IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


පෙර භවයේ අත්අකුරු හඳුනාගත් දරුවෝ

​පෙරභවයේ ප්‍රබල සාක්කි

 

පෙර භවය හෙළි කළ ඇතැම් දරුවෝ පෙර පුද්ගලයින්ගේ අත් අකුරු හඳුනාගත් අවස්ථා රැසක්ද පර්​ෙ‌ය්ෂණ අතරට එක්වී තිබේ. පෙර ජීවිතය පිළිබඳව එම දරුවන් විසින් සනාථ කළ කරුණූ අතරින් අත් අකුරු හඳුනා ගැනීම් සුවිශේෂී ප්‍රබල සාක්කි බවටද පත්වී ඇත. 

 
පුනර්භව පර්​ෙ‌ය්ෂණවලදී ලිඛිත සාක්කි ලෙස අත් අකුරු හඳුනාගත් දරුවන් කීප දෙනෙක්ම ශ්‍රී ලංකාවේ මෙන්ම විදේශ පර්​ෙ‌ය්ෂණ අතරද සිටිති. ශ්‍රී ලංකාවේ දරුවන් හය දෙනෙක් පමණ ඔවුන්ගේ පෙරභව අත්අකුරු හඳුනාගනු ලැබුවේ අතිශය පුදුම අයුරිනි. 

 
අත් අකුරු නිවැරදිව හඳුනා ගත් ශ්‍රී ලංකාවේ ප්‍රථම පුනර්භව පර්​ෙ‌ය්ෂණය සිදු කරනු ලැබුවේ වර්ජිනියා සරසවියේ මහාචාර්ය ඉයන් ස්ටීවන්සන් විසිනි.   


මීරිගම ප්‍රදේශයේ ජීවත්ව සිටි පාසල් ගුරුවරියකගේ ජීවිත තොරතුරු හෙළි කළ එම දැරිය උපත ලැබුවේ 1962 වසරේදීය. පිළියන්දලදී උපන් ස්වර්ණා නම් එම දැරිය පෙර භවය හෙළි කරමින් පාසල් ගුරුවරියක් ලෙස ජීවත්ව සිටි බැව් අනාවරණය කරන විට ඇය තෙහැවිරිදි වියේ පසුවූවාය.   


රෝගී තත්ත්වයකින් පසුව මරණය සිදුවූ බැව් හෙළි කළ එම දැරියගේ උරහිස ප්‍රදේශයේ පැහැදිලි උපන් ලපයක්ද පිහිටා තිබිණි. ඇය පැවසුවේ වැටීමක් හේතුවෙන් එම ස්ථානය තැලීමකට ලක්වූ බවය. අනතුරුව ඇය ​රෝහල් ගත කළ බවත් දින කිහිපයකින් පසු ඇය මරණයට පත්වූ බවත් ඇගේ මතකයේ තිබිණි. 

 
පාසල් ගුරුවරියක ලෙස සිටි ඇගේ ජීවිතය අවසන්වී ඇත්තේ 1953 වසරේදී බැව් පර්​ෙ‌ය්ෂණවල දී හෙළිවිය. ඇයට වැළඳී තිබූ රෝගී තත්ත්වය වූයේ උණසන්නිපාතය බැව් වෛද්‍ය වාර්තාවලින් සනාථ විය.   


එම දැරිය පිළිබඳව සිදු කළ පුනර්භව පර්​ෙ‌ය්ෂණයේ දී පෙර භවයේ ඇය සටහන් ලියූ පොතක්ද හඳුනා ගැනීමට එම දැරියට අවස්ථාව ලැබිණි. එහිදී ඇගේ පෙර අත් අකුරුවලින් ලියා තිබූ සටහන් වාර්තා හඳුනා ගැනීම අතිශය වැදගත් සිදුවීමක් විය. පාසලේ ඉගැන්වීම සඳහා ගුරුවරුන් විසින් ලියන සටහන් එම අකුරු මගින් දක්නට ලැබිණි.   


අත් අකුරු හඳුනා ගැනීමේ තවත් සුවිශේෂී ප්‍රබල සාක්කියක් ඉදිරිපත් වූ පුනර්භව සාධකයක් වැලිගමදී උපත ලද දරුවෙකු මගින් හෙළිවිය. එම දරුවා ප්‍රකාශ කළේ පෙර භවයේදී පාසල් සිසුවෙකු ලෙස ජීවත්ව සිටි බවය. ඔහු පදිංචිව සිටි ප්‍රදේශයත් නිවස පිහිටා තිබූ අයුරුත් එම දරුවාට ඉතා හොඳින් මතක තිබිණි.   


නිවුන් දරුවන් දෙදෙනෙකුගෙන් එක් දරුවෙකුවු ඔහු පැවසුවේ පෙර භවයේ නිවස පිහිටා ඇත්තේ බළපිටියේ බවය. අනතුරුව ඔහු ඉගෙන ගත් පාසලත් දෙමාපියන් සහ ඥාතීන් කීප දෙනෙකු ගැනත් ඔහු නිවැරදිව හෙළි කළේය.   


එම දරුවා හෙළි කළ කරුණු නිරීක්ෂණය කිරීම සඳහා ඔහුට පෙර භව නිවසට යෑමටද අවස්ථාව ලබා දීමට අපට හැකිවිය. එහිදී පෙර භව නිවස නිවැරදිව හඳුනාගත් එම දරුවා එම නිවසේ මිදුලේ තිබූ සිමෙන්ති කණුවක නම ලියා ඇති බැව් හෙළි කළේය. පෙර භව නිවසේ කිසිවෙකු හෝ නොදැන සිටි එම සිදුවීම එම නිවසට ගිය දරුවා අනාවරණය කළේය.   
ඔහු විසින් පෙන්වාදුන් නම ලියූ ස්ථානය ඒ වන විට වැලිවලින් වැසී ගොස් තිබිණි. එහෙත් එය පිරිසිදු කර නිරීක්ෂණය කිරීමේදී පෙර භවයේ ඔහුගේ නම එහි ලියා තිබූ බැව් දක්නට ලැබිණි. දර්ශන යනුවෙන් ලියා තිබූ එම නම ඔහුගේ අත් අකුරු බැව් දරුවා විසින් හඳුනාගනු ලැබීය. එය සිදුවී තිබුණේ නිවසේ ගෙමිදුලේ තනන ලද කානුවක සිමෙන්ති දැමූ දිනයේ ඉරටුවකින් ඔහුගේ නම ලියා තැබීමය.   


පෙර භවයේ තම අත්අකුරින් ලියා තිබූ නම සිමෙන්තිය මත දක්නට ලැබීම අතිශය ප්‍රබල සාක්කියක් ලෙස පිළිගනු ලැබීය.   


පෙර භවයේ පාසල් ශිෂ්‍යයකු ලෙස ජීවත්ව සිටියදී මරණයට පත්වූ බැව් අනාවරණය කළ තවත් දරුවෙක් සිය අත් අකුරු හඳුනා ගැනීමේ පුනර්භව පර්යේෂණයක් රඹුක්කන ප්‍රදේශයේදී සිදු කැරිණී. වසන්ත නම් එම දරුවා උපත ලැබුවේ කුරුණෑගල මහරෝහලේ දී 1972 වසරේදීය. අතිශය පුදුම අයුරින් පෙරභව තොරතුරු හෙළි කළ එම දරුවා වසන්ත යනුවෙන් හැඳින්විණි. ඔහු පැවැසුවේ තම පියා සමග සිටියදී නිවසේදී වෙඩි ප්‍රහාරයකට ලක්වී මරණය සිදුවූ බවකි.   
මරණය සිදුවීමෙන් පසු භූමදාන කරනු තමා දුටු බවක්ද ඔහු මතකයෙන් හෙළි කළේය. වෙඩි ප්‍රහාරයෙන් ඔහුට වැදුණූ වෙඩි උණ්‍ඩය සිරුරට ඇතුළුවූ ස්ථානයද එම දරුවා විසින් පෙන්වා දෙනු ලැබීය. එහි උපන් ලපයක්ද පිහිටා තිබූ එම දරුවා පිළිබඳව පුර්ණ පර්​ෙ‌ය්ෂණයක් පැවැත්වීමට අවස්ථාව ලැබිණි.   


පෙර භව නිවස සොයා ගිය එම දරුවා පෙර භවයේ සොහොයුරියක්ද හඳුනා ගනු ලැබීය. අනතුරුව සිරුර භූමදාන කළ ස්ථානයද නිවැරදිව පෙන්වා දීමටද එදා එම දරුවාට හැකිවිය. පෙර භව නිවසට ගිය ඔහු පෙරභවයේදී පාසල් ගෙන ගිය පොත් බෑගයද නිවැරදිව හඳුනා ගැනීමෙන් පසු එහි තිබූ පොත්ද තමාගේ බැව් පැහැදිලිව ප්‍රකාශ කළේය.   


එම පර්​ෙ‌ය්ෂණයේදී සිදුවූ අතිශය ප්‍රබලතම සාක්කිය බවට පත්වූයේ ඔහුගේ අත් අකුරු පෙන්වා දීමය. ඔහු අවසන් වරට පාසල් ගිය දිනයේ පාසලේදී ලියන ලද පාඩමක අත් අකුරු ඔහු විසින් පෙන්වා දෙනු ලැබුවේ පර්​ෙ‌ය්ෂකයන් පුදුමයට පත් කරවමිනි. පෙර භවයේ මිය යන විට ඔහු සිව්වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලැබූ පාසල් ශිෂ්‍යයෙකුව සිටියේය. 

 
පෙර භවයේ සිය අත්අකුරු නිවැරදිව හඳුනා ගත් තවත් දරුවෙක් උපත ලැබුවේ කොළඹදීය.   
ඔහු අනාවරණය කළ පෙරභවය රැකියාවක නිරතවී සිටි තරුණියකගේ ජීවිතය තොරතුරු විය. එකම පවුලේ පුනර්භව සාධකයක් (SAME FAMILY) ලෙස හෙළි වූ මෙම පුනර්භව පර්​ෙ‌ය්ෂණ සිදු කරනු ලැබුවේ 1986 වස​රේදී උපත ලද දරුවෙකු පිළිබඳවය.   


එම දරුවා විසින් හෙළි කළ පෙර භවය ලෙස සනාථ වූ තරුණිය මිය යන විට ලිපිකාරිණියක් ලෙස සේවය කරමින් සිටියාය. කොළඹ ප්‍රධාන කාර්යාලයක සේවිකාවක්වූ ඇය වැඩ අවසන්වී නිවසට එන අතරදී බස්රියකට යටවීමෙන් ඇගේ මරණය සිදුවී තිබිණී. ලඝු ලේඛිකාවක්වූ ඇය පිළිබඳව නිවැරදිම තොරතුරු අනාවරණය කිරීමට එම දරුවාට හැකිවිය. අනතුරුව පවුලේ ඥාතීන් ඇතුළු මිතුරියන්ටද ඔහු නිවැරදිව හඳුනා ගනු ලැබුවේය.   

 

 

එම දරුවා විසින් හඳුනාගත් පෙර භවයේ අත් අකුරුවූයේ ඇය විසින් ලියන ලද ලඝු අකුරු වීමද සිවුශේෂී සාක්කියක් විය. ලඝු ලේඛනය අැය ඉගෙන ගන්නා අවස්ථාවේදී ලියන ලද සටහන් පොත් පෙර භව නිවසට යන විට ආරක්ෂිතව තිබිණි. වෙනත් පොත් සමග තිබූ ලඝු ලේඛන අත් අකුරු දුටු එම දරුවා තමා විසින් ලියන ලද බැව් පැහැදිලිව හඳුනා ගත්තේය. පෙර භවයේදී තමා ලඝු අකුරු ලියූ හැටි ඔහු විසින් ලියා පෙන්වූයේ වයස අවුරුදු තුනේ පමණ සිටය.   


අත් අකුරු හඳුනා ගැනීමේ පුනර්භව සාධක අතර තවත් අතිශය පුදුම සිදුවීමක් හෙළි වූයේ රත්නපුර ප්‍රදේශයේදී උපත ලද දැරියක් මගිනි. මධු නම් එම දැරිය ප්‍රකාශ කළේ පෙර භවයේදී ඇය විදේශ ගතව සිටිබවකි. විදේශ ගත රැකියාවක නිරතවී සිටියදී රිය අනතුරකින් මරණය සිදුවූ බැව් ඇගේ මතකයේ තිබිණී.   


විදේශ ගතව සිටි තරුණිය ලීලා නම් වූවාය. ඇය විසින් විදේශයේ සිට දෙමාපියන්ට මුදල් එවීම සිරිත විය. මෙම දැරිය හෙළි කළ තොරතුරු අනුව ඇගේ පෙරභව නිවස සොයා ගැනීමට හැකිවිය. විදේශයේ සිට එන ලද සිරුර දෙමාපියන් පදිංචිව සිටි නිවස අසල භූමදානය කෙරිණි.   
පෙර භවය සනාථවීමෙන් පසු ඇගේ පෙර නිවසට යාමට ඇයට අවස්ථාව ලැබිණි. එහි ගිය දිනයේ පෙර ඥාතීන් කීප​ දෙනෙක්ම හඳුනා ගැනීමට ඇයට හැකිවිය. ඇගේ සොහොයුරියක් විසින් ඇය විදේශයේ සිට එවන ලද ලිපි වෙනත් ලිපිකීපයක් සමග තබා තිබිණී. ඒ දෙස පරීක්ෂා කළ දැරිය ඇය විසින් එවන ලද ලිපි හඳුනා ගනු ලැබුවේ එහි අත් අකුරු තමාගේ බැව් අනාවරණය කරමිනි.   


එම ලිපිය හඳුනාගත් දැරිය ඒ සමග එවන ලද මුදල් ප්‍රමාදයද සඳහන් කළ බැව් හෙළි කළේ දෙමාපියන් පුදුමයට පත් කරවමිනි.   


හැත්තෑවේ දශකයේදී මාතරදී උපත ලද සම්පත් නම් දරුවෙක්ද පෙරභව සිය අත්අකුරු හඳුනා ගනු ලැබීය. එම දරුවා ප්‍රකාශ කළේ පෙර භවයේදී රජයේ කාර්යාලයක සේවය කළ බවකි. ඔහු පෙර භවය හෙළි කරන අවස්ථාවලදී පමණක් දක්නට ලැබුණු සුවිශේෂී හැසිරීම් රටාවක්ද විය. එනම් එක් පාදයක් ඇද කරමින් ගමන් කිරීමය. ඔහු හෙළි කළ පෙර භව නිවසට යාමටත් සේවය කළ කාර්යාලයට යාමටත් එදා එම දරුවාට අවස්ථාව ලැබිණි. එහිදී පෙරභව ඥාතීන් කීප දෙනෙකු හඳුනා ගැනීමටද ඔහුට හැකිවූ අතර කාර්යාලයීය කටයුතුවලදී ලියූ අත් අකුරු හඳුනා ගැනීමටද හැකිවිය.   


මෙම දරුවා ගමන් කිරීමේ සුවිශේෂී හැසිරීම් රටාව පිළිබඳව සිදු කළ පර්යේෂණයේදී අනාවරණය වූයේ පෙර භවයේ දී සිදුවූ අනතුරක් නිසා ඔහුගේ එක් පාදයක් ආබාධිත ලෙස ගමන් කළ බවය. මෙම දරුවා පිළිබඳව පර්​ෙ‌ය්ෂණයක් පැවැත්වීමට මහාචාර්ය ස්ටීවන්සන්ද ශ්‍රී ලංකාවට පැමිණීයේය. අනතුරුව ඔහුගේ පර්​ෙ‌ය්ෂණ වාර්තාවකටද එම පුනර්භව සාධකය ඇතුළත් කළේය.   


තිස්ස ජයවර්ධන   

 



අදහස් (0)

පෙර භවයේ අත්අකුරු හඳුනාගත් දරුවෝ

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 28446 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18194 35

රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 10939 7

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 676 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 201 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 857 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site