IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


පල්ලියේ සීනු හඬින් පෙර භවය හෙළිකරයි

පෙර භවයේ 
ප්‍රබල සාක්කි

සීනුව නාදවූ පල්ලිය

කලුතර චෛත්‍යය

 

වන්දනාමාන සඳහා විවිධ දුරබැහැර ප්‍රදේශවලට යන බැතිමතුන් ඔවුන්ගේ සිඟිති දූදරුවන් ද රැගෙන යාම සිරිතය. එසේ යන ඇතැම් දරුවෝ එම සිද්ධස්ථාන සම්බන්ධව පෙර භවය අනාවරණය කළ අවස්ථා තිබේ. පන්සල් - පල්ලි සහ කෝවිල් සම්බන්ධ කර පෙර භවය හෙළි කළ එවැනි දරුවෝ රැසක් පුනර්භව පර් යේෂණ අතරට එක්වී සිටිති.  

දේවස්ථානයක් ආසන්නයේ දී පෙර භවය හෙළි කළ දරුවෙකුගේ පුනර්භව සිදුවීමක් ප්‍රථම වරට අනාවරණය වූයේ කැනඩාවෙනි. එම දරුවා පිළිබඳව පූර්ණ පර් යේෂණයක් පැවැත්වීම කැනඩාවේ පුනර්භව පර් යේෂණ පවත්වන ආචාර්ය ඇන්ටෝනියා විසින් සිදු කරන ලදී. අනතුරුව එම දරුවාගේ පුනර්භව සාධකය 1993 දී බීබීසී ආයතනය නිෂ්පාදනය කළ (IN SEARCH OF THE DEAD) නම් චිත්‍රපටයට ද ඇතුළත් කළේය.   
ලොව රටවල් කීපයක සිදුකළ පුනර්භව පර් යේෂණ ඇතුළත් කර බීබීසී ආයතනය එම චිත්‍රපටය නිපදවීය. දේවස්ථානය අසල දී එම දරුවා පෙරභවය හෙළි කරන විට ඔහුගේ වයස හරියටම අවුරුදු තුනකි. එම දරුවාට පෙර භවය සිහිවීමේ සිදුවීම අතිශය වැදගත් පුනර්භව සාක්කියක් බවට පත්විය.  


තෙහැවිරිදි වියේ සිටි දරුවා සිය මිත්තනිය සමග ගමන් ගනිමින් සිටිය දී ඔවුන් දේවස්ථානයක් අසලට ළඟාවී තිබිණි. දේවස්ථානයේ දේව මෙහෙයක් සිදු කිරීම නිසා එහි සීනුව කීපවරක් නාද කෙරිණ. දේව මෙහෙය පවත්වන ලද්දේ මියගිය අයෙකු වෙනුවෙනි. දේවස්ථානයේ සීනු හඬ ඇසුණ දරුවා ඔහු සමග ගමන් කළ මිත්තනියගෙන් ඒ හඬ කුමක්දැයි ප්‍රශ්න කළේය. දේවස්ථානයේ දේව මෙහෙයක් සිදුකරන බැව් මිත්තනිය කීවාය. ඒ කුමක් සඳහා ද යන්න දරුවා නැවත විමසීමක් කළේය.  


දේවමෙහෙය පවත්වන ලද්දේ ද මියගිය පුද්ගලයෙකු වෙනුවෙන් බැව් මිත්තනිය දැන සිටියාය. ඇය ඒ බැව් දරුවාට පැවසුවාය. මියගොස් ඇත්තේ කව්රුන්ද යැයි නැවත දරුවා ප්‍රශ්න කළේය. මියගිය පුද්ගලයාව දැන සිටි මිත්තනිය මියගොස් ඇති පුද්ගලයාගේ නම ප්‍රකාශ කළාය. එය ඇසූ දරුවා මොහොතක් කල්පනාවේ යෙදී සිට මිත්තනිය ඇමතුවේය.  


‘‘එයා මැරිලද? එයා තමයි මාව මැරෙව්වේ’’ යැයි එක්වරම පිළිතුරු දුන්නේය. මිත්තනිය මවිතයට පත්වූවාය. ඇය දරුවාගෙන් ඒ පිළිබඳව විමසීමක් කළාය. පෙර භවයේ දී ඔහු සිටි ගම් ප්‍රදේශයේ දී මරණය සිදුවූයේ ඔහුට පහරදීමක් නිසා බවත් දරුවා හෙළි කළේය.  


අනතුරුව පෙර භවයේ ජීවිත තොරතුරු ද නිවැරදිව අනාවරණය කිරීමට එම දරුවාට හැකි විය. එම තොරතුරු අනුව පෙර භවයේ නිවස සහ පෙර භව ඥාතීන් ද හමුවීමට එදා එම දරුවාට අවස්ථාව ලැබිණි. පෙර භවයේ මිනීමැරුමක් හෙළිවූ පුනර්භවයක් පල්ලියක් අසල දී අනාවරණය වූ සිදුවීමක් ලෙස එම දරුවාගේ පුනර්භව සාධකය පර් යේෂණ වාර්තාවලට ඇතුළත් වී තිබේ.  


ශ්‍රී ලංකාවේ දරුවෝ කීපදෙනෙක් ද පූජනීය ස්ථාන සම්බන්ධ කරමින් පෙර භවය හෙළිකළ අවස්ථා රැසක් ඇත. එම දරුවන් විසින් අනාවරණය කළ පෙර භවයන්ට, කැලණිය, කතරගම, ගම්පහ සහ අනුරාධපුර පූජනීය ස්ථාන ඇතුළත් වේ. මේ අතරින් දරුවෝ තිදෙනෙක්ම කළුතර බෝධිය සම්බන්ධව පෙර භව තොරතුරු අනාවරණය කළහ. දකුණු පළාතේ අතිශය ප්‍රසිද්ධියට පත් පූජනීය ස්ථාන අතර කළුතර බෝධියට හිමිවන්නේ වැදගත් ස්ථානයකි. කළුතර බෝධිය වැඳපුදා ගැනීමට දිනපතාම එහි පැමිණෙන බැතිමතුන්ගෙන් පිරී ඉතිරී යනු නිතර දක්නට ලැබේ. එසේ පැමිණ බැතිමතුන් අතර සිටි දරුවෝ තිදෙනෙක්ම ඔවුන් පෙර භවයේ දී එහි පැමිණි බැව් අනාවරණය ක​ෙළ් දෙමාපියන් පුදුමයට පත් කරවමිනි.  


කළුතර බෝධියට සම්බන්ධ පෙර භවය අනාවරණය කළ ප්‍රථම පුනර්භව සාධකය හෙළිවූයේ බෙන්තර ප්‍රදේශයේ දී උපත ලද දරුවකු මගිනි. පානදුර කේතුමතී රෝහලේ දී 1983 වසරේ දී උපත ලද එම දරුවා පෙරභව ජීවිත තොරතුරු අනාවරණය කළේ වයස අවුරුදු තුනේදීය. එම දරුවා සමග කළුතර බෝධීන් වහන්සේ වැඳපුදා ගැනීමට දෙමාපියෝ පැමිණියහ. ඔවුන් පැමිණෙන විටදී බෝධීන් වහන්සේ අබියස දී බෙර හඬක් නිකුත් වෙමින් පැවතිණි.  


එය ශ්‍රවණය වූ දරුවා සිය මව ඇමතුවේය. අපේ ඩංකුටු තාත්තත් ඩංකුටු ගහන්න මෙහෙ එනවා යැයි කීය. අනතුරුව ඔහු නිතර නිතර පැවසූ වදන වූයේ ඩංකුටු තාත්තා යනුවෙනි. තම පුත්‍රයාගේ මෙම වදන පිළිබඳව මව විමසූ විට එම දරුවා සිය පෙර භවයේ තොරතුරු හෙළි කරන්නට විය. එම දරුවා හෙළි කළ තොරතුරු අනුව පෙර භවයේ දී ඔවුන් ජීවත්ව සිට ඇත්තේ දොඩන්ගොඩ ප්‍රදේශයේය. ඔහු අධ්‍යාපනය ලැබීමට කළුතර විදුහලට ගිය බවත් පෙර භවයේ පියා එළවළු වෙළෙඳාමක් සිදු කළ බවත් පැවසීය.  

 

දේවමෙහෙය පවත්වන ලද්දේ ද මියගිය පුද්ගලයෙකු වෙනුවෙන් බැව් මිත්තනිය දැන සිටියාය. ඇය ඒ බැව් දරුවාට පැවසුවාය. මියගොස් ඇත්තේ කව්රුන්ද යැයි නැවත දරුවා ප්‍රශ්න කළේය. මියගිය පුද්ගලයාව දැන සිටි මිත්තනිය මියගොස් ඇති පුද්ගලයාගේ නම ප්‍රකාශ කළාය. එය ඇසූ දරුවා මොහොතක් කල්පනාවේ යෙදී සිට මිත්තනිය ඇමතුවේය.  


‘‘එයා මැරිලද? එයා තමයි මාව මැරෙව්වේ’’ යැයි එක්වරම පිළිතුරු දුන්නේය. මිත්තනිය මවිතයට පත්වූවාය. ඇය දරුවාගෙන් ඒ පිළිබඳව විමසීමක් කළාය. පෙර භවයේ දී ඔහු සිටි ගම් ප්‍රදේශයේ දී මරණය සිදුවූයේ ඔහුට පහරදීමක් නිසා බවත් දරුවා හෙළි කළේය.  


අනතුරුව පෙර භවයේ ජීවිත තොරතුරු ද නිවැරදිව අනාවරණය කිරීමට එම දරුවාට හැකි විය. එම තොරතුරු අනුව පෙර භවයේ නිවස සහ පෙර භව ඥාතීන් ද හමුවීමට එදා එම දරුවාට අවස්ථාව ලැබිණි. පෙර භවයේ මිනීමැරුමක් හෙළි වූ පුනර්භවයක් පල්ලියක් අසල දී අනාවරණය වූ සිදුවීමක් ලෙස එම දරුවාගේ පුනර්භව සාධකය පර් යේෂණ වාර්තාවලට ඇතුළත් වී තිබේ.  


එළවළු ගෙනයාම සඳහා පියාට කරත්තයක් තිබූ බැව් ඔහු පැවසුවේ එළවළු ගෙනියන්නෙ කරත්තෙන්. ඒ කරත්තෙ ගොන්නු දෙන්නෙක් හිටියා යනුවෙනි. පෙර භවයේදී වැඩිමහල් සො​ෙහයුරියක් සිටි බවක් ද  එම දරුවාට මතක තිබිණි. පෙර භව නිවසේ මිත්තනියක් සිටි බවත් මිත්තනිය සමග නිවසේ සිටි බවත් කීවේය. පෙර භවයේ මව මිය ගිය බැව් ද එම දරුවා ඉතා කුඩා වියේදීම ප්‍රකාශ කළේය. ඒ බැව් ඔහු පැවසුවේ ඉස්සර ගෙදර ඉන්න කොට අපේ අම්මා මැරුණා ආච්චි තමයි ගෙදර බත් උයල දුන්නෙ යනුවෙනි.  


පෙර භවයේ දී ඔහුගේ ජීවිතය අවසන් වූ අන්දම ඔහුගේ මතකයේ තිබුණේ රිය අනතුරක් සිදුවීම නිසා බවය. ඒ බැව් එම දරුවා මතකයෙන් හෙළි කළේ මාව කාර් එකක හැපුණා. ඊට පස්සෙ ඉස්පිරිතාලෙ අරන් ගියා යනුවෙන් පමණකි.  


එක්දහස් නවසිය අසූ තුන වසරේදීම උපත ලද තවත් දැරියක් ප්‍රකාශ කළේ කළුතර බෝධිය අසල සිදුවූ රිය අනතුරකින් මරණයට පත්වූ බවකි. ඒ වන විට ඔවුන් පදිංචිව සිටියේ අක්කරපහ නමින් හැඳින්වූ ප්‍රදේශයක බැව් එම දැරියට මතක තිබිණි. පෙර භවයේ දී ඇය කාන්තාවක ලෙස ජීවත්ව සිටි බැව් අනාවරණය කළ දැරිය.  


‘‘අපි නිතරම කළුතර බෝධිය වඳින්න යනවා. අපේ තාත්තත් කළුතර බෝධියට එනව’’ යයි ප්‍රථම වරට හෙළිකර ඇත්තේ දෙමාපියන් සමග කළුතර බෝධියට පැමිණි විටකදීය. ඇය පැවසූ තොරතුරු අනුව පියා කළුතර නගරයේම කිසියම් රැකියාවක නියැලී සිට ඇත. එහෙත් එය කුමන අන්දමේ රැකියාවක්දැයි ඇගෙන් අනාවරණය නොවිණි.  

 

 

පෙර භවයේ නිවසේ සිටි වෙනත් කිසිවකු පිළිබඳ ඇගෙන් හෙළි නොවූ අතර ඇය නිතර නිතර පවසා ඇත්තේ අපි ඉස්සර හිටියේ අක්කර පහ යනුවෙනි. තවමත් පර් යේෂණ මට්ටමේ ඇති මෙම දැරියගේ පෙර භව තොරතුරු වර්ජීනියා විශ්ව විද්‍යාලයේ පර් යේෂණ අංශයේ නොවිසඳුණු සාධක ලෙස සටහන් කර ඇත.  


එක්දහස් නමසිය හැත්තෑ එකේ වසරේ දී කොළඹ දී උපත ලද නිමාලි නම් දැරියක් ද ඉතා කුඩා අවදියේ සිට පොළව මත නිදා ගැනීමට ප්‍රිය බවක් දක්වන්නට වූවාය. මෙම හැසිරීම් රටාව දෙමාපියන්ට ද ගැටලුවක් විය. ඇතැම් විට රෙදි කැබැල්ලක් බිම එළා ගන්නා දැරිය ඒ මත නිදාගැනීමට උනන්දු වූවාය. තම දියණියගේ මෙම පුරුද්ද අැතිවූයේ කෙසේද? යැයි මව නිතර සිතන්නට වූවාය.  


බහතෝරන වියට පත්වීමෙන් පසුව දිනක් ඇය බිම නිදාගැනීමට සූදානම් වූ විටෙක මව ඒ පිළිබඳව විමසීමක් කළාය.  


ඇයි දුව බිම නිදාගන්න ආසා යයි ඇගෙන් ප්‍රශ්න කළාය. එයට පිළිතුරු දුන් දැරිය,  


අපි එහෙදි නිදාගත්තෙ බිම තමයි. අපි පැදුරු දාල බිම නිදාගන්නවා යැයි හෙළි කළාය. අනතුරුව ඇගේ පෙරභව තොරතුරු අනාවරණය කළ දැරිය ඇය ජීවත්ව සිටියේ ගම්පොළ ප්‍රදේශයේ බවත් නිවසට යන ගමන් මාර්ගයත් හෙළි කළාය. නිවසට යන ගමන් මාර්ගයේ මුස්ලිම් පල්ලියක් තිබූ බැව් හෙළිකළ දැරිය මුස්ලිම් පල්ලිය පසුකර නිවසට යන බවත් එහිදී මුස්ලිම් ජාතිකයන් හඬ නගා දේව මෙහෙය පවත්වනු ඇසෙන බවත් කීවාය.  
පෙර භවයේ දී මව තේ වත්තක සේවය කළ බැව් ද කී දැරිය ඒ ගෙදර කිරි අත්තම්මා ඉන්නවා. අපේ අම්මා වත්තෙ තේ දලු කඩනවා යැයි ද කීවාය.  


කිරි අත්තම්මා යනුවෙන් නිවසේ දී භාවිත නොවුණු වදනක් සිඟිති දැරිය ප්‍රකාශ කිරීම දෙමාපියන්ගේ අවධානයට යොමුවිය. මෙම දැරිය ද පෙර භවය පිළිබඳව තොරතුරු අනාවරණය කරනු ලැබුවේ වයස අවුරුදු තුනේ පමණ සිටය.  


කිසි දිනෙක මුස්ලිම් පල්ලියක් නොදැක සිටි දැරිය එහි ලොකු ළිඳක් ඇති බැව් ද ප්‍රකාශ කළාය.  


මීට වසර ගණනකට උඩදී පෙර භවය හෙළි කළ දැරියක් ඇය පෙර භවයේ දී තරුණයකු ලෙස ජීවත්ව සිටි බව අනාවරණය කළාය. සර්පයෙකු දෂ්ඨ කිරීම නිසා මරණයට පත්වූ බැව් හෙළි කළ ඇය කුඩා කල දී ඉගෙනීම ලබාගත් දහම් පාසල පිහිටි පූජනීය ස්ථානය පිළිබඳව ද හෙළි කළාය. දෙමාපියන් සමග එම පූජනීය ස්ථානය වෙත ගිය දැරිය එහි දහම් පාසල පිහිටා තිබූ ගොඩනැගිල්ල ද නිවැරදිව පෙන්වා දුන්නාය.  

 

 

 


තිස්ස ජයවර්ධන



අදහස් (0)

පල්ලියේ සීනු හඬින් පෙර භවය හෙළිකරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31353 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13570 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11008 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 123 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 968 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site