට්ටමෙන් පැවතිණ. මෙසේ තියුණු ලෙස වෙන් කරන ලද සිරුරු කොටස් පිළිවෙළට තැබූ විට කාන්තා මිනිස් සිරුරක් දැකගත හැකි විය. එය තරුණ කාන්තාවකගේ බව වෛද්‍යවරයාගේ අදහස විය. මේ සිරුර කපා තිබූ ආකාරය හා අභ්‍යන්තර අවයව රැසක් දක්නට නොවීම නිසාත් සිරුර කැබලි කර තිබෙන්නේ අවයව ලබා ගැනීම සඳහා බවට අධිකරණ වෛද්‍යවරයාගේ නිගමනය විය.   


පැය කීපයක් තිස්සේ කරන ලද දුෂ්කර ක්‍රියාවකින් පසු සිරුරේ තැනින් නැත කා වැදී තිබූ තීන්ත හා රසායනික ද්‍රව්‍ය ඉවත් කරන ලද අතර සමේ බාහිර ස්වරූපය මතු කරගන්නා ලදී. ඇයගේ කන්වල තවමත් අරුංගල් එලෙසම පැවතිණ. මුදු ද එලෙස පැවතිණ. ඒවා ද සියුම්ව පරීක්ෂාවට ලක් කරනු ලැබිණ. ඇයගේ සිරුරේ ඇතැම් ස්ථානවල පච්ච කොටා තිබිණ. වෛද්‍යවරයා ඒවා ද පරීක්ෂාවට ලක් කළේය. ඒවා මතුපිට සමට යට ස්ථරය දක්වා කොටා තිබූ නිසා මිනිස් සිරුර නරක් වීමකදී වුවද පච්චා සළකුණ මැකී යන්නේ නැත. ඡායාරූප ශිල්පියා මේ සලකුණු ද ඡායාරූප ගත කරනු ලැබිණ.   


 හිස් කබල පරීක්ෂාවට ලක් කළේ ඉන් අනතුරුවය. හිස පිටුපස සම පුපුරා ගිය ස්ථාන හතරක් දක්නට ලැබිණ. සමට යටින් හිස්කබල පුපුරා ගොස් තිබූ අතර මොළයට සිදු වූ හානිය හඳුනාගත නොහැකි වූයේ එය නරක් වී තිබූ නිසාය. කෙසේ වුවද මොට ආයුධයකින් හිසට පහර දී ඇය මරණයට පත්වූ පසු සිරුර කැබලිවලට කපා වෙන්කර අවයව ගෙන ඇති බවට සැක කළ හැකිය. මේ ආකාරයට අවයව ලබාගෙන මනා පළපුරුද්දක් ඇති අයෙක් සිරුර කපා ඇති බව එය සිදුකර තිබූ ආකාරයෙනුත් පැහැදිලි විය. 

 
වෙන්ව තිබූ සිරුරු කොටස් එකට තබා ලබාගත් ඡායාරූපයක් බ්‍රිටිෂ් කොළොම්බියානු ප්‍රාන්ත පොලිස් නිලධාරීන් වෙත විද්‍යුත් තැපෑලෙන් යොමු කරන ලදුව ඔවුන් සමග තිබූ දත්තයන් සමග සැසදීමෙන් පැය නවයක් වැනි කාලයකදී මෙම සිරුර තිස්දෙහැවිරිදි මේරි කොලින්ස් නමැති තරුණියකගේ බව කොළොම්බියානු පොලිසියෙන් අධිකරණ වෛද්‍යවරයාට විද්‍යුත් තැපෑලෙන් පණිවුඩයක් ලැබිණ. එහි ඇගේ ඡායාරූපයක් ද අමුණා තිබිණ.   
එහෙත් පොලිසියට තවත් කාර්යයක් ඉතිරි විය. ඇය මියගොස් තිබෙන්නේ කොපමණ කාලයකට පෙරද යන්න එම ප්‍රශ්නයයි. අධිකරණ වෛද්‍යවරයා නරක් වෙමින් තිබූ මොළයේ නරක් නොවූ කුඩා පටක කොටසක් ලබාගෙන අන්වීක්ෂයෙන් පරීක්ෂාවට ලක් කළේය. එහි ඉඳිකටු තුඩු වැනි සිදුරු රැසක් දක්නට ලැබිණ. සැබවින්ම එහා සිදුරුම නොව අධිශීතකරණයක අයිස් මිදුණු තැනක අයිස් දිය වී ගිය පසු දක්නට ලැබෙන සිදුරු වැනි ස්ථාන බදු පෙනුමක් මෙහිද විය. ඒ අනුව මෙම සිරුරු හිම වැටෙන ශීත කාලයකට හෝ දෙකකට මුහුණ දෙන්නට ඇති බව පැහැදිලි විය. ශීත ඍතුවක් එළැඹෙන්නේ වසරේ ඔක්තෝබර්වලය. ඇය අතුරුදන්ව තිබෙන්නේ 2007 වසරේදී වන බැවින් ශීත ඍතු තුනක්වත් මෙලෙස මෙම භාජනයේ ඇගේ සිරුර කැබලි වී තිබෙන්නට ඇත. 

 
දැන් පොලිසිය සතු කාර්යය වන්නේ ඇය ඝාතනය කළේ කවුදැයි සෙවීමය. එය අධිකරණ වෛද්‍යවරයාගේ කාර්යයක් නොවේ. ඒ සඳහා මෙම නිවාසයට ආගිය අය පිළිබඳව සෙවීමට පොලිසියට සිදු වේ. වසර තුනකට අධික කාලයක් සැඟව තිබූ මේ අභිරහස සොයා ගැනීම සම්පූර්ණ වන්නේ එම අපරාධකරුවා සොයා ගැනීමෙනි.   


අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය සරත්චන්ද්‍ර කොඩිකාර මහතා සමග කළ සාකච්ඡාවක් ඇසුරෙන් සටහන් කළේ,   

 


මුදිතා දයානන්ද   



අදහස් (0)

බාල්දි හතරක පිරවූ මිනිස් ශරීර කොටස්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 224 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 725 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 140 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site