IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


බුදුන්ට සහ දෙවියන්ට නිවැරදිව පහන් තබමු

මිනිසා විසින් අතීතයේ සිටම පුද පූජා සඳහා පහන් දැල්වීම සංස්කෘතිය හා බැඳුණු උතුම් වූ ලක්ෂණයක් ලෙස අඛණ්ඩව පවත්වාගෙන එනු ලබයි. ලොව කොතරම් නවීකරණය වී ඇතත් විද්‍යාත්මක සොයා ගැනීම් කළත්, අප නොදන්නා බොහෝ දේ අප අවට කොතෙකුත් තිබෙන්නට පුළුවන.   


අද සමාජයේ බොහෝදෙනා නිවෙස් අසල පහන් පැලක් හදා දෙවියන්ට පහන් තබති. නැතහොත් නිවෙස් තුළ බුදුන් වහන්සේට පහන් ආලෝක පූජාව පවත්වති.   
දෙවියන්ට පහන තැබීමේදී කළ යුතු නිවැරදි ක්‍රියා පිළිවෙත් මෙන්ම අති උත්තම බුදු පියාණන් වහන්සේට පහන තැබීමේදීත් එම ක්‍රියාවලිය නිවැරදිව කළ යුතුය. එහෙත් වර්තමාන සමාජය දෙස බලන විට මෙම පහන් දැල්වීම හරි හැටි අවබෝධයකින් තොරව සිදු කරන අයුරු දැකගත හැකිය. පිළිවෙත සහ පිළිවෙළ නොදැන කරන්නා වූ පහන් දැල්වීම තුළින් තමන් කොපමණ භක්තියෙන් තමන් එම ක්‍රියාවන් ඉටුකළ ද එයින් අපේක්ෂා කරන ප්‍රතිඵලය ලැබිය නොහැක.   


මෙසේ පිළිවෙත හා පිළිවෙළ නොදැන කරන පහන් දැල්වීමෙන් තමන් අපේක්ෂා නොකරන බලවේගයන් ළඟා කර ගන්නා බව බොහෝ අය නොදන්නා කරුණකි. දෙවියන් සඳහා තබන මෙම පහන් සිළ පිළිගැනීමට දෙවියන් හැර වෙනත් අදෘශ්‍යමාන බලවේග බලා සිටින බව දන්නේ සුළුතරයක් පමණි.   


අද දෙවියන් අදහන්නේ දැඩි භක්තියකින් විය හැකිය. දේව ආශිර්වාදය උදෙසා විවිධ පුද පූජා කරන ජනතාවද මෙරට බොහෝ දෙනෙක් සිටිති. නමුත් ඒ සඳහා නියමිත විධික්‍රම බොහෝදෙනෙක් නොදන්නා බව පෙනේ. ශිව, විෂ්ණු, කතරගම, ස්කන්ධ, සමන්, ගණපති, දැඩිමුණ්ඩ, විභීෂණ, පත්තිනි, ගම්භාර හෙවත් සිද්ධ සූනියම් මහා කාලි සහ වෙනත් ප්‍රාදේශීය දේව දේවතාවුන් නොවඳින මිනිසුන් මෙරට නැති තරම්ය.   


ආරක්ෂාවට ලෙඩ දුක්වලට පුද පූජා පවත්වමින් ඇතමුන් දෙවියන්ට පහන් නිවස තුළ තබති. දෙවියන් උදෙසා පහනක් නිවෙස තුළ කිසිසේත්ම නොතැබිය යුතුය. මන්ද මෙම පහන නිසා නොයෙකුත් අමනුෂ්‍ය බලවේගයන් නිවස තුළට ඇදී ඒමට පුළුවන.   


ඉන් අනතුරුව නිවැසියන්ට දැඩි සේ සමීප බව කිසිවෙකුට දැනෙන්නේ නැත. දුර්වල මනසක් ඇති අයෙකු නිවසේ සිටී නම් එම තැනැත්තා ලවා බොහෝ දේ කිරීමට පවා එම බලවේග ක්‍රියාත්මක වනු ඇත.   


යම් විටෙක පහන තැබීමට නොහැකි වූ විට ප්‍රමාදවීම යන කරුණු මත විවිධ බලපෑම් කිරීමට ද පෙළඹෙනු ඇත. නින්දේදී බිය වැද්දීම මියගිය අය පෙනීම, විවිධ ශබ්ද ඇති කිරීමට පෙළඹිය හැක.   


මේ නිසා පහන් පැලක් තබන්නේ කොතැනද, කෙසේද යන ගැටලුව ඔබට පැන නගිනු අැත. දෙවියන් සඳහා තබන පහන තැබිය යුතු සුදුසුම තැන වන්නේ මිදුලයි. විශේෂයෙන් පහන් පැලක් තනා ගැනීමේදී ශුභ දිශාවක් හා සුදුසු ස්ථානයක් තෝරාගත යුතුය. එසේම එම ස්ථානය පිරිසිදු ස්ථානයක් විය යුතුය.   


සාමාන්‍යයෙන් නව නිවසේ පහන් පැල තැනීමට ඉතාමත් සුදුසු දිශාව වන්නේ ඊසානය. ඊසාන මරු නොසිටින දිශාව වශයෙන් සැලකේ. එසේම උතුරු දිශාව ද දෙවියන් වැඩ සිටින දිශාව ලෙස සැලකෙන නිසා ශුභදායක වේ. බුදුවරු බුදු වීමේදී වජ්‍රාසනයේ වැඩ සිටින්නේ නැගෙනහිර දිශාව බලාගෙන නිසා ඕනෑම කටයුත්තකට නැගෙනහිර දිශාව ද ශුභ වේ.   
මේ අනුව පහන් පැල තැනීමේදී උතුර, ඊසාන, නැගෙනහිර යන දිශාවන් සුදුසු වේ. මෙසේ නිවසේ ප්‍රොඪත්වය ගෘහපතියාගේ කීර්තිය රැඳී පවතින මංගල දොරටුව ඉදිරිපිට පහන් පැල තිබීම ඉතාම අශුභය. පහන් පැලේ ආලෝකය මංගල දොරටුවට එල්ල වීම ඉතා අශුභය.   


දෙවියන් වෙනුවෙන් පහන් දැල්විය යුත්තේ රාත්‍රී 10න් පසුවයි. දෙවියන්ට පහන් දල්වා තමා කැමති ස්තෝත්‍ර ගායනා කර කරණීය මෙත්ත සූත්‍රය කියවා පින් දීමෙන් දෙවියන්ගේ ආශිර්වාදයත් ආරක්ෂාවත් ලැබේ.  


දෙවියන් උදෙසා දල්වන පහන අතරමග නවතා දැමීමෙන් මානසික අසහනකාරී තත්ත්වයන් ඇතිවිය හැක. එසේම මතුපිට ගේදොර පාළු වේ. විනාශ වේ. 

 
අප රටේ බෞද්ධ ජනතාවගෙන් 70% ත් 80% ත් පමණ බුදුන් වහන්සේට පහන් ආලෝක පූජාව පවත්වති. සියලු දේ නවීකරණය වන සමාජයක ජීවත්වන අප අවම වශයෙන් බුදුන්ට පහන තබන ආකාරයවත් දැන සිටිය යුතුයි. සුවඳ මල් හෝ තෙල් ආලෝක පූජාවකින් මූලිකව සතුටු වන්නේ සිතයි. ඒ සඳහා සිත පිරිසිදු විය යුතුයි. පරිසරය පිරිසිදු විය යුතුයි එනිසා පිරිසිදු සිතින් නොකිලිටි පරිසරයක බුදුන්ට පහන තැබිය යුතුයි.   


සමාජයේ බොහෝදෙනෙක් කරන එක් වරදක් නම් ප්‍රධාන උළුවස්සේ ඉහළින් සීවලී මහරහතන් වහන්සේගේ රූපයක් එල්ලා නිවසට ආහාර පාන නොඅඩුව ලැබෙනවායි දැනුවත්ව හෝ නොදැනුම්වත්ව පහන තබන අයුරු දක්නට ලැබේ. බුදුන් වහන්සේගේ රූපයක්ද එසේ තබා ඇත.   


මෙය දෝෂ සහිත වන අතර පාප කර්මයක්ද වේ. බුදුන් වහන්සේට තබන පහන ගෘහ මූලිකයාගේ පපුවේ ප්‍රමාණයට ආසන්න උස ප්‍රමාණයකින් තැබීමට සුදුසු සේ ආසන්න විය යුතුය. එය තමාට පහසුවෙන් දැල්විය හැකි ආකාරයෙන් සකස් විය යුතුය. කිසි විටෙකත් බුදුපහන අතට ගෙන දල්වා නැවත එම ආසනයේ නොතබන්න. 

 
එසේම බුදුන් වහන්සේට තබන බුද්ධ පූජාව පැයක් වැනි කාලයක් ඇතුළත ඉවත් කළ යුතුය. එය ආසනයේම විලිකුණු වීමට ඉඩදීම සුදුසු නැත.   


බුදුන් වහන්සේට පුද පූජා පැවැත්වීමේදී අධික කලබලකාරීත්වයෙන් ඒ මේ අත දුවමින් පූජාත්මක සිතිවිලිවලින් තොරව පහන තැබීමෙන් පලක් නැත. ඒ සඳහා ආගමික භක්තිය ඇති කර ගත යුතුය. බුද්ධත්වය සිහිපත් කර ගත යුතුය. මල් පූජා කරන මොහොතේත් පහන් දැල්වීමේදීත් ඒ මොහොතේදීම ගාථා කියවිය යුතුය.   


මේ අනුව විධිමත් ආකාරයට පහන් පූජා තැබීම තුළින් ඔබට ගෞතම බුදුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයට අනුව සියලු ආශිර්වාදය සහ කුසල් ලැබෙනු ඇත.   

 

 


ජ්‍යොතිර්වේදී වාස්තුවේදී   
තුෂාර වික්‍රමසිංහ   
317 දාගොන්න (වැව පාර) මීගමුව 



අදහස් (0)

බුදුන්ට සහ දෙවියන්ට නිවැරදිව පහන් තබමු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 586 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 290 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1089 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site