IMG-LOGO

2025 ඔක්තෝබර් මස 19 වන ඉරිදා


පාපී ග්‍රහයන් ශුභ ඵල දෙන හැටි

ජ්‍යොතිෂයේ භාවිතා වන ග්‍රහයින් අතුරින් කුජ, රවි, රාහු සහ ශනි යන ග්‍රහයින් පාපී ග්‍රහයින් ලෙස සැලකේ. මෙම ග්‍රහයින් පාපීන් ලෙස හඳුන්වන්නේ බොහෝ විට අශූභ ඵල උදා කරන බැවිනි. එහෙත් පාපී ග්‍රහයින් බොහෝ ශූභ ඵල උදාකරන අවස්ථා ඇත. ශනි හා කුජ යන ග්‍රහයින් උච්ච බලයෙන් හෝ ස්වකේෂ්ත්‍ර බලයෙන් යුක්තව කේන්ද්‍රස්ථානයක සිටීමෙන් පංච මහා පුරුෂ යෝගවලට අයත් ශශ යෝගයත් රුචක යෝගයත් උදා කරයි. එමෙන්ම රවි උච්ච වීමෙන් මයුරපාල නම් බලවත් යෝගයත් රවි ස්වකේෂ්ත්‍රව සිටීම නිසා උපේන්ද්‍ර යෝගයත් උදා කරයි.


මෙම ග්‍රහයින් අතරින් ශනි හෙවත් සෙනසුරු ග්‍රහයා පාපී ග්‍රහයකු ලෙස ප්‍රධාන තැනක් ගනී. ඒ, ශනි මහ දශාව ලැබූ විටත් වෙනත් ග්‍රහයින් ගේ ශනි අන්තර් දශාවලදීත් ලෙඩ රෝග, හදිසි අනතුරු, තුවාල හා අලාභ පාඩු ආදිය ඇති කරන නිසාය. ශනි උදා කරන අශුභ ඵලවලටත් වඩා සමහර ජ්‍යෙතිෂවේදීන් ශනි ග්‍රහයාට (සෙනසුරාට සමාජය තුළ අනියත බියක් ඇති කරවන බව පෙනේ. ඒ අතර සෙනසුරු මාරුව හා සෙනසුරු ඒරාෂ්ටක අපල දැක්විය හැකිය. ග්‍රහයින් වරින් වර එක් රාශියක සිට තවත් රාශියකට මාරුවීම සාමාන්‍ය දෙයකි. සෙනසුරු පමණක් නොව අනෙක් ග්‍රහයෝ ද මෙසේ මාරු වෙති. සෙනසුරු මාරුව මහා බරපතළ අශූභ ඵල ඇති කරන බව බොහෝ දෙනාගේ අදහසය. එහෙත් සෙනසුරු මාරුවෙන් පසුත් මිනිස්සු වෙනදා කරන වැඩ ටික වෙනසක් නැතිව ඒ අයුරින්ම කර ගෙන යති. සෙනසුරු මාරුව නිසා විපතට වැටුණු කෙනකු ගැන ඔබ අසා තිබේද? සෙනසුරු මාරුවෙන් යම් විපතක් සිදුවුණි දැයි ඔප්පු කළ හැකිද? නරක යයි සම්මත රාහුගේ මාරුව ගැන මෙවැනි කතාවක් නැත. සෙනසුරුට යහපත් රාශියක් වන තුලාවට ගියත් නරක රාශියක් වන කටකයට, වෘශ්චිකයට හෝ සිංහයට ගියත් බොහෝ දෙනා දකින්නේ නරක විදියටමය. සෙනසුරු මාරුවෙන් වන අපල උපද්‍රව නවතා ගැනීමට මහත් ප්‍රසිද්ධියක් දී පින්කම් පවත්වති. තවත් අය කපුටන්ගේ කුස කිරිබත්වලින් පිරවීමටත් එක් පාදයක් ආබාධිත යාචකයින්ට දන්දීමටත් පෙළඹෙති. දන්දීම යහපත් දෙයක් වූවත් මේවායින් විශේෂ වාසියක් නම් නොලැබේ. සෙනසුරු මාරුව ගැන ලංකාවේ ප්‍රසිද්ධ ජ්‍යෙතිෂවේදීහු රූපවාහිනී නාලිකාවල සාකච්ඡා පවත්වති. සෙනසුරු පාපී ග්‍රහයකු වූවත් එම ග්‍රහයා ගැන අනියත බියක් ඇති කරවා වාසි ලබා ගැනීමට පෙළඹීම, තම නම ප්‍රසිද්ධියට පත් කරවා ගැනීම සාමාන්‍ය මිනිසුන් අතරේ නොකළ යුතු දෙයකි. මිනිසුන් බිය කර වාසි ලබා ගැනීම එක්තරා විදියක ත්‍රස්තවාදයකි. විවාහ ප්‍රමාද කිරීම, ලෙඩ රෝග හා හදිසි අනතුරු ඇති කිරීම ශනිගේ සිරිතක් වූවත් එය සෑම දෙනාටම බලපාන දෙයක් නොවේ. ඒ තම හඳහනේ ග්‍රහයින් පිහිටා ඇති ආකාරයෙනි. සෙනසුරු බලවත් අය අනවශ්‍ය බියක් ඇති කර නොගත යුතුය. බලවත් ශනි හෝ නවයේ සිටින ශනි ගෙන් බරපතළ පාඩු සිදු නොවේ. එහෙත් විවාහ ප්‍රමාද වීම වැනි දේ කෙරෙහි ශනිගේ බලපෑම වැඩිය. 


සෙනසුරු ඒරාෂ්ටකයද එවැනි ම දෙයකි. ඒරාෂ්ටක අපල බලවත් වූවත් ඒ සෑම දෙනාටම නොවේ. තිස් අවුරුද්දක් ජීවත් වන සෑම කෙනෙකුටම ඒරාෂ්ටක අපල යෙදේ. දැනට ඔබ තිස් අවුරුද්දක් ඉක්මවා සිටී නම් ඒරාෂ්ටකයේ තරම ඔබට වැටහෙනු ඇත. සමහර විට ඒරාෂ්ටකයක් කියා දෙයක් පසුවුණු බවවත් ඔබ නොදනිමි. ඒරාෂ්ටකය අපල නැති දෙයක් යයි මෙයින් අදහස් නොකෙරේ. තමන්ට ඒරාෂ්ටකයක් ඇති වේයයි බියෙන් සිටිය යුතු නැත. කියන තරම් යකා කළු නම්, කියන තරම් ඒරාෂ්ටකය අපල ගෙන දේ නම් අවුරුදු තිහ ඉක්මවූ සියලු දෙනාටම රෝගීන්, අංග විකල වූවන් හා විශාල පාඩු ලැබූවන් විය යුතුය. ශනි විශාල වශයෙන් අපල ගෙන දෙන අවස්ථා ඇත. උදාහරණයක් වශයෙන් දුර්වල ශනිගේ මහ දශාවේ, දුර්වල කුජ අන්තර් දශාවේ දුර්වල කේතු විදසා කාලය කෙනෙකුට බොහෝ අපල ඇති කරන අවස්ථාවකි. හදිසි අනතුරු අස්ථී බිදීම් ආදියට ලක්විය හැකිය. මෙසේ ශනි ගෙන දෙන අශූභ ඵල ඇත. 


සාමාන්‍ය ශනි තමා සිටින තැනට අයිති දේ නැති කරයි. දුක්, කරදර බාධා, අලාබ පාඩු ලෙඩ රෝග, තුවාල ඇති කරයි. සැප සතුට නැති කරයි. එහෙත් උච්ච ශනි එහි ප්‍රතිවිරුද්ධ දේ කරයි. සැප සතුට ලබා දෙයි. දුක් කරදර බාධා නැති කරයි. ධනය හා වාසි ලබා දෙයි.


ශනි උච්ච වන්නේ තුලාවේදීය. මෙය ඉතා වටිනා පිහිටීමකි. උසස් සිතිවිලි ඇති කරනු ලබයි. දූර දර්ශී බුද්ධිමත් අයකු කරයි. කීර්තිය ලබයි. ජය පරාජය දෙක එක සේ විඳ දරා ගැනීමේ ශක්තිය ඇති කරයි. උච්ච ශනි හඳහනේ තමා සිටින ස්ථානයට අයිති දේ සඵල කරයි. 


උදා-: ශනි දහයේ උච්චව සිටී නම් රැකියාව දියුණු කරයි. නවයේ, ශනි උච්චව සිටී නම් උසස් අධ්‍යාපනයට යොමු වේ. ශනි තුලාවේ අවු 2 1/2ක් හැසිරේ. මේ කාලයේ දී තමා සිටුවන ගස්වල බොහෝ ඵල දරයි. රැකියාව දියුණු කරයි. රැකියාවෙන් විශාල ධනයක් ලබා දෙයි. වගා කටයුතු වල යෙදේ නම් අධික අස්වැන්නක් ලැබේ. කටයුතු සාර්ථක වේ.


රවි පාපියකු වූවද බොහෝ අවස්ථාවලදී පාපියකු දැයි සැක සිතෙන තරමට ශුභ ඵල දෙයි. රවි උච්චවීම ඉගෙනීමට මෙන්ම දියුණුවට ද හේතු වේ. කිසිවකුට හිස පහත් කිරීමට කැමති නොවේ. අඩු තරමේ තම සැමියාටවත් යටත් වීමට කැමති නොවේ. රවි උච්ච වීම ඉතා හොඳ වූවත් අඹුසැමි දෙදෙනාගේම රවි උච්චවීම ගැටුම් ඇති වීමට හේතු වේ. රවි දහසේ සිටින විට පිළිගැනීම ඇති වේ. යම් කිසි තැනකට ගිය විට තමා එනතුරු බලා සිටියාත් මෙන් කටයුතු කර දෙයි. නායකත්වයට සුදුසු වෙයි. ජය, ප්‍රසිද්ධිය, කී්ර්තිය, තනතුරු හා සැප සම්පත් ලබා දෙයි. වෛද්‍ය වෘත්තියට හා ස්වර්ණාභරණ වෙළදාමට සුදුස්සකු කරයි. අනෙක් අය අතර තමා උසස් බවටත් අනෙක් අය පහත් බවටත් පත් වේ. රවි එකොළහේදී සියලු දෝෂ භංග කර සැප සම්පත් ලබා දේ. ලග්නයේ සිටින විට පිබිදුණු ගතියක්, උද්යෝගීමත් ගතියක් ඇති කරයි. රවි නීච වීම ලෞකික දියුණුවට හේතු වේ. කුමන රැකියාව කළත් එහි ඉහළටම යයි. කොතරම් පහත්ව ඉපදුණු අයකු වුවද මධ්‍යම වයස වන විට විශාල දියුණුවක් ලබයි.


සාමාන්‍ය කුජ හඳහනේ 1, 2, 4, 7, 8, 12 යන ස්ථානවල සිටින විට භෞම දෝෂ නමින් විවාහයේ යම් යම් අඩුපාඩු ඇති කරයි. එහෙත් මේෂ, වෘශ්චික, මකර යන රාශිවල හතේ සිටින හෙවත් ස්වක්ෂේත්‍ර හෝ උච්ච බලයෙන් හතේ සිටින කුජ ස්ත්‍රියකට විශේෂ දායදයක් ලබා දෙයි. එනම් පුන් පියයුරු හා පුළුලුකුලින් යුත් දර්ශනීය කාන්තාවක් බවට පත් කරයි. කුජ උච්ච වූ විට ආඩම්බරකමක් ඇති වේ. කාර්මික කටයුතුවලට දක්ෂ වේ. නිර්මාණ ශක්තිය ඇතිවේ. කුජ නීච වීම ලෞකික දියුණුවට හේතුවේ. විශේෂයෙන් විදේශ ගතවී ඉගෙනීම, රැකියා කිරීම ආදියෙන් විශාල වාසි ලබයි. කුජ දහයේ සිටින විට කම්මැලි නැත. කඩිසරය. එක තැන වාඩි වී කරන රැකියාවලට කැමැති නැත. එමෙන්ම එකම වැටුපක් සෑම මාසකයකදීම ලබා ගැනීමට කටයුතු කරයි. ඉක්මනින් උසස්වීම් ලබා ගෙන දියුණුවට පත් වේ. කුජ තුලාවේ සිටීම ස්ත්‍රියකට වටිනා පිහිටීමකි. ඇය පතිවත රකින උසස් ස්ත්‍රියක් වේ. කුජ සිංහයේ සිටීම නිර්භීත වීමට හේතුවකි. 


රාහු ද බොහෝ ශූභ ඵල දෙන අවස්ථා ඇත. හඳහනේ 3, 6, 11 යන ස්ථානයකදී තමා සිටින රාශිය ශූභයකු ගේ රාශියක් නම්, ශුභයින්ටත් පෙනේ නම්, සියලු දෝෂ භංග කර යස ඉසුරු හා දීර්ඝායුෂ ලබා දෙයි. උච්ච රාහු බොහෝ ශූභ ඵල දෙයි. රාහු උච්ච වන්නේ වෘෂභ රාශියේදීය.


සමහරු සමහර හඳහන් පාපී කේන්ද්‍ර වශයෙන් නම් කරති. එවැනි වර්ග කිරීමක් අවශ්‍ය නැත. ඒ සාමාන්‍ය ජනයා බිය කිරීමටත් නොමග යැවීමටත් යොදා ගන්නා උපක්‍රමයක් විය හැකිය. පාපී ග්‍රහයකුට කේන්ද්‍රස්ථානයක් හිමි වීමෙන් එම ග්‍රහයා තත්කාලීන ශූභයකු බවට පත් වේ. එවිට පාපී කේන්ද්‍ර වශයෙන් සලකන කේන්ද්‍ර ශූභ කේන්ද්‍ර බවට පත්වේ.


විශ්‍රාමලත් විදුහල්පති,
ජ්‍යොතිෂ්වේදී,
ඒ.ඩී. කරුණාතිලක, 
32, ගලවැටි මෝදර පාර, නල්ලූරුව, පානදුර.



අදහස් (2)

පාපී ග්‍රහයන් ශුභ ඵල දෙන හැටි

Kasun Friday, 13 May 2022 05:10 AM

රාහු ශනි උච්ච බලයෙන් දහයෙ හිටියොත් මොකද වෙන්නෙ.? හොදද නරකද

:       0       1

චායා ප්රෙබෝධනී Wednesday, 17 August 2022 09:51 AM

මගේ ලග්නය තුලා මගේ කේන්දරයේ ලග්නයේ ඉන්නේ කේතු. හත් වන්නේ ඉන්නේ රාහු හා කුජ. පස්වැන්නේ ඉන්නේ රවි. දෙවැන්නේ ඉන්නේ සදු. න්ම්වන්නේ ඉන්නේ ශනි. එකොළහේ ඉන්නේ ගුරු. සිකුරු ඉන්නේ හයේ. මගේ කේන්දරය පාපී එකක්ද. පහදා දෙන්න.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1043 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1077 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 416 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site